විවාහය ප්‍රමාද කරන මේ දෝෂ හඳුනාගන්න

2463
විවාහ දිවියට
විවාහ දිවියට

[ratings]

විවාහයට සුදුසු වයසේ සිටින විට විවාහ කාරක ග්‍රහයෙකුගේ දශාවක්‌ ලබා ඇත්නම් ඒරාෂ්ඨක බාධක, මාරක වැනි වෙනත් දශා අපලයක්‌ නොමැති නම් ලග්න, චන්ද්‍ර, සිකුරු යන ස්‌ථානයකින් ත්‍රිකෝණව හෝ සප්තවම ගුරු ගමන් කරන්නේ නම් කේන්ද්‍ර හිමියාට එම කාල සීමාව තුළ මේ සබඳතාවන් ඇතිවිය හැක. විවාහය සිදුවීම යෝගයක්‌ නොයෙදී නම් වෙනත් මාර්ගයකින් මංගල යෝජනාවක්‌ හෝ ඉදිරිපත් වීමට ඉඩ ඇත.

කොතරම් මංගල යෝජනා සහ ප්‍රේම සබඳකම් ඇති වුවත් විවාහය ප්‍රමාදවීමේ දොaෂයක්‌ උප්පත්තියෙන්ම ඇත්නම් එහි ප්‍රතිඵල අත්විඳීමට ද ජන්මියාට සිදුවනු ඇත.

මංගල රාශිය අධිපතියාත්, චන්ද්‍රයා සහ සිකුරුත් පාප පීඩිතව නොව බලවත් වූ පමණන් ඔහුගේ හෝ ඇගේ විවාහය ඉක්‌මන් වේ. මෙකී ග්‍රහයන් පාප සංයෝගවීම හෝ ලග්න චන්ද්‍ර, සිකුරු යන ස්‌ථානවලින් 2,7,8, යන රාශිවල පාපයන් සිටීම විවාහය පමාවීමට හේතුවකි.

යමෙකු උපන් මොහොතේදී සෙනසුරු මෙකී ස්‌ථානයක බාධකය වශයෙන් පැවති යෑයි සිතමු. ඔහු හෝ ඈ උපන්නේ ගුරු මහ දශාවේ මුලදී නම් වයස අවුරුදු 36 දක්‌වා විවාහය ප්‍රමාද වීමට ඉඩ ඇත. ගුරුට වර්ෂ 16 යි සෙනසුරුට 19 එකතුව 35 යි.

සෙනසුරු දශාව පවතින වයස අවුරුදු 16 සිට 35 දක්‌වා කාලය විවාහයට ඉතා සුදුසු කාලයකි. මංගල කාරක ග්‍රහයන්ගෙන් අතුරු දශා පැමිණෙන කාලවලදී විවාහ යෝජනා ඉදිරිපත් වෙයි. නැතහොත් ප්‍රේම සම්බන්ධතාවන් ගොඩනැගේ. එහෙත් මෙකී බාධකයා වශයෙන් සිටි සෙනසුරු ගෝචර ගමනින් කෙසේ හෝ විවාහයට බාධා ඇති කරයි. සෙනසුරු පමණක්‌ නොව රවි, කුජ, රාහු, කේතු යන පාපයන්ගේ කවරෙකු වුවත් යටකී ස්‌ථානයක අශුභව සිටීමද විවාහය ප්‍රමාද වීමට හේතුවකි. මෙකී ග්‍රහයන් ස්‌ව උච්ච බලයකින් සිටින විට පමණක්‌ විවාහය නිසි කලදී සිදුවනු ඇත.

හත අධිපතියා 6-8-12 යන ස්‌ථානයක සිට හෝ බාධක ස්‌ථානයක සිට සඳු සිකුරු පාප සංයෝගවීමෙන් විවාහය ප්‍රමාද වන හේතු යෙදේ.

07 අධිපතියා හත බාධකය වූ අය තුළ මේ ගතිගුණ විශේෂයෙන්ම පිහිටවනු ඇත. මොවුන්ගේ විවාහයන් පමාවීමට මූලික හේතුව වී ඇත්තේ අංග සම්පූර්ණ පුද්ගලයාගේ අපේක්‍ෂා කිරීමයි.

ස්‌වාමියාට හෝ භාර්යාවට අනිටුඵල අත්විඳීමට හේතුවන දොaෂවලට වෛධව්‍ය දොaෂ යෑයි කියනු ලැබේ.

ස්‌ත්‍රී කේන්ද්‍රයක ලග්න චන්ද්‍ර, සිකුරු යන තුනෙන් 2-7 යන ස්‌ථාන සත සිකුරු සිටින රාශියද රවි, කුජ, ශනි, රාහු, කේතු යන පාපයන්ගෙන් යුක්‌තවීම වෛධව්‍ය දොaෂය නම් වේ.

මෙකී ග්‍රහයන් ඒ ඒ ස්‌ථානයන්හි ස්‌වක්‍ෂේත්‍රව අතිමිත්‍ර, මිත්‍ර, සතුරු, අති සතුරු, නීච යන පිළිවෙළින් ඒ ඒ ග්‍රහයන්ට අයත් පාපංශක ගණන ද වැඩිවන හෙයින් ඒ හේතුකොට ස්‌වාමියාට හෝ භාර්යාවට ලැබිය යුතු අනිටු විපාකද වැඩිවීමට ඉඩ ඇත.

විවාහයකුගේ කේන්ද්‍රයක මෙබඳු වෛධව්‍ය දොaෂයක්‌ ඇත්නම් ඒ ග්‍රහ දශා කාලය තුළදී කුමන හේතුවකින් විවාහය අවුල් සහගත වීමට ඉඩ ඇත. මෙකී ග්‍රහයන් කේන්ද්‍රයේ වෙනත් ස්‌ථානයක අසුබව සිට මංගල ස්‌ථානයක අසුබව සිට මංගල දුටුවොත් ද බොහෝවිට ඉහත ප්‍රතිඵලයම ගෙන දිය හැක.

ශනි, රාහු මෙකී ස්‌ථානයක අසුබව සිටීම ස්‌වාමියා හෝ භාර්යාවගේ ශාරීරික සෞඛ්‍ය කෙරේ බලපෑමයි. කුජ, කේතු, දෙදෙනාගේ අවකල් ක්‍රියාවන් හේතුවෙන් දික්‌කසාද නඩු යෙදිය හැක. ඇතැම් විට රවි, රාහුද මෙබඳු ප්‍රතිඵල ගෙන දෙන බව පෙනේ.

තවද රවි, කුජ, කේතු තිදෙනාගෙන්ද විවාහකයන් කෙරෙහි අනිටු බලපෑම් ඇතිවිය හැක. එහෙත් වෛධව්‍ය දොaෂ ඇති ග්‍රහයකු ගුරු විසින් දුටුවහොත් ඒ දොaෂ භංගමය.

විවාහ පේක්‍ෂක යුවළකගේ පොරොන්දම් ගැලපීම නිරික්‌සනුයේ මෙම වෛධව්‍ය දොaෂ මැඩ පවත්වා විවාහය සාර්ථක වීම පිණිසය.

විවාහක යුවළක්‌ පෝරුවට නැංවීමේදී සිව් කොන පුන්කලස්‌ තැබීම, ඒ මත පහන් දැල්වීම, කැකුළු සහල්, බුලත්, රිදී පඬුරු, පිච්චමල් යනාදිය පෝරුව මත දැමීම, මංගල අෂ්ටක කියවීම පෝරුවෙන් බැසීමේදී පොල් ගෙඩියක්‌ බිඳීම ආදිය සිරිත් වශයෙන් ඉටු කරනුයේ මෙබඳු වෛධව්‍ය දේෂ භංග කිරීමේ අදහස පෙරදැරි කරගෙනය.

එතෙක්‌ විවාහය සිදුකිරීමට නැකත් සෑදීමේදී වෛධව්‍ය දොaෂ භංග කරවිය හැකි ප්‍රබල යෝග සහිත නැකත් සාදවා ඒ අනුව විවාහය සිදු කිරීම මනාව උචිත වනු ඇත.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here