යම් කිසි ද්‍රව්‍යයක හෝ පදාර්ථයක ඇති ශක්‌තිය විසිර යැමේදී අඩුවීමත් ඒකරාශී වන විට රැස්‌වීමත් සිදු වේ. තනි පොල් ඉරටුකුරක් අපට පහසුවෙන් කැඩීමට පුළුවන. නමුත් ඉරටු රාශියක් එකට මිටිකර ගතහොත් එය අපට කඩන්නට අපහසු වන්නා වගේම සිතද විසිර ගියවිට ශක්‌තිය අඩුවේ. එකඟ කරගතහොත් ප්‍රබලව බලවත් වේ. පිරිසිදු කළවිට බැබළේ, ලෙළදේ. සන්සුන් වූ විට පැහැදිළිය. කුණු, කිළිටි, මලකඩ හැරැ සිත එකඟ කරගතහොත් විශාල බලයක් ධාරණ ශක්‌තියක් ඇති වී ඔබ කියවන පොතපතින් උගන්වන දේ හිත තුළ ඒකරාශි තරගතහොත්, පොත පත කියවා ගැඹුර සොයා යන්නේ නම් ඔබට විභාගයෙන් සමත්වීම එතරම් අපහසු කාර්යයක් නොවේ.
අපේ මගේ ලොව්තුරු බුදු රජාණන් වහන්සේ දේශනා කළ මේ ගාථාපාඨයෙහි අර්ථය දෙස බලන විට “ලෝකයේ මෙතෙක් පහළ වූ සියලුම චිත්ත ධර්ම විද්‍යාවන්” මනෝ පුබ්බං ගමා ධම්මා – මනෝ සෙට්‌ඨා මනෝමයා” යන සරළ ගාථාවෙන් පිඬුකොට දක්‌වා ඇත.
එනිසා ශිල්පය හදාරන ඔබගේ හිත ඒකරාශි කොට ධාරණ ශක්‌තිය සිත තුළට කි\ බැහීමට ඉපැරැණි මන්ත්‍රවේදීන් භාවිතා කළ ඉතා දුර්ලභ අති ශ්‍රේෂ්ඨ සරස්‌වතී බන්ධන මන්ත්‍ර රාජයා පැරණි පුස්‌කොළ පතින් උපුටා පළ නෙළාගත් ජය ගත් මන්ත්‍රයක් මෙසේය.
ඕං ශ්‍රී්‍රං ශ්‍රීං අස්‌වාහ අමරගුරු රත මයුරාසනේ බල දැරූ ශ්‍රියා කාන්තාව දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දිව්‍යරාජයින්නේ දිව්‍ය පරසතු මල් උයනේ පරසතු මල් නෙළා මල් යහනාවක් කර අතුරුවා දස දහසක් දිව්‍ය සළු එලා මල් මාලා පැළඳ රන් ඔත් මාලිගා සමග ශක්‍ර දිව්‍ය රාජයා අප ගෞතම බුදුරජාණන් වහන්සේට පාණ්‌ඩුකම්බල සෛලාසනේ පිදූ දාමේ දිව්‍ය දේවතාවී යහනාව පූජාකර චන්ද්‍රමණ්‌ඩලයට වැඩ සිට සුවඳ මල් විමාන දේවාල රාජභවන විහාර මාලිගා බලා වාස භවන ලත් ශ්‍රියාකාන්තාවී වා වා දේව ශ්‍රී කාලී එන් එන් මාගේ සුවඳ මල් අස්‌නට සරස්‌වතී දිව්‍ය දේවතාවී එන් එන් සුවඳ මල් පහන් කෙරේ දිෂ්ඨිලා මාගේ බන්ධනයට අසුව මම සිතූ දේ සිද්ධ කර දෙන්න මම යන ගමන දිනවා දෙන්න කුහේරපුර වෛශ්‍රවන දිව්‍ය රාජයින් අනින් බැන්දේන් ශ්‍රී ලෝකාග්‍ර මුනිවරයින් අනින් බැන්දේන් තවද වෘක්‌ෂ දේවාල හිමාල දොරටු අදිපති දෙවියන් අනින් බැන්දේන් රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කෙහෙතුයි යන නව ග්‍රහ දෙවියන් අනින් බැන්දේන් ශ්‍රීකාන්තාවි පත්‍රකාලී පිය රූපි සර්වලෝක නායකකී දේව සිරි කාලි ගණදේවී සරස්‌වතී වරදේවී සිව් සැටක් ශිල්ප ධාරණේ වර දේවී නමෝ නමඃ ඕං අංගුලිමාලි මහා පෝරිසාද දැහනේ ශ්‍රීං ශ්‍රීං ශ්‍රී මුඛ සලිත දේවතාවියේ මුඛය සලිතවී දිවතුලට හිතට ප්‍රාණ දිෂ්ඨි සරස්‌වතී දේවසිරි කාලිවර වර නමඃ
(මෙහි මම, මගේ යන තැත්වලට අනුන්ට කරදෙන විට ඔහුගේ නියම නමට මතුරා දෙන්න)
මෙයින් නිසිපල නෙළා ගැනීමට නම් පිරිසිදු පැන් කළයක් හත් වරක් පෙරා මල් අසුනක තබා, රන්තැඹිලි තෙල්, නෙලුම් රේණු, ඇට මද, අල, සුදු හඳුන්, බැමිකීරිය, ෙත්‍රෙයිලෝක්‍ය විජය පත්‍රම්, නෙලුම් පත්‍ර කබලේ රන්වන් පාටවනතෙක් බැද රසදියෙන් අඹරා අව්වේ සිඳුවා තඹ, පිත්තල බඳුනක තබා එම අසුනේම තබා ඉතා පිරිසිදුව සරස්‌වති ස්‌තෝත්‍ර කියා පිංදී ඉහත මන්ත්‍රයෙන් 1008 වරක් ජපකොට පැන් ටික ටික දින 21 ක් උදේ හිස් බඩ බොන්න. ඉන් පසු ඔබ පාඩම් කරන විට ජපකරගත් “සරස්‌වතී බන්ධන තෙල්වලින් අශ්ව මයිලක් නැතහොත් නෙලුම් රේණුවක් ගෙන බහා දිව ගා පාඩම් කරන්න. දේශනා අහන්න. ඔබ අදහන දේත් ඔබ පොත පතින් ලබන දැනුමත් සිත තුළට ධාරණයවී ඔබේ හිස තුළ ඇති ගබඩාවෙහි තැන්පත්වී ගුප්ත මහ වාසලක් වී එයින් ඔබට අනාගත ලෝකයේ සුන්දර විමන හමු වේ·
සිත කෙනකු සතුවූ – යෙද වුව හොතින් නිsසි මග,
ඒ බලය පරදන – යමක් මේ ලොව තුලේ නැත්මැයි·
සිතේ බලවේගය – වැදී මහ කඳු සමතලා වේ,
මේ බව සැබෑ බව – zඇටම්Z වේගය ලොවට පෙන්වයි.
සිතෙහි බලවේගය – ලෝකය රද කරණුවේ··
We found this article from Divaina on 2013/06/23.
Also Sinhala to English Google word to word translation can be found here