ජ්‍යෙතිෂ්‍යය සහ හිරු සඳු

1554
හිරු සඳු
හිරු සඳු

විද්‍යානුකූලව සූර්යාලෝකය තුළ විවිධ කිරණ පවතී. මේ කිරණ ශක්‌තිය නිපදවයි. ලොව සියලු ජීවීන් මේ ශක්‌තියේ නිපැයුම් වෙයි.

මිනිසකු මෙලොව උප්පත්තිය ලැබූ පසු ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රය, එම ජීවියා අධ්‍යයන කරනු පිණිස ඵලක 3 ක පිහිටුවයි.

1. කායික ලක්‍ෂණ හා චර්යාවන්

2. මානසිකව විවිධ වූ සංඥාවන්

3. අධ්‍යාත්මික අපේක්‍ෂාවන්

සූර්යා තාරකාවකි, පෘථිවියේ සිට කි. මී. මිලියන 150 ක්‌ පමණ දුරකින් පිහිටා ඇත. විද්යුත් චුම්භක ආලෝක කදම්භ මුදාහරියි. ඉතා සැහැල්ලු හයිඩ්‍රජන් වායුවෙන් නිර්මිතයි. එක්‌ තත්පරයකට හයිඩ්‍රජන් ටොන් මිලියන 770 ක්‌ දහනය කරන බව සොයාගෙන තිබේ. මතුපිට උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 15,000,000 ක්‌ පමණ වේ. මේ මුදාහැරෙන ආලෝක ශක්‌තිය පෘථිවියේ ජීවීන්ගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාධකයක්‌ බව විද්‍යාත්මකව ඔප්පු වී හමාරය. එහෙත් එය ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රය ඊට ප්‍රථම ලොවට අනාවරණය කර තිබූ බව මතක්‌ කළ යුතුයි. මේ ආලෝක ශක්‌තිය සෘෂි භාෂිතයේ කොටස්‌ 3 කට බෙදා ඇත. ඒ කාර්යය වශයෙන්

1. සෘස්‌ති – ඉපැදීම

2. ස්‌ථිථී – රැකවරණය

3. ලය – විනාශය

සෑම ජීවී අජීවී ප්‍රපඤ්චයක්‌ම මෙබඳු අවස්‌ථාවකට මුහුණ දෙයි. ජ්‍යෙdතිෂ්‍ය දර්ශනයෙන්ද කියවෙන්නේ මෙම ස්‌වභාවයයි.

සූර්යා තම දෛනික ගමනේදී ප්‍රධාන වශයෙන් අඳුර, ආලෝකය, වර්ෂාව, සෘතු භේදය, මා ප්‍රවහා උපදවයි. මේ විපර්යාසයන් සියලු සත්ත්ව හා ශාක ගහනයේ බීජ හා කලලවල ගුණය, ප්‍රමාණය, වර්ධනය, පැවැත්ම හා විනාශය තීරණය කරනු ලබයි.

පෘථිවියට ළඟින්ම ගමන් කරන උප ග්‍රහවස්‌තුව සඳුයි. තමාගේ පුර (ආං) අව (ආබැ) ආලෝක ශක්‌තියෙන් මුහුදු ජලයට බලපෑම් කරයි. මුහුදු ජලයේ වඩදිය කොපමණ ප්‍රමාණයකට එසවිය යුතු දැයි තීරණය කරනු ලබන්නේ පුර සඳුයි. එම තත්ත්වය පෘථිවියේ සත්ත්ව (ජලය) හා ශාක ජීවීන් කෙරෙහි බලපායි. අද්භූත බලවේග නොවේ. ඇස්‌පනා පිට දැකිය හැකිය. මුහුදු ජලයේ ලවණ (sදාසමප) සාන්ද්‍රගතය. අපේ ශරීරයේද යම් පමණකට ලවණ සාන්ද්‍රගත බව ඔබ දනියි. සඳුට මුහුදු ජලය ඔසවන්න පුළුවන්නම් අඩි ගණනක උසට, අපේ ශරීරයේ ඇති ලවණවලටද සඳුට විශාල බලපෑමක්‌ කළ හැකිය. ඇදුම රෝග උත්සන්න වීම, පොහෝ දිනකට කැපුණු තුවාලයකින් බොහෝ සේ ලේ වහනය වීම, තුවාලවල වේදනා වැඩිවීම ආදිය සඳුගේ බලපෑමෙන් සිදුවෙන බව අද වෛද්‍යවරු පවා පිළිගෙන හමාරය. ඒ බව ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රය ඊට පෙර පෙන්වා දී තිබේ. අද පෞද්ගලික සේවයේ දන්ත වෛද්‍යවරු පොහෝ දිනවල දත් ගැලවීම් කටයුතු කරන්නේ නැත. අපේ ශරීරයේ හෝමෝනවල ලවණ අඩංගුය. පුර සඳුට මේ හෝමනවල නිෂ්පාදන ශක්‌තිය, ප්‍රමාණය ආදිය වෙනස්‌ කළ හැකිය. පුරසඳු ඇති දිනෙක ක්‍රීඩකයකුගේ මස්‌පිඩු පෙරළීමක්‌ සිදු වුවහොත් අන් දිනකට වඩා ආබාධයේ සංකූලතාවන් වැඩි වනු ඇත. ඒ සඳුගේ ආලෝක ශක්‌තියේ බලයයි. උප්පත්ති වේලාවට, මාසයට දවසට – තිථියට සඳුගේ බලය ජීවියාට ලැබෙන ආකාරය වේලාපතක අපූරුවට පෙන්වා දී තිබේ. දක්‍ෂ උගත් ජ්‍යෙdතිෂ්‍ය ඇදුරුතුමකුට වේලාපතේ සඳුගේ රාශි, ස්‌ථාන, දෘෂ්ටි, යෝග, සංයෝග, නවාංශක ආදියේ බල බලා බොහෝ අනාගත වර්තමාන පූර්ව ඉඟි, අනාවැකි කිව හැකිය. අනික්‌ ග්‍රහයන් ගැනත් එසේමයි. මෙම කරුණුවලට අනුව ජීවීන් කෙරෙහි ග්‍රහ බලපෑමක්‌ නැතැයි කිසිවකුට කිව නොහැකිය. තවද පුරසඳු ඇති දිනවලට පැරණි මිනිසුන් ගස්‌ කපන්නේ, ඉරන්නේ නගින්නේ නැත. ගසේ තෙතමනය වැඩිවන බව ඔවුහු දැන සිටියහ. කාර්ය අපහසුය. අප්‍රිකාවේ සමහර ගෝත්‍රිකයන් තම සාම්භෝගය සඳහා තෝරා ගන්නේ එළිමහනේ පුර සඳට බල ඇති කාලයයි, තොරතුරු ජාලවල සඳහන් වේ.

මේ ග්‍රහවස්‌තු අපට බලපාන ආකාරයෙන් (රාහු කේතු හැර) හත් දෙනකු හඳුනා ගෙන ඇත. ඉන් ප්‍රධාන වන්නේ හිරු හා සඳුයි. ඊට අමතරව කුජ, බුධ, සිකුරු, සෙනසුරු ගුරු ආදී වශයෙන් ග්‍රහවස්‌තූන් වේ. මේ සෑම ග්‍රහවස්‌තුවක්‌ම බලපෑම් කරන්නේ දැනට ජීවත්වන, පවතින ජීව අජීවී වස්‌තූන් කෙරෙහි පමණක්‌ නොව ඉපදීමට මතු වීමට සිටින්නා වූ තිබෙන්නා වූ වස්‌තූන් කෙරෙහි ද බලපෑම් කරයි.

“ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රය, දෛවාදය, මායාකර්ම අත් ශාස්‌ත්‍රය, කාඩ් ගැසීම වැනි ශාස්‌ත්‍ර සමග පටලවා ගත යුතු නොවන බව” ජ්‍යෙdතිෂ්‍යවේදි බී. වී. රාමන් මහතා කියයි.

ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රයෙන් අර්ථකථනය කරන්නේ ජීවියකුගේ පෙර ආත්ම භාවයේ කර්ම විපාක අනුව මේ ආත්මයේ ජීවියාගේ අනාගතය, ජීවිතය සකස්‌ වී ඇති අයුරුය. ඒ බව උපන් වේලා පතේ ග්‍රහචාරයෙන් පිළිඹිබු වන බව ණ්‌රප් aබා Cයෑපසිඑරහ පොතේ මහාචාර්ය බී. සූර්යනාරායන් රාඕ මහතා පෙන්වා දෙයි.

ලොව මහා දාර්ශනිකයකු වූ ප්‍රංශ ජාතික ඩාන්ටේ ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රය උසස්‌, උත්තම, නිරම්‍ය ශාස්‌ත්‍රයක්‌ බව කියයි. ඒ හැරුණු විට, පයිතගරස්‌, ඩිමෝක්‍රෙටිස්‌ බේකන්, කෙප්ලර් වැනි රෝම, ශ්‍රීක, ඉංග්‍රීසි විද්වත්තු ජ්‍යෙdතෂ්‍ය ශාස්‌ත්‍රය මනා ලෙස උගත්හුය. මහා ගණිතඥයකු වූ නිව්ටන් ගණක ශාස්‌ත්‍රයට යොමු වූයේ අහසේ නිරූපණය වූ අවකාශ වස්‌තුවක්‌ දැන බොහෝසේ කල්පනා කරන්න පටන් ගත්ත නිසාය.

වේලාපතක ග්‍රහගෝචරයෙන් වෙනස්‌ වෙමින් පවතින්නා වූ ග්‍රහ වස්‌තූන්ගේද තාරකාවන්ගේද බලය ආලෝකය පිළිබඳ අධ්‍යයනයක්‌ කළ පසු කාලීනව මිනිසකුගේ වාසනාව, අවාසනාව, මානසික හා කායික ගුණය ඔහුගේ නැඟීම හා වැටීම පිළිබඳව පූර්ව නිගමනයක්‌ කළ හැකිය.

මේ ආකාරයෙන් තමාගේ උපන් වේලාවට ඇති ග්‍රහබල, දශා බල ආදිය ජ්‍යෙdතිෂ්‍යමය කරුණු කාරණා සොයා බලා දැන හඳුනාගෙන, අනාගතයේ ඇති විය හැකි දුෂ්කරතා, දුෂ්කර කාලපරිච්ෙ-දවලින් බේරීමට, මග හැරීමට ක්‍රම වේදයක්‌ සොයා ගැනීමට උත්සාහ කිරීමෙන් තමාට යහපතක්‌ම සිදු වේ.

ස්‌වභාවිකව මිනිසා අතෘප්තිකරය. ආශාවන්ට සීමාවක්‌ නැත. කිසිදු වැදගත්කමක්‌ නැති, සුළු දෙයක්‌ හෝ සිද්ධියක්‌ පිළිබඳ බොහෝ සිතයි. තැවෙයි. මානසිකව පීඩාවට පත් වෙයි. ජීවන මගේ නෛසර්ගික තත්ත්වයන් පිළිබඳ අවබෝධයක්‌ ලබා ගැනීමට අසමත් වෙයි. තමාට ජීවන මගේ ඉහළ යැමට නොහැකි වීම ගැන දුකට පත් වෙයි. ඒ මිනිස්‌ ස්‌වභාවයයි. මෙබඳු අවස්‌ථාවලට පිළිතුරු ඔබේ උපන් වේලාපතින් ජ්‍යෙdතිෂ්‍යවේදී ඇදුරු තුමකුගෙන් සහනයක්‌ ලබා ගැනීමටද හැකි වෙයි.

ඥානවන්තයා ග්‍රහයන් පාලනය කරයි. අඥානයා ග්‍රහයන්ට යටත් වෙයි

We found this article from Divaina on 2013/01/04.
Also Sinhala to English Google word to word translation can be found here