කුජ හෙවත් අඟහරු ග්‍රහ මඬුල්ලේ සෙන්පතියා ලෙසත් අණ දෙන නිලධාරියා ලෙසත් හැඳින් වේ. ජ්‍යෙdතිෂ විද්‍යාවට අනුව පොළොවට ඉතාමත් ආසන්න ග්‍රහයා ලෙස හැඳින්වෙන කුජ රක්ත, මංගල, මහීජ, භෞම, භූවිසුන යන නම් වලින් ද හැඳින්වේ.
යමෙකුගේ හඳහනක කුජ බලවත් වූ විට ඉතාමත් උෙද්‍යාaගයෙන් තම අරමුණ ඉටු කර ගැනීමේ ආත්ම විශ්වාසය, ක්ෂණික ක්‍රියාකාරීත්වය, දැඩි අධිෂ්ඨාන ශක්තිය හා සංවිධානය ප්‍රබල වන අතර නායකත්වයට පත් වීමේ හැකියාව ද පවතින අතර කුජ නීච වූ අවස්ථාවන්හි හදිසි කෝපය, පහත් ගති හා ආශාවන් ඇතිවීම, සොරසිත මෙන්ම මුරණ්ඩු බව ඇති කරන අතර හදිසි අනතුරු හා කෝලහල වැනි විනාශකාරී සිදුවීම්වලට ඉඩ සලසා දෙනු ඇත.
ලේ ධාතුවට අධිපති රතු පැහැයෙන් යුතු කුජගෙන් නිකුත් වන්නා වූ ශක්තියෙන් පෘථිවියේ ජීවීන්ගේ ශක්තිය ආරක්ෂා වේ. කවරෙකුට හෝ යටහත් පහත් බවක් නොමැති එකම ග්‍රහයා අඟහරු හෙවත් කුජ වන අතර කිසිදු අධ්‍යාත්මික ගුණයක් නොමැති බැවින් නෛසර්ගික වශයෙන් ම පාපියෙක් ලෙස ද හඳුන්වා දී තිබේ.
පුරුෂ ග්‍රහයෙක් වන මෙකී ග්‍රහයා මකරයේදී උච්ච ස්වභාවයෙන් ද මේෂ වෘශ්චික රාශීන්හිදී ගෘහ අධිපතිත්වය ද ස්වක්ෂේත්ර ද වේ. 3, 6, 10 මොහුට සුබ ස්ථානයන් වේ. ආත්මාර්ථයට බර ග්‍රහයකු බැවින් හැම විටම හොඳින් හෝ නරකින් භූමියේ අධිපතිත්වය ලබා ගැනීමට ද උත්සාහ දරයි. කුජ, කිවි යෝගයෙන් ප්‍රබල කලාකාමීන් ද අධික ලෙස සැප සම්පත් පරිහරණය කරනු ලබන ජන්මීන් ලොව බිහි වේ. මෙකී යෝගය තුලාවේද වෘෂභයේද වෘශ්චිකයේ ද මේෂයේ ද ප්රබලත්වයට පත් වනු ලැබේ.
ලෞකිකත්වය නියෝජනය කරන පාපී උෂ්ණ ග්‍රහයකු ලෙස ද සැලකෙන කුජ යහපත් ලෙස පිsහිටීමෙන් (තමාට ශුභ රාශියක් වූ 1, 10 යන ස්ථානයන්හි සිටීමෙන්) නිදහස් මත දරන යුක්තිය හා සාධාරණය වෙනුවෙන් පෙනී සිටින සැබෑ විමුක්තිකාමීන් බිහි වේ.
කටකයේදී නීචත්වයට පත්වන කුජගේ හැඩි දැඩි රළු ගති පැවතුම් ස්වභාවය චන්ද්‍රයාගේ මෘදු නිවහනේදී අහෝසි කෙරේ. එහෙත් කටකයේ නීච වීම ලේ ධාතුවට සුබ නොවේ. එබැවින් ලේ දූෂ්‍ය වීමේ රෝගාබාධ තුළින් උෂ්ණාධික රෝග. මුත්‍රා අමාරු. රක්ත දොaෂ. මුත්‍රා දැවිල්ල, වසූරිය. පැපොල ආදී උෂ්ණය මුල්කර ගනිමින් වැළඳෙන රෝග ඇති කරයි.
ආයුධවලින් ඇති වන්නා වූ තුවාල, ගබ්සාවීම්, පිළිස්සීම්, නහර තුවාලවීම්, ඇටමිදුළු පැනීම හා ඒ ආශ්රිත රෝග හා කාන්තාවන්ගේ ඔසප් චක්‍රය පිළිබඳ රෝග ද කුජ ග්‍රහයා අධිපති රෝගාබාධයන් වේ.
මිනිස් සිරුරේ නලල , නාසය, රහස් ඉන්ද්රිය, ලේ, මස්පිඬු, කුජ ග්‍රහයාට අයත් කොටස් බැවින් ඒවායේ යමෙකුට ඇති වන්නා වූ දොaෂයක් වෙතොත් එකී ආබාධ කුජ ග්‍රහයා විසින් ඇති කරන ඒවා බවට දැනුවත් විය යුතුය.
ධෛර්යය එඩිතරකම සිය ස්වභාවය කොටගත් කුජ සටන්කාමියෙකි. එහෙත් නීච වූ කුජ කේන්තිය පාලනය කරයි. කුජ බලවත් වූ විට ආත්ම විශ්වාසය මෙන්ම වේගවත් කාම ආශාවන් ඇති කරයි. මේ හේතුවෙන් පහත් ලිංගික සබඳතාවලට යොමු වේ.
බාල සහෝදරයන්, පිය පාර්ශ්වයේ නෑදැයන් සතුරන්, විපත්ති, ආයුධ, සටන්. නිර්භීත ක්‍රියා, හමුදාව කෲර බව, ආරක්ෂාව, ඉවසීම. ආත්ම විශ්වාසය. ප්‍රවේශම, පුරුෂ ශක්තිය, විවේචනය, රුධිරය, මිත්‍රයන්, සංවිධානය, අහංකාරබව යන මේවා කුජ ග්‍රහයා හෙවත් අඟහරුගේ තැන්පත් වීම මත සිදුවෙයි.
කුජගේ භෞම දොaෂය හෙවත් මංගල දොaෂය (විවාහ බාධා) ජන්මීන්ගේ ජන්ම පත්‍රවල නිර්මාණය වන්නේ 1, 2, 4, 7, 8, 12 යන ස්ථානයන්හි පාපී ග්‍රහ යෝග පිහිටියහොත් ය.
මෙකී දොaෂ සහගත තත්ත්වය ඉවත්කර ගැනීමට නම් අන්‍ය පාර්ශ්වයේ හඳහනේ ඉහත ස්ථානයන් හි කවර තැනක හෝ කුජ ග්‍රහයා තැන්පත් ව සිටිය යුතු වේ.
කුජගෙන් රුචක නම් පංච මහා පුරුෂ යෝගය ද නිර්මාණය වේ. කුජ උච්චයෙන් ද ස්වක්ෂේත්ර බලයෙන් ද තම අණසක පතුරුවමින් සිටින කල මෙකී බලවත් යෝගය උදා කෙරේ. මෙම යෝගයෙන් ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන් බිහි වී ඇත. ලග්නයේ බලවත්ව පසුවන අඟහරු සටන් බිමේදී තම අවසන් හුස්ම පිට කරන තෙක් සටනට පොළඹවනු ලැබේ. දෙවැන්නේ ප්‍රභලව පවතින කල පැතිරී යන ස්වරයකින් ද, පැහැදිලි වදන් මාලාවකින් ද අන්‍යයන් යටත් කර ගනිමින් සිය වදන් හැසිරවීමේ මනා හැකියාවකින් ද යුක්ත වේ. කුජ මේෂ රාශිගතවීම තුළින් ද ගජ කේෂරී යෝගය උදා කරන අතර, මිථුනයේදී 11 දී එම යෝගය ප්රබලව බල පැවැත්වේ. ස්ත්රීන්ගේ ප්‍රථම රජට ද, කුජගේ ශක්තිය හා බැල්ම ඇති කරවන අතර, දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය වේගය ද කුජ විසින් ඇති කරයි. මුව සිරස දෙනට, සිත යන නැකැත් හිමි කුජ ග්‍රහයා සියලු කේන්ද්‍රවලට සහෝදරකාරක මෙන්ම ස්ත්‍රී කේන්ද්රවලදී පුරුෂ කාරක වේ.
කුජ අපලය සඳහා ශාන්තිකර්ම
කුජ අපලය සඳහා සිදුකරන්නා වූ සියලු ශාන්ති කර්ම අඟහරුවාදා දිනයන්හි පෙ.ව. 6.00- 7.00 හා රාත්‍රිa 8.00 – 9.00 අතර යෙදෙන කුජ හෝරාව තුළදී සිදුකිරීමෙන් ඉක්මන් සහනය මෙන්ම ප්‍රතිඵල ද ලබාගත හැකිය.
* කොරල් හෝ රතු මැණික් ගලක් පස්ලෝ මුදුවකට යොදා පළඳින්න.
* කන්දකුමාර යන්ත්‍රය හෝ අභිසම්භිදාන යන්ත්‍රය නිසි ලෙස සකස් කර පැළඳීමෙන් ද අපල තත්ත්වය මඟහරවා ගත හැකිය.
* රතු නෙළුම්, රතු අරලිය, රතු කනේරු, මල් පූජා කරන්න. අදාළ පුද්ගලයාගේ උසට මල්මාලයක් ද නම සහ “අඟහරු අපල දුරුවේවා” යි සඳහන් කොට සකස් කරගත් රතු තිරයක් ද බෝධියේ දකුණු පස එල්ලන්න.
* පිහිට පැතිය යුත්තේ කතරගම දෙවියන්ගෙන් බැවින් සිදුකරනු ලබන සෑම ශාන්තිකර්මයක්ම අවසානයේ කතරගම දෙවියන්ට පිං අනුමෝදන් කර සෙත සහනය ඉල්ලා සිටින්න.
* අඟහරුවාදා දින 7 ක් බෝධිය අභියස එළඟිතෙල්, තලතෙල් හෝ අබතෙල් පහන් 7 ක් දල්වා චක්ක පිරිත හා ජයමංගල ගාථා 21 වර බැගින් ගායනා කරන්න.
* බෙලි, සුදු හඳුන්, බැබිල, රතු කනේරු මල්, ජටාමාංශ පෙරුන්කායන් යන ඖෂධ නැවුම් කළයක දමා තම්බා පෙරාගත් ජලය ස්නානය කරන්න.
* කුජට හිමි වෘක්ෂය කොලොන් වෘක්ෂය බැගින් ගෙවත්තේ දකුණු දිසාවේ අඟහරුවාදා දිනෙක කොළොන් වෘක්ෂයක් සිටුවා ස්පර්ශ කරන්න. ඊට සාත්තු කරන්න.
* ලේ දන්දීම, අනතුරට පත් අයට පිහිටවීම හා මරණයට කැප වූ එළුවන්, කුකුළන් බේරාගැනීම තුළින් ද කුජ අපල මඟහරවාගත හැකිය.
* දිනපතා රාත්‍රි නින්දට පෙර ආගමික වතාවත්වලින් පසු චක්ක පිරිත අභිසම්භිදානය 7 වර බැගින් සඡ්Cධායනය කර පහත දැක්වෙන කුජ ස්තෝත්‍රය හා සෙත්කවිය ගායනා කරන්න.
කුජ ස්තෝත්‍රය
ධරණ ගර්භ සම්භූතං –
විද්‍යුත් කාන්ති සම්ප්රභම්
කුමාරං ශක්ති හත්තානං –
මංගලම් ප්‍රාණ මා සභාම්
සෙත් කවිය
පසළොස් චරණය ගුණ පිරි මුනිඳා
සදහම් මඟ පෙන්නා දුන් පහදා
විඡ්ජාචරණය නැණ බල විහිදා
කුජ ග්‍රහ අපලය දුරලන් සැමදා
We found this article from Divaina on 2012/11/09.
Also Sinhala to English Google word to word translation can be found here