සඳු ඇති කරන රෝග

2777
සඳු
සඳු

ජ්‍යෙdතිෂයේදී පුරපස සඳු ශුභ ග්‍රහයකු වශයෙන් සැලකේ. අවපස සඳු සැලකෙන්නේ අශුභ ලෙසයි. සඳු සීතල පාලනය කරයි. ආපෝ ගුණයෙන්ද අධිකය. සඳු පීඩා වූ විට සෙම් ප්‍රතිශ්‍යාව, සෙම් කෝප, උගුරේ අමාරු, නියුමෝනියාව, ක්‍ෂය රෝගය, ඇදුම, අණ්‌ඩවාත, අංශභාග රෝගය, මීමැස්‌මොර, ක්‌ලාන්ත ගතිය පහසුවෙන් හට ගනී.

සඳු ලග්නයේ

සඳු ස්‌නායු පද්ධතියටද බලපෑම් එල්ල කරන බැවින් ලග්න ගත සඳු මොළයේ සිවිය ඉදිමීම් ඇති කරමින් මොළයේ අමාරු ඇති කරයි. ඇස්‌ පෙනීම් දුර්වලතාද ඇතිවේ. පීනස්‌ රෝගයෙන් ද පීඩා විඳී. සඳු දූෂිතව ලග්නයේ සිටි විට රුධිර ධාවනයේ පීඩා ඇති කරයි.

සඳු දෙවැන්නේ

සිංහ රාශිය දෙවැන්න වී සඳු දෙවැන්නේ දුර්වල වූ විට බඩවැල්වල රෝගවලින් ජන්මියාට පීඩා ගෙන දෙයි.

සඳු තුන්වැන්නේ

සඳු තුන්වැන්නේ දුබල වූ විට ළය පීනස ඇඳුම වැනි රෝග තත්ත්ව හා මානසික අසහනතා ඇති වේ.

සඳු සතර වැන්නේ

සඳු සතර වැන්නේ දුබල වූ විට හෘදයේ දුර්වලතා හා ලේ ධාවනයේ දෝෂ හටගනී. එසේම පපුවේ සෙම් රෝග හා ඉරුවාරදය වැනි අසනීප තත්ත්ව බලපායි.

සඳු පස්‌වැන්නේ

පස්‌වැන්න කටකය වී සඳු දුර්වල වූ විට හිසේ අමාරු පපුවේ අමාරු හා බඩේ දෝෂ ඇති වේ. ආහාර දිරවීම අඩුය.

සඳු සයවැන්නේ

සඳු දුබලව පාප පීඩිතව සයවැන්නේ සිටි විට උදරාබාධ කෑම අරුචිය, මන්දාග්නිය, ක්‍රමයෙන් ශරීරය දුර්වලවීම ඇතිවේ. එසේම ආමාශගත සෙම වැඩිවී රෝග හට ගනී. සඳු හිමි කටකය සය වැන්න වී සඳු දුර්වලව සය වැන්නේ සිටියහොත් පෙණහැල්ලේ ජලය පිරේ. එසේම හන්දි ඉදිමෙන්නට පටන් ගනියි. සෙම් ප්‍රතිශ්‍යාව නිතර ඇතිවේ.ආම රෝග මෙන්ම නිව්මෝනියාවද පීඩා ඇති කරයි. සඳු දුබලව සය වැන්නේ සිටිමින් ශනි රෝ රාහු ගෙන් පීඩා වූ විට කුෂ්ට රෝග වැළඳේ.

සඳු සත්වැන්නේ

සඳු දුබලව සත්වැන්නේ සිටිවිට එම සත්වැන්න කුම්භ රාශිය වූ විට රහස්‌ ස්‌ථාන පීඩාවට පත්වේ.

සඳු අට වැන්නේ

සඳු අටවැන්නේ පාප පීඩිතව දුර්වලව සිටි විට නිතර නිතරම සෙම් කෝප ඇති කරයි. නිතර සිත අවුල් වන තත්ත්වයකට පත්වේ. එමෙන්ම ලිංගික දුර්වලතා, මුත්‍රා අමාරු වැළඳෙයි.

ශුල රෝගය

සඳු ශුභ දෘෂ්ටි රහිතව අටවැන්නේ සිටියදී කටකයේ සිටින කුජ විසින් සඳුට අසුබ දෘෂ්ටි හෙළීමෙන් ශුල රෝගය හටගනියි.

මරණය

සඳු දුර්වලව අටවැන්නේ සිටි විට එම ජන්මියා රෝගියකු බවට පත්වී ආරෝග්‍යශාලාවකදී මරණයට පත්වෙයි. එසේම දියේ ගිලීම්ද ඇති කරයි.ජලයෙන් පීඩා ගෙනදේ.

සඳු නව වැන්නේ

සඳු පීඩිතව ලග්නය හෝ සිංහය වී නවවැන්නේ සිටි විට කණ්‌ඩමාලය නමැති රෝගය වැළඳේ.

සඳු දසවැන්නේ

සඳු දසවැන්නේ පීඩිතව සිටිවිට වැරැදි හැසිරීම් හේතුවෙන් රෝගාබාධ ඇතිකර ගනී. එපමණක්‌ නොව ඒ හේතුවෙන් නින්දා අපහාසවලට ගොදුරුව මානසික රෝගවලට මුහුණපායි.

සඳු එකොළොස්‌ වැන්නේ

සඳු එකොළොස්‌ වැන්නේ දුර්වලවූ විට නිතර කනේ රෝග ඇතිවේ.

සඳු දොළොස්‌වැන්නේ

සඳු දොළාස්‌වැන්නේ පාප පීඩිත වී දුර්වල වූ විට අනාචාරයේ හැසිරි රෝග සාදා ගනී. ඇස්‌ පෙනීම ඉක්‌මණින් දුර්වලවේ.

සඳු රවි කුජ

සඳු රවි හෝ කුජ සමග සංයෝග වූ විට ශරීරයේ තෙත් ගතිය උණුසුම්වී සෙම කිපී රෝග හට ගනියි. එසේම සඳු රවි කුජ සංයෝගය පීනස ඇති කරයි.

කාන්තා රෝග

සඳු පාප දෘෂ්ටි සහිතව හය අට දොළහේ කේන්දරයේ සිටි විට නිතැතින්ම කාන්තා රෝගවලට ගොදුරුවේ.

සඳු සිංහ

සඳු සිංහයේ දුබලව සිටින අවස්‌ථාවක උපතක්‌ සිදු වූ විට අධික වස්‌තු තණ්‌හාව නිසා එම සත්වයා රෝගියකු බවට පත්වෙයි. මානසික රෝගියකු වෙයි.

ගුල්ම රෝගය

සඳු පාප ග්‍රහයන්ට මැදිව පීඩා වූ විට ගුල්ම රෝගය හටගනී.

සඳු සිකුරු

සඳු සිකුරු සංයෝගය අශුභ වූ විට එම තැනැත්තා සමාජ රෝගවලට ගොදුරු වන්නෙකි. එමෙන්ම මෙම ග්‍රහ සංයෝග කෑම දිරවීමේ ශක්‌තිය දුර්වල කර ඇඟ දිරාපත් කරවීමට ද සමත් වනු ඇත. සෙම් ගෙඩි, බෙල්ල මහත්වීම වැනි රෝග තත්ත්වද ඇතිවේ.

චන්ද්‍ර කුජ

සඳු කුජ සංයෝග අශුභ වූ විට ස්‌ත්‍රීන් නිසා ශරීර ශක්‌තියහානි කර ගනියි. අකාලයේ රෝගී වෙයි. සෙම වියළීම ඇතිවේ.

සඳු බුධ

සඳු බුධ සංයෝග දුර්වල වූ විට ස්‌ත්‍රීන් සහ සුරාව නිසා විනාශයට පත්වී රෝග සාදා ගනියි. ස්‌නායු දුර්වලතා ඇති කරයි. ආහාර දිරවීමේ ශක්‌තිය අඩුයි.

සඳු ශනි

සඳු ශනි සංයෝග දුර්වල වූ විට සෙම් රෝග පෙණහලු රෝග ඇදුම අංශභාගය වැළඳෙයි. සිත තදින් දූෂිත වෙයි.

සඳු – රාහු

සඳු රාහු සංයෝගය දුර්වල වූ විට හිසේ අමාරු, ශරිරය ඉදිමීම, අත්පා රුදාව, අත්පා හිරිවැටීම ඇතිවේ. එසේම මෙම ග්‍රහ සංයෝග දුර්වලව අටවැන්නේ පිහිටි විට අපස්‌මාර රෝගියකු බිහිවෙයි.

සඳු – කේතු

සඳු කේතු සංයෝග දුර්වලවූ විට නිව්මෝනියාව, ප්ලූරසි, ක්‍ෂය රෝගය වැනි රෝග තත්ත්ව වැළඳේ.

පාප සඳු

සඳු දුර්වලවූ විට අණ්‌ඩ කෝෂයේ වේදනා හට ගන්නා අතර වාත වේදනා සහ බඩේ කැක්‌කුම් නිතර ඇතිවේ.

අමනුෂ්‍ය දෝෂ

ලෙඩ රෝග පිළිබඳව විමසූ විට තත්කාල කේන්ද්‍රයේ හත්වැන්නේ සඳු පාප පීඩිතව සිටියහොත් සූනියම් යකුගේ ලෙඩ හටගෙන ඇති බව කියෑවේ.

We found this article from Divaina on 2012/11/30.
Also Sinhala to English Google word to word translation can be found here