කුජ සිකුරු සංයෝගය පවුල් දිවිය අවුල් කරයිද?

2950
කුජ සිකුරු
කුජ සිකුරු

[ratings]

වනිතා කේන්ද්‍රයක හෝ පුරුෂ කේන්ද්‍රයක කුමන භාවයක හෝ කුජ සිකුරු සංයෝගවී තිබුණේ නම් එය ප්‍රබලව කාම ශක්‌තියක්‌ උපදවන ග්‍රහ පිහිටීමක්‌ද වන්නේය. මෙම පිහිටීම කාම ත්‍රිකෝණයට අයත් ස්‌ථාන වලදී එක්‌ අයකුට හෝ දෙදෙනකුට තනිව හෝ සංයෝගයම උච්චව ස්‌වක්‌ෂේත්‍රව තිබීමද කාම ශක්‌තිය වැඩිවීම හා බලවත් වීම් තුළ පර පුරුෂ සේවනය, පර ස්‌ත්‍රි සේවනයට යොමු වීම තුළ විවාහය දෙදරන පිහිටීමකි.

මෙම පිහිටීම් ඇති අය එනම් ස්‌ත්‍රිය හෝ පුරුෂයා අතෘප්ති කර කාමාශාවන් ගෙන් පෙළෙන අතර එක්‌ අයකුගෙන් හෝ සෑහීමකට පත් නොවන ග්‍රහ සංයෝග වූ ජන්මයෙන් මේ තත්ත්වයට පත්වන බවට බර කේන්ද්‍ර ඇති කුජ සිකුරු සංයෝගයකි. සෑම විටම අනියම් සම්බන්ධකම් ගොඩනගා ගන්නාවූද තම ආශාවන් මුදුන් පමුණුවා ගැනීමට පෙළඹෙන්නෝ මේ යෝගයෙන් බොහෝ පවුල් අවුල් වන්නේය. වෘශ්චික ලග්නයට සඳු නීචව තිබීමත් කුජ සිකුරු 7 වැන්නේ තිබීමත් 7 අධිපති සිකුරු වීමත්, 5 වැන්නේ ශනිගේ දෘෂ්ඨියට ලක්‌ වීම්ද 11 වැන්නට සඳු කුජ දැකීමද මෙම කාම යෝගයකි.

” මේ නිසා විවාහ දිවිය අවුල් වන්නේය. මෙය ඉතා ප්‍රබල කාම සංයෝගයක්‌ද වන්නේය. රාහුගේ මහාදශාව හා සිකුරු අන්තර් දශා කාලයක මෙම පිහිටීම තිබු අයකු විවාහය සිදු වුවත් පර පුරුෂ සේවනයට යොමු වීමෙන් විවාහ සැපතද දෙදරවයි. මකර ලග්නය හිමි කාන්තාවකට 9 වැන්නේ මෙම කුජ සිකුරු සංයෝගය පිහිටීමද, නීච සඳු සිකුරු ශනිගේ පීඩාවෙන් කාම යෝගය තුළින්ද 7 වැන්නේ කුජ සිකුරු දැකීමද උච්චව, සතුරුව, නීචව, 8 වැන්නේ රවීගෙන් පීඩාවට පත්වීමද විවාහය දෙදරන්නේය. මෙම කුජ සිකුරු සංයෝගය වෘශ්චිකයට, මේෂයට මකරයට ලග්නයේ තිබීමද රවි ශනි 10 වැන්නේ නීචය තුළින්ද 7 අධිපති සඳු 8 වැන්නේ තිබීමද පරපුරුෂ සේවනය හා පර ස්‌ත්‍රී සේවනය තුළින් විවාහ සැපත විනාශ කරන්නට උපතින්ම ගෙන ආ පාපයට බර අති කාම යෝගයට සමාන අන්දමින් විවාහයද දෙදරණ ග්‍රහ සංයෝගයකි.

කුජ මහා දශාවත් සිකුරු අන්තර් දශාකාලය හා සඳු මහා දශාවේ සිකුරු අන්තර් දශා කාලය තුළදී නීච භංග රාජයෝගයක්‌ හා කුජ සිකුරු සංයෝගය නිසා අතිකාම ධාවන යෝගයෙන් උපන් වනිතාව හා පුරුෂයාගේ මෙම යෝගය භංගවීමක්‌ නොවන්නේය. බොහෝ කේන්ද්‍රවල මෙම පිහිටීම වනිතාව හා පුරුෂයා කියා භේදයක්‌ නැතිව පිහිටා ඇත. ශනී 8 කුජ 8 රාහු 8 දැකීමද සඳු වෘශ්චිකයේ තිබීමද රාහු මහා දශාවේ කුජ හෝ ශනි අන්තර් දශාවේදී විවාහය දෙදරවයි.

වනිතා කේන්ද්‍රයක රවි සඳු ශුක්‍ර යන ග්‍රහයන්ට ශනිගෙන් බලවත් ග්‍රහ දෘෂ්ඨිය එල්ල නොවුණා නම් ඉක්‌මන් විවාහයක්‌ද සිදුවන්නේය. වයස අවු 20 ක්‌. 25 ත් අතර මුලාවේ වැටෙන ප්‍රේමයකින් හෝ විවාහය ද සිදුවේ. 1 කොටුවේ සිට 10 කොටුව රාශියක, භාවයක රවි, සඳු, ශුක්‍ර යන ග්‍රහයන් පාප පීඩිත නොවන්නේ නම්ද විවාහය ඉක්‌මනින් සිදුවන්නේය. රවි, සඳු, ශුක්‍ර ශනි යන මෙම ග්‍රහයන් 7 වැන්නේ සිටිද, 7 අධිපති ග්‍රහයන්, උච්චව හෝ නීචව, සතුරුව, ස්‌වක්‌ක්‍ෂේත්‍ර සිටිද විවාහය, ඉක්‌මනින් හෝ ප්‍රමාදව සිදු වන බව පෙන්නුම් කරන්නේය. මේ අනුව විවාහය සිදුවන කාලය එක්‌ එක්‌ කේන්ද්‍ර පරීක්‍ෂා කිරීමෙන්ද, සුබ ග්‍රහයෝග හා අසුබ ග්‍රහයෝග කවරේද, මහා දශාව හා අන්තර් දශාව කෙලෙසද පරීක්‍ෂාවෙන්ද 7 අධිපතිගේ තැන්පත් වූ ප්‍රබල බලවත් වූ ග්‍රහයා ගමන් කරන දිශාව පෙන්නුම් කිරීමෙන් විවාහය සිදු වන කාලය දැන ගැනීමට හැකිය.

රවි, සඳු, ශුක්‍ර යෝගය මෙන්ම කේන්ද්‍රයක භෞම දෝෂය, කණවැන්දුම් දෝෂය මෙන්ම වඳයෝග ඇති ස්‌ත්‍රී කේන්ද්‍ර වල ශනි, සිකුරු, ශනි චන්ද්‍ර සංයෝගයද විවාහය ප්‍රමාද කිරීම හෝ විවාහයක්‌ ඉටු නොවීමට බලපාන්නේය.

යහපත් විවාහයකට හේතුවන්නේ බ්‍රහස්‌පති ග්‍රහයා හා චන්ද්‍රයා, බවද මෙම ග්‍රහයන් දෙදෙනාම 7 වැන්නේ උච්චව සිටීමත් සුබ විවාහයක්‌ම සිදු වන්නේය. තවද කුජ ග්‍රහයාද එක්‌ එක්‌ කේන්ද්‍රවල පිහිටා ඇති සුබ හෝ අසුබ ග්‍රහයෝ සිටින ස්‌ථාන අනුවද ශනි ග්‍රහයාගේ අසුබ දෘෂ්ඨියට ලක්‌වීම් හා ශනි මහා දශාව රාහු හෝ ශනිගේ අන්තර් දශාව නම් ද එම නීච හා සතුරු ග්‍රහයා සිටින දිශාව අනුව විවාහය ප්‍රමාද කරවයි.

ශනි ශුක්‍ර යෝගය විවාහය බිඳ දමයි. සඳු ශුක්‍ර යෝගයද ඉක්‌මන් ප්‍රේම විවාහයද තුළින් කණ වැන්දුම් වන්නේය. නැත්නම් සදහටම විවාහ නොවී සිටින්නේය. ස්‌ත්‍රී කේන්ද්‍රයක පහ, හත, එකොළහ, කොටුවල රවි, සඳු, ශුක්‍ර, ග්‍රහයෝ බලවත් නම්ද, කටක, මීන, වෘශ්චික, වැනි ලග්න හිමි වනිතා කේන්ද්‍රවලද මෙම පලදායි රාශිවල සුබ ග්‍රහයෝග තිබීම ඉක්‌මන් විවාහයක්‌ සිදුවන කාලයක්‌ම වන්නේය. මෙම රාශි වඳ රාශි වීමෙන්ද වෘශ්චිකයට සඳු නීචයි ශනී සතුරුයි. එබැවින් මේෂයට සිකුරු සතුරුයි. මිථුනයට, ගුරු කුජ නීචයි. මෙම ග්‍රහයන් නිසා සමහර ස්‌ත්‍රී කේන්ද්‍රවල වඳ රාශි හා වඳයෝග තුළින් විවාහය ප්‍රමාද කර වන්නේය. පහ, හත හා එකොළහ සමග රවි, චන්ද්‍ර, ශුක්‍ර බලවත්වීමෙන් චන්ද්‍රයා එම භාවයක බලවත්ව සිටීනම් වනිතාවගේ විවාහය ඉක්‌මන්වේ. හත්වැන්න සහ රවි, චන්ද්‍ර ශුක්‍ර බලවත් වු විටදී සම්පත් වූ උසස්‌ම විවාහයක්‌ ඇති කරන්නේය. ශනි කුජ දෝෂය විවාහයද දෙදරන්නේය. රවි කුජ සංයෝගය හා ශනි කුජ විවාහ සැපත අඩු කරන, ස්‌ත්‍රියට ලැබෙන පුරුෂයාද කෲර මිනිසකු වන්නේය. මේ අනුව විවාහය සිදුවන කාලය වනිතාවක හෝ පුරුෂ කේන්ද්‍රයක්‌ තුළින් පෙන්නුම් කරන්නේය. ත්‍රිකෝණ දෘෂ්ඨියට රවි ගුරු සංයෝගයද සුබව පිහිටීමද විවාහයද ඉක්‌මන් කරවන විවාහ සැපතද ඇති කරන පිහිටීමය.

රවි, කුජ, සිකුරු 7 වැන්නේ තනි තනිව තිබීමද 7 වැන්නේ උච්චව හෝ ස්‌වක්‌ෂේත්‍රවද බලවත් ග්‍රහයකු ලෙස සිටීනම්ද, රවි ශනීට චතුරශ්‍රවද, කටක, වෘශ්චික මීන වැනි ජලජ රාශියක සිටීමද ස්‌වාමියා මත්පැනට ලොල්වීමද, වැරැදි කාමයට ගිජුවන පුරුෂයකු ලැබීමද සිදු වන්නේය.

මේ අනුව ස්‌ත්‍රී කේන්ද්‍රයක හෝ පුරුෂ කේන්ද්‍රයක 7 වැන්නේ සිටින ග්‍රහයා හෝ 7 ට අධිපති ග්‍රහයාට බලවත් ග්‍රහයා සිටින දිශාව අනුව විවාහය සිදුවන කාලය පහතින් අපි දක්‌වන්නෙමු. මහා දශාවද අන්තර් දශාව අනුවද දිශාව අනුවද විවාහය සිදුවන කාලය වෙනස්‌ වන්නේය.

මේ අනුව කුජ සිකුරු සංයෝගය මීනයට හෝ ධනුවට ලග්න ගතව තිබීමද දෝෂ භංගවීමකි. මකර වෘශ්චිකයට සඳු හා සංයෝගව තිබීමද කුජ සිකුරු ගෙන් ඉක්‌මන් විවාහයද දෙන්නේය. ඉක්‌මන් විවාහයක්‌ දුන්නත් කෙටි කලකින් පවුල් දිවියද අවුල් කරගෙන විවාහ කිහිපයක්‌ කර ගැනීමටද සමත් වන පවට බරවන සිතුවිලි දෙන අතිධාවන කාම යෝගයකි. මෙම දෝෂය භංගවීමට නම් ගුරු ලග්නාධිපති වන 7 අධිපති ගෙන් දෝෂභංග වන කේන්ද්‍රගත යුතුය. බුධ ලග්නාධිපති හා 7 අධිපති වන කේන්ද්‍ර ගත යුතු වන්නේය. සඳු හා සිකුරු වෘශ්චිකයේ හෝ මේෂයේ තිබීම සුදුසුද වන්නේය. වැන්දඹු දෝෂ ඇති කුජ රාහු, ශනි රාහු සඳු රාහු 8 වැන්නේ තිබෙන මිථුන කටක, කන්‍යා ලග්න හිමි කේන්ද්‍ර ගත යුතු වන්නේය. සඳු, කුජ හා සිකුරු තනි තනිව 7 වැන්නේ තිබීමත් 7 අධිපති ග්‍රහයා හා 7 වැන්නාධිපති ග්‍රහයා ප්‍රබලව හා බලවත්ව දැකීමද මෙම දෝෂය භංගවීමකි. කුජ සඳු පිහිටීමත් කුජ සිකුරු කුජ රාහු සඳු රාහු සංයෝග දෘෂ්ඨිය දෙවැනි විවාහයකට හේතු වන්නේමය. කේන්ද්‍ර දෙකේම දෝෂ භංග වුවද පොරොන්දම් ගැලපුවද මහා දශාවද, අතුරු දශාවද අනුව විවාහයක්‌ ඉටුවීම්ද ඇති කරන්නේමය. ඒ නමුත් වසරක්‌ යන්නට මත්තෙන් රාහු කේතු මාරුව හා රුචක යෝගය, කාල සර්පයෝගය රාහු අන්තර් දශා කාලය තුළදී මෙම කුජ සිකුරු යෝගය තුළින් විවාහයද දෙදරන්නේය.

We found this article from Divaina on 2012/01/13.
Also Sinhala to English Google word to word translation can be found here