Friday, September 12, 2025
Homesiවිශ්වය කලඹන සෙනසුරු අපව කලඹන හැටි

විශ්වය කලඹන සෙනසුරු අපව කලඹන හැටි

[ratings]

සෙනසුරු ග්‍රහයා සැලකෙන්නේ මහා පාපියකු වශයෙනි. එහෙත් ග්‍රහ මණ්‌ඩලයේ ලස්‌සන ග්‍රහ වස්‌තුව සෙනසුරුය. සෙනසුරුගේ විෂ්කම්භය සැතපුම් 75100 යකි. සූර්යයා ගෙන් සැතපුම් කෝටි 88.62 ඈතින් පිහිටියේය. සෙනසුරුට සූර්යයා වටා එක්‌ වරක්‌ යැමට වසර 29 මාස 05 දින 03 ගතවේ. ඒ පෘථිවියේ මිම්මෙනි. සෙනසුරුට තමා වටා එක්‌ වරක්‌ භ්‍රමණය වීමට, පෘථිවියේ මිම්මෙන් පැය 10 විනාඩි 14 තත්පර 24 ක්‌ ගතවේ.

වෛකුන්ඨ දිව්‍ය ලෝකය

ඈත චක්‍රාවාටයේ පවතින වෛකුන්ඨ නම් දිව්‍ය ලෝකය පාලනය කරන්නේ සෙනසුරු බවත්, යම්කිසි ජන්ම කේන්ද්‍රයක නව වන රාශිය මකර කුම්භ හෝ තුලාව වී එහි සෙනසුරු සිටියහොත්, එම පුද්ගලයා වෛකුන්ඨ දිව්‍ය ලෝකයෙන් මේ මිනිස්‌ ලොවට ආ කෙනෙකු බවත්, ඔහු මේ මිනිස්‌ ලොවෙහි දැහැමිව ජීවත්ව, පින් දහම් කර යළි වෛකුන්ඨ දිව්‍ය ලෝකයෙහි උපදින බවත්, “කේරලීය භාව්‍ය රහස්‍ය” නම් ග්‍රන්ථයේ සඳහන් වේ.

සෙනසුරු ඒරාෂ්ටක

1. සෙනසුරු ලග්නයේ 01-02-12 ගමන් කරන කාලය ලග්න ඒරාෂ්ටක කාලය වශයෙන්ද,

2. සෙනසුරු රවිගෙන් 01-02-12 ගමන් කරන කාලය සූර්ය ඒරාෂ්ටක කාලය වශයෙන්ද,

3. සෙනසුරු සඳුගෙන් 01-02-12 ගමන් කරන කාලය ජන්ම ඒරාෂ්ටක කාලය වශයෙන්ද,

4 සෙනසුරු ලග්නයෙන් 08 ගමන් කරන කාලය ලග්න අෂ්ඨම ඒරාෂ්ටක කාලය වශයෙන්ද,

5. සෙනසුරු රවිගෙන් 08 ගමන් කරන කාලය සූර්ය අෂ්ඨම ඒරාෂ්ටක කාලය වශයෙන්ද,

6. සෙනසුරු සඳුගෙන් 08 ගමන් කරන කාලය ජන්ම අෂ්ඨම ඒරාෂ්ටක කාලය වශයෙන්ද ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රයෙහි සඳහන් වේ.

සෙනසුරුගෙන් යෙදෙන මේ ඒරාෂ්ටක කාලයන් පොදුවේ සැලකෙන්නේ අවාසනාවන්ත අපල කාලයන් වශයෙනි.

සෙනසුරුගෙන් ශුභ ඵල

එනමුත් සෙනසුරුගෙන් ඒරාෂ්ටකයක්‌ උදාව පවතින කාලයක එම ජන්ම පත්‍රයේ ලග්නයෙන් හෝ සඳුගෙන් 10 වැන්න අධිපතියා බලවත්ව (ඔහු නක්‌ෂත්‍රයෙන්ද බලවත්ව සිටිය යුතුයි) එම ඒරාෂ්ටකය ශුභ දෘෂ්ටියෙන් දුටුවහොත් එම ජන්ම පත්‍රය හිමියා වෘත්තියෙන් උසස්‌ තත්ත්වයකට පත්වෙයි. එසේම එම සෙනසුරු ඒරාෂ්ටකය උදාව පවතින්නේ ජන්ම කේන්ද්‍රයේ 10 වැන්න අධිපතියා බලවත්ව සිටි ලග්නස්‌ථානයේ හෝ 10 වැන්නේ නම් එයින්ද කියවෙන්නේ එම ජන්මියා වෘත්තියෙන් උසස්‌ තත්ත්වයකට පත්වන බවය.

එසේම මෙබඳු ජන්ම පත්‍රයක්‌ හිමියෙකුට ශනිගේ 02 වන හෝ 03 වන ගෝචර ඒරාෂ්ටක වාරයේදී වෘත්තියෙන් ඉහළම තත්ත්වයක්‌ ඇතිවේ.

ගරු සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය, 1970 දී අගමැතිකමට පත්වෙද්දී එතුමියට සෙනසුරුගෙන් ඒරාෂ්ටක අපල කාලයක්‌ උදාවී පැවැති බව දැන ගන්නට ඇත.

ශුභ පල දෙන ස්‌ථාන

කේන්ද්‍රයක ශුභ පල දෙන ස්‌ථාන වශයෙන් සැලකෙන්නේ 01-04-05-09-10 යන ස්‌ථානයන්ය.

මාරක ස්‌ථාන 02-07-11-12.

අශුභ ස්‌ථාන -06-08-12

මේ ශුභ හෝ අශුභ රාශිවල සිටි ග්‍රහයින්ට වඩා එම ග්‍රහයින් සිටි නැකැත්වල සිටි ග්‍රහයන් ශුභ හෝ අශුභ පලදීමට මුල්වේ.

බලවත් සඳු

උත්පත්ති ජන්ම කේන්ද්‍රයේ සඳු බලවත්ව ශුභ දෘෂ්ටි ලබා සිටිද්දී සෙනසුරු ග්‍රහයාද බලවත්ව සිටියහොත් අශුභ සෙනසුරු ඒරාෂ්ටයක්‌ අශුභ වන්නේද නැත.

ජන්ම නැකත

උත්පත්ති කේන්ද්‍රයක ජන්ම නැකතින් සෙනසුරුගේ නැකත ශුභව පිහිටි විටද තදබල අපල ඇති වන්නේ නැත. එසේම එබඳු ජන්ම පත්‍රයක්‌ හිමි අයෙකුට බෝධි පූජාවලින් හා ශාන්ති කර්මවලින් ශුභ පලද ලැබිය හැකිය.

අශුභ යෙදීම්

1. සෙනසුරු ජන්ම නැකතේ හා ජන්ම නැකතින් 27 වන පරම මෛත්‍රී නැකතේ ගමන් කරන කාලයද ජන්මියාට ඉතා අශුභය.

1. පාද සතරක්‌ සහිත ජන්ම නැකතේ හරියටම උපන් නැකැත් පාදය මත ශනි ගමන් කරන කාලය තුළ අපල උපද්‍රව බාධා, මානසික අසහන, කෙළවරක්‌ නැතිව යෙදෙයි.

2. සෙනසුරුගේ ඒරාෂ්ටක අපල කාලයකදී ජන්ම සඳුට ඉතා කිට්‌ටු අංශකවල කුජ සිටි අවස්‌ථාවක්‌ ජන්ම කේන්ද්‍රයේ තිබුණහොත් ලේ වැගිරීම් හදිසි අනතුරු ජීවිත හානි ඇති කළ හැක.

එහෙත් උත්පත්ති සඳුට ගුරු ශුභ තත්ත්වයෙන් ත්‍රිකෝණව සිටියේනම් දෝෂ භංග වේ.

සහකාරිය

බිරිඳගේ අභාවයටද සෙනසුරුගේ බලපෑම් එල්ලවන බවට ජ්‍යෙdතිෂ්‍යයෙන් කරුණු දැක්‌විය හැකිය.

ඒ මෙසේය.

[A]

1. ඕනෑම ජන්ම කේන්ද්‍රයක 07 වැන්න අධිපති ග්‍රහයා

2. විවාහ කාරක සිකුරු ග්‍රහයා

3. 07 වැන්න අධිපති ග්‍රහයා සිටි රාශිය අධිපති ග්‍රහයා

4. සිකුරු සිටි රාශිය අධිපති ග්‍රහයා

[B]

1. ඉහත සඳහන් ග්‍රහයන් සතර දෙනා ජන්ම කේන්ද්‍රයේ දුර්වලව සිටියේ නම් වසර 30 ක්‌ පුරා දිවයන සෙනසුරුගේ පළමුවන පරිභ්‍රමණ කාලය තුළදී බිරිඳගේ විපත සිදුවිය හැකිය.

2. ඕනෑම ජන්ම කේන්ද්‍රයක ඉහත සඳහන් ග්‍රහයන් සතර දෙනා සාමාන්‍ය බලයෙන් යුක්‌තව සිටියේ නම් වසර 30 ක්‌ පුරා දිවයන සෙනසුරුගේ දෙවන පරිභ්‍රමණ වාරයේදී බිරිඳට විපතක්‌ ඇති කළ හැකිය.

3. එම ග්‍රහයන් සතරදෙනා ජන්ම කේන්ද්‍රයේ පූර්ණ බලයෙන් යුක්‌තව සිටීනම් වසර 30 කින් යුක්‌ත සෙනසුරුගේ තුන්වන පරිභ්‍රමණ කාලයේදී බිරිඳගේ අභාවය සිදුවිය හැකිය.

[C]

ඉහත සඳහන් කරුණු සැලකිල්ලට ගැනීමේදී බිරිඳගේ ජන්ම කේන්ද්‍රයේ ශනිගේ බල දුබලතා ගැනද සැලකිලිමත් විය යුතුය.

එසේම

පූර්ණායුෂ බලයෙන් යුක්‌තව උපදින කාන්තාවෝ සැමියාට වඩා දිගු කාලයක්‌ ජීවත් වන බව සෘෂිවරු කියති.

ආයුෂ පොරොන්දම

ඒ නිසා ආයුෂ පොරොන්දම ගැලපීමේදී එම පොරොන්දම් ප්‍රතිඵලවලට වහල් නොවී, දෙදෙනාගේ ආයුෂ හා දශා පිළිබඳව වෙන වෙනම සලකා බලන ලෙසට ක්‍රිෂ්ණ මූර්ති පඬිතුමා අවවාදයක්‌ දී ඇත.

දීර්ඝායුෂ පතා

දුබල කේන්ද්‍රයකට දීර්ඝායුෂ පතා බෝධි පූජාවක්‌ තබන්නේ නම් ඒ සඳහා සුදුසුම මොහොත “ගෝධුලී මුහුර්ථය” යෙදෙන වේලාවය. මේ මොහොත තවත් තීව්‍රර වනු පිණිස කේන්ද්‍රයට ගලපා ගත් විට විශිෂ්ටතම ප්‍රතිඵල ලැබෙනවා අත්දැක ඇත්තෙමු.

“දස දිසා පිරිත”

සැමියාගෙන් බිරිඳට හෝ බිරිඳගෙන් සැමියාට අශුභ ආයුෂ තත්ත්වයක්‌ කේන්ද්‍රයෙන් පෙනෙන අවස්‌ථාවල

1. මස්‌ මාංශයෙන් වැළකී, දැහැමිව ජීවත් වෙමින් උදය සවස තෙරුවනට මල්, පහන් සුවඳ දුම්, ගිලන් පස පුදා

2. “දස දිසා පිරිත” හා “කරණීය මෙත්ත සූත්‍රය” තුන්වර බැගින් කියා පිං කැමති සියලු දෙවියන්ට පිං අනුමෝදන් කරවන්න.

3. “දස දිසා” යන්ත්‍රය පැළඳ ගැනීමද ඉතා ශුභය.

“දස දිසා” යන්ත්‍රය 1907 වාරයක්‌ ජීවම් කර ගතහොත් විශිෂ්ට ප්‍රතිඵල ලැබේ.

මෛත්‍රී භාවනාව

තමාටත් තම බිරිඳටත් තම දරුවන්ටත් නිරෝගී භාවයත් දිර්ඝායුෂත් ප්‍රාර්ථනා කිරීමෙන් අපල සමනය කරගත හැකිය. නිතර මෛත්‍රී භාවනාව වැඩීමද ආයුෂ සම්බන්ධයෙන් ඇති අපල දුරු වීමට හොඳ අත් වැළකි.

ගෝධූලී මුහුර්තය -01

අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කර ඇත්තේ සඳු උච්ච රාශිගතව වෘෂභයේ සිටියදී රෙහෙන නැකත යෙදුනු දිනක “ගෝධුලි මුහුර්තයෙනි.” “ගොධුලී මුහුර්ථය” යෙදෙන්නේ හිරු බසින මොහොතේ උදාවන සන්ධ්‍යා ලග්නය ඇසුරු කරගෙනය.

ගෝධුලී මුහුර්තය -02

සර්ව දෝෂ භංග කරන ශුභ මොහොතක්‌ වශයෙන් බොහෝ ජ්‍යෙdතිෂ ග්‍රන්ථවල “ගෝධුලී මුහුර්තය” පැසසුමට ලක්‌ව තිබේ.

We found this article from Divaina on 2011/11/11.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments