සර්වාරක්‍ෂාව සඳහා ජලනන්දන පිරිත

3458
සර්වාරක්‍ෂාව
සර්වාරක්‍ෂාව

නමාමි ජින සත්ථාරං – අට්‌ඨ වීසති නායකං

තිරස පාරමී පූරෙන්තං – බෝධි මූලේ නිසීදනං

පංච මාර විධං සෙත්වා – බෝධි මූලේ නසීදනං

සච්චභාව සකාසෙන්තෝ – ජලනන්දන නාමකං

දේව දේවති සම්බුද්ධං – ආනුභාව මහප්ඵලං

අනන්ත ජින නාමේන – සබ්බ බන්ධන ඡේදනං

ගෝතමෝ සක්‍ය පුත්තේසි – ජලනන්දන සෝභනං

දේසිකං ධම්මානුභාවේන – සබ්බ බන්ධන ඡේදනං

සාරිපුත්තෝච ආනන්ද – මොග්ගල්ලෝනෝච සීවලී

සාවකත්තං මුනිං පත්තා – ආරිය සංඝ මලංයසං

තස්‌සාභවං සබ්බත්ථ – ජලනන්දන ඡේදනං

සබ්බ වින විනස්‌සන්තු – සිද්ධි භාග්‍ය කරං හිතං

සබ්බුපද්දව රෝගානී – යක්‌ඛ භූත භයානපි

විනස්‌සත්තු විසේසේන – සදා සිද්ධි භවන්තු මේ

* නිධන්ගත තඹ පත්ඉරුවකින් උපුටාගන්නා ලද මෙම බලගතු ජලනන්දන පිරිත අපගේ යහපත් බලාපොරොත්තු ඉටුකර ගැනීම සඳහා සඡ්Cධායනා කිරීමේදී ගාථා පෙළෙහි අවසාන පදයේ අත්තිව අක්‍ෂරය වන “මේ” එලෙසම ගායනා කරන්න. අනුනට කියන විට එම අක්‍ෂරය “තේ” යනුවෙන් යොදන්න.

තේරුම –

අටවිසි බුදුවරයන් වහන්සේලාද පන්ලක්‌ෂ දොළොස්‌ දහසක්‌ බුදුවරයන් වහන්සේලාද සිරස නමා ආදර ගෞරවයෙන් නමස්‌කාර කරමි. උන්වහන්සේලාගේ ධර්මරත්නයද ගෞරවයෙන් නමස්‌කාර කරමි. ඒ නමස්‌කාරනුභාවයෙන් මා ඇතුළු පවුලේ සියලු දෙනාවෙත පැමිණෙන්නා වූ සියලු බය සහ උපද්‍රවයෝද නොයෙකුත් අන්තරාද ඉතුරු නොවී දුරීභූත වේවා·

බදාදා දිනක රාත්‍රි 10 න් පසු මල් බුලත් තටුවක්‌ තනා ඉතා පිරිසිදු නොයිඳුල් පැන්, තෙල්, නූල්, නොපෑගුනු ගල්, වැලි ආදී ආරක්‌ෂා ද්‍රව්‍ය එහි නිසි ලෙස තැන්පත් කර බුදුන් වැඳ දෙවියන්ට පිං දී මෙම පිරිතෙන් 108 වරක්‌ පිරිත් කරගන්න. පිරිත් කරගත් පැන් රෝගීන්ට බීමට දීමෙන් නිරෝගී සුවයට එය උපකාරීවේ. වැලි ගෙවත්තේ ඉසීමෙන් සර්ප උවදුරුදු අමනුෂ්‍ය බලවේගද දුරුකරගත හැකිය. ගල් මුට්‌ටි 4 ක දමා පාන්දර කපුටන් හැඬලීමට පෙර නිවසේ හතර කොණ වැළලීමෙන් බලගතු ආරක්‌ෂාවක්‌ සැලසේ. තෙල් නලලේ ගා සුබ ගමන් සඳහා පිටත්වන්න. ගමන සාර්ථක වේ. නඩුවකට ඉදිරිපත් වුවහොත් යුක්‌තිය දිනයි. වැලි කුඹුරට ගොවිපළට ඉසීමෙන් වනසතුන්ගෙන් කුරුල්ලන්ගෙන් කෘමීන්ගෙන් වන අලාභ හානි දුරුවී සෙත – සැපත – යහපත සැලසෙනු ඒකාන්තය.

අටසිල් – දසසිල් සමාදන්ව හෝ සෙනසුන් ගතව භාවනානුයෝගීව සිල්වත්ව නිර්මාංශව මෙම පිරිත නිතර භාවිතයෙන් බොහෝ සහනය ලැබිය හැකි බැවින් සීලයක පිහිටා පිරිත් කරන්න. අයුක්‌ති සහගත අසාධාරණය කිසිදු කටයුත්තක්‌ සඳහා පිරිත් කරගන්නා ලද කිසිදු ආරක්‌ෂක ද්‍රව්‍යයක්‌ භාවිතා කිරීමෙන් වළකින්න. එසේ භාවිතා කරන අයහට අයහපත් ප්‍රතිඵල විඳින්නට සිදුවනු ඇත.

We found this article from Divaina on 2012/10/05.
Also Sinhala to English Google word to word translation can be found here