රුවන් දොර ඇරෙන්න මහ බ්‍රහ්මයාට පුදක්‌ දෙන්න

2403
රුවන්
රුවන්

බ්‍රහ්ම යනු මුල් කාලයේ අජීවි වස්‌තුමය නපුංශක අර්ථයක්‌ වහනය කරන ලද සෘග්වේදයෙන් පසු ඇති වූ යාග හෝම සඳහා යොදාගත් වේදපාඨ බ්‍රහ්මන් වශයෙන් හඳුන්වනු ලැබේ. බ්‍රහ්ම ලෝකය මොහු විසින් මැව් දෙවියා වශයෙන් හඳුන්වන අතර, සෘග්වේදය, ආයුර්වේදය, සාම වේදය, බ්‍රහ්ම විසින් ප්‍රකාශ කර ඇති බවට පිළිගැනේ. බ්‍රහ්ම දිනයක්‌ කල්පයකි. එක බ්‍ර්‍රහ්ම දිනයකින් හෙවත් කල්පයකින් ලෝකය විනාශ වෙයි. එවන් දින සීයක්‌ කල්ප සියයක්‌ ගතවීමෙන් ලෝකය ඇතිවීමෙන් හා නැති වෙමින් සියවරක්‌ විනාශ වීමෙන් පසු බ්‍රහ්මගේ විනාශය ද ඇති වෙයි. බ්‍රහ්ම දිනයක්‌ ආරම්භයේදී ලෝකය මවන අතර දිනයක්‌ අවසාන වීමත් සමඟ ලෝකය ද විනාශ වෙයි. පසුදින නැවත මවයි. ආරණ්‍යයක අපනිසද කාල වල තවදුරටත් බ්‍රහ්ම පාදය විනාශනය වෙයි.

වේද ග්‍රන්ථවල සඳහන් පරිදි ලෝකය මුලින් ම හිස්‌ ශූන්‍ය ස්‌වභාවයකි. නාම රූපයක්‌ නොවීය. අහස අන්ධකාරයෙන් වෙලී ඇත. අහසක්‌ පොළොවක්‌ කියා දෙයක්‌ නොවීය. මේ හිස්‌ කුහරය තුළ බ්‍රහ්මයා පහළ විය. ඉන්පසු ආලෝකය ඇති විය. බ්‍රහ්මට හිස්‌ දහසකි. පාද දහසක්‌ විය. මුහුණු, අත්, ඇඟිලි විවිධ සංඛ්‍යාවක්‌ තිබූ බව විවිධ ග්‍රන්ථවල කියෑවේ.

බ්‍රහ්මගේ අවතාරයක්‌ වශයෙන් මනු දැක්‌වෙන තැන් ද ඇත. මනු වෙනත් කෙනකු වශයෙන් මනු විසින් මහා බ්‍රහ්ම මැව් බව ද සෘග් වේදයේ සමහර තැන්වල දක්‌වා ඇතත්, යජුර්වේදයේ දක්‌වා ඇත්තේ පරමාත්ම රුපිස්‌වයම්භූ වන්නේ ද බ්‍රහ්ම බවයි. අථර්වන් වේදයේ බ්‍රහ්ම කාශ්‍යප යන නමින් ‘අදිති’ හා විවාහ වූ බවත් එයින් මරවි කියා පුතෙකු ලැබුණු බවත් මරිවිගේ පුතා ‘විවස්‌මන්’ බවත් විවස්‌වන්ගේ පුතා ‘මනු’ වශයෙනුත් දක්‌වා ඇතත් මුල්ම ස්‌වයංභු මැවිල්ල බ්‍රහ්ම බවත් පෙන්වයි.

බ්‍රහ්ම විශාල ශරීරයක්‌ ඇති අයෙකි. හැතැප්ම 200 කට ආසන්න උසකින්ද, පාදය සැතැප්ම 30 දිගය. අත් හතරක්‌ හා හිස්‌ අටක්‌ ඇති බව කියා ඇත. මෙම අත් හා හිස්‌ සංඛ්‍යාව විවිධාකාරව විවිධ ග්‍රන්ථවල දක්‌වා ඇත.

මෙම බ්‍රහ්මගේ ශරීරය රන්වන්ය. හිසේ ඔටුන්නක්‌a හෝ ඔටුනු කීපයක්‌ පැළඳ ඇත. සුදුÊපාට ඇඳුමක්‌ ඇඳ ඇත. වාහනය හංසයෙකු පිට ගමන් කරයි. දිගු රැවුලක්‌ ඇත. වයෝවෘධ ලක්‍ෂණ ඇත. පැසුණු බුද්ධියක්‌ ඇත. ධර්මිෂ්ඨ ජීවිතයක්‌ ගත කරයි. සාමකාමී අයෙකි. වාසය දිව්‍ය ලෝකයේ ය. අතක පවිත්‍ර බවේ සංකේතය වන නෙළුම් මලකි. තව අතෙක යෂ්ටියකි. අත්වල ඇති දේවල් ගැන විවිධ මත ඇත. සේසතක්‌, හැන්දක්‌, පන්හිඳක්‌, දුන්නක්‌, කෙණ්‌ඩියක්‌, වේද පොතක්‌ ආදී භාණ්‌ඩ ඇති බව කියෑවේ. රෙද්ද වශයෙන් මුව හමක්‌ අඳින බව ප්‍රකාශිතයි. ගමන් බිමන් යන විට ඡත්‍රයක්‌ ගෙන යන බව ද පෙනෙයි.

ශතරූපා දෙව්දුව බ්‍රහ්aමගේ භාර්යාව බව සමහර තැන්වල දැක්‌වෙයි. ශත රූප තම ශරීරයෙන් මවා ගන්නා ලද දෙව්දුවකි. ඇය මවාගත් පසු බ්‍රහ්මයාට ඇය විවාහ කර ගැනීමට ආශාවක්‌ ඇති වී ඇය දෙස බලන විට ඒ දෙසට හිසක්‌ මැවීය. ශතරූපා වෙනත් අතකට හැරීම නිසා බ්‍රහ්මට ඇය දෙස බැලීමට හිස්‌ රැසක්‌ පහළ වී ඇත. ඇය උඩට ගිය විට උඩ බැලීමට හිසක්‌ ද පහළ වී ඇත. මේ අවස්‌ථාවේදී ඊශ්වර විසින් බ්‍රහ්මයාගේ හිසක්‌ කඩා දැමූ බව ද දේව කතාවල දැක්‌වේ.

මහා බ්‍රහ්මයාගේ භාර්යා ව සරස්‌වතී බව බොහෝ තැන්වල දැක්‌වේ. සිරිකත, ගායත්‍රී හා සරස්‌වතී යන දෙවඟනන් යන තිදෙනාම විෂ්ණු දෙවියන්ගේ භාර්යාවන් ය. විෂ්ණු දෙවිඳුට භාර්යාවන් තුන්දෙනකු සිටීම ඔහුට මහා කන්දොස්‌කිරියාවක්‌ වූ නිසා සපත් නිරෝසය (භාර්යාවන් කීපදෙනෙකු නිසා ඔවුනොවුන් අතර ඇති කර ගන්නා ගැටුම් හා ඊර්ෂාවන් නිසා) විෂ්ණු එක භාර්යාවක්‌ තියාගෙන අනෙක්‌ දෙදෙනා කාගේ හෝ ඇඟේ ගැහීමට කල්පනා කොට ගායත්‍රී හෙවත් ගංගා දේවිය මහේෂ්වරට හෙවත් ඊශ්වරට දෙන ලදී. සරස්‌වතී දේවිය මහා බ්‍රහ්aමට දෙන ලදී.

බ්‍රහ්ම විවාහ වුවද බඹසර රකින්නෙකි. නමුත් තමා විසින් මවා ගත් ශතරූපාට ද ආශා කරන ලදී. අට නෙත්, වේගුරු, අෂ්ඨ කර්ණ, කමගසත, ආත්මභූත, ප්‍රජාපතී. ලෝකේශ යන නාමයන්ගෙන් ද මහා බ්‍රහ්ම හැඳින්වෙයි. හින්දුන් දක්‌වන පරිදි බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර යන දෙවිවරු තුන්දෙනාම එකම අයකු වශයෙන් ද ත්‍රී මූර්තිය වශයෙන් ද අවතාර තුනක්‌ වශයෙන් ද හඳුන්වයි. එහෙත් වේද ග්‍රන්ථවල දැක්‌වෙන්නේ මෙම දෙවිවරුන් තිදෙනාම වෙන වෙනම දෙවිවරුන් ලෙසටය.

ඉපැරැණි වාස්‌තු විද්‍යානුකූල වර්ගීකරණයකදී බ්‍රහ්ම විෂ්ණු මහේෂ්වර යන දෙවිවරුන්ට ගෘහ වර්යක්‌ බෙදී යයි.

භාරතීය වාස්‌තු විද්‍යාඥයන් ලොවට හෙළි කර ඇති අයුරින් විශ්වයේ බලය අනුව නිවැසියන් ජීවත්වන භූමියේ ඇති බ්‍රහ්ම පාදය මුල්කොට බහිරව පූජාවට පෙර බ්‍රහ්ම පූජාවක්‌ ද දිය යුතු බව උගන්වා ඇත. එයින් අපට නොපෙනෙන ගුප්ත බලයක්‌ එකට එකතු වී ක්‍රියාත්මක වන බව තවදුරටත් පැවසේ. එවන් භූත බලවලට අයත් පෙර අදීන කල පටන් එම ඉඩමට ආශාව ඇති වී පෙර විසූ ඥාතීන් යකුන් ප්‍රේතයන් වී මෙහි සැරිසැරීම හා බැල්ම ද පහව යන බව කියා ඇත.

මෙම බ්‍රහ්ම පූජාව පිදීමේදී අලුත් බිමක වැඩ ඇරඹීමට පෙර භූමියේ හරි මැදින් පස්‌ මිටවල් 7 ක්‌ ගෙන කථා නොකර ගන්න. පදිංචි වී සිටින නිවසක නම් නිවස වටා 21 පලකින් පස්‌ ගෙන ඔයක, ඇළක, ඉවුරු දෙකේ පස්‌ ගෙන ඒවා වතුර පහෙන් අඹරා බ්‍රහ්ම රුවක්‌ තනන්න. එයට හිරියල්, කංකුමප්පු, කළු මී හරක්‌ අඃ කුඩු, ගෝරෝචන, කස්‌තුරි, ත්‍රියිලෝක්‍ය විජය පත්‍රම්, අබිං ආදී ඖෂධ වර්¨ගයන් සමඟ මිශ්‍රකර භූමියේ ඊසාන පැත්තේ පිදෙල්ලක්‌ කපා ඒ මත තබා පුද වර්ග සමඟ දූප අල්ලා මේ මන්ත්‍රයෙන් 324 ක්‌ ජීවන් කර පුද කැපකර රූපය ගසායන දියකට දමන්න.

ජප මන්ත්‍රය

ඕ බ්‍රහ්ම දේවාය නමඃ නමෝ කෛලාස හේම කූටේ හිමගිරි නිලකේ මෙරු ශ්‍රීං ගෙ ආතාලේ පාතාලේ වෛජයන්නේ, බ්‍රහ්ම භවනේ, සිව ගන්ධාර්ව නාගේ බ්‍රහ්මාදේ විෂ්ණු භවනේ පසු පති නීලයෙ චJද්‍ර සූර්යාව ලෝක තුෂ්ඨිං සර්වාර්ත සිද්ධම් බ්‍රහ්ම විමනේ බ්‍රහ්ම දේවයිනි මේ පුද කැප ගං දිෂ්ඨිං ගං තෝසාව හඃ…

රූපය ජප කිරීමට මන්ත්‍රය

ඕං කුර්ලායිල් ත්‍රයි කුද්ද රීල් අනස්‌සිවාර භුමියේත්a වාස භූමි ඉහැරීපලයන් ඒං අෂ්ඨ බ්‍රහ්ම දේවෝ ආතාල පාතාලයෙන් දිෂ්ඨ§ ගන් කැප ගන් පොදු බොජුන් බලා දිෂ්ඨ§ දිෂ්ඨ§ කැප කැප ඒස්‌වාංහඃ

මෙම බ්‍රහ්ම පූජාව පදිංචි නිවසක්‌ වූද, අලුතින් නිවස හැදීමට පෙරද පිදීමෙන් සිරිකතගේ දේව බැල්ම ජීව මානව ලැබීම යක්‍ෂ ප්‍රේත, හූනියන්වලට බැඳි භූතයකුන්, අංගම්, පිල්ලි, සියලුම භූමි දෝෂ බංග වී දුක්‌ දොම්නස්‌ කරදර දුරු වී ශ්‍රියාව ඇති වී, වාසනාව උදාවීම, රජුන් මහතුන්, ස්‌ත්‍රීන් පුරුෂයන්ගේ උපකාර ලැබීම, භූමි මැණික්‌ නිධාන් ලාභ රැකියා, විවාහ, කීර්තිය, යසස, ඇති වී සිතුම් පැතුම් ඉටුවේ. දොරටුවේ රුවන් දොරටුව විවෘත කර ගන්න. උදාවන නව වසර දීප්තිමත් කර ගන්න.

We found this article from Divaina on 2012/01/04.
Also Sinhala to English Google word to word translation can be found here