සූනියම් දෙවියන් හෙවත් ගම්බාර දෙවියන් ලෙස ලාංකීය ජනතාව හඳුන්වන්නා වූ මෙම දේවාත්මය යුක්‌තිය පසිඳලන්නා වූද යහපත කරන්නන්ට යහපත් ප්‍රතිඵලද අයහපත කරන්නන්ට අයහපත් ප්‍රතිඵලද ලබා දෙන්නා වූ අර්ධ දේව ස්‌වරූපයක්‌ද අර්ධ යක්‌ෂ ස්‌වරූපයක්‌ද සහිත දෙවි කෙනෙක් බව ප්‍රකටය.
“සත් ජන්ම” නමින්ද හැඳින්වෙන මෙම දෙවිඳුන්ගේ ජන්ම සත (1) දෙමළ ඔඩ්ඩිස (බද්ධකාර යක්‌ෂණියගේ කුසින් උපත ලැබීය (2) ගරුඬ ඔඩ්ඩිස (ගරුඬ ලොව ගිරිකණ්‌ඨ යක්‍ෂණියගේ කුසින් උපත ලැබීය) (3) නාග ඔඩ්ඩිස (මහ කෙළ නාගරාජයා හැරි විෂ ධූමයෙන් උපත ලැබීය) (4) ගොපළු ඔඩ්ඩිස (වජ්‍රපානි ගොපළු යක්‍ෂණියගේ කුසින් උපත ලැබීය) (5) වෙළෙඳ ඔඩ්ඩිස (උතුරුකුරු දිවයිනේ හනුමන්ති නම් යක්‍ෂ කුමාරිකාවගේ කුසින් උපත ලැබීය) (6) සොහොන් ඔඩ්ඩිස (ආයුපාල බිසවගේ සොහොන් ගැබෙන් උපත ලැබීය) (7) රාජ ඔඩ්ඩිස (වඩිග රජුට දාව කුසාරි නම් බිසවගේ කුසින් උපත ලැබීය) යනුවෙන් විස්‌තර වේ.
පුර පක්‍ෂයේදී දෙවියකු ලෙසත් අව පක්‍ෂයේදී යක්‍ෂයකු ලෙසත් ගමින් ගම දොරින් දොර සංචාරය කරමින් අසරණ ජනී ජනයාගේ දුක-සැප, නඩු – අවනඩු සොයාබලා ඒ සඳහා නිසි විසඳුම් ලබාදී සිත් සතන් සැපවත් කිරීමේ මාහැඟි බලයක් සූනියම් දේවතාවුන්ට ඇති බව අත්දැකීමෙන් පවසන්නෝ බොහෝ වෙති.
රාත්‍රි කාලයේදී සුදුවන් වස්‌ත්‍රාභරණයෙන් සැරසී ඉතාමත් ශාන්ත ස්‌වරූපයකින් ගම්බිම් වල සැරිසරන විට පිච්චමල් සුවඳ විහිදෙන බවත් උන්වහන්සේ වෙත බුරාගෙන පනින සුනඛයන්ට තම අත රැඳි සෝලු ලීයෙන් පහරදෙන බවත් එයින් පහරකෑ සුනඛයන් හඳුනාගත නොහැකි කොන්ද අප්‍රාණික වන රෝගයකින් මියයන බවත් බැතිමතුන්ගේ විශ්වාසයයි.
සූනියම් දෙවියන් සිය වාහනය ලෙස තෝරාගෙන ඇති අශ්වයාටද සූනියම් දෙවියන්ගේ බැල්ම තියෙනවා. මේ අශ්වයන්ගේ පාදවලට සවිකර ඇති ලාඩම ඉබේ හැලුනාට පසුව එය රැගෙන පිරිසිදු කොට මහා බලසම්පන්න සූනියන් දැහැන් හතෙන් එය ජීවම් කර නිවාසවල ව්‍යාපාරික ස්‌ථානවල ඉදිරිපස එල්ලීමෙන් ඇස්‌වහ කටවහ දුරුවී සොර සතුරු බියෙන් මිදී සෞභාග්‍ය උදාවනවා යන විශ්වාසය නිසාම අද අශ්ව ලාඩම් ඉතා දුර්ලභ වස්‌තුවක් බවට පත්ව තිබෙනවා.
සූනියම් දෙවිඳුන්ගේ වාහනය වන අශ්වයාගේ පාදවල සවිකරන ලාඩමකින් එවැනි පිහිටක් අපට ලැබේනම් සූනියන් දෙවියන්ගෙන් අපට ලැබිය හැකි පිහිට කොපමණදැයි අපම තීරණය කරගත යුත්තකි. අප වෙත පැමිණෙන්නා වූ සියලු කරදර බාධකවලින් ජයගෙන ජීවත්වීමේ හැකියාව සූනියන් දෙවියන් නමැදීමෙන් අපට ළඟාකර ගත හැකිය.
දිනපතා තිසරණ සහිත පංච ශීලයෙහි පිහිට ත්‍රිවිධ රත්නය වැඳපුදා සෙත් පිරිත් සඡ්ජායනයෙන් පසු සූනියන් දෙවියන් වෙනුවෙන් සුදු පැහැති මල් සුවඳ දුම් කපුරු පූජා කර පහන් දල්වන්න. එම පහන් දැල්වීමේදී සතියේ දින හත තුළ ඒ සඳහා පහත දැක්‌වෙන වේලාවන් අනුගමනය කිරීම වඩාත් ප්‍රතිඵල දායකය. ඉරිදා රාත්‍රි 9.00-9.45 අතර සඳුදා රාත්‍රි 9.00-9.45 අතර අඟහරුවාදා රාත්‍රි 8.15-9.00 අතර බදාදා රාත්‍රි 9.00-9.45 අතර බ්‍රහස්‌පතින්දා රාත්‍රි 8.15 – 9.00 අතර සිකුරාදා රාත්‍රි 9.00 – 9.45 අතර සෙනසුරාදා රාත්‍රි 9.45 – 10.15 අතර.
මේ සියලු වත් පිළිවෙත් අවසානයේදී දෙවියන්ට පිං අනුමෝදන් කර අති ප්‍රබල සූනියන් දැහැන්ගත නිවැරදිව උච්චාරණය කර ගායනා කරමින් ඔබගේ ගැටලු නිරාකරණය සෙත සලසා දෙන ලෙස ඉතා ගෞරවයෙන් සූනියන් දෙවියන්ගෙන් ඉල්ලා සිටීමෙන් ඔබට සෙත සලසා ගත හැකිවේ. මෙම සූනියන් දැහැන් හත ඉතාමත් වටිනා මන්ත්‍ර රත්නයක් හෙයින් නූල් බැඳීම, දෙහි කැපීම ආදී කටයුතු සඳහාද භාවිත කිරීමෙන් ඉක්‌මන් ප්‍රතිඵල ලබාගත හැකිය.
සූනියන් දැහැන් හත
1. ඕං භ්‍රාං භී්‍රං මරුක්‌කචල් මුක්‌තඩල් ඉදිරිප්පුතාල් ශ්‍රී කදිරම් මේ අරියප්පල්ලේ මුරුවා නාග භූෂණ වර වර නමඃ
2. ඕං කෛවීර සන්දනී ශුභ්‍ර වර්ණ හන හන ජල නීල ඔඩ්ඩියා වර වර නමඃ
3. ඕං ශුද්‍රා හා ඔඩ්ඩි මස්‌සිනේ වර වර කීල උපුටා වර වර නමඃ
4. ඕං ගජදේව කාල ඔච්ඩිය වර වර නමඃ
5. ඕං භී්‍රං දත්තමාලා ශ්‍රී සද්ධර්ම අණින් වර වර නමඃ
6. ඕං කෛමුණ්‌ඩේ වර උර්ල්ප්පාත්තු කෛලාස සීවන්ද ඔඩ්ඩියා වර වර නමඃ
7. ඕං ඊශ්වර බන්ධ මහෙෂ්වර බන්ධ කන්ද කුමාරයානේ ඔඩ්ඩි කුමාර දේවතාවා බන්ධ ඒස්‌වාහඃ
We found this article from Divaina on 2013/02/15.
Also Sinhala to English Google word to word translation can be found here