විවාහ විය යුත්තේ ශුභ කාලයකය

2383
විවාහය
විවාහය

විවාහය සැලකෙන්නේ මිනිස්‌ ජීවිතයේ උත්තරීතර අවස්‌ථාව වශයෙනි. ඒ අවස්‌ථාව වාසනාවන්ත කරගත යුතු අතර, ඒ අවස්‌ථාව වාසනාවන්ත කර ගන්නට ඒ සඳහා සුදුසු කාලයක්‌ තෝරාගන්නට සැලකිලිමත් වීම වැදගත්ය.

හත අධිපතියා

විශේෂයෙන් විවාහය සඳහා සුදුසු කාලය තෝරන විට මනාලියගේ සහ මනාලයාගේ ජන්ම කේන්ද්‍රවල හත අධිපතියා ගෝචර ගමනින් අශුභ ස්‌ථානවල හැසිරෙන කාල තෝරා නොගත යුතුය. විවාහයේදී එක්‌ එක්‌ ලග්නවලට බලපාන හත්වැන්නාධි-පතියාගේ ගෝචර ගමන් රටාව විවාහ නැකත් සෑදීම සඳහා කෙසේ උපයෝගී කරගත යුතු දැයි පහත සඳහන් වේ.

මේෂ – මේෂ ලග්නයෙන් උපන් අයට දෙක සහ හත අධිපති සිකුරු ග්‍රහයා එක, තුන, හතර, පහ, හත,නවය, දහය යන රාශිවල ගෝචරයෙන් හැසිරෙන කාලවල විවාහ වීම ශුභයි.

වෘෂභ – වෘෂභ ලග්නයෙන් උපන් අය විවාහ විය යුත්තේ හත අධිපති කුජ ග්‍රහයා ගෝචරයෙන් තම උත්පත්ති කේන්ද්‍රයෙන් හතර, පහ, දහය, එකොළහ යන රාශියක ගමන් කරන කාලයේදීය. කුජ එක, දෙක, තුන, හය, හත, අට , නවය, දොළහ රාශියක ගෝචරයෙන් ගමන් කරන කාලවල වාෂභ ලග්න හිමියන් විවාහ වීම අසුබ ඵල ඇති කරයි.

මිථුන – මිථුන ලග්නයෙන් උපන් අය තම කේන්ද්‍රයේ හත අධිපති ගුරු ග්‍රහයා ගෝචරයෙන් ලග්නයෙන් හතර, පහ, නවය, දහය, එකොළහ යන රාශියක ගමන් කරන විට විවාහ වීම ඉතා ශුභයි. ගුරු ග්‍රහයා තුන, හය, අට, යන රාශිවල ගමන් කරන විට විවාහ වීම ඉතා අශුභයි.

කටක – කටක ලග්නයෙන් උපන් අය හත අධිපති ශනි ග්‍රහයා තුන, හතර, පහ, හය, හත, නවය යන ස්‌ථානවල ගෝචරයෙන් ගමන් කරන විට විවාහ වීම ශුභ දායකයි. ශනි එක, දෙක, අට, දහය, එකොළහ යන තැන්වල ගමන් කරන විට විවාහ වීම ඉතා අශුභයි.

සිංහ – සිංහල ලග්නයෙන් උපන් අය විවාහ විය යුත්තේ හත අධිපති සෙනසුරු ග්‍රහයා ගෝචරයෙන් තම කේන්ද්‍රයේ තුන, හතර, පහ, හය, හත, දහය යන රාශිවල ගමන් කරන කාලයේය. ශනි එක, දෙක, අට, නවය, එකොළහ, දොළහ යන ස්‌ථානවල ගමන් කරනවිට විවාහ වීම ඉතා අශුභය.

කන්‍යා – කන්‍යා ලග්නයෙන් උපන් අය විවාහ විය යුත්තේ හත අධිපති ගුරු ග්‍රහයා ගෝචර ගමනින් එක, හතර, නවය, දහය, එකොළහ යන රාශියක ගමන් කරන කාලයේදීය. ගුරු දෙක, තුන, පහ, හත, දොළහ යන ස්‌ථානවල හැසිරෙන කාලවල විවාහ වීම ඉතා අශුභය.

තුලා – තුලා ලග්නයෙන් උපන් අයට හත අධිපති කුජ ග්‍රහයා එක, තුන, හතර, පහ, නවය, දහය, එකොළහ යන ස්‌ථානවල හැසිරෙන කාලවල විවාහයට නැකත් ගැනීම ශුභය. කුජ ග්‍රහයා දෙක, හය, හත, අට, දොළහ යන තැන්වල ගමන් කරන විට විවාහ වීම ඉතා අශුභය.

වෘශ්aaචික – වෘශ්චික ලග්නයට හත අධිපතියා වන්නේ සිකුරු ග්‍රහයා ය. එම සිකුරු එක, තුන, හතර, පහ, හත, දහය, එකොළහ යන ස්‌ථානවල හැසිරෙන කාලවල වෘශ්චික ලග්න හිමියන් විවාහ වීම ඉතා ශුභය. සිකුරු දෙක, හය, අට, නවය, දොළහ යන ස්‌ථානවල හැසිරෙන විට වෘශ්චික ලග්න ලග්න හිමියන් විවාහ වීම ඉතා අශුභය.

ධනු – ධනු ලග්නයෙන් උපන් අයට හත අධිපති ග්‍රහයා ගෝචර ගමනින් පහ, නවය, දහය, එකොළහ යන රාශිවල ගමන් කරන විට විවාහවීම ඉතා ශුභය. බුධ ග්‍රහයා එක, දෙක, තුන, හතර, හය, හත, අට, දොළහ යන තැනක ගමන් කරනවිට විවාහ වීම ඉතා අශුභය.

මකර – මකර ලග්නයෙන් උපන් අයට හත අධිපති සඳු ග්‍රහයා ගෝචරයෙන් එක, තුන, හතර, පහ, හත, නවය, දහය යන ස්‌ථානයක ගමන් කරන විට විවාහවීම ඉතා අශුභය. සඳු ග්‍රහයා දෙක, හය, අට, එකොළහ, දොළහ යන ස්‌ථානයක ගමන් කරනවිට විවාහ වීම ඉතා ශුභය.

කුම්භ – කුම්භ ලග්නයෙන් උපන් අය හත අධිපති රවි ග්‍රහයා තුන, හතර, හත, දහය, එකොළහ යන ස්‌ථානවල ගමන් කරන විට විවාහ වීම ඉතා ශුභය. රවි ග්‍රහයා එක, දෙක, පහ, හය, අට, නවය දොළහ යන ස්‌ථානවල ගමන් කරන විට විවාහ වීම අශුභය.

මීන – මීන ලග්නයෙන් උපන් අයට හත අධිපති බුධ ග්‍රහයා තුන, පහ, දහය, එකොළහ යන ස්‌ථානයක ගමන් කරන විට විවාහ වීම ඉතා ශුභය. බුධ ග්‍රහයා එක, දෙක, හතර, හය, හත, අට, නවය දොළහ යන රාශිවල ගමන් කරන විට විවාහ වීම අශුභය.

චර – තිර- උභය – රාශි

චර රාශි වශයෙන් සැලකෙන මේෂ – කටක – තුලා – මකර යන රාශියක්‌ ලග්නය වූ විට උත්පත්ති කේන්ද්‍රයේ හත අධිපතියා එකොළාස්‌ වැන්නේ ගමන් කරන වට විවාහ වීම ඉතා අශුභය.

තිර රාශි වශයෙන් සැලකෙන වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශියක්‌ ලග්නය වූ විට හත අධිපතියා නව වැන්නේ ගමන් කරන විට විවාහ වීම අශුභය.

උභය රාශි වශයෙන් සැලකෙන මිථුන, කන්‍යා, ධනු, මීන රාශියක්‌ ලග්නය වූ විට හත අධිපතියා හත් වැන්නේ ගමන් කරන විට විවාහවීම ඉතා අශුභය.

විවාහය සිදුවීමට

දෙදෙනකු අතර විවාහය සිදුවීමට නම් එක්‌ කෙනෙකුගේ කේන්ද්‍රයේ පාලක ග්‍රහයන් අනෙකාගේ දෙක. හත, එකොළහ යන භාව නිවේදනය කරන ග්‍රහයන් බවට පත් විය යුතු බව ක්‍රි. මූ. පද්ධතියේ සඳහන් වේ. දෙදෙනකු අතර ගැලපීම බලන හොඳම ක්‍රමයද එයයි.

භාව නිවේදකයන් වශයෙන් සැලකෙන්නේ –

1. දෙක, හත, එකොළහ යන භාවවල තැන්පත් හා අධිපති ග්‍රහයන්

2. එම ග්‍රහයන් ගමන් කළ නැකත් අධිපති ග්‍රහයන්.

3. දෙක, හත, එකොළහ භාවස්‌ථූපවල නැකත්පතියන්.

4. දෙක, හත, එකොළහ යන භාව දෘෂ්ඨියෙන් දකින ග්‍රහයන්

5. මෙම ග්‍රහයන් සමග සංයෝග වූ ග්‍රහයන් යන මේ ග්‍රහයන්ය.

මේ න්‍යාය අනුව විවාහ සිදුවන්නේ එක කේන්ද්‍රයක පාලක ග්‍රහයන් අනෙකාගේ දෙක, හත, එකොළහ යන භාව නිවේදනය කළහොත් පමණකි. මේ අනුව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හෝ සෙත් කවි කියවීමෙන් හෝ විවාහයක්‌ සිදු කළ ද ඒවා සාර්ථක නොවන බව නිගමනය කිරීම සාධාරණය.

We found this article from Divaina on 2013/03/29.
Also Sinhala to English Google word to word translation can be found here