ප්‍රේමයට – කාමයට දනන් යොමු කරන ග්‍රහලොව මනාලිය

0
787
ප්‍රේමයට
ප්‍රේමයට

සිකුරු අපලය සඳහා ශාන්ති කර්ම

සිකුරු ග්‍රහයා දිවා කාලයේ බලවත් ග්‍රහයෙක්‌ බැවින් සිකුරු අපලය දුරුවීම පිණිස පවත්වන්නා වූ පුද පූජා දිවා කාලයේ පැවැත්වීමෙන්ද සිකුරාදා දිනයන්හි සිකුරු හෝරාව තුළදී එනම් පෙ.ව. 6.00 සිට 7.00 දක්‌වාත්, ප.ව. 8.00 සිට 9.00 දක්‌වා කාලය අතරතුර ගිනිකොන දිසාව බලා සිදු කිරීමෙන්ද අපල මඟහරවා ගත හැකිය.

* රිදී මිශ්‍ර පස්‌ලෝ මුදුවක දියමන්ති හෝ සුදු ගලක්‌ අල්ලා පළඳින්න. නැතහොත් කරඳ කොළයක ආකෘතියකට දියමන්ති හෝ සුදු මැණික්‌ අල්ලා ගෙල පළඳින්න.

* සංජීවනී යන්ත්‍රය හෝ නවනාථ යන්ත්‍රය පැළඳීමෙන්ද සිකුරු අපල දුරුකරවා ගත හැක.

* සමන්පිච්ච, සේපාලිකා ආදී සියලුම සුවඳ මල් වර්ග, සුදු හඳුන් ආදී සුවඳ ද්‍රව්‍ය, විවිධ පාටවලින් යුත් කොඩි පූජා කරන්න. සිකුරු අපලය දුරුවේ යනුවෙන් සඳහන් කළ තිරයක්‌ ආතුරගේ උසට සාදාගත් මල් මාලයක්‌ බෝධියේ ගිනිකොන දිශාවේ එල්ලන්න.

* පිහිට පැතිය යුත්තේ පත්තිනි මෑණියන්ගෙන් බැවින් පුද පූජා අවසානයේ එතුමියට පිං දෙන්න.

* සුවඳ කොට්‌ටම්, මනෝසීල, බැබිල, කලාඳුරු අල, දේවදාර, කටුවිල, ලොත්සුඹුල යන ඖෂධ සම සමව ගෙන ජලය සහිත නැවුම් කලයකට දමා පැය 12 ක්‌ පමණ තබා පෙරාගෙන ස්‌නානයෙන් අනතුරුව ඖෂධ දියරය ස්‌නානය කරන්න.

* සිකුරාදා දිනයක ගෙවත්තේ ගිණිකොන දිශාවේ කරඳ පැළයක්‌ රෝපණය කර ස්‌පර්ශ කරමින් ඊට සාත්තු කරන්න.

* රෝගී වූ කාන්තාවන්ට, ගර්භනී මව්වරුන්ට ඖෂධ, ආහාරපාන ලබාදීම, සුදු පැහැති වස්‌ත්‍ර, සුවඳ විලවුන් පරිත්‍යාග කිරීම, සිල්වත් අයට දන්දීම සහ සතුන්ට අභයදානය දීමට දායක වීමෙන්ද සිකුරු අපලය සඳහා සෙත ලබාගත හැක.

සිකුරු ග්‍රහයාට කරන කන්නලව්ව

සංගීතය නර්තනය, ලලිත කලා ප්‍රිය කරන්නා වූ ගුණයෙන් හෙබි ප්‍රේමය හා බැඳුනු සරාගී සිතුවිලිවලට දනන් යොමු කරන්නා වූද චතුර්බාහු යුගලකින්ද රතුමල් මාලාවක්‌ සුදු මල් මාලාවක්‌ පැන් කෙණ්‌ඩියක්‌ ගත්තා වූ සුදෝ සුදු සළු පිළිවලින් සැරසී රිදීවන් පීත්ත පටියක්‌ තිසර පටක්‌ සේ පැළඳ, කරඳ වෘක්‌ෂ උයනක වැඩ වාසය කරමින් රතු සුදු භෝජන වළඳමින් වෘෂභ, තුලා රාශීන්ට අධිගෘහිතව බෙරන, පුවපල්, පුවසල නැකැත්වලට හිමිකම් කියන්නා වූද ග්‍රහ මඬුල්ලේ මනාලිය ලෙසින් නම් දරා ගිණිකොන දිශාවට තෙදබලය පාන්නා වූ ශුක්‍ර ධාතුවට අධිපතිව සිකුරාදා දිනයක ජම්බුද්වීපයේ උපත ලබා සිකුරු ග්‍රහ තරුවට අධිපති වෙමින් සිහිල් කිරණ විහිදුවමින් මල්සර උක්‌දඬු දුනු හී වෙත නෙත් යොමු කරන්නා වූ සිකුරු ග්‍රහ දේවතාවුන් වහන්ස මා විසින් සිදුකළ සියලු පුද පූජා පිළිගෙන මා හට බල පවත්වන්නා වූ සිකුරු මහ දශාව අතුරු දශා ගෝචර අපල හේතුවෙන් ඇති වන්නා වූ සියලු රෝගාබාධා දුක්‌ කරදර බාධක දුරු කරදී සෙත සහනය ශාන්තිය උදාකර දෙන සේaක්‌වා·

දිනපතා රාත්‍රී නින්දට පෙර ආගමික වතාවත්වලින් අනතුරුව අභිසම්භිධාන පිරිත, ජිනපන්ජරය තුන්වර බැගින් ගායනා කර සිකුරු ස්‌තෝත්‍රය හා සෙත් කවිය 9 වර බැගින් ගායනා කරන්න.

සිකුරු ස්‌තෝත්‍රය

භීම කෘන්ද මෘතා ලාභං

දෛත්‍යානං පරමං ගුරුං

සර්ව ශාස්‌ත්‍ර ප්‍රවක්‌තාරං

භර්ගවං පුනමාම්‍යහම්

සෙත් කවිය

සිල් ගුණ නුවණින් අසම වූ මුනිඳු

අනුත්තරය සැම ගුණයෙන් සැමදා

අනුත්තරෝ මුනි සැප බල විහිදා

සිකුරු අපල දොස දුරලන් සැමදා

We found this article from Divaina on 2012/11/30.
Also Sinhala to English Google word to word translation can be found here