[ratings]
මීන ලග්ගනයේ ලග්නාධිපති ගුරුය. ගුරු ග්‍රහයා ස්‌වක්‌ෂෙත්‍රව ලග්ගනයේ හෝ 7 වැන්නේ සිටීම විවාහයට සුබද? ගුරු කන්‍යාවේ 7 වැන්නේ නීචයි. නමුත් ගුරු මහ දසාවේ මේ අන්තර් දශාව හෝ සඳු මහා දශාව ගුරු අන්තරය ගෙවන අයකුගේ මෙම කාලය සුබද අසුබද?
එක් එක් ලග්ගනයට අධිපති ග්‍රහයකු සුබව පිහිටා ඇත්නම් දශාව කුමක් වුවත් විවාහයට හොඳ කාලයක් ඇතිවේ. බුධ 7 වැන්නේ හා ගුරු මහා දශාව කුජ අන්තර් දශාව ද නම් බලාපොරොත්තු ප්‍රමාද වී හෝ විවාහය හෝ ඉටු කරලන්නේය. එයද නොගැලපීම් සහිත විවාහයක්. බුධශනි යෝගව 7 වැන්නේ මීන ලග්ගනයේ බුධ උච්චව කන්‍යා රාශියේ සිටියත් ග්‍රහ සංයෝගය අනුව විවාහයත් ප්‍රමාද කරයි.
මීනය කුජ 7 වැන්නේ තිබීම ඉතාම සුබ පිහිටිමකි. මීනය කුජ සම ග්‍රහයකුද වන්නේය. ගුරුගෙන් කෝටියක් දෝෂ භංග වීමක්‌ද තිබේ.
මීනය ලග්ගනයවී අඟහරු හෙවත් කුජ ග්‍රහයා 7 වැන්නේ පිහිටා ඇත්නම් එම තරුණ තරුණි අයගේ විවාහය ඉක්‌මන් කරවන්නේය. රාශි චක්‍රයේ අන්තිම රාශියද මීනය වන්නේය. ආපෝ ගුණයෙන් යුක්‌ත රාත්‍රි කාලයේ බලවත් හිසින් හා පිටින් උදාවන්නේය. නමුත් රවි බුධ සිකුරු සෙනසුරු පාප ග්‍රහයන්ද වන්නේය. සඳු ග්‍රහයා මීනය සුබපලම දෙන්නේය. 5 වැන්නට ත්‍රිකෝණ අධිපතිකම වන නිසා සඳු ග්‍රහයා ගුරු ග්‍රහයා සංයෝගවීම සුබම වන්නේය. අඟහරු ග්‍රහයා මීනයේ ප්‍රත්‍යස්‌ථාන ගතවීම පෙර පින් මෙන් සිතූ පැතූදේ ලැබෙන අයුරක්‌ද පවතින බැවිනි.
9 අධිපති කුමන ග්‍රහයකු වුවත් කුමන රාශියක සුබ හා අසුබ ග්‍රහයකු සිටියත් ස්‌වක්‌ෂෙත්‍රව ගුරු ලග්ගනාධිපති තුළින් දෝෂ භංග වීමක්‌ද ඇතිවන්නේය. සමහර අය ධනවත් වන්නේය. සමහරුන් දුප්පත්ද වන්නේය. ග්‍රහයාගේ ජන්ම බලය අනුව ධනවත් කිරීම දිළිඳු බවට පත්කිරීම සුබ අසුබ ග්‍රහ සංයෝගය මතම සිදුවන්නේය. මීන ලග්න කේන්ද්‍රය කාන්තාවකගේ හෝ පුරුෂ කේන්ද්‍රයක 9 වැන්නේ කුජ තිබීම හෝ 2 වැන්නේ පිහිටා තිබීමද ඉතා උසස් තත්ත්වයට පත්කරන ග්‍රහ යෝගයකි. 2 වැන්න අසුබ ස්‌ථානය ලෙස පෙනුනත් කුජ හා ගුරු දෘෂ්ටිය දෝෂ භංග කිරීමක් බැවින් මීන ලග්න හිමියාට අපේක්‌ෂාව ඉටුවන ග්‍රහ පිහිටීමකි.
මීන ලග්ගනයේ උපන් ස්‌ත්‍රි/ පුරුෂ දෙපක්‌ෂයම අනුන්ට සේවය කිරීමට කැමැති පිනට දහමට ලැදී ත්‍යාගශිSලී හදවත් ඇති අයද වේ. නිතරම අනුන් ගැන හිතන තම සහෝදර හා දෙමවුපියන් ගැන හිතන, දන්දීමට හිත ලැදී උගත්කම, පණ්‌ඩිත බව, උගත්කම වැඩි බව දන්වන අසරණයන්ට පිහිටවීමට හිතන ඉවසිලිවන්ත ආචාරශීලීව විවාහය ගැන නොසිතන ග්‍රහසංයෝග ඇති කේන්ද්‍ර හිsමියන්ය.
මුල් කාලය මීන ලග්ගනයේ අයගේ දියුණුව අඩුවේ. මධ්‍යම වයසින් ටිකක් මුහුකුරා ගිය කල දියුණුවටද පත්වේ. අනුන් විශ්වාස කිරීම අනුකම්පා කිරීම් සහෝදර සහෝදරියන්ට සැලකීම් තුළින් ඉතාමත් දුක්‌බර තත්ත්වයට පත්වී පාඩු ලබා මුලාවේ වැටීමද කරන්නේය. සීමාව ඉක්‌මවා අනුන්ට සානුකම්පිත වීම තම ධනය පාඩු කිරීමට යම් අලාභයක්‌ච පෙන්වයි.
මීනයට සුබපල දෙන පුණ්‍ය ස්‌ථානාධිපති අඟහරු හතේ නම් එය ඉතාම හොඳ පිහිටීමයි. 9 වැන්න අධිපති අඟහරු හතේනම් එයද ඉතා සුබ පිහිටිමකි. 9 අධිපති කේන්ද්‍රගත වීම සුබ පිහිටීමක්‌ද වන්නේය. අඟහරු පාප ග්‍රහයකුද දඩම්බරයකු විලසටද ජන්මියාට සුබ අසුබපල මිශ්‍රව දෙන්නේය. අඟහරු 7 වැන්නේදී මෙල්ල ගතියකටද පත්වන්නේය. මෘදු සෞම්‍ය ගතියෙන්ද සාධාරණ ලෙසද හැසිරෙන බැවින් මීන – මීන – මීන- කන්‍යා, මීන – කටක මීන- වෘෂභ ලග්න හිssමි අයට සුබ 7 වැන්නේ තිබීම විවාහ ප්‍රමාද කරවන්නේය. බුධ හා ශනී සංයෝගය 7 වැන්නේ තිබීම විවාහයන් දෙදරීමට අසුබ වූ ග්‍රහ පිහිටිමකි.
9 අධිපති කේන්ද්‍ර ගතවීම ලක්‌ෂ්මි යෝගයක්‌ද වන්නේය. ලග්ගනාධිපතිද බලවත් නම් උසස් සුබපල මීන ලග්න හිමියාට ලැබෙන්නේය. අඟහරු -මීන ලග්න හිමියාට උසස් තනතුරු, ධනය, බලය, කීර්තිය, ජනප්‍රියකම හා තම ප්‍රසිද්ධියට පත්කරයි. භද්‍රd යෝගය, මුලාවී යෝගය ගායනයට නැටුමට බර කලාවට ලැදීව කටයුතු කිරීම වාසනාව ද ගෙනේ.
උසස් ඉගෙනීමටද පත්වන නායකත්වයට පත්වන සමාජයේ ගෞරවයට ද පත් කරයි. උසස් නොගැලපෙන විවාහයක්‌ද ඉටු කරන්නේය. විවාහයෙන් උසස් දරුවන්ද ලබන්නේය. වාසනාබරද වන්නේය. මීන ලග්න හිමියාගේ එක් කේන්ද්‍රයක කුජ සිටින ස්‌ථානය අනුව අනෙක් කේන්ද්‍රයේ කුජගේ පිහිටීම අනුව රාහු, කේතු රවි ග්‍රහයකුගේ දෘෂ්ඨියට ලක්‌වීම දෝෂභංග වීමකි.
ගුරු සිකුරු දෙදෙනා බලවත්ව මීනයේ සිටීනම් ද කුජගෙන් 7 හෝ 1 හෝ 4, 12 සිටියත් 3, 6,11, 10 සිටියත් විවාහ දෝෂ භංග වන භෞම දෝෂය බිඳේ. මේ නිසා බුධ ශනි යෝගය හෝ ශනි රාහු හෝ ගුරු සිකුරු සංයෝග දෘෂ්ඨීය විවාහය දෙදරීමද භංග වන්නේය.
මීන ලග්න හිමියාට කුජ දොaෂය භංග වීමක් 9 වැන්න පුන්‍ය ස්‌ථානාධිපති අඟහරු 7 සිටියාට කාන්තාවට හෝ පුරුෂයාට ලැබෙන සහකරු හෝ සහකාරිය තමන්ට වඩා කුමන අංශයකින් හෝ බලවත් නොගැලපීම් සහිත කෙනෙකුම ලැබීම ස්‌ථිරමය. විවාහය ද ප්‍රමාද කරවන්නේය.
7 අධිපති බුධ ග්‍රහයා මීනයට බාධක ග්‍රහයකු වුවත් ජන්මයාට උසස්‌ම විවාහයක් ඉටු කරන්නේය. තවද ලැබෙන සහකරු හෝ සහකාරිය ප්‍රසිද්ධ වැඩ වල නිරතවන උසස් ගුණාංගවලින් යුක්‌තවූ අහිංසක, අසරණ සානුකම්පිත් හිත් ඇති දේපළ හිමි අයකුම වන්නේය. බුධ මහා දශාවේ විවාහය ඉටුකරන බුධ හා ගුරු සිටින ස්‌ථානය අනුව විවාහය සිදුවන්නේය. සමහරු හා සමහර ස්‌ත්‍රීන් විවාහ නොවී දසසිල් මාතාවන් වූ අයද බුද 7 වැන්නේ පිහිටීම විවාහය අසාර්ථක වූ අයද සිටී. බුධ ශනි 7 තිබීම කුජ දැකීම 12 වැන්නේ සිට රාහු දැකීම විවාහයද දෙදරිමකි.
මීන ලග්න හිමියන්ට සඳු කුජ සංයෝගයද ඉතා හොඳ පිහිටිමක් බැවින් බුධ 7 වැන්නේ සිට කුජ 1-4 දැක්‌මද උසස් විවාහයක් ඉටුවන ග්‍රහ පිහිටීමකි. සඳු මහා දශාවේ කුජගේ අන්තර් දශාකාලය නම් තරුණ වියේම විවාහයද ඉටුවේ. තුන අධිපති 7 වැන්නේ සිට දැක ත්‍රිකෝණගතවීම සිකුරු මහා දශාවේ සඳු අන්තර් දශාවද නම් විවාහයද ජන්මියාගේ ප්‍රමාද නොවී ඉටු කරයි. 8 අධිපති වුවද සිකුරු මහා දශාවේ සඳු අන්තර් දශාවල නම් විවාහයද ජන්මියාගේ ප්‍රමාද නොවී ඉටු කරයි. 8 අධිපති වුවද සිකුරුබාධක ග්‍රහයා වුවත් විවාහ සඳු සිකුරු සංයෝගය හා කුජගේ දැකීමෙන් විවාහයද ඉක්‌මන් වන්නේය. තවද කුජ 7 තිබීම විවාහයට මාරකයක් නොවන්නේය.
කෙසේ වෙතත් සඳු සිකුරු සංයෝගය තුළින් අඟහරු 7 නම් මීන ලග්න හිමියාගේ තරුණ කාලය තුළම ලිංගික සතුට විඳීමට සිත කාමයට පොළඹවයි. බුධ 7 වැන්නේ පිහිටීම හා ශනි 7 වැන්නේ පිහිටීම කුජ සිකුරු හා කුජ සඳු සංයෝග දෘෂ්ඨියද බැවින් මීන ලග්න හිමියන්ද කාම ශක්‌තිය ඉහළ යනු ඇත. මේ නිසා සම ලිංගික සේවනයට හෝ බහු භාර්යා සේවයනයටද පොළඹවන්නේය. මේ නිසා බුධ ශනි සංයෝගය විවාහය දෙදරන්නේය. මා නැකැතේ ප්‍රථම පාදයේ බුද 7 වැන්නේ මීනය වී කුජ 12 වැන්න කුම්භ රාශියේ තිබීම මෙම සමලිංගික තත්ත්වයට ජන්මියා පත්කරන කාම යෝගයකි. මේ නිසාද පවුල් අවුල් වියවුල් වන්නේය. 11 අධිපති තුළින් ත්‍රිකෝණ දෘෂ්ඨීයට පත්වීම ශනි ග්‍රහයා තුළින් ශනි මහාදශාවේ රාහු අන්තරය දශාව තුළ විවාහය ප්‍රමාද කරවන්නේය.
වයසින් වැඩි කෙනෙක් හෝ ධනවත් දේපළ හිsමි රූපයෙන් අඩු කෙනෙක්‌ද ලැබීම බුද 7 මීනයේ තිබීම විවාහ සහකරු හෝ සහකාරිය ලැබීමද මීන ලග්න හිමියාටද සිදුවන්නේය.
We found this article from Divaina on 2012/02/24.
Also Sinhala to English Google word to word translation can be found here