යුග දිවියට වින කටින අසුබ පිහිටීම්

1677
කුජ සිකුරු
කුජ සිකුරු

[ratings]

සම්මත චාරිත්‍ර අනුව අලුත් ජීවිතයක්‌ අරඹනු පිණිස දෙදෙනකු සඳහා විවාහ නැකැත් සාදන විට බැලිය යුතු කරුණු රාශියක්‌ ඇතත් අද මේ ලිපියට හසුකර ගනු ලබන්නේ කුමරියගේත් කුමරාගේත් කේන්ද්‍රවලට නොගැලපෙන අශූභ කාලයන් පළමුව තීරණය කළයුතු ආකාරය පිළිබඳ රීතින්ය.

මහා දශා – අතුරු දශා

කුමරියත් කුමරාත් විවාහ වන කාලයෙහි ඔවුන් දෙදෙනා ගත කරමින් සිටින මහා දශා හා අතුරු දශා අධිපතියන් ඔවුනොවුන් සතුරු ග්‍රහයන් වුවහොත් විවාහයෙන් පසු දෙදෙනාගේ හිතවත්කම් කැඩී බිදී යයි. ස්‌ත්‍රී පුරුෂ කේන්ද්‍ර දෙකෙහි ලග්නාධිපතියන් දෙදෙනා සම සප්තවම සිටින කාලයෙහි විවාහ වූ විට දෙදෙනාගේ සම්බන්ධය වැඩිකල් පවතින්නේ නැත.

සත්වැන්න අධිපතියන්

ස්‌ත්‍රී පුරුෂ කේන්ද්‍ර දෙකෙහි සත්වැන්න අධිපතියන් දෙදෙනා සම සප්තවම ගමන් කරන කාලයෙහි විවාහ වූ විටද දෙදෙනාගේ සම්බන්ධය ඉක්‌මණින් කැඩීයයි.

රවි සදු ස්‌ත්‍රී කෙන්ද්‍රයෙහි රවි සිටි රාශියට සත්වන රාශියෙහි සදු ගමන් කරන කාලයෙහිද පුරුෂ කෙන්ද්‍රයෙහි සඳු සිටි රාශියෙන් සත්වන රාශියෙහි රවි ගමන් කරන විටද විවාහයට ඉතා අශුභය. හිතවත් කම් බිදී යයි.

කුජ ශුක්‍ර

ස්‌ත්‍රී කෙන්ද්‍රයෙහි කුජ සිටි රාශියෙන් සම සප්තවම ශුක්‍ර සත්වන රාශියෙහි ගමන්කරන කාලයද පුරුෂ කේන්ද්‍රයෙහි කුජ සිටි රාශියෙන් හත්වන රාශියෙහි සිකුරු සිටින කාලයද විවාහයට ඉතා අශුභයි. දෙදෙනාටම ලිංගික ආබාධ හට ගනියි. විවාහය ඉක්‌මණින් කැඩීයයි.

හතාධිපතියා

ස්‌ත්‍රී කේන්ද්‍රයෙහි සත්වැන්න අධිපතියාට පුරුෂ කේන්ද්‍රයෙහි සත්වැන්න අධිපතියා සම සප්තවම ගමන් කරන කාලයෙහි විවාහ වීමද ඉතා අශුභය. හිතවත්කම් ඉක්‌මණින් බිදී යයි.

චන්ද්‍ර – සිකුරු

සඳු සිකුරු ග්‍රහයන් දෙදෙනා පාප ග්‍රහයන් සමග සංයෝග වූ හා පාප ග්‍රහයන්ගේ පාප දෘෂ්ටි වලට හසුවූ දිනවල විවාහ වූ විට සැමියාට නිතර රෝග සෑදෙයි. ගෙදර කරදර හා අවාසනාවන්තකම් ඇතිවේ. දියුණුව බිද වැටෙයි.

රවි කුජ දෙදෙනා පාප සංයෝග – අශුභ සප්තම දෘෂ්ටි ලැබූ දින වලදී විවාහ වූ විට බිරිදට තදබල අසනීප ලේ කෝප දොaෂ රෝග ඇතිවේ. සැමියාගේ රැකී රක්‍ෂා බිද වැටෙයි. ගෘහ ජීවිතය අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙයි.

ස්‌ත්‍රී පුරුෂ කේන්ද්‍ර දෙකේම හත සහ අට යන තැන්වලද ලග්නයෙහිද පාප ග්‍රහයන් ගමන් කරන කාලයෙහි විවාහ වීමද ඉතා අශුභය.

කුජ හෝ ශුක්‍ර හෝ කුජ ශුක්‍ර දෙදෙනාම හෝ සත්වන රාශියට පැමිණ සිටි වේලාවක විවාහ වීමද ඉතා අශුභය.

කුජ ශනි

කුජට චතුරශ්‍රව සිටි හෝ කුජගෙන් සප්තම දෘෂ්ටි ලැබූ හෝ ශනි සත්වන හෝ අටවන රාශියෙහි සිටියදී විවාහ වීමද ඉතා අශූභය. එසේ විවාහ වුවහොත් දුප්පත් බවට පත්වෙයි. දෙදෙනා අතර නොගැලපීම් ඇතිවෙයි.

තත්කාල කේන්ද්‍රය

විවාහය පිණිස නැකැත් සෑදූ තත්කාල කේන්ද්‍රයෙහි ශනි – රාහු – කේතු – යුරේනස්‌ යන ග්‍රහයන් සත් වැන්නෙහි සිටින වේලාවක විවාහ වූ විට දෙදෙනාටම විවාහ සැප නොලැබේ.

ශුභ මුහුර්ථ

විවාහය සඳහා ශුභ මුහුර්ථ සාදන්නට පෙර තත්කාල මුහුර්ථ කේන්ද්‍රයෙහි ඉහත කී අශුභ ග්‍රහ රටා තිබේ දැයි පිරික්‌සීමක්‌ද කළ යුතුය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here