විවාහයන් සෑදෙන්නේ දිව්‍යවිමානවලයි. මේ කියමනේ සත්‍යතාවයේ අත්දැකීම් ලත් අය බොහෝවේ. ලිංගිකත්වය මුල්කරගෙන අද කෙරෙන බොහෝ විවාහ ආන්දොaලනාත්මකය. සාමාන්‍යයෙන් ස්‌වභාවයෙන්ම ජීවියා ඔවුනොවුන් අතර විරුද්ධ ලිංගිකයන් කෙරේ ඇදී යැමක්, බැඳීයැමක් දක්‌නට ඇත. එසේ නොවුණහොත් ලොවේ පැවැත්මක්‌ද සිදුනොවේ. විවාහය චාරිත්‍රානුකූලව සංස්‌ථානිකයි. එහි ඇති ප්‍රීතිය විඳීමට ඡන්මියකුට ප්‍රතිභානයක් තිබිය යුතුය.
විවාහ වූවන් දෙස බලන විට තේරීම් හා ගැළපුම් පුදුමාකාර වන බව දැකගන්නට පුළුවන. අවලස්‌සන මිනිසකුට ප්‍රසන්න හැඩකාර යුවතියක් හිමිවෙයි. එලෙසම එහි අනික් පැත්තද සිදුවෙයි. සමහරුන් විවාහයෙන් පසු විනාශ වෙයි. සමහරුන් සිටි තැනින් ඉහළට යයි. සමහරුන්ට විවාහයෙන් සියලු සම්පත් හිමි වුවත් දරුඵල නැත. සමහරුන් බොහො දූ දරුවො අවුරුද්දෙන් අවුරුද්දේ වදා ඔවුන් සමඟ දුගීව ජීවත් වෙයි.
සමහරුන් තමන්ට දිව්‍ය ලෝකයක් වූ විවාහ ජීවිතය අපායක් කර ගනියි. තවත් සමහරුන් විවාහයෙන් පසු අපායෙන් දිව්‍ය ලෝකයට පිවිසෙයි.
ජ්‍යෙතිෂ්‍ය විද්‍යානුකූලව මේ ජන්මපත් විමර්ශනයට බඳුන් කළහොත් මෙබඳු විවාහ තත්ත්වයන් නිවැරැදිව සටහන් වී තිබෙනවා දැකගන්නට පුළුවන.
සිකුරු ග්‍රහයා ලිංගිකත්වය බලගන්වන අතර කුජ ග්‍රහයා තද ආශාව, ඇල්ම බලගන්වයි.
සදාචාරය දූෂ්‍ය වීම
සිකුරු හා කුජ යෝගව ලග්න හෝ 7 වන භාවයේ භාවගත වුවහොත් ගුරුගේ සුබ දෘෂ්ඨියක් නොතිබුණේ නම් ඡන්මියා දුරාචාර වෙයි. ගුරු ග්‍රහයා 10 කර්මස්‌ථානයේ හෝ කුජ සිකුරු සමඟ භාවගත වුවහොත් දුරචාරවීමේ බලය බිඳී යයි. ඒ අතර ඔවුන්ගේ සංයෝගය දුර්වලව පැවතුණේ නම් ඔවුන්ගේම දශා කාලයක්‌ද නොවූයේ නම් මේ දුරාචාර නැමියාව පහව යැමට බලයි.
කර්මස්‌ථානය (10 වැන්න) බලවත් සේ පාප පීඩිත වූයේ නම් – සෙනසුරුගෙන් හෝ කේතුගෙන් ජන්මියා අනාචාර වෙයි. කාම උන්මාදයෙන් පීඩා විඳින්නට සිදුවෙයි.
ලග්නභාවය හා 6 භාවය පාපී පීඩිතවීම ගැන මෙසේ කියෑවේ.
“ලග්නරිපො පාපයුහො ව්‍යභිචාරියි” ඡන්ම පතක ලග්නය හා 6 භාවය පාපී වුවහොත් දුරාචාරයට භිය නැතිවීමට බලකාරකයි.
සිකුරු තම වර්ගයේ හෝ ශනි හෝ කුජගේ වර්ගයක තැන්පත්ව කුජ හෝ ශනිගේ දෘෂ්ටියට පාත්‍ර වුවහොත් එම ඡන්මපත් ලාභියා දුරාචාරයේ හැසිරීමට බිය නොවෙයි.
“සපනේ දහරාපිá විශේෂනෙ ව්‍යභිහිචාරියි”
7 භාවාධිපති පාපියකු හා සංයෝගි වුවහොත් අනාචාර වෙයි.
කේන්ද්‍ර 3 නේ පාපීන් සිටියහොත් ඔහු හෝ ඈ තිරිසන් ලක්‍ෂණ ඇති රාගිකයකු වෙයි.
“කේන්ද්‍රත්‍රයේ පාපයුතො පසුවන් මෛථුන්‍ය සලාසහා”
විවාහය කලින් හෝ ප්‍රමාදව සිදුවීම
“දාරපසන්මිහිටිගොපේ බලේ විවාහා”
ලග්නාධිපති 7 භාවය ආසන්නව සිටියේ නම් ඡන්මියා බාලකලම විවාහ වීමට බලදෙයි.
ලග්නාධිපතිට ආසන්නව ග්‍රහයකු සිටීම හෝ 7 භාවයට සමීපව ශුභ ග්‍රහයෙක්‌වීම බාලකල විවාහයට කාරක වෙයි.
සඳුගේ සිට ගණන් බලන විට ශනි හෝ කුජ සිකුරු සමඟ 7 වැන්නේ තැන්පත් වුවහොත් (භාර්යාවක්) විවාහයක් අහිමියි. ශුභ දෘෂ්Aඨියක් ලැබුණේ නම් ප්‍රමාද විවාහයක් හිමිවෙයි.
භාර්යාවකගේ චරිත ලක්‍ෂණ
ගුරු ග්‍රහයා 7 වැන්නේ සුබව සිටින ඡන්මියා තම භාර්යාවට බොහෝ හිතවත්ය.
“දාරේ ශුභන්ෂි සුධාරාහා”
7 භාවය සුබ වූ විට තමාට ලැබෙන ස්‌වාමිදූ ප්‍රසන්නය සුන්දරය.
7 භාවය සුබ වන්නේ එහි ගුරු, සිකුරු, බුධ හෝ පුරසඳු බලවත්ව තැන්පත් වුවහොත්ය.
“චන්ද්‍රස්‌ථෙ දාසිමා ස්‌ත්‍රී”
7 වැන්නෙ පාපි සඳු තැන්පත් ජන්මපතක යුවතිය තම ස්‌වාමියාට දාසියකු වන්නේය. මේ කාරණාව තවදුරටත් පැහැදිලි කරන්නේ නම් රවිගේ යෝගයෙන් මිදී පිළිපන් සඳු ඉතාම දරුණුයි. දුෂ්ටයි. ශනි, කුජ, රාහු හා සමානව පාපි වෙයි. එබඳු දුෂ්ට සඳු 7 භාවයේ වුවහොත් තම ස්‌වාමි දූ තමාට දාසියක්‌ම වන්නේය. පුරසඳු නම් තම ස්‌වාමි දූ පැහැපත් ගුණවත් යුවතියක් වන්නේය.
දරුඵල හීනවීම
“යමන්ගි රික්‌තාස්‌නාධු ශුක්‍රස්‌ථෙ වන්ද්‍ය ස්‌ත්‍රී”
ශනි සාධිරික්‌තාවකින් නැග එන විට සිකුරු 7 වන භාවයේ නම් එම ජන්මියා චන්ද්‍ර ස්‌ත්‍රීවෙයි. රික්‌තා සංධි යනු අස්‌ලිය, රේවති, මුල යන නැකැත්ත්‍රියේ 4 පාදයයි.
පුරුෂයකුගේ 7 භාවයේ බුධ, රවි සමගම හෝ හුදෙකලාව ශුභ දෘෂ්ටියක් නොලැබ සිටියේ නම් ඔහු චන්ද්‍ර පුරුෂයකු (සපචදඑeබජහ) වේ.
විවාහයේ වාසනා ග්‍රහබල ගැන සලකා බලන විට
ශුක්‍රනමදේ පාපේ මා සාපාපේ ශුක්‍ර ස්‌ත්‍රීසුඛම් නා(
මින් කියෑවෙන්නේ සිකුරුගෙන් 7 වැන්නේ පාපියකු සිටීම හෝ සිකුරු පාපි ග්‍රහයකු සමඟ යෝග වුවහොත් ඡන්මියාට ස්‌ත්‍රී සැප අහිමි වන බවය.
ලග්නාධිපති 7 වැන්නේ ස්‌ව රාශියක සිටින සිකුරුගේ දෘෂ්ටියට පාත්‍ර වුවහොත් එම ස්‌ත්‍රිය ස්‌වාමියාගෙන් සැප ලබයි.
සිකුරු 3,6,11 යන උපචය භාව වල තැන්පත් වුවහොත් විවාහයෙන් පසු ජන්මියා වාසනාවන්ත වෙයි.
එලෙසම ලග්නාධිපති 7 හෝ 3, 6, 11 භාව ගතවීමෙන් විවාහය වාසනාවන්ත වීමට බලකාරකයි. මේ කරුණු කාරණ ගැඹුරින් හැදෑරිය යුතුවෙයි. මේ කාරණා බල ගැන්වීමට හෝ නොගැන්වීමට ජන්ම පතේ බොහෝ කරුණු ඇතුළත් වේ. ඒවාද පරීක්‍ෂා කර නිගමනයනට පැමිණිය යුතුය.
We found this article from Divaina on 2012/12/07.
Also Sinhala to English Google word to word translation can be found here