සෞභාග්‍ය වාසනාව ළඟා වෙන්න නිවැරදි බුදු පිළිමයක්‌ තබා ගන්න

3636
සෞභාග්‍ය
සෞභාග්‍ය

[ratings]

අප තිලෝගුරු බුදු රජාණන් වහන්සේ අසූවන විය සපුරා වෙසක්‌ පුර පසළොක්‌ පොහෝ දිනක රාත්‍රියේ අලුයම උදාවට පෙර චතුර්ථධ්‍යනයෙන් නැගී සිට සියලු සංස්‌කාර ධර්මයන් අනියත බව තම ජීවිතයෙන්ම තහවුරු කරමින් නිරුපධිශේෂ නිර්වාණ ධාතුවෙන් ලෝක ධාතුව කම්පා කරමින් පිරිනිවන් පා වදාල සේක.

ඉන්පසු උන්වහන්සේගේ ජීවමාන රුවක්‌ ඡායාරුවක්‌ අපට දැක ගැනීමට නොහැකි විය. බුදුරජාණන් වහන්සේගේ රුවට සමාන රුවක්‌ තිබුණ එකම මහරහතන් වහන්සේ වන්නේ මහා කාශ්‍යප රහතන් වහන්සේ පමණයි. බුදුන් වහන්සේගේ ඌර්ණරෝමධාතුව පමණක්‌ උන්වහන්සේගේ නලලත තිබී නැත. මන්ත්‍ර වේදය හි පුස්‌කොළ පත් ඉරුවල සඳහන් පරිදි බුදුන් වහන්සේගේ උස හතර රියනක්‌ බවය. එනම් අඩි 6 ක්‌ පමණය. උතුම් දශකාල ක්‍රමය අනුව ප්‍රතිමාවක උස අඟල් 124 වේ. මෙහි විශේෂ ලක්‍ෂණය වන්නේ උන්වහන්සේගේ උසේ ප්‍රමාණයට බඹයක්‌, බඹයේ ප්‍රමාණයට උසත් පිහිටීමයි. බුදුරුව ඉරියව් තුනකින් යුත්තයි. එය සැතපෙන ඉරියව්ව, වැඩ සිටින ඉරියව්ව, හිටි ඉරියව්ව නම් වේ. නැවත එය ස්‌වභාH, ආභංග, ත්‍රි භංග, අතිභංග නමින් සතරකට බෙදේ. කෙසේ හැදුවත් මහා පුරුෂ ලක්‍ෂණ 32 කින් යුත්ත බව ප්‍රකාශ කරේ. විශේෂයන් වන්නේ ඌර්ණරෝම ධාතුව බුදුන්ට පමණක්‌ තිබීමයි. එහෙත් අද මුළු ලෝ වැසියන්ගේ ගෞරවයට පාත්‍ර වු බෞද්ධ රටක්‌ වශයෙන් අපේ පුංචි ශ්‍රී ලංකාව හැඳින්වේ. මෙහි පාරක්‌, හන්දියක්‌, කඩපිළේ, අගුවල, පදික වේදිකාවේ, වැසිකිළි අසල ගංතෙරවල, බෝගස්‌යට, නිවාසවල බුදු පිළිම වලින් අඩුවක්‌ නැත. මෙය අද වානිජ කරණයට බිලිවීම නිසා බුදු පිළිම නුසුදුසු තැන්වල තැන්පත් කිරීමෙන් බෞද්ධාගමට නින්දා අපහාසය දෙන පිළිරුවක්‌ වී ඇත. එයට බෞද්ධ අප කනගාටු විය යුතුයි.

පිළිමයක්‌ නෙළිමේදී මුල්ගල තැබීම, නිධන් වස්‌තු තැන්පත් කිරීම, නෙත් තැබීම මුල් තැන ගනී. එය වැරැදුනහොත් අත්වන ප්‍රතිවිපාකයක්‌ පැරැණි නක්‍ෂත්‍ර විද්‍යා ගුප්ත විද්‍යා වාස්‌තු විද්‍යා පොත පතහි සඳහන් වේ.

පිළිමයක්‌ ඉදි කිරීමේ මාසයක්‌ අනුව දුරුතු මාසයේ නම් රටක රාජ්‍යයක සංවර්ධනය ඇතිවේ. නවම්, මැඳින්, බක්‌, මාසවලනම් සැප සම්පත්, හා වස්‌තු ලාභයක්‌ මූලිකයාට අත්වේ. වෙසක්‌ මසනම් මුලිකයාට නිරෝගී භාවය දීර්ඝ ආයුෂ අත්වේ. පොසොන් මසනම් ජයග්‍රහණයක්‌ අත්වේ. එමෙන්ම සුවිශේෂවන්නේ නෙත් තැබීමයි. නෙත් තැබීම කියන්නේ ප්‍රාණය පිහිටු වීමයි. එවන් පූර්ණ පිළිමයක්‌ පමණයි පූජනීය වස්‌තුවක්‌ වන්නේ.

පිළිම නෙළීම වාස්‌තු විද්‍යාව හා සම්බන්ධයි. “වරහ මිහිරයන්” විසින් රචිත “බෘහත් සංහිතා” මෙහිද “ශාරි පුත්‍රය” නම් කෘතිවල දැක්‌වෙන පරිදි පිළිම නෙළීම සඳහා දැව, මැටි, හුණුගල්, කිරිඟරුඬ, කළුගල්, මැණික්‌, රත්රන්, රිදී, පිත්තල, ලෝහ උපයෝගී කරගනී.

මේ ද්‍රව්‍යයන් අනුව ශුභ පලයන් මෙසේය. මැටියෙන් කරන ලද පිළිමය දීර්ඝායුෂයි. සමෘද්ධිය හා ශක්‌තියද, මැණික්‌ වලින් නෙළු පිළිමය, ලොවට යහපත උදා කරන බවද, රනින් කළ පිළිමය පෘෂ්ඨිමත් භාවයද, රිදියෙන් කළ පිළිමය කීර්තිය ගෙනදේ, පිත්තලෙන් කළ පිළිමය ප්‍රජා වර්ධනයද, ගලෙන් කළ පිsළිමය භූමිලාභ ගෙනදෙන බවද “සෘහත් සංහිතාවේ” සඳහන් කොට ඇත. ඉන්දියාවේ බොහොමයක්‌ හිංදු දේවාලවල පිළිම ලෝහයෙන් ඉදිකොට ඇත.

පිළිමයක්‌ කුහර සහිතව නෙළීම අයෝග්‍යයි. එය බොල් පිළිමයකී. එවන් පිළිමයක්‌ හෝ වැරැදි ආකාරයට ඉදි කළ පිළිමයක්‌ නිවසේ, ගමේ, නගරයේ, රටේ, විහාරස්‌ථාන පන්සල් ආදියේ තැන්පත් කර ඇත්නම් විනාශය ඇතිවේ. මෙම පිළිමයක්‌ හන්දියක්‌ හෝ කඩ ව්‍යාපාරික ස්‌ථානයක ඇත්නම් පාළුවට පත් වී දියුණුව පසු බසී. එපමණක්‌ නොව එය උදේ සවස දකින අයටද අශුභයි. සමහරවිට එවන් පිළිම නොදැන තැබීමෙන් ගෘහාධිපතිටද රෝග ඇති වන අතර විහාරස්‌ථානයක නම් විහාරය පාළුවට යාම හා විහාරාධිපති වහන්සේටද අශුභයි. මරණය පවා සිදුවේ.

මත්ශ්‍ය පුරාණය වරහ මිහිරයන්ගේ වෘහත් සෘතියේ පිsළිම නෙළීමේදී එහි උස මහත පළල ගැන විස්‌තර ඇත. පැරැණි කලා ශිල්පීන් මේ ශාස්‌ත්‍රීය ක්‍රම නීති රීති හරියටම ප්‍රගුණ කොට ඇති නිසා අද එවන් පිළිම ඇති ස්‌ථාන ධාතූන් වහන්සේ නමක්‌ වැඩ සිටිනා ආකාරයට දිනෙන් දින දියුණුවට පත්වේ. පිළිම නෙළීමේදී මත්ශ්‍ය පුරාණයේ දැක්‌වෙන පරිදි අංගුලි අනුවද වෘහත් සංහිතාවේ “පරමාණු” වශයෙන්ද හඳුන්වා ඇත. විෂ්ණු ධමෝත්තර පුරාණය ග්‍රන්ථයේ ශුක්‍ර නීතියද භාරතීය ඉන්දියානු කලාකරුවා “තාල” යනුවෙන් මේ මිමි යොදා ඇත. එය මෙසේ පැහැදිලිව සඳහන් වේ. සිරස අංගුලි 3, මුඛය අංගුලි 12 ශ්‍රිවය අංගුලි 3, දේහය අංගුලි 12 නිකම්බය අංගුලි 1, කටිය අංගුලි 3 ඌරුව අංගුලි 22 කලවා අංගුලි 24 දනහිස අංගුලි 4 ජංඝා අංගුලි 24 මැණික්‌ කටුව අංගුලි 2 අධෝභාගය 4 බාහු බාගය 16 ප්‍රහාග්‍රය 18 කරභාගය 12 භික්‌කාංශය 17 ද වශයෙන් තාල මිමි හඳුන්වා ඇත.

මෙපමණක්‌ නොව ජ්‍යෙතිෂ්‍ය ග්‍රන්ථවල. වාස්‌තු විද්‍යා ග්‍රන්තවල උපදෙස්‌ රාශියක්‌ම ඇත. මෙයින් ඉතාම භයානක වන්නේ නේත්‍ර තැබීමයි. නේත්‍ර උඩු අතට හැරෙන අයුරින් නෙත් තැබීමෙන් ශිල්පියාගේ දෙනෙත් අන්ධ වන බවත්, ගමත්, නගරයත්, රටත් පාළුවට යන බවත් විහාරයක නම් විහාරාධිපතිට අකල් මරණ රෝග, ගමේ නගරයේ රටේ වැසියනටද පාලකයනටද මහා කරදර ආදියට මුහුණ පෑමට සිදුවේ. එම රටටද නියඟ, ගංවතුර ගැලීම් නාය යැම්, කැරැලි කෝලාහල, හෙණ, අකුණු, ආදියෙන් අතුරු ආන්තරා සිදුවේ.

අද පිළිම නෙළීම වාණිජ කරණයට බරව, පෙර ශාස්‌ත්‍රීය ක්‍රමයන් නොපිළිගෙන පිළිම නෙළීම කරයි. මේවා සියල්ලක්‌ම බොල් පිළිමවලට අයත් වේ. එවැන් පිළිම මිලට ගෙන නිවසේ, බෝගස්‌ අසල මංසල්වල, විහාරවල තම නාමය බබලවන්නට ප්‍රසිද්ධියට තැන්පත් කරයි. එයින් තැන්පත් කරන්නාට මෙන්ම එයට වඳින වැසියනටද අශුභයන් උදාවේ. ඒ පැරැණි ශාස්‌ත්‍රීය ක්‍රම ඉවතලා නිම කරන පිළිම තමා විපතට පත් කරන අශාසත්‍රිය පිළිම ගනයට අයත්වේ.

We found this article from Divaina on 2011/11/11.
Also Sinhala to English Google word to word translation can be found here