විවාහ ස්‌ථානය වන හත්වෙනි භාවයේ ග්‍රහයින් සිටින විට…

0
409
විවාහ ස්‌ථානය
විවාහ ස්‌ථානය

[ratings]

ජන්මියකු සතු වේලපත්කඩයක 7 වැනි භාවය සහ 7 අධිපති ග්‍රහයාද 7 වැන්නේ සිටින ග්‍රහයින්ද 7 වැන්නට දෘෂ්ටි හෙළන ග්‍රහයින් 7 අධිපති ග්‍රහයින්ගේ උච්ච නීච ආදී ග්‍රහ බලයන් සැලකිල්ලට ගනිමින් ප්‍රධාන වශයෙන් කලත්‍ර ස්‌ථානය හෙවත් සහකරු සහකාරිය පිළිබඳ තොරතුරක්‌ ගත කරන්නට ලැබෙන විවාහ ජීවිතය පිළිබඳ තොරතුරක්‌ අනාවරණය කරගත හැකි වීම 7 වැනි භාවයේ ඇති විශේෂ ලක්‍ෂණ වේ.

ස්‌ත්‍රියක හා පුරුෂයකු අතර සිදුවන විවාහයක වැදගත් තොරතුරු කොතෙක්‌ දුරකට මෙකී භාවයෙන් පැවසීමට හැකිද යත් පුරුෂයකුට සහකාරිය හෝ ස්‌ත්‍රියකට සහකරු හඳුනා ගැනීමට ලැබෙන්නේ කුමන දිශාවෙන්ද යන්න පවා මෙමගින් ප්‍රකාශ කිරීමේ හැකියාව පවතී.

විවාහයක්‌ මගින් අඹු සැමියන් ලෙස එක්‌වන දෙදෙනකුගේ ජීවිතය සියලු සැප සම්පතින් පිරි උසස්‌ අයුරින් ගෙවිය හැකි එකක්‌ද දුක්‌ කම්කටොලු බාධක මැද දුක්‌තව ගෙවීමට සිදුවන්නක්‌ද යන්නත් අතිනත ගැනීමට සිදුවන ස්‌ත්‍රියගේ හා පුරුෂයාගේ හැඩරුව පිළිබඳ බොහෝ කරුණුද ඉතා විස්‌තරාත්මකව කියවෙන භාවයද 7 වෙනි භාවයයි.

තවද කෙනෙකුගේ ශරීරය ස්‌ථාන වශයෙන් ගත් කළ පෙකනියෙන් පහළ ලිංගික හා වස්‌තිය යන ප්‍රදේශත් උකුල හා මුත්‍රාශය යන ප්‍රදේශයත් පිළිබඳවත් බොහෝ කරුණු කාරණා අනාවරණය කරගත හැකි 7 වැනි භාවයේ ග්‍රහයින් පිහිටන ආකාරය අනුව අදාළ ජන්මීන්ගේ වගතුග මෙලෙස දැක්‌විය හැකිවේ.

රවි 7 වැනි භාවයේ සිටින විට

විවාහය ප්‍රමාද වීමට හේතු ඇතිවේ. සහකරු හෝ සහකාරිය නොනැමෙන තද ගති ඇති අයෙක්‌ වේ. ගෙවන්නට සිදුවන විවාහ ජීවිතය බොහෝදුරට අසහනකාරී එකක්‌ වේ. සහකරුට හෝ සහකාරියට උසස්‌ රැකියා ලාබ හිමිවේ. නිතර නිතර මුත්‍රා රෝගවලට මුහුණ පෑමට සිදුවේ.

සඳු 7 වැනි භාවයේ සිටින විට

ප්‍රීතිමත් විවාහයකට හිමිකම් කීමේ වාසනා ගුණය පිහිටයි. තරුණ අවදියෙහිම විවාහ දිවියට ඇතුළත් වේ. අතිනත ගැනීමට ලැබෙන සහකරු සහකාරිය ඉතාමත් හොඳ ගුණ ගරුක අයෙක්‌ වේ. ප්‍රියමනාප රූ සපුවකට හිමිකම් කියන ඔහු හෝ ඇය සමග ගෙවන විවාහ දිවිය අතිසාර්ථක එකක්‌ වන්නේය.

කුජ 7 වැනි භාවයේ සිටින විට

නොසිතූ ආකරයෙන් ඉක්‌මන් විවාහයකට මග පෑදේ. ආරක්‍ෂක අංශයේ හෝ ව්‍යාපාරික අංශයේ සහකරුවකු හෝ සහකාරියක ලැබීමට බොහෝ ඉඩ කඩ ඇත. මධ්‍යම ප්‍රමාණයෙ ශරීරයකට හිමිකම් කියන අතර කේන්ති ගති හා නුරුස්‌සන ගති නිතර ඇතිවේ. ශල්‍යකර්මවලට භාජන වීමට ඉඩ ඇත.

ගුරු 7 වැනි භාවයේ සිටින විට

විවාහ වීමට ලැබෙන සහකරු සහකාරිය ඉතා යහපත් ගුණ ගරුක අයෙක්‌ වීම තුළ ප්‍රීතිමත් සාර්ථක විවාහ ජීවිතයකට හිමිකම් කීමේ වාසනාව ඇත. බොහෝවිට විවාහය ප්‍රමාද වීමට හේතුවන අතර විවාහයෙන් පසු ගේ දොර ඉඩකඩම් ලාභ ලැබීමේ වාසනාව ඇත.

සිකුරු 7 වැනි භාවයේ සිටින විට

කලා අංශයට නැඹුරු අයෙක්‌ වේ. විවාහය සඳහා ප්‍රියමනාප අයෙක්‌ ලැබීමේ වාසනාව ඇත. විවාහයෙන් පසුව ධනය, ගේදොර යාන වාහන ඇතුළු සියලු සැප සම්පත් ලැබීමේ භාග්‍ය මොවුනට ඇත. බොහෝ කාන්තාවන්ට ගර්භාෂය ආශ්‍රීත රෝග ඇතිවේ.

බුධ 7 වැනි භාවයේ සිටින විට

ගුවන් විදුලි, රූපවාහිනි, පුවත්පත් ආදී ජනමාධ්‍ය අංශවල රැකියා සුබ ඵල උදාකරයි. හැම විටම උසස්‌ රැකියාවකට හිමිකම් කියන බුද්ධිමත් අයෙකි. හුරුබුහුටි අයෙක්‌ සමග විවාහය සිදුවන අතර ස්‌නායු රෝගවලට ගොදුරුවිය හැකිය.

ශනි 7 වැනි භාවයේ සිටින විට

තරමක්‌ කල් පසුවී සිදුවන විවාහය කරදර බාධක මැද ඉදිරියට ගෙන යැමට සිදුවේ. දරු ඵල හීන වේ. 7 ට දිග් බලව ශනි සිටින විට විවාහය යහපත් කරයි.

රාහු 7 වැනි භාවයේ සිටින විට

තරමක්‌ දිගැටි සිරුරක්‌ හිමි අයකු සමග විවාහ වීමට ඉඩකඩ සැලසේ. ලාබාල අවධියේම පෙම් සබඳතා ගොඩනැගෙන අතර විවාහය ගැටලු සහගත වේ.

කේතු 7 වැනි භාවයේ සිටින විට

ස්‌නායු ගත රෝගාබාධවලට ලක්‌විය හැකිය. කෙට්‌ටු ශරීරයකින් හෙබි සහකරුවකු හෝ සහකාරියක සමග විවාහය සිදුවේ. විවාහ දිවිය අවුල් වියවුල් සහගත නීරස එකක්‌ වේ.

We found this article from Divaina on 2012/03/09.
Also Sinhala to English Google word to word translation can be found here

Please follow and like us:

Leave a Reply

avatar
2000
  Subscribe  
Notify of