[ratings]
මනාල මනාලියන් විවාහ දිවියට සම්ප්‍රාප්ත වන්නේ හුදෙක් ලෞකික සැප සම්පත් විඳිමින් වාසනාවන්ත දරුවන් ලැබීමේ අටියෙනි. ප්‍රජාවගේ පැවැත්ම විවාහයයි. එහෙත් ධනය, බලය, දේපළ ඉඩකඩම් යාන වාහන අතින් කිසිදු අඩුවක් නැතත්, දරු ලාභ නැති යුවළ ඉතාමත් අවාසනාවත්තව මානසිකව දුක් විඳින බව නම් නොකියාම බැරිය. දරුවන් නොමැති සමහරක් විවාහකයන් පුද පූජා, බලි තොවිල්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදී කටයුතුවලද යෙදෙන වග නොරහසකි. වඳ ගැහැණු හෝ පිරිමි කවුරු ඔවුන් විවාහ දිවියට ඇතුළත්ව දරුවන් අපේක්ෂා කළොත් දරු උපත් ඇති නොවේ. ඒ පෙර කර්ම හා ග්‍රහ බල නිසා සිදුවන්නකි. ඇතැම්විට අඹු සැමි දෙදෙනාගෙන් එක් අයකු රෝගියකු වීමටද පුළුවන. එවන් රෝගී පවුල්වල අයටද දරුවන් අපේකෂා කිරීම උගහටය.
මේ අනුව ජෝතීර් විද්‍යාවට අනුව පොරොන්දම් පරීක්ෂාවට අමතරව, දෙදෙනාගේ ශරීර ශක්තිය, ලිsංගික ශක්තිය, පිළිබඳව ග්‍රහ පිහිටීම් කෙරෙහිද අවධානය යොමු කළ යුත්තේය.
කේන්ද්‍ර පරීක්ෂාවේදී 07 වැන්න විහේෂයෙන් විවාහ කටයුතුවලට බලපානු ලබයි. හත්වැන්න අධිපති ග්‍රහයා ලග්නගතව සිටීනම් හෝ ඔහු එකම ග්රහයෙකු නම් මේ භවයේදී මෙන් ඉහත ආත්මයේදීද විවාහක යුවළක් ලෙස සිටි බවට ඉඩකඩ වැඩී. එසේම ලග්නාධිපතියා සහ හත්වැන්න අධිපතියා (රවි, සඳු, කුජ, සිකුරු) රාශි මාරුකර ගෙන සිටියේ නම් එකී පිහිටීමද පූර්ව ජන්ම එකතුවට සාක්කි දරයි. සඳු හෝ සිකුරු හෝ 07 වැන්නේ සිටීමද සාර්ථක විවාහ ජීවිතයකට මං සලසන්නේය.
විවාහයට පත්වූ කාන්තාවන්ට දරු පළ අහිමිකරන ග්‍රහ පිහිටීම්ද තිබේ. හැම කතක්ම විවාහ දිවියට පත්වන්නේ දරුවන් ලබා මවක වීමේ අදහසිනි. එහෙත් විවාහ වී සිටින හැම කාන්තාවක්ම වන්ධ්‍යා භාවයට පත්නොවන්නේය. ඊට පුරුෂයාද වගකිය යුතු වෙයි. දරුඵල රහිත පුරුෂයන්ද එමට සිටිති.
ස්ත්‍රී කේන්ද්‍රයක සඳු, කුජ, සිකුරු ග්‍රහයන් නරක ස්ථානයක (නීච, සතුරු) දුර්වලව පීඩාවට ලක්ව සිටී නම් අදාළ සක්‍රීය ලිංගික ක්‍රියා කාරකම්වලට පසුබසී. එම නිසා දරුඵල අපේක්ෂා කළ නොහැකිය.
07 වැන්න අධිපතියා උච්චව හෝ ස්වක්ෂේත්රව සිටීම යහපත් විවාහයකට හේතුවක් වන්නේය. එසේම හත අධිපතියා තුළා රාශි ගතවීමෙන්ද එකී පවුල වාසනාවන්ත වෙයි.
දරුවන් ගැන කේන්ද්‍රයේ 05 වැන්න බලවත් වෙයි. 05 අධිපතියා උච්ච බලයෙන් සිටීම නිසා වාසනාවන්ත දරුවන් අපේක්ෂා කළ හැකිය. පුත්‍ර කාරක ගුරු බල රහිතව සිටී නම් දරුවන් රෝගී වන අතර ඔවුන්ගේ දියුණුවද අඩුකරයි. ගුරු උච්චව 05 වැන්නේ සිටීම ඉතා හොඳයි. ගුණ නැණ බලයෙන් යුතු දරුවන් ලබයි. එහෙත් ගුරු නීචව සිටිවිට දරුවන් අඩුවන අතර ඔවුන් මානව හිතවාදී නොවේ. දරු ගර්භයක් හටගන්නේ ලිංගික සේවනයේ යෙදෙන විට, රවි, සඳු, සිකුරු ස්වකීය නාමාංශක වල සිටිවිටය. ගුරු (බ්රහස්පතී) කේන්ද්‍රයේ 05, 09 හෝ ලග්නයේ සිටීමෙන්ද දරු පළ උදා කරයි.
බුධ ග්‍රහයා 05 හෝ 09 වූ කළ හා සෙසු ග්‍රහයෝ දුර්වල වූ විට ඉරට්ට දරුවන් ලබයි. අන්ධ දරුවන් උපදින්නේ ලග්නය සිංහ වී රවි සඳු සිටිවිට හා කුජ ශනිගේ දැක්මට හසු වීමෙන්ය.
දරුවන් පිළිසිඳ ගැනීම් සත්‍රියකගේ මාසේ ශුද්ධියෙන් 06, 08, 10, 12, 14, 16 යන ඉරට්ටේ දිනවලත්, 05, 07, 09, 11, 13, 15 යන ඔත්තේ දිනවලත් පුතුන් හා දූවරුන් පිළිසිඳ ගනු ලබයි. දරුවන් පිළිසිඳ ගැනීමේදී මාස් ශුද්ධියෙන් 04 වන දිනයේ පටන් උචිත දවස්වල බිරිඳ – ස්වාමි පුරුෂයා දෙදෙනාම දිවාකල නා, පිරිසිදු වී, රාත්රියේදී පුරුෂයා දකුණු පසින්ද සක්‍රීය වම් පසින්ද යහන් ගතවී එක්වීම සුදුසුය.
විවාහ ජීවිතයට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින අය බොහොමය. එහෙත් නියමිත කාලයට විවාහය සිදු නොවන නිසා ඔවුන් පසු තැවිලි වේ. විවාහය ප්‍රමාද කරන හේතුන් ලෙස හත්වැන්න අධිපතියා සඳු හෝ කුජ හෝ, බුධ හෝ සිකුරු හෝ වී නීච තත්ත්වයට පත්වීම සැලකිය හැකිය. එහෙත් මොවුන් හත අධිපතියා වී ශුභ නැකත උච්චබලයෙන් සිටි විට විවාහය ඉක්මන් වෙයි.s හත්වැන්න අධිපතියා කුජ ග්‍රහයා නොවී සිකුරු සමඟ කේන්ද්‍ර ගතව සිටීමද යහපත් විවාහයකට හේතුවක් වෙන්නේය. කුජ කේතු එකට සිටීමද විවාහය කල් යාමට හේතුවකි. හත අධිපතියා ලග්නයේ සිටීමද ඇතැම් විට විවාහය කල් යාමට හේතුවකි.
We found this article from Divaina on 2011/12/02.
Also Sinhala to English Google word to word translation can be found here