නුවණට ඉසුරු ගණ දෙවි දෙන්න මට සිහි නුවණ ග්‍රහසවි

0
331
නුවණට
නුවණට

විවේකය ලැබෙන පරිදි අධ්‍යාපන කටයුතුවලට බාධා නොවන පරිදි දරුවා සමග ගමේ විහාරස්‌ථානය වෙත ගොස්‌ බෝධි පූජාවක්‌ පවත්වා සංඝයාවහන්සේ නමක්‌ ලවා සෙත්පිරිත් ගායනා කරවා පිරිත් නූලක්‌ බැඳ මානසික ඒකාග්‍රතාව නිසි අයුරින් රැකගැනීමට උදව් කරන්න.

සෑම දිනකම දරුවාද සහභාගි කරගනිමින් මල්, පහන්, සුවඳ දුම් පූජාකර තෙරුවන් නමදින්න. අනතුරුව සෙත්පිරිත් ගායනා කර දෙවියන්ට පිං අනුමෝදන් කර දරුවාට යම් ග්‍රහදෝෂයක්‌ ඇත්නම් ඒවා දුරුවී මතක ශක්‌තිය වර්ධනය වී ඉදිරිපත් වන විභාගයෙන් ජය අත්වේවාෘ යි අධිෂ්ඨාන පූර්වකව ප්‍රාර්ථනා කරන්න.

මීට අමතරව දෙවියන්ට ඉතාමත් ප්‍රිය පිරිතක්‌ වූ කරණීය මෙත්ත සූත්‍රය හැකිතාක්‌ වාර ගණනක්‌ ගායනා කර නුවණට අධිපති නුවණ ලබා දෙන්නා වූ ගණ දෙවියන්ගේත් අධ්‍යාපනයේ මිණි පහන වූ සරස්‌වතී දේවියගේත් ඇල්ම බැල්ම පිහිට ආකර්ෂණය ලබා ගැනීමට දරුවා ලවාම මෙම ගාථා කියවන්න.

ගණ දෙවියෝ නුවණ දෙන්න

සරස්‌වතී පහළ වන්න

සියලු රෝග දුරුකරන්න

නිතර වඳිම් තුනුරුවන්ට

අතෙහි පොත ඇති දෙවි

නුවණට ඉසුරු ගණ දෙවි

ගත් ලොව අග පදවි

දෙන්න මට සිහි නුවණ ග්‍රහසවි

දැනුම් සවි සිහි සවි

බස සවි සිත් කලා සවි

සතර සවි සරසවි

මවුනි මට දුන මැනවි සිව් සවි

මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත් වෙන දෙසැම්බර් 11 දා උදෑසන නිවසේදී දරුවා ලවා පළමුව බුදුරජාණන් වහන්සේට මල් පූජා කර (පිච්ච වැනි සුවඳ මල් වර්ගයක්‌ විශේෂයි) පහනක්‌ දල්වා සුවඳ දුම් හා කිරි ආහාර පූජා කර වන්දනා මාන කර පිරිත් සඡ්ජායනා කර විෂ්ණු දෙවියන්, ගණදෙවියන්, සරස්‌වතී මෑණියන් මුල්කොට සියලු දෙවියන්ට පිං අනුමෝදන් කරවන්න.

එසේ කිරීමෙන් අනතුරුව පහත සඳහන් සෙත් කවි අදාළ දෙවියන් වෙනුවෙන් නිසි ලෙස ගායනා කර දරුවා මෙතෙක්‌ කල් කළ සියලු පාඩම් ආශ්‍රයෙන් අසා ඇති ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු සැපයීමේ හැකියාව ඇති වේවායි ප්‍රාර්ථනා කරන්න.

විෂ්ණු දෙවිඳුන්ට

ඉසුරු සිරිසැප, සතුට ගෙන දෙන, කුලුණු නැණ ගුණ, පිරුණු අපමණ මහරු බුදුබව, බැතින සුරකින, පවර සිරිපති, සුරිඳ ගුණ මිණ අසිරු ඔබෙ තෙද, යොමා දිවනෙත, මෙමට පවතින, අපල පිසිමින සොඳුරු ජයසිරි, විභාගෙන් ජය, සලස දුන මැන, නැණැස වඩමින

ගණ දෙවිඳුන්ට

නිමල කිතුගොස, දසත පැතිරෙන, අනෙක බැතිදන, නිතින පුදදෙන පබල නුවණැස, සතට ගෙන දෙන, මහරු ගණදෙවි, රදුනි සසොබන අපල ගහදොස, මෙමගෙ පිසිමින, සිත සමාධිය, නුවණ දෙවමින විපුල ජයසිරි, විභාගෙන් ජය, සලස දුන මැන, මෙමට කුලුණින.

සරස්‌වතී දේවියට

සාදාදී ජය, අයෑදිනු සතවෙත, නුවණැස ගෙනදෙන, සරසවි දෙවිඳුනි පාදාදී මග, සිරිසෙත සලසන, සතරෙහි ජය ගෝසා, පතුරා සැමදින බාධා වී ඇති ගහපල දොස පිස, මා වෙත දිව ඇස, යොමවා විගසින මේදාවී වන ලෙසටම අයදිමි, විභාගෙ ජයමග, තිරකර කුලුණින

නත්ථි මේ සරණං අඤ්ඤං

බුද්ධෝ මේ සරණං වරං

ඒතේන සච්ච වඡ්ඡේන

හෝතු මේ ජය මංගලං

නත්ථි මේ සරණං අඤ්ඤං

ධම්මෝ මේ සරණං වරං

ඒතේන සච්ච වඡ්ඡේන

හෝතු මේ ජයමංගලං

නත්ථි මේ සරණං අඤ්ඤං

සංඝෝ මේ සරණං වරං

ඒතේන සච්ච වඡ්ඡේන

හෝතු මේ ජයමංගලං

මෙලෙස සියලු වත්පිළිවෙත් ඉටු කර සුබ මොහොතින් විභාගය ජය ගැනීම සඳහා දකුණු පය පෙරට තබා පිටත් වන ඔබේ දරුවාගේ පෙර මඟට මව සහ පියා වාසනාවේ සංකේතයක්‌ බඳු සුදුමල් දැමූ පැන් වීදුරුවක්‌ රැගෙන පැමිණීම තම දරුවාට ආශිර්වාදයක්‌ මෙන්ම ප්‍රිය දසුනක්‌ වන බව අමතක කරන්න එපා.

We found this article from Divaina on 2012/11/30.
Also Sinhala to English Google word to word translation can be found hered here

Please follow and like us:

Leave a Reply

avatar
2000
  Subscribe  
Notify of