[ratings]
නිවස එළිය කරන්නේ සීදේවි ළඳුන් මිස මූදේවි ළඳුන් නොවේ. සැමියා විසින් මුලදී තම බිරිඳ නිසි අයුරින් තෝරා ගත යුතුය. යම් යම් දෙයට බහට මුලාවී කරගන්නා විවාහයෙන් පසුතැවිලි වන සැමියන් බොහෝ වෙති. පළමුව ළඳකගේ උත්පත්ති හඳහන විමසා බැලිය යුතුය. විවාහය ගැන පවසන්නේ හඳහනෙහි සත්වැන්නයි. එය ප්‍රධාන වන අතර එක හතර හත දහය එයට මූලික වෙයි. රවි කුජ වැනි කෲර ග්‍රහයින් මේ තැන්වල නොපිහිටිය යුතුයි. එවැනි පිහිටීම් ඇති අය එවැනි පිහිටීම් ඇති අය හා විවාහ විය යුතුය. වැන්දඹු යෝග සහිත කතුන් නව සමාජයේ වැඩි වී තිබේ. ජ්‍යෙdaතිෂ විමසුමකින් එබඳු අය තෝරා ගත හැකිය. සිත් අමනාප වන නිසා එබඳු අය ගැන මෙහිදී පවසනු නොලැබේ.
නපුන්සක යෝග විෂ කන්යායෝග, වන්ධ්‍යා යෝග, වැන්දඹු යෝග වැනි පාපයෝගයන් උපතින් ලද ළඳුන් බහුල වෙති. මෙවැනියන් විවාහයට පත් සැමියන් විඳින්නේ අති මහත් දුකය. බිරිඳ නිසා ධනය ලැබුණා යෑයි සමහරු පුරුෂයින් සිතති. එහෙත් එම ධනයෙන් තමාට ලැබෙනුයේ දුකක් බව ඔවුන් නොසිතති. අධික ධනයෙන් දුක මිස සැපතක් උදාවන්නේ නැත. සමගිය ජීවත් වීමට ධනය දූ දරු දියුණුව වාසනාව ලෙස සැලකිය යුතු අතර සැනසීම හා නිරෝගී බවද යුගදිවියෙන් බලාපොරොත්තු විය යුතුය.
වැඩි දෙනෙක් යුග දිවියෙන් දුක් ලබන්නේ දූ දරුවන් නිසාය. දරුවන් නැතැයි දුක්වෙති. පුතුන් නැතැයි දුක්වෙති.
අවසන තම ධනය බෙදාදී දුක්වෙති. මේ අනුව බලන විට යුගදිවියෙන් සැපත ලද අයෙකු සොයා ගැනීමට උගහටය. ගිහිගේ “ගිනි ගොඩක් පව් රැස්වන ඉඩම” ආල පියඹ පුතනුන් සිරි නිබඳේ, බාල කලට කෙළිනා උතුවළඳේ” මෙසේ කීවේ ලෝවැඩ සඟරාවෙහිය.
විවාහය මහ බඹා නළලේ කෙටූ විලස ලැබේ යෑයිද එය තම කර්මය අනුව ලැබෙන්නක් යෑයිද සිතිය යුතු නොවේ. ප්‍රේම විවාහය සිරි සැප දෙන්නක් බව සමහරුන්ගේ මතයයි. ප්‍රේමයට වඩා අවශ්‍ය වන්නේ ජීවිතාවබෝධයයි. තත්ත්වාවබෝධයයි ලද දෙයින් සැනසීමයි.” ලොව සිරිතට අඹුදරු රකිනවා විනා” යන්න මතක තබාගත යුතුය. රාජකීය පෙම්වතුන්ගේ ප්‍රේමයන්ද සුනු විසුණු වී ඇත. ආලය අන්ධය. සරණයට ලැබෙන බිරිඳ හෝ සැමියා උතුම් කොට සලකා ජීවිතය ගෙනයා යුතුය. ජ්‍යෙdaතිෂය, ආගම, නීතිය තම සිතට දෙවැනි විය යුතුය.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here