“බුද්ධි ගණේෂ” මූර්තියෙන් ලොව පහළවු ගණදෙවියෝ

2654
ගණේෂ
ගණේෂ

නුවණට අධිපති හෙවත් නුවණ ලබා දෙන්නා ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින ගණ දෙවිඳු නුවණට පමණක්‌ නොව සියලු යසඉසුරු සහ පිහිට ලබා දෙන්නා වූ සුවිශේෂී දේවාත්මයක්‌ ලෙස අද මෙරට ජනතාවගේ ගෞරවයට පත්ව සිටී.

ශිව දෙවියන්ගේත් පාර්වතී දේවියගේත් පුත්‍රයා ලෙස සැළකෙන ගණදෙවිඳු ස්‌කන්ධ කුමරුගේ සොහොයුරා වේ. ඇත් මුහුණක්‌ සහිතවූ ගණ දෙවිඳුන්ගේ උත්පත්aතිය පිළිබඳව ජනප්‍රවාදයේ මෙසේ දැක්‌වේ.

දරු සම්පත් නොමැතිව හැඬූ කඳුළින් පසුවූ පාර්වතියගේ දුක දැක කම්පාවට පත්වූ තුන්කල් දැකිය හැකි දිව්‍ය ඥන බලසම්පන්න සෘෂිවරයකු වූ ශිව දෙවිඳු පාර්වතිය බලසම්පන්න පුතුන් දෙදෙනකුගේ මවක්‌ වන බවත් ඒ වරම හිමිවන්නේ විෂ්ණු දෙවියන්ගෙන් බවත් ඒ සඳහා විෂ්ණු දෙවිඳුන්ට භක්‌ති ප්‍රණාමය පුදකිරීම උදෙසා සිදුකළ යුතු සුවිශේෂ ධ්‍යානයක්‌ වූ පුණ්‌ඩ්‍යවෘතය සමාදන් වන ලෙස දන්වා ඇත.

ඒ අසා ප්‍රීතියෙන් පිනාගිය පාර්වතිය කෛලාස කූඨයේ පැලක්‌ බැඳ පුණ්‌ඩ්‍යවෘතය සමාදන්ව සිටින අතර තුර විෂ්ණු දෙවියන් කෘෂ්ණාවතාරයෙන් පාර්වතිය ඉදිරියේ පහළ වී ඇත. පාර්වතිය කෘෂ්ණ වෙසින් සිටි විෂ්ණු දෙවිඳුට ගෞරව දක්‌වමින් තමාට දරුඵල ලබාදෙන ලෙස අයෑද සිටිනවාත් සමගම පාර්වතියට ආශිර්වාද කළ විෂ්ණු දෙවිඳුන් සිනාසී අතුරුදන්ව ඇත.

පුණ්‌ඩ්‍යවෘතය අවසන්කොට සිය අසපුව වෙත ගිය පාර්වතියට සයනය මත කිරි සිනා නඟමින් සුරතල් වන කුමරකු දක්‌නට ලැබී පස්‌වනක්‌ ප්‍රීතියෙන් බිළිඳුන් සිප වැළඳ ගනිමින් විෂ්ණු දෙවියන්ට තුති පිදුවාය. ඒ පුවත අසා මහත් සතුටට පත් ශිව දෙවිඳුන්ද අසපුවට පැමිණ බිළි¹ සුරතල් කරන්නට විය.

ශිව පාර්වතී යුවළට දරු සම්පත් හිමිවූ බව දැනගත් දේව සමූහයා බිළිඳු දැක ගැනීමට කෛලාස කූඨයට ඇදී එන්නට වූහ. සිය ආශිර්වාදය පළකරනු පිණිස පැමිණි මේ දේව සමූහයා අතර සෙනසුරුද විය. හැම විටම පාපී සිතුවිලිවලින් ගහණව කිසිදු ආශිර්වාදයක්‌ නොකරන අසුරයකු වූ සෙනසුරුගේ පැමිණීම පිළිබඳ ශිව පාර්වතී යුවළ නොසතුටට පත්වුවත් ඔහු පිටුදැකීම විනාශයකට හේතු විය හැකි බව වටහාගෙන ඉවසා සිටියහ.

තම දෙනෙත් පියාගෙන කෛලාස කූඨයට පැමිණි සෙනසුරු බිළි¹ දෑතින් ස්‌පර්ශ කර සිය ආශිර්වාදය පිරි නැමූයෙන් එසේ දැස්‌ වසාගෙන පැමිණීමට හේතුව කුමක්‌දැයි ශිව පාර්වතී යුවළ සෙනසුරු ගෙන් විමසා ඇත. තමන් විෂ්ණු දෙවිඳුන් සතුටු කිරීම සඳහා උග්‍ර වෘතයක්‌ සමාදන් වූ බවත් මේ හේතුව නිසා තම බිරිඳ හමුවට නොයැමෙන් උරණ වූ ඇය තමාට බලවත් ශාපයක්‌ සිදුකොට ඇති බවත් එකී ශාපයට අනුව තම දෙනෙත් විවර කොට යමෙක්‌ දෙස බැලුවොත් එකී අය විනාශ වන බවත් සෙනසුරු ප්‍රකාශ කොට ඇත.

එහෙත් මහා බලසම්පන්න විෂ්ණු දෙවිඳු ලබාදුන් මේ කුමරාද ඉතා බලසම්පන්න බවට පාර්වතිය සිත තුළ තිබූ විශ්වාසය නිසා ඒ බව සෙනසුරුට පැහැදිලි කොට දැස්‌ හැර කුමරුන් දෙස බලන ලෙස සෙනසුරුට කියනවාත් සමගම සෙනසුරු දැස්‌ හැර කුමරු දෙස බැලීය. එකෙනෙහිම බිළිඳු කුමරුගේ හිස කඳින් වෙන්ව විදුලි දහරක වේගයෙන් ගිලිහී ගොස්‌ විෂ්ණු දෙවියන්ගේ වාසභවන වන වෛකුණ්‌ඨ පර්වතය වටා සත්වරක්‌ භ්‍රමණය වී හිමවතට ඇද වැටී ඇත.

එයින් කැළඹුණු පාර්වතිය විලාප නඟමින් හිස සුන් බිළිඳුගේ ක්‌වන්ධය තුරුලු කොටගෙන සෙනසුරුට ශාප කරන්නට වූයෙන් ඇයගේ ශාපයෙන් සෙනසුරුගේ එක්‌ පාදයක්‌ කොරවූ බව සඳහන් වේ.

මෙකී සිද්ධියෙන් බලවත් කම්පාවට පත් විෂ්ණු දෙවිඳු වහා ගුරුලාසනාරූඪව හිමවත බලා පිටත්ව හිමාලය පුරා සිසාරා බැලුවත් කුමරුගේ හිස සොයාගන්නට නොහැකිවී ඇත. කෙසේ හෝ කුමරුට යළි ජීවය ලබාදී පාර්වතිය සුවපත් කළ යුතු බව කල්පනා කළ විෂ්ණු දෙවියන් පුෂ්ප භද්‍ර නදී තීරයේ සිටි හස්‌තියකුගේ හිස බිඳගෙන අවුත් කුමරුන්ගේ ක්‌වන්ධයට සවිකිරීමෙන් ගණ දෙවිඳුන්ගේ උපත සිදුවූ බව ජනප්‍රවාදයයි.

මෙලොව උපන්නාවූ ගණදෙවිඳු සකල ලෝකවාසී ජනතාවගේ හිතසුව පිණිස ඔවුනට පිහිටවීම පිණිස මූර්තීන් කිහිපයකින් පෙනී සිටින අතර තම තමන් හමුවේ පැනනගින ප්‍රශ්න හමුවේ එකී මූර්තීන් සඳහා පුද පූජා තබා බාරහාර වීම තුළින් ඒ සඳහා සෙත සහනය සැලසෙන බව බැතිමතුන්ගේ විශ්වාසයයි.

ඒ අනුව සියලු වස්‌දොස්‌ බන්ධන අමනුෂ්‍ය දෝෂ ඇස්‌ වහ කටවහ හා අනවින කොඩිවින නිවාරණය සඳහා මහා ගණේෂ මූර්තියෙන්ද, පෙම්වතුන්ට යුවතිපතීන්ට සර්වාරක්‍ෂාවද සැපසම්පත් ද ලබාදෙමින් ප්‍රේම සම්බන්ධතාවල පැනනගින අවහිර ගැටලු නිරාකරණය කරමින් පිහිටවන හෙයින් වල්ලභ ගණේෂ මූර්තියෙන්ද දරුඵල අහිමිවූවන්ට දරුඵල වාසනාව ගෙන එමින් බිළිඳුන් අමනුෂ්‍ය දෝෂවලින් ලෙඩරෝගවලින් ආරක්‍ෂාකරන හෙයින් බාල ගණේෂ මූර්තියෙන්ද අසාධාරණය අයුක්‌තිය පරයා මිනිස්‌ ප්‍රජාව ආරක්‍ෂා කරමින් සතුරු කරදරවලින් මුදවාලමින් ආරක්‍ෂා කරන හෙයින් වීර ගණේෂ මුර්තියෙන්ද අව්, වැසි, සුළං කුණාටු ආදියෙන් සාධුජනයා ආරක්‍ෂා කරමින් ගෙදර දොර හරකබාන ගොවිතැන් වැඩිදියුණු කර යස ඉසුරු ලබා දෙන හෙයින් හේරම්භ ගණේෂ මූර්තියෙන්ද පොළව ආරක්‍ෂා කරමින් පොළෝ තලයෙහි සැඟව ඇති රන් රිදී මුතු මැණික්‌ ආදී වටිනා වස්‌තූන් ප්‍රදානය කරමින් සියලු භූමි දෝෂ නිවාරණය කරන හෙයින් ධරණි ගණේෂ මූර්තියෙන්ද ග්‍රහදොස්‌ සමනය කොට නිරෝගී භාවය ලබාදෙමින් බෝවන රෝගවලින් ආරක්‍ෂා කරගනිමින් පිහිටවන හෙයින් ශක්‌ති ගණේෂ මූර්තියෙන්ද ධන සම්පත්, වස්‌තුසම්පත් භූමිසම්පත් ස්‌ත්‍රීපුරුෂ හා දරු සම්පත් ආදී වූ සප්ත සම්පත්තිය ලබාදෙන හෙයින් සිද්ධිගණේෂ මූර්තියෙන්ද නැණ නුවණ බුද්ධිය මෙන්ම දිව්‍යමය ප්‍රඥව පහළ කරමින් සාධු ජනයා වෙත ධෛර්යයත් ශක්‌තියත් දානයකරන හෙයින් බුද්ධි ගණේෂ මූර්තියෙන්ද කලාවන් ප්‍රගුණ කිරීමේ ශක්‌තිය දානය කරමින් සූසැට කලාවන් ලොවට පහළ කරන බැවින් නෘත්‍ය ගණේෂ මූර්තියෙන්ද පෙනී සිටීම තුළ ගණ දෙවිඳුන් නැණ නුවණ පමණක්‌ව නොව සියලු යසඉසුරු සැපසම්පත් සශ්‍රීකත්වය ලබාදෙන සුවිශේෂී වූ දේවාත්මයක්‌ ලෙස හැඳින්විය හැකිය.

මෙලෙස විවිධ මූර්තීන්ගෙන් පෙනී සිටිමින් ලෝවැසියන්ගේ අප්‍රමාණ දුක්‌ කරදරවලට පිහිටවන්නාවූ දේව සමූහයාගේ නායකයා ලෙස හැඳින්වෙන ගණ දෙවිඳුන්ගේ පිහිට ආරක්‍ෂාව සෑම අයෙකුටම ලබාගත හැකි අතර ඒ සඳහා නිවසේ බුදුන් වඳින ස්‌ථානයේ බුදුරුවට මඳක්‌ පහළින් ගණ දෙවිඳුන්ගේ පිළිමයක්‌ තබා දිනපතා බුදුන් වැඳීමෙන් අනතුරුව ගණදෙවියන් වෙනුවෙන් මල් පහන් සුවඳදුම් පූජාකර ගණදෙවි ස්‌තෝත්‍රය ගායනා කර පිං අනුමෝදන් කර තම ගැටලුව දෙවියන් ඉදිරියේ කන්නලව්කර සහනය ඉල්ලා සිටින්න. විශේෂයෙන්ම බදාදා දිනයන්හි බුධ හෝරාව තුළ එනම් උදේ 6.00 – 7.00 අතරත් සවස 6.00 – 7.00 අතරත් කාලය තුළ වන්දනාමාන කිරීමෙන් ඉක්‌මන් ප්‍රතිඵල ලැබිය හැකි බව පෙන්වා දිය හැකිය.

ගණපති ස්‌තෝත්‍රය

ගණපති ඕම් ජය ගණපති ඕම්

ගජමුග වයින්ගර ගණපති ඕම්

ගුණපති යාම් සිව ගණපති ඕම්

කුණ්‌ඩලි මංඩල ගණපති ඕම්

මූෂික වාහන ගණපති ඕම්

මූලක්‌ ප්‍රාවන ගණපති ඕම්

මාසුර දේසිත ගණපති ඕම්

වල්ලභ මෝහන ගණපති ඕම්

ගණපති ඕම් ජය ගණපති ඕම්

ගජමුග වයින්ගර ගණපති ඕම්

ගුණපති යාම් සිව ගණපති ඕම්

කුණ්‌ඩලි මංඩල ගණපති ඕම්

විග්න විණායක ගණපති ඕම්

විගසිත නග්මුග ගණපති ඕම්

උත්තර තෙප්‍යාaබල ගණපති ඕම්

උත්තුව නාදන ගණපති ඕම්

ගණපති ඕම් ජය ගණපති ඕම්

ගජමුග වයින්ගර ගණපති ඕම්

ගුණපති යාම් සිව ගණපති ඕම්

කුණ්‌ඩලි මංඩල ගණපති ඕම්

පාර්වති පාරාධි ගණපති ඕම්

පරම සිව ඥන ගණපති ඕම්

පූර්ණ විරාදර ගණපති ඕම්

පුවන පුරන්දර ගණපති ඕම්

ගණපති ඕම් ජය ගණපති ඕම්

ගජමුතු වයින්ගර ගණපති ඕම්

ගුණපති යාම් සිව ගණපති ඕම්

කුණ්‌ඩලි මංඩල ගණපති ඕම්

සුද්ද සදා සිව ගණපති ඕම්

සුන්දර කුන්ජර ගණපති ඕම්

නෙත්තිය තන්තුව ගණපති ඕම්

නිර්මල සින්දය ගණපති ඕම්

ගණපති ඕම් ජය ගණපති ඕම්

ගජමුග වයින්ගර ගණපති ඕම්

ගුණපති යාම් සිව ගණපති ඕම්

කුණ්‌ඩලි මංඩල ගණපති ඕම්

ගණදෙවි කන්නලව්ව

නුවණට බුද්ධියට අධිපති වූ අපට නුවණ දෙන්නාවූ ශ්‍රීමත් ගණදෙවි රාජෝත්තමයාණන් වහන්ස, මේ ලෝකයේ සත්‍ය පාලන දේවාත්මයත් අසහාය නායකයාත් පරමාත්මයත් ඔබ වහන්සේය. එසේ වූ දේව පියාණනි. ඔබ වහන්සේ ඉදිරියේ මල් පහන් සුවඳ දුම් පූජාකර වැඳනමස්‌කාර කර පිං පෙත් අනුමෝදන් කර ඉල්ලන්නාවූ ඉල්ලීම් ඔබ වහන්සේගේ දිවකනින් අසා දිව නෙතින් බලා දුක මුදාහැර සෙත උදාකර ඉෂ්ඨ කර දෙන සේක්‌වා· මාවෙත (අපවෙත) උදාවී ඇති රෝග, විපත්ති, බාධා, අනවින, කොඩිවින, හදිහූනියම්, ඇස්‌වහ කටවහ හෝවහ අඬෝවැඩියා දෝස සහ ග්‍රහ අපල උතුම් වූ ඔබ වහන්සේගේ ප්‍රඥ බලයෙන් එදෙස සිට මෙදෙස බලන්නාවූ ක්‍ෂණයකදී දුරුකරදී අපගේ ජීවිතවලට සැපත සතුට ළඟා කර දෙන සේක්‌වා·

රන්වන් අංකුස සුරතින් ගත් නිති

බුන්දත් සිවිඅත් ගජමුහුණක්‌ ඇති

තුන්නෙත් නන්දන කරවන විකුමැති

දෙනු මට නුවණක්‌ පිං ඇති ගණපති

අතෙහි පොත නැති දෙවි

නුවණට ඉසුරු ගණ දෙවි

ගත්ලොව අග පදවි

දෙන්න මට සිහි නුවණ ග්‍රහ සවි

We found this article from Divaina on 2012/08/03.
Also Sinhala to English Google word to word translation can be found here