ධනලාභීන්ට යස ඉසුරු ලබන්ට ලාෆින් ඉවත් කර සීවලී මහ රහතන් වහන්සේට වඳින්ට

0
761
ඉසුරු
ඉසුරු

[ratings]

සීවලී මහ රහතන් වහන්සේට සිංහල බෞද්ධ අපි උදේ සවස මල් පහන් පුදන්නේ නිවසට ආහාර පානාදිය නොඅඩුව ලැබ යස ඉසුරු ධන ලාභ ඇතිවීමට හා ග්‍රහ දෝෂ ආදියෙන් මිදී යහපත උදාකර ගැනීමේ විශ්වාසයන් මතය. ඔබට එය පූර්ණව ලැබුණාද? මිනීපෙට්‌ටි විකුණන්නා, සුරාසැල් හිමියා, කසිප්පු විකුණන්නා, තම වැඩ කටයුතු අරඹන්නේ ද සීවලී හාමුදුරුවන්ට පහන තබාය.

සමහර අය පසු ගිය වකවානුවේ නිකවැරැටි බෝධිය වටා, රොක්‌ වූයේ, දොළුකන්දේ පිරිත් පැන් බීවේ, කුඩාගම පල්ලියට ඇදී ගියේ, ගෙත් සෙවණවලට ගොස්‌ යාච්ඥාවන් කරගත්තේ, ගොළු අය කතා කරවන්ට, බිහිරි අයට කන් ඇහෙන්ට, අන්ධයන්ට ඇස්‌ පෙනෙන්ට අබ්බගාතයන්ගේ විකලාංගයන් නැති කරගැනීමට හා ග්‍රහ දෝෂ අපල, යක්‍ෂ, භූත, ප්‍රේත, අමනුෂ්‍ය උපද්‍රවයන්ගෙන් මිදී සහනය පතාය. මේ ස්‌ථානවලට ගොස්‌ මියගිය අය ගැන කුමට කතාද? පිහිටක්‌ ලැබුණාද?

සමහරුන් අද මානසික යෝග්‍යතාවන් සපුරා ගැනීම සඳහා ලාෆින් බුද්දෙක්‌ පසුපස තොර තෝංචියක්‌ නැතිව මුළාවෙන් පසුපස දුවයි. ගෙම්බෙක්‌, කුබේරයෙක්‌, වාමනයකුගේ මූර්තිය නිවසේ ව්‍යාපාරික ස්‌ථානයේ තැන්පත් කරයි. මෙයින් පිහිටක්‌ ලැබුණාද?

ලාෆින් බුද්ධා කියන්නේ “චැන්ඩුන් චෑන්චුන්” නමැති චීනයේ විසූ බඩට ආහාරයක්‌ නොගෙන මහත් ලෝභයෙන් කුම්මැහිකමින් ආගමට පවා ධන පරිත්‍යාගයන් නොකර ධනය රැස්‌ කළ පංච කුනෙකි. මොහු මියගිය පසු චින්නූන් මොහු සිහි කිරීමට මූර්තියක්‌ සකසා වෙළෙඳ කුටියෙහි ප්‍රදර්ශනය කළේය. මේ මූර්තියේ කට ගෙම්බෙකුගේ මෙන් පළල්ය. බඩගෙඩිය ගෙම්බෙකුගේ වගේය. අංගුටුමිට්‌ටෙකි. මුදල් කාසි මාලයක්‌ කර වටා නෙළා ඇති වාමන රූපයකි. බහිරවයෙකි.

මෙතෙක්‌ පහළ වූ අප අසා ඇති බුදුවරුන් ධනය ඉතිරි කළේ නැත. ශරීර අවයව පවා දන් දුන්හ. දෙතිස්‌ පුරුෂ ලක්‍ෂණයන්ගෙන් පූර්ණ වූ බව බෞද්ධ පත පොතේ සඳහන් වේ. එම බුදුවරුන් විසි අටදෙනෙකි. ඒ අය අටවිසි බුදුවරු නමින් හැඳින්වේ. අනාගතයේ බුදුවීමට පෙරුම් පුරන්නේද මෛත්‍රී බුදුන් බවයි. ලාෆින් බුද්දෙක්‌ ගැන කොතැනකවත් සඳහන් නොවේ.

1. තණ්‌හංකරෝ මේධංකරෝ – අථෝපි සරණං කරෝ

දීපංකරෝච සම්බුද්ධෝ – කොණ්‌ඩඤ්ඤො දීපදුත්තමෝ

2. මංගලෝච සුමනෝච – රේවතෝ සෝභිතෝ මුණි

අනෝමදස්‌සී පදුමෝ – නාරදෝ පදු මුත්තරෝ

3. සුමේධෝච සුජාතෝච – පියදස්‌සී මහා යසෝ

අත්ථදස්‌සී ධම්මදස්‌සී – සිද්ධත්ථෝ ලෝක නායතෝ

4. තිස්‌සෝ ඵුස්‌සෝච සම්බුද්ධෝ – විපස්‌සී සි‚ වෙස්‌aසභූ

කකුසන්ධෝ කෝණාගමණෝ – කස්‌සපෝ ගෝතමෝ මුනි

5. අට්‌ඨවීසතී තෙ බුද්ධා – සබ්බ සත්ත හිතේ රතා

තෙසාහං සිරසා පාදේ – අභි වන්දාමි සාදරං

අටවිසි බුදුවරයන් වැඳීමේ මෙම කෙටි ගාථා රත්නයෙන් එය මනාව අවබෝධ වේ.

උත්තර භාරතයේ කණිෂ්ක රජුගේ කාලයේ පැවැත්වූ ධර්ම සංගායනාවකින් පසු බුද්ධ ධම_ය හීන යාන මහායාන කියා කොටස්‌ දෙකකට බෙදුණි. ඒ අයගෙන් මහා යානිකයන් උදක්‌ තෙවළා දහමින් පමණක්‌ සතුටට පත් නොවුණ පිරිසකි. උන් වහන්සේලාගේ විෂය ක්‍ෂේත්‍රයන් පළල්ය ගැඹුරුය. ජන ජීවිතයේ හැම අංශයක්‌ කෙරෙහිම උන්වහන්සේලාගේ හිත යොමු විය. ගැටලු විස¹ ගැනීමට බුද්ධ ධර්මය මාධ්‍යයක්‌ කරගත්හ. ඒ නිසා මුළු මහත් ආසියාව පුරා බුද්ධාගම සීග්‍රයෙන් පැතිර ගියේය. ඒ හේතුව නිසා සීවලී මහ රහතන් වහන්සේ කෙරෙහි මහායානිකයන්ගේ හැඟීම් බලවත් විය. තවද අප ලොව්තුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගමනක්‌ පිටත්ව යන විට සීවලී හාමුදුරුවෝ සිටී නම් දානය නොවරදින බවට ප්‍රකාශයක්‌ ද කර ඇත.

මේ නිසා සීවලී හාමුදුරුවන්ගෙන් පිහිට ලබා ගන්ට සීවලී පිරිත, ගාථා, අෂ්ඨක, දැහැන්, මන්ත්‍ර යන්ත්‍ර ශ්ලෝක ඉසිවරු විසින් සකසා ඇත. එහෙත් අපේ අනුවණකම නිසා එයින් ඵලක්‌ නොලද්දන් බවට පත්ව ඇත. සීවලී පිංතූරයක්‌ නිවසේ උළුවස්‌සට උඩින් එල්ලුවාට පමණක්‌ ඵලක්‌ වන්නේ නැත. බිත්තියේ ගැසුවාට ද පලක්‌ නැත.

මා නොබෝ දිනක ඉන්දියාවේ දඹදිව සංචාරයකදී මහා ඉසිවර මහාචාර්යවරයකුගෙන් දැනගත් උපදෙස්‌ අනුව සීවලී හාමුදුරුවන්ගේ පිංතූරයෙහි එක්‌ කනක්‌ පමණක්‌ පෙනෙන, කහ පැහැ සිවුරකින් යුත්, පාත්තරය තුළට ඇඟිලි පහම දමා ඇති, අසලින් පූර්ණ භාණ්‌ඩයක්‌ ඇති අසුනක්‌ මත වැඩ සිටින පිංතූරයක්‌ වන අතර විශේෂයෙන්ම දෙපසින් සැරියුත්, මුගලන් දෙනමගේ රූප දෙකක්‌ ඇතුළත් විය යුතු බවයි.

එවන් සීවලී පිංතූරයක්‌, සකසා නිවසේ, ව්‍යාපාරික ස්‌ථානයේ තැන්පත් කර දිනපතා මෙම පාඨයන් කියවන්න එවිට ඔබ බලාපොරොත්තු වන ධන ලාභය, යසස, කීර්තිය උදාවෙයි. සුව සහනය ලැබේ.

නමෝ සිද්ධ සීවලී මහාරාජා පඨවියා සබ්බතෝ මේව ආකාශේ උදතේනේ විසං සං හස්‌සන් තම්පි සාරේමි ස්‌වදේසේ සබ්බ ලාභං උපෙන්තු මෙ අතේ, මෙය සවසට කියන විට ස්‌වදේශේ යන වචනයට “පච්චදිවසේ” කියා කියවන්න තවත් දැහැනක්‌ ( නමෝ ආඝොර් සරස්‌වතී දිෂ්aඨි නමෝ සර්ව මුඛ රංජනී සර්වභය විනාසාය නම( නමෝ සිද්ධසීවලී මහාරාජා පඨවියා සබ්බතෝ මේව ආකේසේ උදකේනේ විසංසං හස්‌සන් තම්පි සාරේමී සබ්බ ලාභං උපෙන්තු මෙඅතේ.. මෙවැනි පිරිත්, දැහැන් ශ්ලෝක ගාථා තවත් ඇත. දන්නා ලෙසින් කියවන්න.

සැරියුත් දෙනමට කියන ගාථාවක්‌

යෝපබ්බජි ජාති සතානි පඤ්ච

පහාය කාමාති මනෝරමානි

තංවීතරාගං සුසමාහිතින්දිය

පරිනිබ්බුතං වන්දේ සාරිපුත්තං

ඛන්ති බලෝ පඨවිසමෝ නකුප්පතී

නවාපි චිත්තස්‌ස වසේන වත්තතී

අනුකම්පකෝ කාරුණිකෝච නිබ්බුතෝ

පරිනිබ්බුතං වන්දේ සාරිපුත්තං

චණ්‌ඩාල පුත්තෝ යථා නගරං පවිට්‌ඨෝ

නීචමනෝ චරතී කපාලහත්ථෝ

තථං අයං විචරති කපාල හත්ථෝ

පරිනිබ්බුතං වන්දේ සාරිපුත්තං

මුගලන් හාමුදුරුවන්ට කියන විට මෙම ගාථාවේ “සාරිපුත්තං” යන තැනට “මොග්ගල්ලානං” කියා කියවන්ට. සීවලී පිරිත දන්නා නිසා මෙහි පළ නොකරමි. ඒ නිසා ඔබ වැසිකිලි වලක්‌ නෙළුම් විලක්‌ යෑයි නොසිතා ලාµsන් බුද්ධා යන විරූපී වාමනරුව ඉවතට දමා සීවලි මහ රහතන් වහන්සේගේ සැඟවුණු කරුණු ගෙනහැර දක්‌වා බෞද්ධ ජීවිතයක ප්‍රායෝගික පක්‍ෂය වැඩිදියුණු කර ඔබගේ කායික හා මානසික බලය ඉහළ මට්‌ටමින් තබා ගැනීමට, ආහාර පාන ඇවතුම්, පැවතුම් පැතුම් ඉටු වී යහපත් ධනලාභීන් ජීවිත රටාවක්‌ ගොඩනඟා ගැනීමට සීවලී අදහන්න. එවිට ජීවමාන සාක්‍ෂියක්‌ ද ඉන් මතුවෙයි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here