විවාහ පරීක්‍ෂාවේ වැදගත්කම

3066
විවාහ පරීක්‍ෂාවේ
විවාහ පරීක්‍ෂාවේ

[ratings]

යොවුන් වියට පත්වූවන්ගෙන් බහුතරයක්‌ විවාහ ජීවිතය ගැන දැනගැනීමේ රුචියෙන්a තමන්ගේ හඳහන් පරීක්‍ෂා කරවා ගැනීම සාමාන්‍ය සිsරිතකි. මේ සඳහා විශේෂයෙන් උනන්දු වන්නේ දෙමවුපියන්ය.
ජීවන ගමනේ දෙවැනි උප්පැත්තිය ලෙස සැලකෙන විවාහය තුළින් තවත් පරම්පරාවක්‌ සමාජයට දායාද වෙයි. නිසි වයසට (තරුණ වියට) පත්වන තරුණ තරුණියන්, කායික, මානසික තෘප්තියක්‌ ලබා ගුණගරුක සමාජයක්‌ බිහිකිරීම විවාහයේ පරමාර්ථය වන්නේය. තරුණ තරුණියන් දෙදෙනෙක්‌ එක්‌වීමේදී ඔවුන්ගේ ගැලපීම, අෙන්‍යාන්‍ය විශ්වාසය, යහපත් අයුරින් පවතීද, දෙදෙනාගේ අදහස්‌වල ඇති සම්බන්ධකම් ගැන ද කරුණු සොයාබැලීම ආදී කටයුතු කිරීමේදී පොරොන්දම් පරීක්‍ෂාව වැදගත් වෙයි.

විසි පොරොන්දම් ගැළපීමේදී දෙදෙනාගේ කේන්ද්‍රÊසටහන් අනුව පවත්නා ග්‍රහ බල සැලකිල්ලට භාජනය කළ යුතු වන්නේය. විසි පොරොන්දම් ගැන පමණක්‌ම පරීක්‍ෂා කර බලා නිගමන ගැනීමට වඩා දශ පොරොන්දමට ගැනෙන සඳු ග්‍රහයා මගින් වන නැකතකට අනුව ගණ, යෝනි, වෘක්‍ෂ, ලිංග, නාඩි, පක්‍ෂි, ගෝත්‍ර වර්ණ රඡ්ජු සහ භූත පොරොන්දම් ද අෂ්ට කූටය, භෞම දෝෂ, සුදර්ශන ක්‍රම මගින් ද පොරොන්දම් ගැළපීමේදී සැලකිලිමත් වීම වටී. කුජ දෝෂ සේම භෞම දෝෂ කෙරෙහි ද පරීක්‍ෂා කිරීම වැදගත් වේ. දෝෂ භංග වීම් දෙදෙනාගේ කේන්ද්‍රවල යෙදී ඇත්දැයි ද සෙවීම උචිතය. කාලසර්ප යෝග යෙදී ඇති කේන්ද්‍රවලදී (රාහුට සහ කේතුට මැදිව ග්‍රහයින් සිටීම) වුව ඉතාමත් සැලකිලිමත්ව පරීක්‍ෂණ කටයුතු කළ යුතු වන්නේය.

නැකත් පොරොන්දමින් සැප සම්පත් සේම ධනය, බලය, කීර්තිය, පවුලේ සමගිය ආදී දේගැන සොයා බැලෙයි. කුජ, ශනි, රාහු, කේතු වැනි ඥානයන් 07 වැන්නේ සිටීම විවාහයට අහිතකර බව ජ්‍යෙdතිෂයේ සඳහන් වෙයි. ශනි 07 වැන්නේ සිටීමෙන් ලෞකික කටයුතු පිළිබඳව සෙනසුරුගේ බලය හීන කරයි. ශනිට ප්‍රතිවිරුද්ධ බලවේගයක්‌ සහිත දෘෂ්ටි වැටීමද යහපත් නොවේ. 07 වැන්නේ කුජ සිටීමෙන් ද ගුණදායක තත්ත්වයක්‌ උදා නොවන්නේය. රාහු 07 වීමෙන් ද යහපත් විවාහයකට මං අහුරයි. රාහු සමඟ සඳු 07 වීම ද හොඳ නැත. යහපත් විවාහයකට භාදා ඇති කරවයි. සඳු 07 සිටීමෙන් කාමාධික වෙයි. රාහු සමඟ සඳු 07 වැන්නේ වීමෙන් රාගික බව තවත් වැඩි කරයි. චරිත ශුද්ධියට මෙය බලවත් හානියකි. හත අධිපතියා සහ පස්‌වැන්න අධිපතියා එකට සිටීමෙන් ඉක්‌මන් විවාහය ඇති කරයි. කුජ – සිකුරු එකට හතේ සිටීම ද විවාහය ඉක්‌මන් කරවයි.

යුග දිවියට පිවිසීමට අපේක්‍ෂා කරන දෙදෙනාගේ කේන්ද්‍ර සටහන්වල ග්‍රහ පිහිටීම් ද ග්‍රහ සංයෝග වීම් ද ත්‍රිකෝණ බලයෙන් හා දෘෂ්ටි බලයෙන් සිටීම නිසා ද අවධානය යොමුකළ යුතු වන්නේය. ග්‍රහ පොරොන්දම ගැන සලකා බැලීමේදී ස්‌ත්‍රියකගේ හඳහනේ ලග්න, චන්ද්‍ර, සිකුරුගෙන් 02,07,08 ස්‌ථානවල රවි, කුජ, ශනි, රාහු, කේතු වැනි පාප ග්‍රහයන් සිටීම යහපත් නොවේ.

ස්‌ත්‍රී දීර්ඝ පොරොන්දම ගැන සලකා බැලීමේදී ස්‌ත්‍රී උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත 01,02,03, 04,05,06,07,08,09 යන නැකතකට අසුවේ නම් පුරුෂයාට එම ස්‌ත්‍රිය කාම සම්භෝගයේදී සතුටට පත්කළ නොහැකි වන්නේය. ස්‌ත්‍රිය අසතුටට පත්වී විවාහ දිවිය ගැන කලකිරේ. එහෙත් ස්‌ත්‍රී උපන් නැකතේ සිට පුරුෂයාගේ නැකත 10,11,12,13 යන නැකතකට අසුවී නම් උපක්‍රමශීලීව කටයුතු කිරීමෙන් ස්‌ත්‍රිය සතුටු කළ හැකිය. ස්‌ත්‍රී උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත 14 සිට 27 දක්‌වා වූ නැකතකට වැටේ නම් ස්‌ත්‍රිය ඉක්‌මනින් සතුටට පත්කළ හැකි වෙයි.

විවාහ ජීවිතයේදී දරු සම්පත් ලැබීම සුවිශේෂී කරුණකි. මහේන්ද්‍ර පොරොන්දමින් හා වෘක්‍ෂ පොරොන්දමින් මේ ගැන නිශ්චය කළ හැකිය. විවාහයෙන් පසු දරු සම්පත්, සැප හා දීර්ඝායුෂ ලැබීමට ස්‌ත්‍රී උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත 04,07,10,13,16,19,22,25 වැනි නැකතක්‌ යෙදී ඇත්නම් ඉතා ශුභයි. වෘක්‍ෂ පොරොන්දමේදී පුරුෂයාට හර වෘක්‍ෂයක්‌ ද ස්‌ත්‍රියට කිරි වෘක්‍ෂයක්‌ ද හිමි වී නම් දරුඵල ඇති වේ. හර වෘක්‍ෂ ලෙස ගැනෙන්නේ, ගොඩක, නෙල්ලි, අත්තික්‌කා, මාදන්, කළුවර, කිහිරි, උණ, දිවුල්, බෙලි, කුඹුක්‌, සපු, මූනමල්, සමදරා, කොලොන්, කොහොඹයි. කිරි වෘක්‍ෂ වන්නේ බෝ, දොඹ, නුග, කාල, අලරි, වැටකේ, ඉඹුල්, හෝපළු, කොස්‌, වරා, මී අඹ, මීය. දෙදෙනාම කිරි වෘක්‍ෂ වීම ද ඉතා ශුභයි. දෙදෙනාම හර වෘක්‍ෂ වීමෙන් දරු ලාභ අපේක්‍ෂා කළ නොහැක.

මේ අනුව විවාහ පරීක්‍ෂාවේදී නැකත්, ගණ, යෝනි, වෘක්‍ෂ, ලිංග, නාඩි, පක්‍ෂි ආදී පොරොන්දම් විස්‌ස ගැනත් මීට ඉහතින් සඳහන් කළ කරුණු ගැනත් පරීක්‍ෂා කර බලා ජ්‍යෙdතිෂ උපදෙස්‌ මත විවාහ කටයුතු කර ගැනීම උචිත වන්නේය. විවාහයට ජාති භේද ආගම් භේද කුල භේද වත් පොහොසත්කම් බල නොපාන අවස්‌ථා කොතෙකුත් යෙදේ. ආලය ප්‍රේමය නිසා එවැනි බලපෑම් සිදුවේ. කොහොම නමුත් පොරොන්දම් ගැන නිශ්චිතව කටයුතු නොකර සැපවත් විවාහ ජීවිත ගතකරන අය ද සිටිති. එහෙත් විවාහයේදී ඉදිරියේ අසුබ තත්ත්වයක්‌ උදා නොවීමට පොරොන්දම් ගැන සැලකිලිමත්වීම වැදගත් වන්නේය.

We found this article from Divaina on 2012/03/16.
Also Sinhala to English Google word to word translation can be found here