මතකය අවදි කරන සරසවි දැහැන

4551
මතකය
මතකය

පාසලේදීත් අමතර පංතිවලදීත් නිවසේදීත් කොපමණ වෙහෙස මහන්සි වී ඉගෙනීමේ වැඩ කටයුතුවල නියෑලුනත් කරන ලද පාඩම් අමතක වී යැම නිසා පොත්පත් එපාවීම, පාසල අමතර පංති අප්‍රියජනක ස්‌ථාන වීම වැනි මානසික ගැටලුවලට අද බොහෝ දූ දරුවන් දිනෙන් දිනම ගොදුරු වෙමින් සිටී.

මෙවැනි අවස්‌ථාවල තමන් ලැබූ අධ්‍යාපනයට වඩා උසස්‌ අධ්‍යාපනයක්‌ ලබාදීමට වෙහෙසෙන දෙමාපියන් හේතු සොයා නොබලා දරුවන්ට දඬුවම් කිරීම නිසා ඔවුනගේ මනස බොහෝ සේ ව්‍යාකුලත්වයට පත්ව මුරණ්‌ඩු පිරිසක්‌ බවට පත්වීම නිසා ෙ€දජනක ලෙස අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරගන්නා තත්ත්වයට ද පත්විය හැක.

අපේ පැරණි සෘෂිවරුන් හා මුතුන්මිත්තන් මෙවැනි අවස්‌ථාවන්හි අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය ධාරණ ශක්‌තිය, මතක ශක්‌තිය වර්ධනය වීම උදෙසා අධ්‍යාපනයේ මිණිපහනවන් සරස්‌වතී දේවියගේ ඇල්ම බැල්ම අපට උපකාරි වන බව හඳුනාගෙන අධ්‍යාපන කටයුතුවල නියෑළීමට පෙර සරස්‌වතී පූජා පැවැත්වීම, යන්ත්‍ර මන්ත්‍ර කටයුතු, තෙල් බෙහෙත්, කල්ක අඳුන් සකසා සරස්‌වතී දෙවඟනගේ පිහිට ළඟා කරගනු පිණිස ඒවා ඉන ගෙල පැළඳ හා දිව ගා ඒවායේ සත්‍ය බලයෙන් දස දෙස පතල කීර්තිමත් පඬිවරුන් ලෙස සමාජගත වූ අවස්‌ථා අදද අපට අසන්නට ලැබේ.

මෙසේ පරපුරෙන් පරපුරට දායාද වූ මෙම මන්ත්‍ර ශාස්‌ත්‍ර කටයුතු අද ද මෙවැනි අවස්‌ථාවන්හිදී ප්‍රයෝජනයට ගන්නා ගුප්ත විද්‍යාවේදීන් බොහෝ ඇත. ශාස්‌ත්‍රය දැන ප්‍රගුණ කොට නිවැරැදිව ධාර්මිකව මෙකී කටයුතුවල නියෑළීමෙන් බොහෝ දෙනකුට ඒ තුළින් පිහිටක්‌ ලබාදිය හැකිය.

මහානුභාවසම්පන්න සරස්‌වතී දැහැන

“ඕං නමෝ ගොපළු රඡ්ජුරුවන් වහන්සේ උගත් විඡ්ජාව දහසක්‌ රුසිවරයන්ට පාඩම් නැත කී තැනේදී උන්වහන්සේගේ අතේ තිබුණු පේරැස්‌ මුදු හිරුව නේරංජනා ගංගාවට දමා එදා විඡ්ජාව පාඩම් කළ ආඥවෙන් ආනුභාවයෙන් අදත් මට විaඡ්ජාව පාඩම් වේවා·

ඕං භගවන්තා අයියානේ කෛ අධික්‌කෝන් ත්‍රිබුවනේ

සරස්‌වතී ධාරණ ඕං ශ්‍රියා කාන්තා දේවි මහී කාන්තා දේවි

ගණපති කීසක්‌ අගුළු ඇරී ආවේසු ආවේසු පුලේ

ධාරණේ ස්‌වහඃ ඕ ශ්‍රී මුඛ ධාරණේස්‌වාහඃ ඕං ශ්‍රී

ධාරණේස්‌වහඃ ඕං ශ්‍රී මුඛ ධාරණේස්‌වාහඃ ඕං සුරගුරු ධාරණේස්‌වාහඃ

මෙම බලගතු දැහැනෙන් රන් තැඹිලි තෙල් හෝ සඳුන් තෙල් 108 වරක්‌ ජීවම් කර උදේ සවස බුදුන් වැඳ දෙවියන්ට පිං දී සරස්‌වතිය සිහිපත් කර මතකය අවදි වී නුවණ වැඩීමටත් සිහිබුද්ධිය වැඩීමටත් අධ්‍යාපනයේ දියුණුව ලැබීමටත් මෙය දේව ඖෂධයක්‌ වේවායි ප්‍රාර්ථනා කර තිලක තබා අධ්‍යාපන කටයුතුවල නිරත වීමෙන් උසස්‌ ජය හිමිකරගත හැකිය.

තවද අමතක වීමේ ගැටලුවට ඉතාමත් සාර්ථක ප්‍රතිකර්මයක්‌ ලෙස පහත දැක්‌වෙන මන්ත්‍රය දිනපතා උදෑසන පාසල් යැමට පෙර 7 වරක්‌ ද රාත්‍රි නින්දට පෙර 7 වරක්‌ ද බැගින් කියවීමට දරුවා හුරු කරන්න.

මන්ත්‍රය

“මා ඕං පිණ්‌ඩියා පිණ්‌ඩියා

සරසවි ශ්‍රීමාය ශාස්‌ත්‍රම් සරවමි ශ්‍රීමාය”

මෙම ගුප්ත විද්‍යා කෙම් ක්‍රමය අනුගමනය කිරීමෙන් දරුවා කරා හඹා එන බාධක දුරු වී දරුවා අධ්‍යාපන කටයුතු වෙත නැඹුරුවීම ඒකාන්තය.

We found this article from Divaina on 2013/01/11.
Also Sinhala to English Google word to word translation can be found here