විවාහ වීමට පෙර පොරොන්දම් පරීක්‍ෂාව

4717
පොරොන්දම්
පොරොන්දම්

වර්තමානයේ බොහොමයක්‌ තරුණ තරුණියන් විවාහය සිදුකර ගන්නා විට කේන්ද්‍ර සටහන් අනුව පොරොන්දම් ගැළපීම ගැන එතරම් සැලකිලිමත් බවක්‌ නොදක්‌වන වග පෙනේ. හුදෙක්‌ ඒ ආදර සම්බන්ධතා මත ඔවුන් තුළ දැඩි විශ්වාසයක්‌ පවතින නිසා ය. එහෙත් ඇතැම් දෙමාපියන් විවාහ ගිවිස ගැනීමට පෙර තම දරුවන්ගේ (දියණිය – පුතා) කේන්ද්‍ර සටහන් නැකත්කරුවකු ලවා පරීක්‍ෂාකර බලා සුදුසු තීරණ ගන්නා වග ද පැහැදිලිය.

පොරොන්දම් පරීක්‍ෂාවෙන් පමණක්‌ යුග දිවිය පිළිබඳ හරි තීන්දුවක්‌ ගත නොහැකිය. ඇතැම් විවාහක පවුල් පොරොන්දම් පරීක්‍ෂාවෙන් තොරව තම යුග දිවිය සතුටින් ගත කරන වග ද කිව යුතු නැත. පොරොන්දම් පරීක්‍ෂාවේදී පොරොන්දම් 20 ක්‌ ගැන පරීක්‍ෂා කෙරේ. මේ අනුව විසි (20) පොරොන්දම් වලින් මුලින්ම කියෑවෙන්නේ නක්‍ෂත්‍ර (නැකත්) පොරොන්දම ගැනයි.

දැනට භාවිතයේ පවතින නැකැත් තාරකා (27) විසිහත කොටස්‌ 09 කට බෙදෙයි. ජන්ම, සම්පත්, විපත්, ක්‍ෂේම, ප්‍රත්‍යාරී සාධක, වද, මෛත්‍රී, පරම මෛත්‍රී, ඒ වෙයි. මෙහිදී ස්‌ත්‍රී උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත 02, 04, 06, 08, 09, 11, 13, 15, 17, 18, 20, 22, 24, 26, 27 වැනි නැකතකට වැටේ නම් නැකත් පොරොන්දම ශුභයි. පුරුෂයාගේ උපන් නැකතේ සිට 01, 03, 05, 07, 10, 12, 14, 16, 19, 21, 23, 25 යන නැකැත්වලට ස්‌ත්‍රියගේ උපන් නැකත අයත් වුවහොත් එය අශුභදායකයි. එසේම පුරුෂයා උපන් නැකතේ සිට ස්‌ත්‍රී උපන් නැකත ද 02, 04, 06, 08, ආදී වශයෙන් යෙදුණොත් එය ද ශුභයි. මෙහිදී දෙන්නාගේ පොරොන්දම් පරීක්‍ෂාවේදී ස්‌ත්‍රියගේ සිට පුරුෂයාටත්, පුරුෂයාගේ සිට ස්‌ත්‍රියටත් ගණින විට සම්පත්, ක්‍ෂේම, සාධක, මෛත්‍රී යන හතරට ඇතුළත් වී තිබේ නම් එකී දෙන්නාගේ යුග දිවිය ඉතාමත් වාසනාවන්ත වෙයි.

ගණ පොරොන්දම් පරීක්‍ෂාවේදී දෙදෙනාටම එකම ගණය අයත් වී නම් ඉතා ශුභයි. දේව මනුෂ්‍ය ගණ දෙකක්‌ දෙදෙනාට හිමි වූ විට මධ්‍යමයි. එහෙත් දේව, රාක්‍ෂ, ගණ දෙකක්‌ වූයේ නම් ශූභදායකය නැත. මනුෂ්‍ය – රාක්‍ෂ ගණ දෙකක්‌ වූ විට ඉතාමත් අශුභයි. එසේම ස්‌ත්‍රී රාක්‌ෂ සහ පුරුෂයා මනුෂ්‍ය ගණයේ වූ විට මාරක තරම් අගුණ වන අතර ධනයෙන් විනාශය ද සිදු වෙයි. උපන් නැකත අනුව ගණ යෙදෙන්නේ මෙසේය.

නැකත ගණ

1 අස්‌විද – දේව

2 බෙරණ – මනුෂ්‍ය

3 කැති – රාක්‍ෂ

4 රෙහෙන – මනුෂ්‍ය

5 මුවසිරසි – දේව

6 අද – මනුෂ්‍ය

7 පුනාවස – දේව

8 පුෂ – දේව

9 අස්‌ලිය – රාක්‍ෂ

10 මා – රාක්‍ෂ

11 පුවපල් – මනුෂ්‍ය

12 උත්‍රපල් – මනුෂ්‍ය

13 හත – දේව

14 සිත – රාක්‍ෂ

15 සා – දේව

16 විසා – රාක්‍ෂ

17 අනුර – දේව

18 දෙට – රාක්‍ෂ

19 මුල – රාක්‍ෂ

20 පුවසල – මනුෂ්‍ය

21 උත්‍රසල – මනුෂ්‍ය

22 සුවණ – දේව

23 දෙනට – රාක්‍ෂ

24 සියාවස- රාක්‍ෂ

25 පුවපුටුප- මනුෂ්‍ය

26 උත්‍රපුටුප – මනුෂ්‍ය

27 රේවතී – දේව

ඉහත අයුරින් ඔබේ නැකත (උපන්) ගණ පොරොන්දම ගැන තමාටම විනිශ්චයක්‌ ලබා ගත හැකිය.

විවාහයෙන් පසු දරු සම්පත් හා වැඩි ආයුෂ ලැබීමට හේතුවක්‌ වන්නේ මහේන්ද්‍ර පොරොන්දම නිසි ලෙස ගැළපුනහොත්ය. කලින් සඳහන් කළ නැකත් 27 ට අනුව ස්‌ත්‍රී උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත 04 – 07, 10 – 13, 16, 19 – 22, 25 වැනි නැකතකට වැටේ නම් ඉතා යහපත්ය. වෙනත් නැකතක්‌ වීම අශුභයි.

ස්‌ත්‍රී දීර්ඝ පොරොන්දමින් පරීක්‍ෂා කෙරෙන්නේ සාමය, සතුට සේම කාම සේවනය ගැනයි. මෙහිදී ස්‌ත්‍රී උපන් නැකතේ සිට පුරුෂ උපන් නැකත 13 කින් එහා නම් ශුභයි. එහෙත් ස්‌තීS්‍ර උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත 10, 11, 12, 13 යන එකකට වැටුණහොත් උපක්‍රමයෙන් ස්‌ත්‍රීන් පොළඹවා ගත හැකිය. ස්‌ත්‍රීගේ නැකත පටන් පළමු 09 ට ගැනෙන කොටසට අයත් වී නම් දෙදෙනා අතර අඬදඹර, සණ්‌ඩු සරුවල් ඇති වෙයි. ස්‌ත්‍රී උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත 14 සිට 27 දක්‌වා වැටේ නම් ඉතාමත් ශුභයි. දෙදෙනාට පවුල් ජීවිතය යහතින් ගත කළ හැකිය.

යෝනි පොරොන්දම පරීක්‍ෂාවේදී එකම වර්ගයට අයත් සතෙකුගේ පුරුෂ යෝනි පුරුෂයන්ටත් ස්‌ත්‍රී යෝනි ස්‌ත්‍රීන්ටත් අයත් වීම ඉතා ශුභයි. නැකත් 27 ට යෙදෙන යෝනි කලින් සඳහන් පිළිවෙළට අනුව අස්‌විද නැකතේ සිට අශ්ව, ඇත්, එළදෙන, සර්ප, සැපිනි, සුනඛ, බළල්, එළු, බැළලි, මූෂික, මූෂිකදෙන, ගවදෙන, මීදෙන, ව්‍යාඝ්‍ර, මීගොන්, ව්‍යාඝ්‍ර දෙන, මුවදෙන, මුවා, සුන, වැඳිරි, මුගටිදෙන, වඳුරා, සිංහ දෙන, වෙළඹ, සිංහයා, ගොන්, ඇතිනි යන සතුන්ගේ යෝනි වලදී මහා වෛර යෝනි වන්නේ අශ්ව, මීගම, ඇත් සහ සිංහ, එළු සහ වඳුරු, සර්ප සහ මුගටි, සුනඛ සහ මුව, බළල් සහ මූසික (මීයා) ගව සහ ව්‍යාඝ්‍ර යන ඒවාය. මෙම යෝනි 02 ක්‌ ස්‌ත්‍රී පුරුෂයාට හිමි වූ විට එය ඉතා අශුභයි.

ඉහතින් දැක්‌වූයේ පොරොන්දම් තුනක්‌ ගැන පමණයි. තවත් පොරොන්දම් 17 ක්‌ පමණ තිබේ. ඒවා නම් වශයෙන් මහේaJද්‍ර, රාශි, ලග්න, චන්ද්‍ර රාශ්‍යාධිපති, රඡ්, වශ්‍ය, වේද, වෘක්‍ෂ, ආයුෂ, පංච පක්‍ෂි, පංච භූත, ගෝත්‍ර, වර්ණ ලිංග, දින නාඩි, ග්‍රහ ආදී වශයෙනි.

නැකත් ගළපාලීමේදී පවුල් දෙකක වැඩිමහල් දරුවන් (ස්‌ත්‍රී පුරුෂ) දෙන්නා යුග දිවියට පාත්‍ර වීම නුසුදුසු බව කියෑවෙයි. එකම පවුලේ සහෝදර සහෝදරියකගේ දූ පුතුන් විවාහයට එළඹීම ද යෝග්‍ය නොවේ.

කේන්ද්‍ර 02 ක පොරොන්දම් ගැළපීමේදී පරීක්‍ෂා වන්නේ විවාහයෙන් පසු දෙදෙනාගේ ඉදිරි අනාගතය සාර්ථකව ගෙන යා හැකිද? යන්නයි. කලින්ම අශුභ යමක්‌ වන්නට පෙර සිතා බලා සැලකිලිමත් වීමක්‌ මින් ගම්‍ය වෙයි.

We found this article from Divaina on 2013/04/26.
Also Sinhala to English Google word to word translation can be found here