රාහුයි කේතුයි වනිතාවයි

2034
රාහුයි
රාහුයි

එදා අප ශාන්තිනායක බුදුන්වහන්සේගේ දවස දඹදිව ඉතා ලස්‌සන රූප ස්‌වභාවයෙන් යුත් තෝරාගත් වනිතාවන්ට තනි විවාහයක්‌ ඇකැප වී තිබූ බවට සාධක ඇත. (අම්භපාලි සුන්දරී පරිබ්‍රාජිකාව) ඇයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගණිකාවක්‌ වීමට සිදුව ඇත. ඒ ඇය පූරුවේ කරන ලද පින් පවු පළදී ඇති ආකාරයය. එසේම විවාහය කිසිදා සාර්ථක නොවූ වනිතාවන් සිට ඇත. (උපක ආජීවකගේ සහ චාපා ගේ විවාහය) විවාහය කෙසේ හෝ කර ගත්තද අකාලයේ සැමියා මියගිය කනවැන්දුම් වූ වනිතාවන් සිට ඇත.

(පටාචාරා) කෙතරම් සම්පත් වස්‌තුව රූප ස්‌වභාවය බලය තිබුණද යුග දිවියක්‌ ගත කිරීමට වාසනාව නොලද ළඳුන් සිට ඇත. (ජනපද කල්‍යාණිය) තම ස්‌වාමියා තමා හැර ගොස්‌ මුළු තුන්ලොවටම මගපෙන්වමින් සංසාර ගමනේ කෙලවර දකින උත්තමයෙකු බවට පත්වෙන විට දරුවකු සමඟ හුදකලා වී වැන්දඹු බවට පත්වීමට සිදුවූ වනිතාවන් සිට ඇත. (යසෝදරා දේවිය) එමෙන්ම දරුවෙකු සමඟ වැන්දඹු වීමට සිදුව ඇති ළඳුන් සිට ඇත. (කිසා ගෝතමිය) මෙම චරිත පිළිබඳ සොයා බැලීමේදී උත්පලවණ්‌නා චරිතය මේ සියල්ලටම වඩා වෙනස්‌ වූවකි. ඇයට පළමුව ලැබූ ස්‌වාමියා තම මව සමඟ ලෝකාස්‌වාද රතියෙහි නියෑළෙන බව දැනගන්නට ලැබී කලකිරීමට පත් වීමට සිදුවිය. එම ශෝකයෙන් පිටත්වූ ඇයට ඉන්පසු ජීවත්වීමට ලැබුණේ වෙළෙඳ නායකයෙක්‌ සමඟය. ඉන්පසු ඇයට සිදුවූයේ අදහා ගැනීමටවත් නොහැකි දෙයකි. එම වෙළෙඳ නායකයා දෙවන වර ඇය සිටියදීම ලෝකාස්‌වාද රතියට කැඳවාගත් තරුණිය තමාගේ පළමු විවාහයේ දුව විය. තවදුරටත් සොයා බැලීමේදී එම වෙළෙඳ නායකයා තමාගේම පළමු විවාහයේ පුතු විය. මේ සංසාර ගමනේ හැටිය. ඒ ඒ ජන්මීන්ගේ පවු පින් පල දෙන අයුරුය. පතාගෙන එන හැටිය.

අද පුවත්පතක්‌ ගත්විට දකින්නට ඇති දේ අනුව අප රටේ තත්ත්වයද මීට නොවෙනස්‌ වන අවස්‌ථාවන් අත. කිසි හසරැක්‌ නොදැන දෙමාපිය ඇසුරේ හැදුන දරුවන් නොමග ගොස්‌ ගණිකාවන් බවට පත්වේ. විවාහයක්‌ කර ගත්තද එය පවත්වාගෙන යැමට නොහැකිව වැන්දඹු වේ. නොඑසේ නම් කනවැන්දුම් භාවයට පත්වේ. එසේම යුග දිවිය පටන්ගෙන කෙටි කලකින් දරුවෙකු සමඟ හුදෙකලා වීමට ඇතැම් වනිතාවන්ට සිදුවේ. සැතපුම් දහස්‌ ගණන් දුර ස්‌වාමියා රැකියාවට ගිය පසු හුදෙකලා වීමට තවකෙකුට සිදුවේ. කෙතරම් වස්‌තුව ධනය, බලය තිබුණද කිසිදා යුග දිවියකට ඇතුළත් වීමට වාසනාව නොලද ළඳුන් ඇත. සමහර බෑනලා නැන්දම්මලා සමඟ එකට ජීවත්වන්නේ දුවගේ පවුල් ජීවිතය ගැන නොසිතන නැන්දම්මලා නිසාය. ඊටත් එහා ගිය අසම්මතයන් ප්‍රසිද්ධ නොවූවාට බොහෝමය. මෙම තත්ත්වය ජ්‍යෙdතිෂයට අනුව විග්‍රහ කිරීමේදී රාහුට සහ කේතුට ප්‍රධාන තැනක්‌ හිමිවේ.

රාහු සහ කේතු ඡායා ග්‍රහයින්ය. මෙම ග්‍රහයින් බොහෝවිට ජන්මීන්ට බලපෑම් කරනු ලබන්නේ අනිකුත් ග්‍රහයින් සමඟ සංයෝගවය. මෙම සංයෝගයේදී රවි සහ සඳු සමඟ ස්‌වභාවයෙන්ම සතුරු තත්ත්වයක්‌ ගනී. අනිකුත් ග්‍රහයින් සමඟ සංයෝග වූ විට ප්‍රතිඵල අති ධාවනකාරීය. සංසාර ගමනේa නවතින නවාතැන්පළවලදී කරනු ලබන පින් පව් අනුව අප වෙත සකස්‌ කර දෙනු ලබන ජන්මපත්‍රයේ රාහු සහ කේතු උත්පත්තියේදී සිටින ආකාරය සහ අනිකුත් ග්‍රහයින් සමඟ සංයෝගවන ආකාරය අනුව වනිතාවගේ ජීවන ගමන් මග පැවැසිය හැකිය.

1 ලග්නය මේෂ වී 07 වැන්න හෙවත් තුලාවේ ශනිද 11 වැන්න හෙවත් කුම්භයේ සඳු සහ රාහු ද උපතේදී තැන්පත්ව සිටින වනිතාව මුළු ජීවිත කාලය පුරාම අසතුටින් සහ දුකෙන් කාලය ගෙවයි.

2 ලග්නය වෘෂභ හෝ තුලා වී හත්වැන්නෙහි සුභ දෘෂ්ඨි නොලබා රාහු තැන්පත්වී ඇති වනිතාවට ජීවිතයෙන් වැඩි කාලයක්‌ කණවැන්දුම් ලෙස ගෙවන්නට සිදුවේ.

3 සඳු සහ රාහු තුන්වන භවයේද ගුරු අටවන භාවයේද උපතේදී තැන්පත් වනිතාව ලබන දරුවන් පින්වන්තය. පියකරුය වාසනාවන්තය.

4 උපතේදී කුජට හිමි රාශියක කේතු තැන්පත්වීම හෝ කුජ ග්‍රහයා සමඟ කේතු උපතේ දී සංයෝග වී ඇති වනිතාව පුන්‍ය කටයුතු සඳහා නැඹුරුවන වනිතාරත්නයක්‌ බවට පත්වන්නීය.

5 රාහු සහ බුධ හත්වන භාවයේ උත්පත්තියේදී සිටින වනිතාව රටක්‌ වටින ලොවම ගරුකරන ස්‌වාමියෙකුගේ බිරිඳක්‌ බවට පත්වන්නීය.

6 සිංහ සහ කටක හැර ලග්නනය කුමක්‌ වුවද ලග්නයේම රාහු උත්පත්තියේදී තැන්පත් වනිතාව යහපත් ගෘහනියක්‌ වන්නීය. දෙවැන්නේ රාහු තැන්පත් වනිතාව බුද්ධිමත්ය. එහෙත් නොමඟ යන සුළු වනිතාවක්‌ බවට පත්වන්නීය. 09 වැන්නෙහි රාහු තැන්පත් වී නම් පවට බය නැති පුණ්‍ය කටයුතුවලින් මග හරින අධාර්මික චපල වනිතාවක්‌ වන්නීය.

7 රවි, කුජ බුධ යන ග්‍රහයින් තිදෙනාම හත්වැන්නෙහි රාහු කේතු දෙදෙනාගෙන් කවරෙකු සමඟ සංයෝග වුවද ඇයට නීත්‍යානුකූලව විවාහවීමට ඇති වාසනාව අවම වන අතර අතින් අත මාරුවන චරිතයක්‌ බවට පත්වන්නීය.

8 රාහු 04 වැන්නෙහි උපතේදී තැන්පත්වීම යහපත් විවාහයක්‌ පෙන්වයි. එහෙත් රාහු පීඩා වී නම් තම උරුමයෙන් ලැබුණ සහ තමන් විසින් ඉතිරිකරගත් යම් දෙයක්‌ වේද විනාශයට පත්වී කනගාටුවීමට සිදුවේ. එමනේම විවාහයට පෙර නවාතැනෙහි සතුට සමගිය අහිමිවේ. එහෙත් ලග්නයෙන් 07 වැන්නාධිපති සහ හත්වැන්න ප්‍රබල වී නම් විවාහයෙන් පසු සමගිය සතුට නව කැදැල්ලට එක්‌කර ගැනීමට මෙම වනිතාව සමත්වන්නීය.

7 රවි කුජ බුධ යන ග්‍රහයින් තිදෙනාම හත්වැන්නෙහි රාහු කේතු දෙදෙනාගෙන් කවරෙකු සමඟ සංයෝග වුවද ඇයට නීත්‍යානුකූලව විවාහවීමට ඇති වාසනාව අවම වන අතර අතින් අත මාරුවන චරිතයක්‌ බවට පත්වන්නීය.

10 රවි කුජ බුධ ගුරු යන ග්‍රහයන් 04 දෙනාම රාහු හෝ කේතු සමඟ 4 වැන්නේ හෝ හත්වැන්නේ උපතේදී තැන්පත් වී නම් එම කාන්තාව කණවැන්දුම් භාවයට පත්වේ.

11 වෘෂභ මිථුන කන්‍ය තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන යන ලග්නවලින් උපත ලත් හත් වැන්නෙහි සෙනසුරුද එකොළොස්‌වැන්නෙහි සඳු හා රාහුද තැන්පත්ව ජන්මය ලබන වනිතාව තම ජීවිත කාලය පුරාම සතුට සම්පත් භුක්‌ති විඳිමින් තම ස්‌වාමියාටද නිරතුරුව සතුට ලබාදෙන වනිතා රත්නයක්‌ වන්නීය.

12 මීන ලග්නයෙන් උපත ලබා එම ලග්නයේම රාහු තැන්පත් වනිතාව ස්‌වාමියාට ගරු කරයි. පවිත්‍රයි. යුග දිවිය ඉතා වාසනාවන්තයි.

13 ගුරු සිකුරු සමඟ කේතු 04 වැන්නෙහි උපතේදී තැන්පත්වන වනිතාවට ජීවිත කාලය පුරාවටම සියලු පංචකාම සම්පත්තිය විඳීමට වාසනාව ලබා ඇත. තම අවසාන කාලය සියලු ලේ ඥාතීන්ගෙන් සහ සමීපතමයන්ගෙන් වෙන්ව දුර බැහැර ගත කරනු ඇත.

මෙම රාහු කේතු ග්‍රහ සංයෝග පොදුවේ ගත්විට මෙසේ වනිතාව කෙරෙහි බලපාන බව දැක්‌විය හැකිය. එහෙත් ඒ ඒ ජන්මියා පෙර භවයේ කරන ලද පින්පව් ස්‌වභාවය අනුව මෙම තත්ත්වය වෙ නස්‌විය හැකිය. එමෙන්ම අනිකුත් සංයෝග වන ග්‍රහයන්ගේ උච්ච නීච ස්‌වභාවය මෙන්ම එම ග්‍රහයින් පිහිටි ස්‌ථානය අනුවත් වෙනස්‌ විය හැකිය. කෙසේ නමුත් ඕනෑම ජන්මියකුට තමන්ගේ කේන්ද්‍ර පරීක්‍ෂාවකින් පසු අසුභ තත්ත්වයක්‌ පෙනේනම් එය තම සිත පාලනයෙන් වෙනස්‌ කර ගත හැකිය. මිනිස්‌ ආත්මයක්‌ ලැබීමේ එකම වාසියද එයය. ග්‍රහ තරු අපට පාර කියනවා මිස අපව පාලනය නොකරන බව සිතාගැනීම ඉතා වැදගත්ය.

We found this article from Divaina on 2013/03/29.
Also Sinhala to English Google word to word translation can be found here