විභාගය අත ළඟද!

0
692
විභාගය
විභාගය

[ratings]

මෙන්න බුධ බලවත් කරන ශ්‍රී සරස්‌වතී තෛල රාජයා

බුධ ග්‍රහයාගේ ස්‌වරූපය මෙසේය. මධ්‍යමරූපඃ ප්‍රිය වාග් දුර්වාශ්‍යාමඃ ශිරාතතො නිපුනඃ තවක්‌ශාර ස්‌ත්‍රී ස්‌ථුනඃ සතතං හෘෂමශ්තු චන්ද්‍රසුතඃ

බුදහු මධ්‍යම ශරීර ස්‌වරූපයෙන් යුක්‌තවූයේද, පිය වචන ඇත්තේද, ඊතනවන් (පාට) සිරුරකින් යුක්‌ත වූයේද ඉල්පුනු නහර වලින් යුක්‌තාවූද, සියුම් දේ දැනීමෙහි නිපුණ වූයේද සම්සාරවත් කොට ඇත්තේද තුන්දොස්‌ සමාන ප්‍රකෘති ඇත්තේද, නිරන්තරයෙන් සතුටු ස්‌වභාවයෙන් යුක්‌ත වූයේද වන්නේය.

බුධ ග්‍රහයා සුබව සිටි කාලයේදී බලපාන දසා පලාපල මෙසේය. පණිවිඩ කරුවෙක්‌ වෙයි. මිත්‍රයින් බොහෝය. ගුරුවරුන්ගෙන් පුද ලබයි. පණ්‌ඩිතයෝ කැමති වෙති. කීර්තිය, ප්‍රසංසාවන් ලබයි. ලෝකඩද, භූමිලාභ, දරුවන්ද, සැප, නිශ්චලබව, අන්‍යයන්ට රැවටීම, අනුන් යටතේ වැඩද, දන් පින් කිරීමද හිත ප්‍රසත්ත බවද ඇති ගුණාංගයක්‌ පිහිටයි, බුධ දුර්වල වූ විට දශාපල හිර බන්ධන ආදියට අසුවීම, සිරගතවීම, තුන්දොස්‌ කෝප ඇතිවීම හා දුකට පත්වීම සුබ යන අපල ඇතිවේ.

ග්‍රහයින් සිව්දෙනා අතරික්‌ සූර්යයාට ඉතාම කිට්‌ටුම ග්‍රහයා බුධ ග්‍රහයා වෙයි. සූර්යයාගේ සිට බුධ ග්‍රහයා සැතපුම් 35,000,000 කට නුදුරින්ද, සිකුරු ග්‍රහයා සැතපුම් 67,000,000 දුරින් ගමන් කරයි. ජ්‍යෙdතිෂ සිද්ධාන්ත අනුව ද්විත්ව ගති අද්විත්ව ගතියද චංචල ස්‌වභාවයද ඇති දෙබිඩි ගති ඇති ග්‍රහයෙකි. එනිසා බුධ බලවත් අය ඥනයෙන් උසස්‌ බවද සැලෙන ගති ඔවුන් තුළ ඇති බවද පෙනේ.

විශ්ව රජදහනේ ප්‍රධාන නියමුවා වන්නේ බුධහුය. බුධට චන්ද්‍රයා සතුරු වෙයි. රවි, ශුක්‍ර ග්‍රහයින් මිත්‍ර ග්‍රහයෝය. බුධ ස්‌ථිර ගතියකට පත්නොවන ග්‍රහයෙකි. චපලත්වය, අස්‌ථිරත්වය, සමගිය වැනෙන සුළු දෙබිඩියාවකින් හෙබි ගතිගුණ වලින් පිරි ද්විත්ව ග්‍රහයෙකි. බුධ සත් වැන්නට බලවත්නම් එහි භාවත්පුඨය බලවත්ව පාලනය කෙරේනම් ජන්මියා විවාහ දෙකක්‌ කර ගනී. නමුත් බුධ උසස්‌ බුද්ධියට හා ඥන ශක්‌තිය අනුව යම් දෙයක්‌ වටහා ගැනීමේ ධාරණ ශක්‌තියත්, තීක්‍ෂණ බුද්ධියත් ඇතිවේ.

කෙසේ වුවද බුධ ග්‍රහයා උසස්‌ බුද්ධියක්‌ හා ඥන ශක්‌තියක්‌ ඇතිකරන නිසා යම් දෙයක්‌ හොඳින් වටහා ගැනීමේ ධාරණ ශක්‌තියක්‌, නව නිර්මාණ ශක්‌තියක්‌, තීක්‍ෂණ බුද්ධි අධිපතිත්වය දරයි. යහපත් සිතුවිලි, අවබෝධය, තර්කය, තේරුම් ගැනීමේ බුද්ධියකට පාඩම් හිටීම, හොඳහැටි වටහා ගැනීම, ස්‌වාධීන ඥනය, කථාවේ දක්‍ෂතාවය, ගුරුවරයකු නොමැතිව පතපොතේ දේවල් වටහා ගැනීම, පරීක්‍ෂණ පැවැත්වීමෙහි අවබෝධයක්‌ ඇතිවීම අනුව නියත උත්සාහය අනුව ඕනෑම විද්‍යාවක ස්‌වාධීනත්වය ආදී කරුණු රාශියක්‌ බුධ ග්‍රහයාගෙන් පාලනය වේ.

බුධගේ අපල ඇතිවූ විට හිත එක්‌ අරමුණක තබා ඔහුට යම් දෙයක්‌, වැඩක්‌ කිරීමට නොහැකි වේ. එහෙත් එක්‌ දෙයක්‌ නිම නොකර තවත් දෙයක්‌ බදාගෙන කිරීමෙන් එක්‌ දෙයක්‌වත් හරිහැටි නිම කරගැනීමට නොහැකි වේ. අන් අයගේ උපදෙස්‌, අවවාද, අනුශාසනා පිළිනොගෙන තම මතයට අනුව වැඩකරයි. සමහර විටෙක ඒවා උතුම් ඒවා වෙන්නට පුළුවන. ලේඛන කලාවට දක්‍ෂ වේ. බොරුකීම, බොරු ගෙතීම, අනුන්ට පෙනීමට උදම්ව වැඩකටයුතු කිරීම, ආදියද බොළඳ අයකු ලෙස ස්‌ථිර වැඩක්‌ නොකරයි. තමා උද්දත්ත අයකු යෑයි සිතා ආත්ම වÒනාවන් කරන බොරු උගත්කමක්‌ ඇතිබව හඟවමින් ගන්නා ක්‍රියාමාර්ගයන් තීරණයන් අනුව සිතුවිලි තුළින් වැරදිකරන්නෙකු වෙයි. නමුත් අහිංසක අයෙකි.

බුධගේ බාහිර ලක්‍ෂණ හා ඔහුගේ දශා බලයන්හි ලක්‍ෂණ මෙසේ පෙන්වා ඇත.

කාන්තා ගනා වෑන පං කජහෘංග කාංති

ලීලා විලාශ රති භොග යුතොතරස්‍යාත්

නාන ප්‍රකාර විව වාගම කොසමාධිං

තෂි ප්‍රංහවේත් බුධ දශාන්සු තථාFථ_සිධි

බුධහුට මහ දශා ලැබූතැන පැමිණි ඇති ගති අසන්නේ

සොඳට සම්පත් පටුනු ගම් බිම් පිනැති දරුවන් ලැබෙන්නේ

නෑ කොවුල් හඬ ලෙසට කඩ හඬ ඇසදුටු අය පිරියවන්නේ

අද දෙවන් සැප මෙමාතිඳුන්ගේ දසා අපලය දුරුව යන්නේ

ඥනවන්ත බවත්, සංගීතය පිය කිරීම, තිදොස්‌, පවතී පලාවÒති, උස හීන්දැරි, මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක්‌ ඇති නාසය දිග, අත්දිග, ක්‍රියාශීලී වර්ණවත් ශරීරයක්‌a හා විනිවිද දකින කුඩා ඇස්‌ දෙකකි. පිරුණු නලලකි. ඇස්‌ අඳුරුය, තොල් සිහින්ය, නිකට පටුය, කථිකත්වයට බලපාන දිවක්‌ සහිත ඉන්ද්‍රියන් ඇති දුඹුරු පාටකි. හිසකෙස්‌ ඇති. කලබලය, අවිවේකීව ඉගෙනීමට ලැදියාව දක්‌වන තීක්‍ෂණ බුද්ධිය ධාරණය ඇතිවේ. පිරුණු හිතත් ඇත. ලේඛකයින්, කථිකයින්, පාලකයින්, ලේකම්වරුන් පණිවිඩකරුවන් ආදිය තීක්‍ෂණ බුද්ධිය මෙහෙයවා පාලන බලයට දිරි දෙන්නේ බුධ ග්‍රහයාගේ බලය මතයි.

බුධ දසාව ලැබූවිට දරුවාගේ බුද්ධියේ ස්‌වාභාවය අථ_වත්ව සීමා කිරීම එතරම් පහසු නොවේ. මේ සඳහා අථ_, සීමාකිරීමේ කරුණු සතරක්‌ ඇත. 1. ස්‌ථානෝචිත ලෙස ක්‍රියා කිරීමේ පුළුවන්කම 2. උසස්‌ ලෙස නොහොත් වියක්‌ත ලෙස කල්පනා කළ හැකි බව 3. ඉගෙනීමේ පුළුවන්කම 4. මධ්‍යම ස්‌නායු පන්තියේ ක්‍රියාකාරිත්වය, මේ අනුව ඥනය බුද්ධිය ක්‍රියාකිරීමට හොඳ ස්‌නායු පන්තියක්‌ අවශ්‍යය. මෝටර් රථය හොඳ වුණත් එයට පෙට්‍රල් පමණක්‌ම නොව හොඳ ඇන්ජිමක්‌ද අවශ්‍ය වන්නාක්‌ මෙන් ස්‌නායු පන්ති ක්‍රියාකාරිත්වයද අවශ්‍ය වන්නේය. එක්‌ එක්‌ දරුවකු තුළ සහජයෙන් සූක්‍ෂම අංකුරයක්‌ ලෙස තිබෙන සහජ බුද්ධිය නමැති බීජයෙන් පැළයද, පැළයෙන් කොළයද, මල් පොහොට්‌ටුවද, මලද ගෙඩියද වැඩීමෙන් ක්‍රමයෙන් සම්පූර්ණ වෘක්‍ෂයක්‌ වන්නාක්‌ මෙන් ස්‌වශක්‌තියෙන් සේටෝත්පාදයෙන් ළමා මනස වැඩෙන බව ඔප්පු කළ හැක. දරුවා වඩා ප්‍රියකරන දේවල් දෙස බලයි. ඒවා පරීක්‌ෂා කරයි. පරීක්‍ෂා කොට මතක තබාගනී. ඒවායේ චිත්ත රූප මවාගෙන ගබඩා කර ගනී. මේ ලෙස එක්‌ එක්‌ ළදරු මනස විවිධාකාරයෙන් ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය අනුව වර්ධනය වේ.

බුධ ශරීර ස්‌ථානයේ මොළය මධ්‍ය ස්‌නායු පද්ධතිය හා නාභියට යට පිහිටි ස්‌නායු පද්ධතියද දිව හා කථිකත්වයට බලපාන ඉනද්‍රියන්ද බුද්ධිමත්ව යමක්‌ කිරීමේ අංගයන් වශයෙන් පාලනය වේ. මෙනිසා බුධ බලවත්වූ අය ශ්‍රේෂ්ඨ චින්තකයින් වෙති. දක්‍ෂ ශිල්පියෝ වෙති. රංගනය, නාට්‍ය, නැටුම්, සංගීත, චිත්‍ර ශිල්පය ආදිය හදාරන ලෙලෙන නාට්‍යාංගනාවන් වෙතිs. තෙළිතුඩ ගත් අය සකල කලාවට අධිපතින් වෙති. රංගන ශිල්පීන් වෙති.

බුධට අයත් වන්නේ කොළපාට වර්ණයයි. බුධගේ අපලයට පච්ච වර්ණ මැණිකක්‌ ඇල්ලූ රිදී මුදුවක්‌ පැළඳීම, දේව පූජා, චෛත්‍යයට පහන් දැල්වීම කෙම් ක්‍රම අනුව ග්‍රහ පූජාවන් පිරිනැමීම, සිවුරු පූජාවන්, උක්‌ හකුරු, නිල් වස්‌ත්‍ර දුගී මගීන්ට දාන මාන පිරිනමා බුධ නියෝජනය වන ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාර හාර වීමෙන් බුධගේ අපල දුරුකර ශාන්තිය ලබාගැනීමට හැකිය. මේවා ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යාධරයින්ගේ උපදෙස්‌ මත නිසි ලෙස කිරීමට වග බලා ගතයුතුයි. එය වැදගත් වේ.

බුද සහ රවිගෙන් නම් සූර්ය නාරයන දෙවියන්ට ද

බුධ සහ චන්ද්‍රයා ගෙන්නම් සරස්‌වතී දේවියට ද

බුධ සහ කුජගෙන් නම් නරසිංහ දෙවියන්ට ද

බුධ සහ ගුරුගෙන් නම් භද්‍රනාරායන දෙවියන්ට ද

බුධ සහ සිකුරු ගෙන් නම් ලක්‌ෂ්මී නාරයන දෙවියන්ට ද

බුධ සහ ශනිගෙන්නම් අංජන දේවියට ද

පූජාවක්‌ පැවැත්විය යුතු බව වේද ග්‍රන්ථි වල සඳහන් ව ඇත.

යම් අයකුට බුධ ග්‍රහයා බලවත් වූ විට අලි ඇතුන් අශ්වයන්, යාන වාහන, භාණ්‌ඩාගාර, පාබල හමුදා නායකත්වය, ලේකම්වරුන්, සභාපතිවරුන්, බමුණන්, පඬිවරුන්, අලුත් රෙදි පිළි රන් රිදී, ආභරණයන්, මාළිගා වැනි ගෙවල්, නපුරු භයානක හීන නොපෙනීම, නපුංශකයා උතුර බලා සිටීම, සම්ගෝතක උතුර බලා සිටීම සරත් සෘතුවේදී අනියම් හැසිරීම, ළදරුවන් දෙව්ලොව දෙවියන් පුදන විට උදය කාලයේ බලවත් වීම තම ක්‍ෂේත්‍රයේ දියුණුව වුවත් මිශ්‍ර කිරීමේ භද්‍රයන්, පක්‍ෂීන් සමතුලාව, සුන්දර බවය මැණික්‌ පරික්‍ෂාවේ දක්‍ෂකම හා ලැබීම, ධන උල්පත ගලා ඒම මුල් වන්නේ කාරත වන්නේ බුධ ග්‍රහයාය.

මේ අනුව ඔබගේ ළපටියාට, ඉගෙන ගන්නා දරුවාට ඉගෙනීමේ බාධාවන් අවහිරකම් තුරංකර තීක්‍ෂණ බුද්ධිය හා ධාරණ ශක්‌තිය, නුවණට අධිපති වන බුධගේ බලය මෙම ඉපැරැණි පුස්‌කොල පොතක සඳහන් ඥනාර්ථ තෛලය සකසා ගෙල ගෑමෙන් ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය සුදුසු පරිදි යොදවා නව නිර්මාණ, කලා ශිල්ප, කථිකත්වය, ගුප්ත විද්‍යාවන්, ඉගෙනීම, ඉංජිනේරුවන්, ගණකාධිකාරිවරුන්, නීතිවේදීන්, මහා ආචාර්යවරුන් වන දේශපාලකයින්, පඬිවරුන්, ඉසිවරුන් කර ලොවට වර්ණයෙන් ලෙළදෙන මානික්‍යයක්‌ කරවන්න.

තෙල් සිඳීම සඳහා, වදකහ, බැමි කීරිය, කීකිරිදිය, වැල්මී, නෙළුම් අල, රේණු, කුංකුවප්පු, කස්‌තුරි අඹරා ගිතෙලින් හා රන් තැඹිලි තෙලින් සිඳුවා නෙළුම් කොළයකට වත්කර සරස්‌වතී පූජා යහන හදා එහි තබා මේ මන්ත්‍රයෙන් 1008 වරක්‌ ජපකර අශ්ව ලෝමයක බැඳි බිඳුවක්‌ හෝ තුත්තිරි ගහක බිඳුවක්‌ දිවගා උදයාදී කාලයේ පාඩම් කරන්න, තෙල් බිඳුවක්‌ කුඩා සුරයක බහා ගෙල පළඳින්න.

ශ්‍රී ගනේෂ්වර බැඳි ශ්‍රී සරස්‌වතී යන්ත්‍රය ෙත්‍රෙලෝක්‍ය දිනූ පත්‍ර නොහොත්, ෙත්‍රෙලෝක විජයපත්‍ර ග්‍රෑම් 27 ක ප්‍රමාණයක්‌ ගිරා පිහාටුව පුළුස්‌සා මී පැණියෙන් අඹරා යන්ත්‍රය කළුමැද පිම්මේ තම්බා යන්aත්‍රය සකසා ගෙල පළඳවන්න. තොටගමුවේ ශ්‍රී රහල් හිමිපාණෝ තීක්‍ෂණ බුද්ධියට හා ධාරණ ශක්‌තිය ඇතිවීමට මෙය භාවිත කළ බව පැරණි පත් ඉරුවල සඳහන් වේ.

We found this article from Divaina on 2012/06/22.
Also Sinhala to English Google word to word translation can be found here