ගුරු අපලේ විපාකයෙන් නිගරු කෙරේ ගුරු දෙගුරුන්

3004
ගුරු
ගුරු

[ratings]

කෙනකු ජන්ම ලාභය ලබන විට කේන්ද්‍රයේ බ්‍රහස්‌පති හෙවත් ගුරු (JUPITER) දුර්වලවීම නැතහොත් බලවත් වීම නිසා පෙන්වන කර්ම විපාක වේ. ගුරු ග්‍රහ මණ්‌ඩලයේ විශාලතම ග්‍රහයා වේ. යම් පුද්ගලයකු සැපවත් ජීවිතයක්‌ ගත කරනවාද ප්‍රඥවන්ත ද යන්න ගුරු ගේ පිහිටීම අනුව තීරණය කළ හැකිය. එහෙත් ඒ විපාක වූ කලී මීට පෙර ලිපිවල සඳහන් කළ පරිදිම පෙර ආත්ම වල කරන ලද පින් හෝ පව් වල විපාක බවත් ග්‍රහ පිහිටීම ඒ කර්ම ශක්‌තීන් පෙන්වන බවත් නැවත සිහිපත් කරවීමට කැමැත්තෙමු.

සෑම කෙනකුටම සැපවත් ජීවිතයක්‌ ගත කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. එහෙත් රන්වන් පාටින් නැතිනම් රෝස පාටින් බබලන, ආකර්ශනීය, ප්‍රඥවන්ත, ධනවත් කෙනෙකු වීමට අකමැති කවරෙක්‌ද? අප අතරින් සුළු පිරිසක්‌ එවැනි අය බව පෙනේ. ඔවුන් සිත්ගන්නා සුළු පෙනුමින් යුක්‌තය. ධනවත් මෙන්ම දානපතියන්ද වෙති. යාන වාහන, මිල මුදල්, රන් රිදී එවැනිම සුඛෝපභෝගී නිවාස ඔවුන්ට හිමිය. කටහඬ ද වචනද උදාරය. පින්වත් ස්‌වාමීන් වහන්සේලා, ගුරුවරු, වෛද්‍යවරු, අධිකරණ නායකයන්, දේශපාලන නායකයන්, හා දක්‍ෂ කාරුණික ව්‍යාපාරික ප්‍රජාව වැනි අය අතර මෙවැනි චරිත බහුල බව පෙනේ.

තවත් සමහර අයට මිල මුදල් හිඟය. කලට වේලාවට ආහාර පාන පවා ලැබෙන්නේ නැත. තමන්ට කියා වාහනයක්‌ නැත. ශරීරය දුර්වර්ණය. ප්‍රඥව දුර්වලය. ඉගෙනීමට ද දුර්වලය. බොහෝ විට ඔවුන් මධුමේහය හෙවත් දියවැඩියාව, හෘදයාබාධ, සෙම් රෝග, ඉදිමීම වැනි රෝගීන් වෙති. සුදුසු කල සුදුසු ගුරුවරුන් නොලබන ඔවුහු විවාහයෙන් පසුව දරු සම්පත් වලට ද හිමිකරුවෝ නොවන අවාසනාවන්තයන් වෙති. සැප අහිමිය.

කර්ම ශක්‌තිය සහ ග්‍රහ අපල අතර සම්බන්ධතාවය තවදුරටත් පැහැදිලි කර ගැනීම සුදුසු බව පෙනේ. තමන් කරන ලද කර්ම විපාක අනුව ඊට ගැලපෙන්නා වූ කිරණ විශේෂයක්‌. ග්‍රහයන් ගෙන් ඒ ඒ පුද්ගලයා වෙත නිකුත් කරන්නේ නැත. ග්‍රහයන්ගෙන් නිකුත්වන කිරණ නොවෙනස්‌ වන නමුදු ඒ ඒ ග්‍රහයා හිමි වන පුද්ගලයන්, ද්‍රව්‍ය, දින, හෝරා, මැණික්‌, වර්ණ ආදිය කර්ම විපාක අනුව ජන්මියාට විශේෂ බලපෑමක්‌ ඇති කරයි. ග්‍රහ අපල යනුවෙන් හඳුන්වන්නේ ඉහත දේවල් පරිසරය තුළද ඡන්මියාට එරෙහිව හෙවත් විරුද්ධව ක්‍රියාකරන බවයි. ඒ වූ කලී මිනිසා පරිසරයට එරෙහිව ක්‍රියා කර තිබේද? එසේ නම් පරිසරය විසින් අදාළ පුද්ගලයාට එරෙහිව ප්‍රතික්‍රියා කරන බවයි. අප අවට පරිසරයේ ඇති සියලු ජීව පූර්ව වස්‌තූන් නවග්‍රහයන්ට හිමි වන ආකාරය ජ්‍යෙතිෂ්‍යයේ සඳහන්ය.

මේ අනුව ගුරු ට හිමි වන්නේ ගරුවරුන්, වෛද්‍යවරුන්, දූ දරුවන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, අධිකරණ නායකයන්, බැංකු හා මූල්‍ය ආයතන පාලනය කරන අය, මුදල් ඇමැති, ආදී පුද්ගලයන් බ්‍රහස්‌පතින්දා දිනය පුෂ්පරාග මැණික, කහපාට බෝධීන්වහන්සේ කොස්‌ ගස්‌, තැඹිලි ගස්‌ ආදිය වේ.

ගුරු බලවත් අයට ඉහත පුද්ගලයන් හා අනෙකුත් දේ ඉතා ශුභව ක්‍රියාත්මක වන බව සත්‍යයකි. එවැනි අයගේ ක්‍ෂේත්‍රවල ගුරු බලවත්ව පිහිටයි. කේන්ද්‍රයේ පළමුවැනි කොටුවේ හෙවත් ලග්නයේ ගුරු හෙවත් බ්‍රහස්‌පති පිහිටි අයගේ දිග්බලය නම් බලයක්‌ ලබයි. එමෙන්ම ගුරුට සූර්යයා වටා ගමන් කිරීමට වසර දොළහක්‌ පමණ ගතවන අතර එසේ යාමේදී කටක රාශියේ දී උච්ච බලයද, ධනු හා මීන යන රාශිවලදී ස්‌වක්‍ෂෙත්‍ර නම් බලයද ලබයි. මාකර රාශියේ දී ගුරු දුර්වල හෙවත් නීචනම් බලයද ලබයි. මකර රාශියේ දී ගුරු දුර්වල හෙවත් නීචනම් තත්වයට පත්වන්නේය.

මේ අනුව දිග්බල උච්ච ස්‌වක්‍ෂෙත්‍ර ආදී බලයක්‌ ඇතිවිට උපත ලැබූ අයගේ ගුරු ශුභ බවත් ඒ අයට මෙම ලිපියේ මුලින්ම සඳහන් වන ප්‍රඥව, ධනය, ආදිය ලැබෙන බවත් දුර්වලව පිහිටි අයට ඒවා අහිමිවන බවත් දත යුතුය.

යම් පුද්ගලයකු දුබල බවට පත් කරන භව තුනක්‌ තිබේ. කේන්ද්‍රයේ ගුරු 6,8,12 යන භව වල තැන්පත් වීමෙන් බොහෝ විට ශුභ ඵල හීනකර අපල ඇතිකරයි.

මේ හැර කේන්ද්‍රයේ පළමුවැන්නේa ගුරු සිටීම ඉතා ශුභය. රාශි බලය ද ඇත්නම් කෝටියක්‌ දොaෂ භංග කරන්නේ යෑයි කියා තිබේ. ප්‍රඥවන්තයෙක්‌ වෙයි. පිනට කැමති වෙයි. යහපත් ඉගෙනීම හා ධනවත් භාවය ලබා දෙයි. දෙවැන්නේ ගුරු ඉතා ශුභය. ධනය ගැන කියන දෙවැන්නේම ධනයට අධිපති ගුරු සිටීම ධන යෝගයකි. සාමකාමීව කතාකරන සැපවත් ජීවිතයක්‌ ගතකරන කෙනෙක්‌ වෙයි.

තුන්වැන්නේ ගුරු පිහිටීම ශුභ ඵල හීන කරයි. සෞඛ්‍යය පිළිබඳ ගැටලු විය හැක. හතරවැන්නේ සිටින විට ඊට හිමි ඉඩකඩම්, ගේදොර පිළිබඳ වර්ධනයක්‌ ඇති කරයි. උපන් ගමේම ප්‍රකට භාවයට පැමිණේ. මව් පියන්ට ශුභයි. සුඛෝපභෝගී පරිසරයක ජීවත්වීමට ඉඩ ලැබේ. පින් සිතිවිලි ඇත්තෙකි. පස්‌ වැන්නේ ගුරුගේ පිහිටීම ඉගෙනීමට ශුභයි. බලවත්ව පිහිටි විට උසස්‌ ඉගෙනීම මෙන්ම යහපත් ගුරුවරුන්ද ලබයි. එමෙන්ම දරුවන්ද උසස්‌ අය වේ. හයවැන්නේ හෙවත් රෝග ස්‌ථානයේ යහපත්ව පිහිටි විට පමණක්‌ නිරෝගී විය හැක. නැත්නම් රෝගී වේ. එහෙත් යහපත් මෙහෙකරුවන් ලබයි. සත්ව කරුණාව ඇති කෙනෙක්‌ වේ.

හත් වැන්න හෙවත් විවාහස්‌ථානයේ ගුරු සිටීම යහපත් වූ විවාහයකට හේතුවේ. එහෙත් ගුරු 7 සිටින විට විවාහය ප්‍රමාද වූ අය මෙන්ම, අවිවාහක අය ද සිටින බව පෙනේ. ඊට හේතුව ගුරු ප්‍රඥව පිළිබඳ ග්‍රහයා වීමත් එවැනි අය විවාහය දෙස ප්‍රඥවන්තව හා දූරදර්ශීව බැල්ම හෙවත් අපේක්‍ෂිත සහකාරයා ගැන බොහෝ සුදුසුකම් බැලීමත් විය හැක. තවද එවැනි අය අපක්‍ෂපාතීව තීරණ දීමට දක්‍ෂය. ගුරු අටවන භාවයේ සිටීමද ශුභ නැත. සැප අහිමිවීම, අවිවේකය, දරුසම්පත් ප්‍රමාදවීම හෝ නැතිවීම, ආදිය විය හැක. එහෙත් විවාහ දායාද ලැබීමට ඉඩ ඇති අතර ශාන්ත මරණයත් එවැනි අයට උරුම වන්නේය.

නවවැනි භාවයේ ගුරු ශුභයි. පෙරපින, වාසනාව ඇති එවැනි අය උසස්‌ අධ්‍යාපනයක්‌ ලැබීමට ද දක්‍ෂ අය වෙති. ආගම පිළිබඳ විශේෂ ලැදියාව පිනට ලැදි බව මෙන්ම විදේශ ගමන් ද යෙදේ.

දහවැන්නේ ගුරු ද ශුභය. 10 වැන්න යනු අහස මුදුනයි. අහස මුදුනේ සිටින ග්‍රහයාගෙන් උපරිම බලය ලැබෙන බව පෙන්වයි. එවැනි අයට රජයේ උසස්‌ තනතුරු ලැබේ. සැපවත් පරිසරයක

රැකියාව කරනු ඇත. නිරෝගී ශරීරයක්‌ හිමිවේ.

එකොළොස්‌ වැන්නේ පිහිටි ගුරු ආදායම් මාර්ග වර්ධනය කරයි. උසස්‌ වැටුපකට හිමිකරුවෙක්‌ වේ. රට පුරාම උගත් උසස්‌ මිතුරන් ඇතිවේ. යහපත් අසල්වාසීන් ද සහෝදරයන්ද ලබයි. ශුභ ඵල දායක විවාහයක්‌ සිදුවේ.

දොළොස්‌වන භාවයේදී ගුරු ශුභඵල හීන කරයි. එහෙත් 12 භාවයෙන් කියන ආරෝග්‍යශාලා, බන්ධනාගාර ආදියේ සේවයට යහපත්ය. ගුරු 12 වෛද්‍යවරුන් බිහිකරයි. විදේශ ගමන් යෙදේ.ඉහත දක්‌වන ලද්දේ ගුරු ග්‍රහයා කේන්ද්‍රයේ ඒ ඒ භාවවල පිහිටීමෙන් පෙන්වන ශුභ අශුභය. එහෙත් අනෙකුත් ග්‍රහයන්ගේ සංයෝග දෘෂ්ඨි, යෝග ආදිය නිසා මේ ප්‍රතිඵල වෙනස්‌වීමට ඉඩ තිබේ.ජන්ම පත්‍රයක 6,8,12 යන දුෂ්ඨ ස්‌ථානයක හෝ මකර ආදී දුර්වල මහා රාශියක පිහිටි විටද, පාප ග්‍රහයන් වන කුජ, ශනි, රාහු, කේතු අවසඳු ආදී ග්‍රහයකු සමග සංයෝග වන විටද ගුරුගේ අපලය ඇතිවේ. එසේ වන්නේ විශේෂයෙන් ගුරුගේ දශාව (අවුරුදු 16) ලැබීම හෝ ගමනින් ඒ කාලයට 6,8,12 ආදී රාශියක ගමන් කරන විටය.එම ගුරුගේ දුබලවීම බාල කාලයේ ඇති වුවහොත් ඉගෙනීමට බාධා පැමිණේ. යහපත් ගුරුවරුන් නොලැබේ. මැදිවියේ ලැබුවොත් දරු උපත්වලට බාධා පැමිණේ. වයස අගදී නම් බොහෝවිට සෙම්රෝග ඉදිමීම, දියවැඩියාව, හෘද රෝග ආදී රෝග තත්ත්වයන් වැළඳේ. එය අසාධ්‍ය වෙයි. ඊට හේතුවන්නේ ද රෝගයට කර්මයන් හේතුවී ඇති බව නොදැනීම නිසා හෙවත් “කර්මජ රෝගයන්” බව නොදැනීම නිසාය. බෙහෙත්වලින් පමණක්‌ රෝග සුවවන්නේ නැත.ගුරු අපලය ඇති වන්නේ පරිසරයේ ගුරු නියෝජනය කරන අයට කරන ලද අකටයුතුකම් හේතුවෙනි. ගුරුවරුන්ට, සිල්වතුන්ට, භික්‍ෂූන් වහන්සේලාට, ගුණවත් පූජ්‍ය පක්‍ෂයේ උතුමන්ට එමෙන්ම පූර්වාචාර්ය නම් වූ මව්පියන්ට අපහාස කිරීම, නින්දා කිරීම නොසැලකීම, අකීකරු වීම, බෝධීන් වහන්සේලා කැපීම, විනාශ කිරීම, බුදු පිළිම කඩා දැමීම, ගුණවත් ජන මිතුරන්ට ෙද්‍රdaහී වීම ආදී පාප කර්ම, බුදු පිළිම කඩා දැමීම, ගුණවත් ජන මිතුරන්ට ෙද්‍රdaහී වීම ආදී පාපකර්ම නිසා එහි විපාක වශයෙන් ගුරු අපලය ඇතිවේ.අපලය සමනය කර ගත හැක්‌කේ ශාන්ති කර්ම කිරීම මගිනි. ගුරු අපලයට ශාන්ති කර්ම කරන විට ඒ සඳහා ගුරු දින හෙවත් බ්‍රහස්‌පතින්දා දිනය හා ගුරු හෝරාව යොදා ගැනීම උචිත වන්නේය.බුද්ධ පූජා තබන විට බුදුරජාණන් වහන්සේගේ “ශාස්‌තෘ ගුණය” මෙනෙහිකර වන්දනා කරන්න. බෝධි පූජා තබන විට කහපාට මල්, කහගෙඩි, තැඹිලිතෙල් පහන් පූජා තබා නව අරහාදී බුදුගුණ පැන් කළයට පිරිත් කර බෝධිය නහවා ස්‌වල්පයක්‌ බොන්න. ගුරුයම් අංක 5 එකතුවට ලැබෙන 5,14, 23,32, 41, ආදී සංඛ්‍යාතවලින් මල්වට්‌ටි කොඩි ආදිය පූජා කරන්න. අවසානයේ සියලු දෙවිවරුන්ටත්, විශේෂයෙන් මතු බුදුවන මෛත්‍රිය නාථ දෙවියන්ට හා ප්‍රදේශාධිපති දෙවියන්ටත් පිං දෙන්න.එමෙන්ම ගුරු හිමි දෙමාපියන්ට, ගුරුවරුන්ට, පැවිදි උතුමන්ට වතාවත් කරන්න. එයින් බොහෝ ශුභඵල ලැබේ. හිතවත් කල්‍යාණ මිතුරන් ඇසුරු කරන්න. එමෙන්ම සීනි හකුරු ආදී පැණිරස තෙල් ආහාරද ගැනීම අගුණ බව මතක තබා ගන්න.අභිසම්භිදාන යන්ත්‍රය නියම ලෙස පිරිත් කර පැලඳීම ද ගුරු අපලය සමනය කර ගැනීමට ඉතා ශුභය. අවසාන වශයෙන් කිවයුත්තේ මතුවට ගුරු අපලයෙන් මිදීමට නම් අද සිටම මව්පිය ගුරුවර හා පැවිදි උතුමන්ට අගෞරව කිරීම කිසිසේත්ම නොකළ යුතු බවයි.” සිල්වතුන්ට ගෞරව කිරීමෙන් ආයු, වර්ණ, සැප, බල ලැබේ.

We found this article from
Divaina
Also Sinhala to English Google word to word translation

can be found here