රාශි චක්‍රයේ එකොළොස්වන රාශිය වන කුම්භ කලගෙඩියක් අතින් ගත් කාන්තාවක් සංකේතවත් කරයි. රාශි චක්‍රයේ ඇති රාශි දොළහ එකිනෙකට වෙනස් ගති ස්වභාවයෙන් යුක්තවෙයි. ඒ හැම පොදු වෙනස්කම් අභිබවා යන එකම රාශිය කුම්භ රාශිය ලෙස දැක්වෙයි. එම රාශියටම ආවේනිකවූ ගුප්ත ස්වභාවයක් එම රාශිය තුළ ඇත. කුම්භ රාශිය වායෝ ගුණයෙන් යුතු පුරුෂ රාශියකි. පැරැන්නෝ “ඇක්ටේරියස්” කියාද සංස්කෘතියෙන් කුම්භ යනුවෙන් ද නම් කෙරෙන මෙම රාශිය සෞරග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහ තරුව වන සෙනසුරුට හිමිවෙයි.
මෙය පුරුෂ රාශියක් බැවින් කුම්භ ලග්නයෙන් උපන් අය උසස් මනුෂ්‍ය, ගුණධර්මවලින් පිරිපුන් අය වශයෙන් සැලකිය හැක. මධ්‍යම ප්‍රමාණයේ ශරීරයකින් හෙබි ඔවුන් ප්‍රියමනාප මුහුණකින් යුතුවේ. වර්ණවත් හිසකෙස්වලින් යුතු ඔවුන් කාරුණික පෙනුමකින්ද යුත- වෙති. ඔවුන් බුද්ධිමත්ය. ඥානාන්විතය. තර්කානකූලව ගැඹුරු විෂයයක් හැදැරීමට ප්‍රිය කරයි. ජාතික, ආගමික කටයුතු කෙරෙහි මෙන්ම සමාජ සේවා කටයුතු කෙරෙහිද නැඹුරු වේ. නින්දා, ප්‍රශංසා, ලාභ, අලාභ, කීර්ති, අපකීර්ති ආදී සියල්ල විඳදරා ගැනීමේ ශක්තිය ඇත්තෝ වෙති.
කුම්භ රාශිය සෙනසුරු ග්‍රහයාගේ ආධිපත්‍ය යටතේ පවතින බැවින් වැඩිහිටි අයට, අසරණ අයට, ආබාධිත අයට උදව් උපකාර කිරීමට ඔවුන් මැලි නොවේ. අන් අයගේ යහපත වෙනුවෙන් නොමසුරුව ඉදිරිපත් වන හෙයින් කාගේත් ජන ප්‍රසාදය හිමිකර ගැනීමට කුම්භ ලග්න හිමියෝ සමත් වෙති. කිසියම් ප්‍රශ්නයක් ගැටලුවක් ඇතිවූ විට හෝ යමක් කරන්නට පෙර දෙපැත්ත ගැනම සිතා බලා කටයුතු කරන අය වේ. හැමවිටම තමන් ගැන සිතනවාට වඩා අන් අය වෙනුවෙන් වැඩකිරීමට සිතයි. තමන් කරන දේ හරියටම සොයා බලා කරයි. නැතිනම් වෙන කෙනෙකු කරන අයුරු බලාසිට ඉගෙනගෙන කරයි. ප්‍රවේශම, ඉවසීම, හිතේ එකඟතාව ඔවුන්ගේ ගුණධර්මයෝ වෙති. සියුම් ක්‍රියාවන්හි ඇලෙයි. ඥානවන්ත නමුත් අලුත් දේ පිළිගැනීමට ප්‍රමාද වෙයි. ධාරණ ශක්තිය ඇත්තෙකු බැවින් වරක් කළ කී දේ අමතක නොකරති. බාහිරව පෙනෙනවාට වඩා යහපත් ගතිගුණ ඇතුළත තිබෙන කෙනෙක් වෙයි.
කුම්භ ලග්නයෙන් උපන් අය බොහෝවිට ජය ලබන්නේ අන්තිමේදීය. ඔවුන් තමාගේ අයට තද ඇල්මක් දක්වති. බොහෝ විට මේ අය තපස් ජීවිතයට හෝ එවැනි තත්ත්වයකට පැමිණීමට අන්තිමේදී සිතයි. මෙය ශනිගේ රාශියක් වූයේ වී නමුත් මකර ලග්න කාරයා මෙන් ආත්ම ලාභයට, ප්රධානත්වයට ප්‍රිය නොකරයි. එම නිසාම නියම මහජන ප්‍රසාදය දිනාගත් ශ්‍රේෂ්ඨ පුරුෂයෝද වෙති. අනාථ මඩම්, හිර ගෙවල්, ආරෝග්‍ය ශාලා ආදියට උදව් කිරීමට පෙළඹෙයි. ඒවායේ දුක් විඳින්නට ඇප උපකාර කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. කුම්භ ලග්න හිමියන්ගේ දුර්වලකම් ලෙස පෙනෙනුයේ තනිවම විවේකීව ජීවත්වීමට තිබෙන ආශාව නිසා වැඩ කටයුතුවල යෙදීමට ඇති අලස බවත්, ඉදිරියට යැමේ ගතිය අඩුකමත්, ලෞකික දේට සිත් යොමු නොකිරීමත්, සමහරවිටක ඇතිවන අලසභාවයත් වේ.
කුම්භ ලග්න හිමියාගේ ජන්ම පත්‍රයේ පළමුවැන්නේ හෙවත් ලග්නයේ ලග්නාධිපති ශනි ග්‍රහයා තැන්පත්ව සිටියහොත්, සස යෝගයෙන් උපන්නෝ වෙති. සස යෝගයෙන් උපන් අය ධනවත්, බලවත්, ඉසුරුමත් ජීවිත ගතකරන්නෝද වෙති. රාජ්‍ය නායකයන්, රාජ්‍ය පාලකයන් වීමට වාසනාව ලබයි. කාගේත් ජනප්රසාදය ලබා ගැනීමට සමත්වෙති. එමෙන්ම ශනි ලග්නයේ සිටීමෙන් ලග්න ඒරාෂ්ඨකයද යෙදෙන හෙයින් ඉහත දැක්වූ ශුභ ඵලවලට විවිධ බාධක ඇතිවීමට ඉඩ ඇත. කුම්භ ලග්න හිමි අයගේ දෙවැන්නේ හෝ අටවැන්නේ බුධ හා සිකුරු යෝගය සිටියහොත් “නීච භංග රාජයෝගය” උදාවේ. එබඳු අය ඉගෙනීමෙන් උසස් තත්ත්වයට පත්ව රජයේ උසස් රැකියා ලැබීමේ හා පරිපාලන ක්ෂේත්රයේ උසස් තනතුරුවලට පත්වීමේ භාග්‍ය ලබයි. කීර්ති ප්‍රසංසා ආදිය නිතැතින්ම හිමිවේ. එමෙන්ම තුන්වැන්නේ හෝ නවවැන්නේ ශනි ග්‍රහයා සමග රවි යෝගව සිටිවිටද “නීච භංගරාජයෝගය” යෙදේ. විශේෂයෙන් නැවවැන්නේ යෙදෙන මෙම ග්‍රහ සංයෝගයෙන් කුම්භ ලග්න හිමියන්ට උසස් ශුභඵල ලැබෙන බව පර්යේෂණවලින් ඔප්පු වී ඇත. නවවැන්න සෙනසුරු ග්‍රහයාගේ උච්ච රාශියයි. රවි ග්‍රහයාගේ නීච රාශියයි. මේ නිසා සෙනසුරු ග්‍රහයා එවැනි ලග්න හිමියන්ට තමන්ට හැකි අයුරු උපරිම වශයෙන් ශුභඵල ගෙන දෙයි. නොසිතූ, නොපැතූ පරිදි උසස් තනතුරු ලබාදේ. ජනප්‍රසාදයට ලක්වේ. ධන ධාන්‍ය, යස ඉසුරු නොඅඩුව ලබයි. සමස්තයක් ලෙස සැලකීමේදී කුම්භ ලග්න හිමියන් බොහෝ දෙනෙකුට රජයේ රැකියා ලබා ගැනීමේ වාසනාව ඇත. උපක්‍රමශීලී භාවය ඔවුන් තුළ සහජයෙන්ම පවතින නිසා වෙළෙ¹ම් පිළිබඳ කටයුතුවලට ඔවුහු දක්ෂයෝ වෙති. ඔවුන්ගේ පෙම් සබඳතා බොහෝවිට විවාහයෙන් කෙළවර වෙයි. වැඩිහිටියන්ගේ ආශිර්වාදයද ලැබ ඔවුන්ගේ විවාහය සිදුවිය හැක. කුම්භ ලග්න හිමියන් ආදරය, කරුණාව හොඳින් හඳුනන නිසා විවාහ ජීවිතය ප්‍රීතිමත් එකක් වීමට හැකිය. කුම්භ ලග්න හිමියන්ට විවාහය සඳහා වඩාත් ගැළපෙනුයේ මිථුන හා තුලා ලග්න හිමියන්ය. එම අය හා විවාහවීමෙන් විවාහ ජීවිතය වඩාත් සාර්ථකවනු ඇත. කුම්භ ලග්න හිමියන්ට වැළඳෙන රෝග අතර නිතර පාදවල රෝග, කොඳු ඇට පෙළ ආශ්රිත රෝග ප්‍රධාන වේ. දත් රෝග, සමේ රෝග, වාත ආමාරු ආදී රෝගවලට ද ඉඩ ඇත. කුම්භ ලග්න හිමියන්ට බාධක ග්‍රහයන් වන්නේ කුජ, සඳු, බුධ, හා ගුරුය. මෙම ග්‍රහයන්ගේ මහ දශා, අතුරු දශා කාලවලදී මාරක විපත් සිදුවිය හැක. අපල උපද්‍රවයන්ගෙන් මිදීම සඳහා ආරක්ෂක මන්ත්‍රවලින් ජප කරන ලද නිල්පාට මැණික් ගලක් මුද්දකට සම්බන්ධ කර පැළඳීම සුබය. කුම්භ ලග්න හිමියන්ගේ ජය අංක වනුයේ 2, 3, 9 ජය වර්ණ කහ, රතු, සුදු, ජය දින – බ්‍රහස්පතින්දා සහ සිකුරාදා වේ.
We found this article from Divaina on 2013/03/22.
Also Sinhala to English Google word to word translation can be found here