විවාහය ඉක්‌මන් කරන සහ පමාකරන ග්‍රහ පිහිටීම්

0
473
විවාහය
විවාහය

පුද්ගල ජීවිතය පරිපූර්ණත්වයට පත්කරන ප්‍රධානම සාධකය විවාහයයි. කෙනකුගේ දෙවැනි උපත ලෙස විවාහය සමාජයේ සැලකිල්ලට ලක්‌වී ඇත්තේ එබැවිනි. පෙරදිග චාරිත්‍රානුකූලව විවාහය ජාතික උත්සවයක්‌ ලෙස සලකා කටයුතු කර ඇත්තේ ද මෙම හේතුව නිසාය. වර්තමානයේ ජ්‍යෙdතිෂවේදීන් වෙත පැමිණෙන බොහෝ පිරිසක්‌ මෙන්ම නැකත ජ්‍යෙdතිෂ අතිරේකය වෙත ජ්‍යෙdතිෂ ගැටලු ඉදිරිපත් කරන බොහෝ පිරිසකගෙත් ගැටලු අතර විවාහය සිදුවන කාලය හා විවාහය ප්‍රමාද වීම වැනි කරුණු වලට ප්‍රමුඛස්‌ථානයක්‌ හිමි වී තිබීම දක්‌නට හැකිය.

එමෙන්ම ජ්‍යෙdතිෂවේදීන් හමුවට එන බොහෝ දෙනකුට ඇති ගැටලුව වන්නේද එක්‌කෝ තමන්ගේ විවාහය සිදුවන කාලය පිළිබඳ දැනගැනීමය, නැතහොත් අනාගත සහකරු හෝ සහකාරිය පිළිබඳ දැනගැනීමය. විවාහ වන වයසට සමීපවෙමින් සිටින පිරිස්‌ යම් ප්‍රමාණයක්‌ ද විවාහ වන වයස පසුවෙමින් සිටින පිරිස්‌ බහුල වශයෙන්ද විවාහවන වයසේ පසුවන දරුවන් ඇති මව්පියන් ද වශයෙන් මෙම පිරිස කොටස්‌ තුනකි.

වර්තමාන සමාජීය තත්ත්වය පිළිබඳ සැලකිල්ල යොමු කිරීමේදී විවිධ හේතු විවාහය ප්‍රමාද වීමට බලපා ඇති බව ද සැලකිය යුතුය. විශේෂයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබන බොහෝ පිරිසක්‌ සිය අධ්‍යාපන කටයුතු නිමකර රැකියාවක්‌ ද සොයාගෙන විවාහයක්‌ ගැන කල්පනා කරන විට ඔවුන්ගේ වයස අවුරුදු 40 ට ආසන්න මට්‌ටමට පැමිණ තිබේ. එමෙන්ම වඩා බහුල වශයෙන් නොවුවත් දැවැදි ප්‍රශ්නය නිසා ද මෙසේ විවාහය ප්‍රමාද වීම සිදු වන අතර තවත් පිරිසකට කේන්ද්‍රයේ ආවේණික දොaෂ හේතුවෙන් මෙම තත්ත්වයට පත්වීමට සිදුව තිබේ.

ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රානුකූලව මේ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වීමේදී කෙනකුගේ විවාහය සිදුවන කාල වකවානුව, අනාගත සහකරුගේ, සහකාරියගේ ස්‌වභාවය මෙන්ම ගතිගුණ ද සහකරු හමුවන ප්‍රදේශය හා විවාහ ජීවිතය සහ දරු ඵල පිළිබඳව ද නිවැරැදිව කීමේ හැකියාවක්‌ මේ අගනා ශාස්‌ත්‍රය සතුව පැවැති බව කිව යුතුය.

ජ්‍යෙdතිෂයට අනුව විවාහය ඉක්‌මන් කිරීමට හෝ ප්‍රමාද කිරීමට හේතුවන ග්‍රහ පිහිටීම් ගණනාවක්‌ තිබේ. විවාහය ඉක්‌මන්වීම කුජගේ හා සිකුරුගේ ක්‍රියාවක්‌ ලෙස ජ්‍යෙdතිෂයේදී විස්‌තර වේ. යමකුගේ කේන්ද්‍රයේ සඳු හෙවත් චන්ද්‍රයා හත්වැන්නේ උච්චව සිටීනම් ඔහුගේ හෝ ඇයගේ විවාහය ඉක්‌මන් වන අතර එය ඉතාම යහපත් විවාහයක්‌ ද වේ. විවාහය යහපත්වීම ගුරු හා සඳුගෙන් සිදු වේ. යමකුගේ කේන්ද්‍රයේ කුජ, සිකුරු හා ගුරු හත්වැන්නේ පිහිටයි නම්, එම ග්‍රහයින් ඔවුනොවුන්ට පෙනෙයි නම් සහ ඔවුනොවුන් රාශිගතවීනම් එය විවාහය ඉක්‌මන් කරන ග්‍රහ පිහිටීමක්‌ වේ. ශනි, කුජ දෙදෙනා එකට සිටීම ද ශනිට කුජ පෙනීම ද විවාහය ඉක්‌මන් කරන ග්‍රහ පිහිටීම් ය. හත්වැන්න අධිපති නවවැන්නේ සිටීම ද විවාහය ඉක්‌මන් කරන ග්‍රහ පිහිටීමක්‌ ලෙස ජ්‍යෙdතිෂයේදී විස්‌තර වේ.

සඳු කේතු විවාහය කල් දමන ග්‍රහයන් ලෙස සැලකේ. ශනිට කුජ සඳු දෙදෙනා පෙනේනම් එය විවාහය කල් ගත කරවන ග්‍රහ පිහිටීමකි. හෙමින් ගමන් ගන්නා ග්‍රහයින් කේන්ද්‍රයක නව වැනි භාවයේ සිටීම ද විවාහ ප්‍රමාදයට හේතු වේ.

විවාහය සම්බන්ධයෙන් සිදු කෙරෙන කේන්ද්‍ර පරීක්‍ෂාවේදී විවාහ දර්ශකය පිළිබඳව ද සුවිශේෂී අවධානයක්‌ යොමු කළ යුතුය. කේන්ද්‍රයක පළමුවැන්න, දෙවැන්න හා හත්වැන්නද සිකුරුගේ හා ගුරුගේ පිහිටීම ද මගින් විවාහ දර්ශකය හඳුනා ගත හැක. ඒ ඒ පුද්ගලයාට ආවේණික චරිත ලක්‍ෂණ තුළින් විවාහයක පාර්ශ්වකරුවන් අතර යෝග්‍යතාව තීරණය කිරීමට මෙම දර්ශණය භාවිත කරයි.

සාර්ථක විවාහයක්‌ සඳහා කේන්ද්‍ර හිමියාගේ භෞතික ජීවන තත්ත්වය පෙන්නුම් කරන ග්‍රහ පිහිටීම් නිරීක්‍ෂණය කිරීම ද ඉතා වැදගත්ය. කෙනකුගේ භෞතික ජීවන තත්ත්වය විවාහයක සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍යය. මෙහිදී ලග්නය හා ලග්නාධිපතිගේ බල දුබලකම්, හත්වැන්නේ ග්‍රහ පිහිටීම හා එහි බල දුබලකම්, නව වැන්නේ ග්‍රහ පිහිටීම් හා එහි බල දුබලකම්, කේන්ද්‍රය තුළ සිකුරුගේ හා ගුරුගේ පිහිටීම හා බලපෑම් කෙරෙහි විශේෂ අවධානයක්‌ යොමු කිරීම වැදගත්ය.

වර්තමානයේ විවාහ ප්‍රමාදයන්ට බලපාන මූලික සාධක අතර පාපී කේන්ද්‍ර වශයෙන් හඳුන්වන ග්‍රහ පිහිටීම් පැවතීම, කුජ හත්වැන්නේ සහ ශනි හත්වැන්නේ පිහිටීම, කාල සර්පයෝග ලෙස සැලකෙන ග්‍රහ පිහිටීම් පැවැතීම ද බහුලව දක්‌නට ලැබේ. එසේ වුවද මෙම කේන්ද්‍ර ගැඹුරින් පරීක්‍ෂා කිරීමේදී එම දොaෂ ඒවායින්ම වියෑකී යැමේ අවස්‌ථා මෙන්ම පොරොන්දම් ගැළපීමේදී භංග වීමේ අවස්‌ථා බහුලව පවතින බව ද සඳහන් කළ යුතුය. ඇතැම් ජ්‍යෙdතිෂවේදීන් කේන්ද්‍ර ලිවීමේදී ස්‌ත්‍රී පුරුෂ නවාංශක වෙනස්‌ කිරීමට සහ වංගෝත්තම වැනි ඇතැම් ග්‍රහපිහිටීම් වෙනස්‌ කිරීම උදෙසා උපන් වේලාව යම් පමණකට වෙනස්‌ කිරීමක්‌ කරන අතර එම හේතුවෙන් ද බොහෝ පිරිසකගේ කේන්ද්‍රවල මෙවැනි ග්‍රහ දොaෂ ඇති වී තිබෙන අයුරුද මා නිරීක්‍ෂණය කර ඇත.

විවාහය ප්‍රමාද වූවන්ට එම දොaෂ දුරු කර ගැනීම උදෙසා කළ යුතු පිළියම් හා වත් පිළිවෙත් මෙම ශාස්‌ත්‍රය තුළ මැනවින් විස්‌තර කර ඇත. ඒවා පිළිපැදීමෙන් විවාහ ප්‍රමාදයට බලපාන දොස්‌ දුරු වී විවාහය ඉක්‌මන් වීම මෙන්ම සාර්ථක විවාහයක්‌ සිදුකර ගැනීමේ හැකියාව පවතී. ඒ සම්බන්ධයෙන් ඉදිරි ලිපියකදී විස්‌තර කිරීමට බලාපොරොත්තු වෙමි.

We found this article from Divaina on 2012/08/24.
Also Sinhala to English Google word to word translation can be found here

Please follow and like us:

Leave a Reply

avatar
2000
  Subscribe  
Notify of