ජන්ම කේන්ද්‍රයක් චතුරස්‍ර කොටස් හතරට බෙදූවිට 12, 11, 10 යන කේන්ද්‍රස්‌ථාන පුරුෂ වශයෙන්ද 9,8,7 ස්‌ත්‍රී වශයෙන්ද, 6, 5, 4 පුරුෂ වශයෙන් 3, 2, 1 ස්‌ත්‍රී වශයෙන් ජ්‍යෙdතිෂ විද්‍යාව පෙන්නුම් කරයි. සෑම ග්‍රහයෙක්‌ම සහ ලක්‍ෂණයකට විවාහයට බලපාන අයුරින් විස්‌තර කළ හැකිවාත් මෙන්ම සෑම කේන්ද්‍රස්‌ථානයක්‌ම හෝ භාවයක්‌ම හෝ එම පරමාර්ථයන් අධ්‍යයනය කළ හැකිය.
ප්‍රධාන වශයෙන් පස්‌වැන්න, හතරවැන්න සහ එකොළොස්‌වැන්න විවාහය සම්බන්ධ ඉතාම වැදගත් ස්‌ථාන වෙයි. මෙහි පස්‌වැන්නේ ප්‍රේම සම්බන්ධතා හා දරු දැරියන් ගැන කියෑවෙයි. හත්වැන්නෙන් විවාහය ගැනද, එකොළොස්‌වැන්නෙන් ප්‍රේම සම්බන්ධතා හා සුහදතාව ගැනද පැවසේ. විවාහයේ සාර්ථකත්වය ගැන විමසීමේදී මේ සියල්ල විනිශ්චය කළ යුතුවේ. සෑම කේන්ද්‍රස්‌ථානයකින්ම විවාහයට හා හවුල් දිවියට අදාළ කරුණු පෙන්නුම් කෙරේ. විවාහ කාරක ග්‍රහයකු දකින වෙනත් ග්‍රහයකු සිටින ස්‌ථානයේ නියම ප්‍රතිඵල සැලකීමේදී සෑම කේන්ද්‍රස්‌ථානයකම වැදගත්කම වැටහෙයි. ලග්න ස්‌ථානයෙන් ජන්මියාගේ පෞරුෂත්වය චරිතය, පෞද්ගලික සිරිත්, විරිත් සහ හැසිරෙන ආකාරය දැක්‌වෙයි. මෙම පළවෙනි ස්‌ථානය අසාර්ථක විවාහයකින් පසු ඇතිවන දෙවෙනි විවාහයට බලපායි. එසේම දික්‌කසාද වී ඇති අඹුසැමි යුවලක් නැවත ඔවුන් විවාහ වීම ගැන සැලකීමේදී මෙය වැදගත් වේ.
දෙවැන්නෙන් විවාහ සහකරු හෝ සහකාරියගෙන් ලැබෙන්නාවූ උරුමයක් හා වස්‌තුව ගැනද විවාහයෙන් පසු වන්නාවූ ණය ගැති භාවය පිළිබඳවද පෙන්වයි. සහකරුගේ මරණය ගැනද විවාහය හෝ දික්‌කසාද අවසන්ව වෙන පවුල පිළිබඳ කරුණු කෙරෙහි මෙම ස්‌ථාන බලපායි. තුන්වැන්නෙන් සහකරුගේ හෝ සහකාරියගේ දීර්ඝ ගමන්, දේශාටන චාරිකා ගැනද ඔහුගේ ඇයගේ දර්ශනවාදී හෝ ආගමික විශ්වාසයන් හා මතිමතාන්තර ඔහු හෝ ඇය විසින් ප්‍රකාශයට පත්කරන ග්‍රන්ථාදියද කියෑවේ. විවාහයට පදනම් වන සදාචාර අධ්‍යාත්මික හා බුද්ධිමය කරුණු ගැනද තුන්වැන්නෙන් පාලනය වෙයි. පවුල් අවුල්වන ආගමික ප්‍රබේද දික්‌කසාද නඩුවකට ගතවන කාලය පිළිබඳවද මෙම ස්‌ථානය වැදගත් වේ. එසේම ජන්මියාගේ විවාහයට බාධාකරන හෝ සහයෝගය දෙන සහෝදර ඥතිමිත්‍රාදීන් ගැනද මෙයින් දැනගත හැකිය.
හතර වැන්නෙන් ජන්මියාගේ මාපියන්ගෙන් කෙනෙකු ගැනද සහකරු ගැනද සහකරුගේ අනාගත අභිලාශයන් ඔහුට හෝ ඇයට ලැබෙන්නාවූ කීර්තිය සහ මහජන ප්‍රසාදයන් ගැනද මෙම ස්‌ථානය වැදගත් වෙයි. එසේම විවාහය සම්බන්ධ මංගල උත්සවය ගැනද මෙම කේන්ද්‍රස්‌ථානයෙන් දැක්‌වේ. දික්‌කසාදයකට හේතුවන විවාහ කාලයේ සිද්ධීන් හා ඒවායේ ස්‌වභාවය පිළිබඳ අනාවැකි සඳහා මෙම කේන්ද්‍රස්‌ථාන නෛසර්ගිකව උපයෝගි කෙරේ.
පස්‌වැන්නෙන් විවාහ සහකරු හෝ සහකාරියගේ ඇති බැඳීම හා පතිවත භාවය හා විවාහයට ඔබ්බෙන් ඇති ප්‍රේම සම්බන්ධ හා පස්‌වැන්න පාලනය කරන ජන්මියාගේ ලිංගික ආශ්වාදය පිළිබඳවද, ඇතිවන දරු දැරියන් ගැනද, ජන්මියාගේ දෙවෙනි මනාලිය හෝ මනාලයා ගැනද කිව හැකිය. විවාහය ඇතිවීමට උපකාරීවන පුද්ගලයන් මෙන්ම දික්‌කසාද ඇතිවීමට උපයෝගී වුණ පුද්ගලයන් ගැනද මෙම ස්‌ථානයෙන් කරුණු සෙවිය හැක.
හින්දු නක්‍ෂාත්‍ර විද්‍යාව අනුව මෙම කේන්ද්‍රස්‌ථානය ස්‌ත්‍රීන්ගෙන් ලැබෙන්නාවූ ධනයේ භුක්‌තිය හා වෙනගනන් හා සම්බන්ධව පාලනය කරන බලවත් ස්‌ථානයද වන්නේය.
හයවැන්න දොළොස්‌වැන්නෙන් හත්වැන්න වන හෙයින් සහකරුගේ රහස් සතුරන් පිළිබඳ හා ඔවුන්ගේ දුක් කම්කටොලු, අසාධ්‍ය රෝගයන් ආදිය පාලනය කරයි. එසේම විවාහයෙන් ඇතිවන්නාවූ කරදර, දික්‌කසාදයකට තර්ජනය කරන කලානුරූප බලපෑම්ද මෙයින් කියවිය හැක. සහකරුගේ වැරදි හැසිරීම, දික්‌කසාද නඩුවට ගිය වියදම්, සහකරුගේ ණය තුරුස්, දික්‌කසාදයකින් පසු ඇතිවන දුක්‌කරදර මෙම කේන්ද්‍රස්‌ථාන පාලනය කරයි. පුරුෂයෙකුගේ ජන්ම කේන්ද්‍රයේ නම් මෙම ස්‌ථානයෙන් භාර්යාවගේ දරු ප්‍රසූත හා මාතෘත්වය පිළිබඳවද කරුණු හෙළිවේ.
හත්වැන්න විවාහයට කෙලින්ම සම්බන්ධවන ස්‌ථානය වෙයි. අටවැන්නෙන් සහකරුගේ මුදල් හා චංචල දේපළ තත්ත්වයද ආදායම් ලැබෙන මාර්ගද දික්‌කසාදයකින් පසුව ලැබෙන ධනය හා නඩත්තු මුදල් ගැනද පාලනය වේ. හින්දු නක්‌ෂත්‍ර විද්‍යාව, අනුව මෙම ස්‌ථානය විවාහ සහකරු නිසා ඇති වන්නාවූ අප්‍රසන්නතාවක් පෙන්වන්නාවූ මිනුම් දණ්‌ඩක් වෙයි.
නම වැන්නෙන් සහකරුගේ දේශාඨන ගමන්, රථවාහන අයිතිය සහ වෙනත් තුන්වැන්නට අයිති කරුණු පාලනය කෙරේ. විවාහය, මධුසමය, සහකරුගේ කථා විලාශය ආදී ස්‌වභාවය ගැනද, දික්‌කසාද නඩුවක තීරණය ගැනද නම වැන්නෙන් අනාවැකි පළකළ හැක. දසවැන්නෙන් ජන්මියාගේ දෙමාපියන්ගෙන් කෙනෙකු ගැනද සහකරුගේ දෙමාපියන්ගෙන් කෙනෙකු ගැනද, සහකරුගේ උරුමයන්, වස්‌තුව වාසස්‌ථානය උපන් ස්‌ථානය හෝ උපන් පරිසරය ගැනද කරුණු කිව හැක. හතරවැන්නෙන් දැන ගතහැකි කරුණුවලට අමතරව දසවැන්නෙන් විවාහයට හෝ දික්‌කසාදයට හේතුවන කරුණු හා මූලිකත්වයක් ගැනද එහි ප්‍රතිඵල හා විවාහය හා සම්බන්ධවන ශාස්‌ත්‍රවිධි ගැනද දැක්‌වේ.
එකොළොස්‌වැන්නෙන් සහකරුගේ දරුවන්, සහකරුගේ විනෝදාංශ පාසල් අධ්‍යාපනය, ප්‍රේම සම්බන්ධ බලාපොරොත්තු සහ පුරුෂයාට හෝ භාර්යාවට බලපාන පස්‌වැන්නෙන් දැනගත හැකි කරුණුද පාලනය වේ. එකොළොස්‌වැන්නෙන් විවාහයේ අධ්‍යාපනික බලපෑම් විවාහය සම්බන්ධ ජන්මියාගේ මිතුරන්ගේ අදහස් පවතින්නාවූ මිත්‍රත්වයට විවාහයට බලපාන අයුරුද විවාහය නිසා ඇතිවන්නාවූ වාසනාවන්ත අවාසනාවන්ත ස්‌වභාවය ගැනද දැනගත හැක.
දොළොස්‌වැන්නෙන් සහකරුගේ අසනීප, ආහාර පාන, සුරතලුන්, මෙහෙකරුවන් යටත් සේවකයන් ඇඳුම්, පැළඳුම්, මානසික හා අධ්‍යාත්මික ස්‌වරූපයන් සහ හයවැන්නට නියම කරුණුද පාලනය වේ. පවුල් දිවියේ සාමය බිඳින තත්ත්වයන් හා තම සබැඳියාවේ ෙ€දනයට තුඩුදෙන කරුණු පාලනය කරන ස්‌ථානයද දොළොස්‌වැන්න වේ.
We found this article from Divaina on 2013/05/10.
Also Sinhala to English Google word to word translation can be found here