කාමාශ්වාදය විඳ ගැනීමට දරන ප්‍රයත්නයේදී සෑම ජීවියකු… කෙරෙහිම බල පවත්වනා බාධක නිසා සත්වයාගේ මානසික සුවය ඉතා නීච අන්දමින් පිරිහී යයි. මෙය මිනිස් ජීවිත කෙරෙහි සියුම් ලෙස වැඩියෙන් බල පවත්වයි. එය ඔහුගේ ජීවිතයේ සාර්ථක අසාර්ථක බව පෙන්වීමේ ලක්‍ෂණයකි. සමහර පුද්ගලයන් කෙරේ බලපාන මේ තත්ත්වය හේතුකොට ගෙන ඔහුගේ කායික තත්ත්වයේද පුදුම සහගත වෙනස්‌කම් ඇතිවේ. ලිංගික දුබලතාවය, බෙලහීනතාවය, ලිංගික විකෘතිතා, නපුංශකභාවය, ලිංගේන්ද්‍රයේ අප්‍රාණිකත්වය, ධාතු ශක්‌තිය හීනවීම, නපුරු සිහින දැකීම, විවාහයට බිය බව, ක්‍ෂණික මෝචනය, සම ලිංගික සංසර්ගය, ස්‌වයං කාම ආශ්වාදය, පවුල් ජීවිත කටුක වීම, පර අඹු සේවනය, මේවා හැර රාග උන්මාදය මානසික රෝග හා ආබාධ අභ්‍යන්තරික වශයෙන්ද බල පැවැත්විය හැක.
ජ්‍යෙdතිර් විද්‍යාව හෙවත් නක්‍ෂත්‍රයේ සඳහන් පරිදි කාම ජීවිතයට මූලික හේතුව වන්නේ සිකුරුගේ බලපෑමයි. ඒ නිගමනයන් අනුව කාම රාගය උද්දීපනය කරනු ලබන බලයක් සිකුරුගෙන් පෘථිවිය කෙරෙහි බලපාන ආකර්ෂණයන් මත වේගයේ රැඳී ඇති බවයි. හැම ජීවියකුගේම මනෝද්වාරය විවෘත කරනු ලබන්නේ කාමාශ්වාදය විඳ ගැනීමට එහි ජීවියාගේ ඇති කැමැත්ත අනුවයි. එනිසා සත්ව ලෝකයේ පැවැත්ම උදෙසා මූලික හේතුවක් වශයෙන් සිකුරුගේ බලපෑම් සලකා ඇති බව පෙන්වයි.
සත්ත්ව ලෝකයේ ක්‍රියාවලියෙහි පසුබිමට ඉවහල් වී ඇති කාම සම්පත් නැසීමේ ප්‍රතිවිරෝධතාව සෙනසුරු ග්‍රහයා ඇති කරයි. මිනිස් සමාජයේ හැම දුබල තාවයන් උදෙසාම ඉවහල්වී ඇත්තේද මෙයමයි. එනිසා ලිංගික පැවැත්මටද බාධක ග්‍රහයා වන්නේ සෙනසුරු බව කිව හැක.
සත්වයාගේ කාම සම්පත් වර්ධනය කිරීමේ බලශක්‌ති ඇති කරන්නේ අඟහරු ග්‍රහයාය. එනිසා කාම රාගය මිනිසා කෙරෙහි උද්දීපනය වීමට ඉවහල් වනුයේ අඟහරු කෙරෙන් සිකුරු ග්‍රහයා වෙත යොමුකරන බලයය.
ඒ අනුව කාම රාගය රෝගයක් ලෙසින් සැලකුවහොත් අඟහරුගෙන් වන්නේ ඒ රෝගය උත්සන්න වීමයි. සෙනසුරුගෙන් සිදු කරන්නේ ඒ රෝගය මැඩ පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිශක්‌තිය ලැබීමයි. එයින් අපට පැහැදිලි වන්නේ කාම රාග බව ලෞකික පැවැත්මට අදාළ වුවද ලෝකයෙන් එතෙර වීම පිණිස සපයා ගතහැකි ප්‍රතිශක්‌තියටද මුල් වන්නේ සෙනසුරු ග්‍රහයාගේ බලයෙනි.
කාම රාග බව වැඩි දියුණු කිරීමෙන් හා ඒ සඳහා ප්‍රතිවිරෝධතාවන් ඇති කිරීමෙන්ද මිනිස් මනසේ සමබරතාවයට හානි ඇති කරයි. එය මිනිසාගේ සියලුම සුඛවිහරණ වලට බාධා පමුණුවයි.
එවන් දුබලතා ඇති කරන හෙනහුරා ස්‌ත්‍රී පුරුෂ භේදයෙන් තොරව රජුටත්, ධනපතියාටත්, දිළින්දාටත්, යාචකයාටත් බලපායි. එයින් මිදීමට ඉපැරැණි ඉසිවරු විසින් කෙම් ක්‍රම සහිත සෙනසුරාට පූජා තබන විධිද ඇත එයින් එකක් මෙසේය.
අව පක්‍ෂයේ සෙනසුරාදා දිනක උදැසන පහට පෙර තමා ඇඳසිටි ඇඳුම් ඉවතලා නිරුවත්ව හිල් පොල්කටු හතක් ගෙන අඟුරු කර එයට තමාගේ හිසකෙස්, කුණු කෙල, නියපොතු ඇඳිවත නූල් සමග ලුණුකැට, අබ ගම්මිරිස්, මිරිස්‌කරල් 3 ක් කළුතල, සුනුසහල්, නුගකොළයක් සමග දමා දුම් එනවිට එයට උඩින් හත් වතාවක් කතා නැතිව පැන නිල්පාටැති ඇඳුමක් ඇඳ ගිතෙල් මිශ්‍ර කිරිබතක් උයා බත් ගුලි 21 ක් සමග ගිතෙල් පෙඟූ වියත් රියන් දෙකක් දිගැති පහන් වැටියක් අඹරා ගිතෙලින් තෙමා බත් ඇට ප්‍රමාණයට කපා එකට අනා උදේ හයට පෙර නිවසේ බස්‌නාහිර පැත්තේ උඩකින් තබන්න. දෙවනුව පුරුෂයකුනම් ස්‌ත්‍රී ලිංගයද ස්‌ත්‍රියක්‌නම් පුරුෂ ලිංගයක්‌ද හුඹස් දල්ලක්‌ගෙන මැටිවලින් අඹා තම ලිංග හෝ රහසඟ කෙස් ටිකක් එහි තවරා කපුටු තටු පුළුස්‌සාගත් අළු පිරිසිදු මී තෙල් වලින් අඹරා එහි තවරා නුගමුලක් ළඟ තබා ලිංග පූජාවක් තබන්න.
තෙවැනුව අංජන කැට, බැබිල, ලොන් සුඹුළු, කළුතල, වී පොරි, සක කුප්ප, නුග කොළ පොතු එකට තම්බා දින 3 ක් ස්‌නානය කරන්න. එදිනම කකුලේ වන කුෂ්ඨ, කුඩුනු යාචකයකුට බත් ගෙඩියක් පුදන්න. නිල්බත්, කුණුමස්, එළුමස් සමග පුදන්න. මෙසේ කර පිරිසිදු මී තෙල් මේ මාත්‍රයෙන් 1008 වරක් ජපකර දින 45 ක් නොකඩවා හිසගා බුරියේද පා විලුඹුවේද ගාන්න. අපල සමනය වී සෙත සැලසී යහපත උදාවේ. මෙය මලයාලි මන්ත්‍රයකි. අවසානයේ විෂ්ණු දිව්‍ය රාජයාට පූජාවක් තබන්න.
ඕ ජුං සඃ භර්භුවඃ සඃ සවාහා ශනිග්‍රහ දේවාම් ආ කාර වර හංස දිෂ්ඨිම් ඊ කාරවර බ්‍රහ්ම දිෂ්ඨිම් ඌකාර වර ලෝක දිෂ්ඨිම් ඒ කාර නරලෝක දිෂ්ඨිම් ඕ කාර නේත්‍ර දිෂ්ඨිම් ශනි දේව වර ලෝක පති නේත්‍ර මුඛායං මාගේ සර්වාංගයෙන් ශනිශ්වර දේවෝ මාගේ නවහංදි ඇට මිදුලු ලා කෙරේ හිස සිට දෙපතුල දක්‌වා බැල්ම ථාලාය ථාලාය සවාහා.
We found this article from Divaina on 2013/06/23.
Also Sinhala to English Google word to word translation can be found here