කැලණිය රකිමින් අපට පිහිටවන විභීෂණ දෙවියෝ

0
635
කැලණිය
කැලණිය

විභීෂණ හෙවත් බියකරු පෙනුමක්‌ ඇත්තා යනුවෙන් නම් ලද විභීෂණ දෙවිඳු මෙරට මුල් පදිංචිකාර ගෝත්‍රයක්‌ ලෙස සැළකෙන යක්‍ෂ ගෝත්‍රයේ ඉපිද දේවාත්මයට පත් වූ ජන නායකයෙකි. කැලණිය පුරවරයත්, කැලණි වෙහෙරත් සුරකිමින් වැඩ වාසය කරන්නා වූ විභීෂණ දෙවියෝ වීරත්වයෙන් රණකාමිත්වයෙන් ශූරත්වයෙන් සටන් කොට හෙළ බිම රන් බිමක්‌ බවට පත් කොට කිතු ගොස පතුරුවාලූ රාවණයන්ගේ බාල සොහොයුරා ය.

නිල්වන් සිරුරක්‌ ඇති විභීෂණ දෙවිඳුන්ට රතු පැහැති දැසක්‌ ද තද රතුවන් පුළුල් දෙතොලක්‌ ද මුඛ්‍යයෙහි දෙකෙළවරින් පිටතට විහිදුනා වූ දළ යුග්මයක්‌ද ගණ රෝමයන්ගෙන් ගැවසී ගත්තා වූ පුළුල් ළය මඬලක්‌ හා ශක්‌තිමත් බාහු යුග්මයක්‌ ද හිමිය. උත්තුංග රූපකායකින් හෙබි උන්වහන්සේ ත්‍රිශූලයක්‌ සහ තෝමරයක්‌ අත දරමින් තුරුඟවාහනාරූඪව වැඩ සිටී.

ලංකා පුරවරයෙහි රාමා රාවණා අතර පැවැති යුද ගැටුම් තීරණාත්මක මොහොතකට එළඹ තිබූ අවස්‌ථාවක රාම කුමරු රාවණා රජුගේ සොයුරු විභීෂණයන් සමඟÊරහස්‌ සම්මුතියක්‌ ඇතිකර ගෙන තිබූ බැව් කියෑවෙන අතර එකී සම්මුතියට අනුව විභීෂණයෝ සිය සොයුරු රාවණට එරෙහිව යුද වදින්නට පටන් ගෙන ඇත. ලංකා පුරවරයෙහි සියලු රහස්‌ හෙළි කරමින් විභීෂණ දෙවියෝ රාමාට පක්‍ෂ වූ නිසා අසමසම රණ ශූරයකු වූ රාවණා රජුගේ සේනාව පසු බසින්නට වූයෙන් අවසානයේ රාවණා රජු නසා දමා ලංකා පුරය අත්පත් කර ගත් රාම කුමරු විභීෂණයන් ලංකාධීෂ්වරයා ලෙස ඔටුනු පැළැන්දවූහ.

විභීෂණ දෙවිඳුන් ඇදහීම ලංකාවේ කුමන කාලයක සිට ආරම්භ වූවාද යන්න නිශ්චිතවම කිව නොහැකි වුවද පොලොන්නරු යුගයේ රජ කළ මහා විජයබාහු රජුගේ දියණිය රත්නාවලී කුමරියට මානාභරණ කුමරුට දාව පුත් කුමරුවෙක්‌ ලබා ගැනීමේ අධිටනින් විභීෂණ දෙවිඳු වෙත වූ භාරයක්‌ ඉෂ්ඨ වීමෙන් පරාක්‍රමබාහු නමින් පුත් කුමරකු උපන් බවත් එලෙස උපන් කුමරු පසු කලෙක ලක්‌බිම රජකළ පරාක්‍රමබාහු නම් වූ නරපතියා වූයේය.

කෝට්‌ටේ යුගය වන විට විභීෂණ ඇදහීම ශ්‍රී ලාංකීය ජනතාව අතර බෙහෙවින් ප්‍රචලිතව තිබූ බව කෝට්‌ටේ බලකොටුවෙහි පවුර මුදුනේ නිශ්ශංක අලකේෂ්වරයාණන් විසින් තනනු ලැබූ විභීෂණ දෙවොලක්‌ තිබීමෙන් පැහැදිලි වේ.

දේව මණ්‌ඩලයේ දෙවිවරුන් අතර අප ලක්‌බිමේ සැබෑ උරුමක්‌කාරයකු ලෙස හැඳින්විය හැකි විභීෂණ දෙවිඳු කැලණි පුරවරයටත්, කැලණි විහාරයේ විභීෂණ දෙවොලටත් අධිගෘහිතව මහා බලසම්පන්නව වැඩ වාසය කරමින් උන්වහන්සේ වෙත සහනය පතා එන්නන්ගේ දුක්‌ ගැහැටවලට පිළිසරණ වන්නා වූ අති උතුම් දේවාත්මයක්‌ බැවින් ඔබට ද ඔබ වෙත එල්ල වන්නා වූ දුක්‌ කරදර බාධක ජය ගැනීමට දිනපතා ඔබ නිවසේදී බුදුන් වැඳ සෙත් පිරිත් ගායනා කර පහත දැක්‌වෙන ගාථාවෙන් විභීෂණ දෙවිඳුන්ට පිං අනුමෝදන් කිරීමෙන් හැකිවන්නේය.

ලංකාය පශ්චිම දිශාය ප්‍රධාන භූතෝ

දෙවිද්ධි තුංග බලවික්‍රම භූරි තේජෝ

අමිභෙහි සංචිත මිදං කුසලං පහට්‌ඨො

පුCඳ්C¹නුමෝදතු විභීෂණ’ දේවරාජා

We found this article from Divaina on 2013/03/22.
Also Sinhala to English Google word to word translation can be found here