පාරමිතා නොපුරමු අපි දෙදෙනා මතු මතු සංසාරේ

0
388
පාරමිතා
පාරමිතා

අව්කාෂ්ඨකේ කොපමණ තිබුණත් වෙරළේ ගල්පර මත කුඩයට ආවරණය වෙමින් පෙම් සුව විඳින තරුණ තරුණියන් අපමණය. මල් උයන් තුළ පමණක්‌ නොව මහජනයා ගැවසෙන බස්‌ නැවතුම්පොළ බස්‌ රථ තුළත් ප්‍රසිද්ධියේ පෙම් රැඟුම් දක්‌වන අයද බොහෝය. මේවා දකින තලතුනා වයස්‌ ගත ඇතැම් අය “තුහ් නොදකින් රටකට ගිය කල” කියා පසුතැවිලි වන අවස්‌ථාද ඇත.

එපමණක්‌ නොව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවල ප්‍රේම සම්බන්ධතාවලට ලඡ්ජා බිය දෙක ඉවත් කරගෙන දෙමාපියන් වැඩිහිටියන් ගුරුවරුන් ඉදිරියේම ප්‍රදර්ශනය කිරීමට බලපත්‍ර යොවුන් හදවත්වලට බලෙන් ඇතුළු කරමින් තිබේ. කෙසේ හෝ වේවා ප්‍රේමය යන උත්තරීතර මානව ගුණාංගය අද සමාජය තුළ කෙළෙසී තිබෙන බවක්‌ ශාස්‌ත්‍රීය වශයෙන් දැකිය හැකිය. ප්‍රේමයට මොන ශාස්‌ත්‍රීය බවක්‌ද යනුවෙන් අහන අයද සිටී. ඔවුන්ට අවසානයේ සිදු වන්නේද? පාරමිතා නොපුරමු අපි දෙදෙනා මතු මතු සංසාරේ” යනුවෙන් කියන්නටය.

ඒ තත්ත්වයන් කෙසේ කුමන අන්දමින් සිදුවීම එකිනෙකාට ඇතිවේද යන්න ජන්ම පත්‍රය ඇසුරෙන් පරීක්‍ෂා කිරීමේදී කේන්ද්‍රයේ 05 වැනි භාවස්‌ථානය විශේෂ තැනක්‌ හිමි කරගනී. ඊළඟට වැදගත් වන්නේ 11 වැන්නය. 7 වැන්න වැදගත් වන්නේ ප්‍රේමයේ අවසන් ඵලය වූ විවාහය සම්බන්ධයෙනි. 5 වැනි හා 11 වැනි භාවයන් හා භාවාධිපතියන්ගේ තත්ත්වයන් එනම් සුබ පිහිටීම් හෝ අසුබ පිහිටීම් – අසුබ දෘෂ්ටි – අසුබ සංයෝග ආදියෙන් හෝ සුබදෘෂ්ටි සුබ සංයෝග ආදියෙන් යුක්‌ත වීම අනුව ප්‍රේම සම්බන්ධ පිළිබඳ සුබාසුබ පරීක්‍ෂා කළ හැක.

එසේම ප්‍රේමයට කාරක ග්‍රහයා වන සිකුරුගේත් ලිංගිකත්වය වේගවත් කරන කුජගේත් පිහිටීම සියුම්ව පරීක්‍ෂා කර බැලිය යුතුය. කෙනෙකුගේ ජන්ම පත්‍රයක කුජගෙන් සිකුරු පීඩා වී සිටී නම් හෝ සිකුරු කන්‍යා රාශි ගතව බුද ග්‍රහයාද දුර්වලව සිටීනම් ඔහුගේ හෝ ඇයගේ ප්‍රේම බන්ධන ලිංගිකත්වයේ බලපෑමට වැඩි වශයෙන්ම යට වූ ලඡ්ජා බිය පහව ගිය ප්‍රේම හැඟිම් උද්වේගාකාර කරයි.

එසේම කුජ – චන්ද්‍ර – ශුක්‍ර එකට සංයෝග වී සිටීම හෝ දෘෂ්ටිවීම හෝ ඇත්නම් එවැනි අයට පවතින ආදර හැඟිම්වල වේගවත්ව පවතින්නේ දඟකාර ලිංගිකත්වයයි. ලඡ්ජා බිය දෙක වැඩි වශයෙන්ම අඩුකර දමන ශක්‌තිය මෙම ග්‍රහ බලයෙන් ගෙනෙන අතර ආදර සම්බන්ධ අස්‌ථීර තත්ත්වයට මුළු මනින්ම පත්වෙයි.

විශේෂයෙන් මේ අයගේ පස්‌වැනි භාවාධිපතියාගේ තත්ත්වය පරීක්‍ෂා කිරීමෙන් මේ ප්‍රේම සම්බන්ධතාවල පැවැත්ම හා අවසන් ඵලය දැක ගත හැකිය. පස්‌වැන්න අධිපති සුබතත්ත්වයේ පිහිටා තිබුණ හොත් එයට සෙනසුරු වැනි ග්‍රහයකුගේ පාප දෘෂ්ටි ලැබ සිටියේ නම් නිත්‍ය වශයෙන්ම එම ප්‍රේම සම්බන්ධතා බිඳී ගොස්‌ දුකට පත්වේ. බොහෝ විට චන්ද්‍ර – සිකුරු – කුජ යන ග්‍රහයින්ගේ තත්ත්වයන් අනුව ලිංගික පාරිශුද්ධ භාවය පවා සිඳ බිඳ ගන්නේය. 5 වැන්න අධිපති සුබ දෘෂ්ටි සුබ සංයෝගවල සිටියේ නම් චන්ද්‍ර – ශුක්‍ර – කුජ ග්‍රහයන්ගේ බලය ලැබ සිටියේ නම් ප්‍රේම සම්බන්ධතා ශක්‌තිමත් වේ. බිඳ නොවැටේ.

සිකුරු තුලා රාශිය තුළ ස්‌ව උච්චව 8 වැන්න – 10 වැන්න හා දොළොස්‌ වැන්න දැකීමද අවංක අචල වූ ප්‍රේමයකට මග නොකියයි. විශේෂයෙන් මෙය කටක ලග්නවලට වැදගත් සිදුවීමකි. 5 වැන්න අධිපති කුජ ග්‍රහයාට එම කේන්ද්‍රයේ 12 වැන්න හා ලග්නය පෙනීමක්‌, රාහු ලග්නගතව සිටීමත්, එම තත්ත්වය බලවත් වේ. සිකුරු සහ කුජ 12 වැන්න දැකීම නිසා කාම ගිනි ඇවිළෙන ස්‌වභාවය ජන්මියා තුළ ඇති කරයි.

කුජ කටකයට ආදර සම්බන්ධ ගොඩනඟන ස්‌ථානය වූ 5 වැන්නට අධිපතියාය. රාහු ලග්නගත වූ විට ඔහුට පෙනේ. මේ ග්‍රහ බලය ලබන ලද ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ වේ නම් ඔහුගේ හෝ ඇයගේ ප්‍රේම සම්බන්ධතා ලිංගික තත්ත්වයන්ට පමණක්‌ මූලික කරයි. බොහෝ විට ඒ මාර්ගයෙන්ම මිල මුදල් උපයා ගැනීමද සිදු වෙයි. ශනි ග්‍රහයා සහ රවි පස්‌වැන්නේ සිටීනම් විවාහයක්‌ද සපල වෙයි. විවාහයෙනුත් අනියම් සම්බන්ධතා වලිනුත් මුදල් උපයාගත හැකි වෙයි. රවි ධනස්‌ථානාධිපතියා වශයෙන් 5 වැන්නේ යෝග වීම මුදල් ලැබීමට හේතු කාරක වෙයි.

කේන්ද්‍රයක සිකුරු කේතුගෙන් පීඩා වී තිබියදී පස්‌වැන්න අධිපතියාටද පාප දෘෂ්ටි පාප සංයෝග යෙදී තිබුණේ නම් ප්‍රේම සම්බන්ධතාවයේ තදින් ඇලීම ද ඇති කරයි. නමුත් විවාහයට තද බල බාධක පීඩා ඇති වී විවාහයට ඉඩ නොලැබේ. 07 වැන්න අධිපතිගේ සුබතාවය මත වෙනත් විවාහයක්‌ ලැබෙනු ඇත. එහෙත් පළමු ප්‍රේමයේ සංවේදීතාව එයින් නොලැබෙන නිසා විවාහ ජීවිතය තුළ විරහ වේදනා මතු කරනු ඇත.

යුවතියකගේ කේන්ද්‍රයක රවි – සිකුරු – කුජ යන ග්‍රහයන් සුබ අන්දමින් පිහිටා තිබිය දී කේන්ද්‍රයේ කටක – වෘශ්චික – මීන යන රාශියක සිටින සෙනසුරුගෙන් පීඩාවකට ඔවුන් පත්වේ නම් සියලුම ප්‍රේම බන්ධන තාවකාලික වෙයි. සිතට දුක්‌ම ඇති වන පෙම් සබඳතා වෙයි. එම කේන්ද්‍ර හිමියාගේ හත් වැන්නාධිපතිගේ පිහිටීම සුබවාදී වී නම් පෙම් සම්බන්ධතාව කොපමණ තමන්ට දුක්‌ අත්කළද එයටම ඇලී සිටී. විවාහයද කෙසේ හෝ සිදු කරගෙන ඒ තුළද දුක්‌ම උරුම කර ගනී.

විශේෂයෙන් තවත් අතකින් ප්‍රේම සම්බන්ධ අස්‌ථීර වන තත්ත්වය චන්ද්‍රයාගේ තත්ත්වය මත වෙනස්‌ වේ. හත් වැන්න අධිපති ග්‍රහයාගෙන් හෝ 7 වැන්නේ සිටි ග්‍රහයකුගෙන් හෝ සුබ දෘෂ්ටියක්‌ නොලැබුණ හොත් එම ප්‍රේම සම්බන්ධය අහිමි වීමයි. අසුබ දෘෂ්ටි ලැබුණේ නම් ප්‍රේම සම්බන්ධයක්‌ ගොඩනඟා ගැනීම පවා අසුබ තත්ත්වයට වැටේ. මේ සියල්ලක්‌ම එකිනෙකාට කර්මානු රූපව පිහිටනු ලබයි.

We found this article from Divaina on 2012/10/12.
Also Sinhala to English Google word to word translation can be found here

Please follow and like us:

Leave a Reply

avatar
2000
  Subscribe  
Notify of