වැරදි කරන අයට දඬුවම් දෙන කාලි මෑණියෝ

0
1135
වැරදි
වැරදි

ශ්‍රී ලාංකීය ජනයා අතර ගෞරවයටත් වන්දනා මානයටත් ලක්‌වන කාලි මෑණියෝ ඉතා ගරු ගාම්භීර තේජස්‌ සහිත යක්‍ෂ සේනාධිපතිනියකි. හින්දු භක්‌තිකයන් විසින් ශිව දෙවිඳුන්ගේ බිසවක්‌ ලෙසද කාලි මෑණියන් හඳුන්වති.

පාර්වතී, උමා, ගිරි උමා, ජාමුණ්‌ඩා, දුර්ගා යන නම් වලින්ද හැඳින්වෙන ඇය ලාංකීය ජන විශ්වාසය අනුව භද්‍ර කාලි, මහාකාලි, පේන කාලි, වඳුරු කාලි, රීරි කාලි, සොහොන්කාලි, ගිනිකාලි වශයෙන් හත් කමිටුවක්‌ ලෙසද හැඳින්වේ.

පත්තිනි මෑණියන්ගේ අර්ධ දේව බලැති යක්‍ෂ සේවිකාවන් වන මොවුන් එකිනෙකාට වෙනස්‌ වූ විවිධ බල ඇත්තියන් වේ. ඒ අනුව වඳුරු කාලි වසංගත රෝග පතුරුවන බවත් සොහොන්කාලි සොහොන්වල අරක්‌ගෙන සිටින බවක්‌ භද්‍රකාලී දරු සම්පත් අහිමි අයට දරු සම්පත ලබා දෙන බවටත් අප රටේ ජනතාව තුළ දැඩි විශ්වාසයක්‌ පවතී.

මේ සියලු කාලි මාතාවන් අභිබවා භද්‍රකාලි මාතාව වන්දනාමානයට ලක්‌වන්නේ ඇය බුදුන් සරණ ගිය උපාසිකාවන් ලෙසට ජනයා තුළ පවතින දැඩි විශ්වාසය නිසාය.

මහා භද්‍රකාලි මාතාවගේ දේව සම්භවය පිළිබඳව ජනප්‍රවාදයේ මෙසේ සඳහන් වේ.

පුරාණයේ ඉන්දියාවේ මවක්‌ තම පුතු සමග වාසය කර ඇති අතර තරුණ වියට පත් වූ පුතුට මව විසින් තරුණියක විවාහ කර දී ඇත. දරු සුරතල් බැලීමේ දැඩි ආශාවෙන් පසු වූ මේ මවගේත් පුතුගේත් එම ආශාව ඉෂ්ට නොවූයෙත් මවගේ කීම මත පුත්‍රයා තම පළමු බිරිඳ සිටියදීම දෙවන විවාහයක්‌ සිදුකර ගෙන ඇත. එම විවාහයෙන් පසු දෙවන බිරිඳට දරුගැබක්‌ පිහිටා ඇත. ඒ පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් පසු වූ පළමු බිරිඳ මන්ත්‍ර කරුවකු ලවා යෙදූ උපක්‍රමයකින් දරුගැබ විනාශ වී ඇත. ඉන් අනතුරුව දෙවන බිරිඳට නැවත ගැබක්‌ පිහිටා ඇත. එම ගැබද පෙරසේම විනාශ වූයෙන් කල කිරීමට පත් පුත්‍රයා ශාස්‌ත්‍ර කරුවකු වෙත ගොස්‌ මීට හේතු විමසා සිටි අවස්‌ථාවේ ශාස්‌ත්‍ර කරු සියල්ල පහදා දී ඇත. එයින් කෝපයට පත් පුත්‍රයා නිවසට පැමිණ මෝල්ගසකින් ගසා සිය පළමු බිරිඳ මරා දමා ඇත.

සැමියාගෙන් පහර කෑ පළමු බිරිඳ සිය අවසන් හුස්‌ම පිටකර ඇත්තේ මා යක්‍ෂණියක්‌ වී තොපගේ දරුවා මරා කනවා යෑයි බද්ධ වෛරයකිනි. එබැවින් මරණින් මතු ඇය යක්‍ෂණියක්‌ වී උපන්නාය.

මේ අතර දෙවන බිරිඳට තෙවන දරුගැබ පිහිටා දරුවකු ප්‍රසූත කර ඇත. දරුවාත් මවත් පමණක්‌ නිවසේ සිටින මොහොතක යක්‍ෂණිය දරුවා පැහැරගෙන දිව ගොස්‌ ඇත.

මේ දුටු දරුවාගේ මව විලාප නගමින් යක්‍ෂණිය පසුපස ලුහුබඳින්නට වූවාය. එම සිද්ධිය දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ බුද්ධ බලයෙන් යක්‍ෂණිය වළක්‌වා ධර්මය දේශනා කළෙන් බණ අසා පැහැදී පසුව අට දිසාවේ වෙසෙන ජනයාට සේවය කිරීමටත් ඔවුන් විසින් දෙන පුද පූජා භාර ගැනීමටත් ක්‍රියාකළෙත් එතැන් සිට මේ දක්‌වා මහා භද්‍රකාලී මෑණියන් ලෙස දේවත්වයෙන් පුද ලබන්නීය.

යක්‍ෂ සේනාධිපතිනියන් මෙන්ම යක්‍ෂ දූතිකාවන් පිරිවරා සිටින කාලි මෑණියන්ට අද බොහෝ දෙනෙක්‌ අසාධාරණ කම් හා නඩුහබ පිළිබඳ පමණක්‌ කන්නලව් කළද එම කාරණාවලට මෙන්ම එදිනෙදා අපට මුහුණ දීමට සිදුවන කරදර බාධක වලටද ඇගේ පිහිට ලබාගත හැකි බව බොහෝ අය නොදනී. දිවා රෑ දෙකටම පොදු 8.08 -8.24 කාලය තුළ භද්‍රකාලී දෙවොලකදී ඇය වෙනුවෙන් රතුමල්, සුවඳම්, අබතෙල් මිශ්‍ර පහන්, රිදී පඬුරු, දෙහිගැට මාලයක්‌ පූජා කර වන්දනා කර දෙවියන්ට ඉතා ප්‍රිය පිරිතක්‌ වූ කරණීය මෙත්ත සූත්‍රය ගායනා කර පිංපෙත් අනුමෝදන් කර

“උවදුරු දුරුකරන – නමදිමි කාලි දෙවඟන

ඔබේ තෙද බලයෙන – සැදේවා සෙත සදා නිරතුරු”

යනුවෙන් 21 වරක්‌ ගායනා කර පිහිට පැතීමෙන් ඔබගේ කාරණාව ඉෂ්ඨ කර ගත හැකිය.

පහන් දල්වා කාලි මෑණියන්ට ගයන දේව ස්‌තෝත්‍රය

ධ්‍යාත්වා කාලිං මහා මායං

ත්‍රිනේත්‍රා බහු රූපීණීං

චාතුර් භූජාං ලෝල ජිහ්වාං

පූර්ණ චන්ද්‍ර නිභානතාං

නීලෝත්පල දල ශ්‍යාමාං

ශත්‍රැ සංඝ විදාරිණාම්

නර මුණ්‌ඩං තථා තංග

කමලං වරදං තථා

බිභ්‍රාණං රක්‌ත වසනං

සෝර දංෂ්ට්‍රා ස්‌වරූපිණීම්

අට්‌ටාට්‌ට භාස නිරතාං

සර්වද්‍ර ච දිගම්බරම්

නවග්‍රහ දෝෂ දුරුකරන

කාලි නවග්‍රහ ස්‌තෝත්‍ර

රවි ග්‍රහයාට

ඕං රවීන්ද්‍ර ප්‍ර සුරේන්ද්‍ර මණ්‌ඩල කිරණ අෂ්ඨ ගුරු ගඡේන්ද්‍ර හිං හිං දුං දුං දේව ගුරු විභූෂණ ටං ටං ආකාරය සුං සුං ධරණ ගිනි කාලි ධරණේ පංච පංච නම නම ඊශ්වර ජටා ධරණ මුචලින්ද අවර ගිරි ධරණය ගිනි ආකාරය සුං සුං එට්‌. එට්‌. ප්‍රලේස්‌ වාහඃ

චන්ද්‍ර ග්‍රහයාට

ඕං භ්‍රීං චන්ද්‍ර ගුරු භගවතී නවනාථ සුරේන්ද්‍ර කෘත ගත විපුල කේන්ද්‍ර අං අං අෂ්ඨ ගුරු කාලි ඕං ඕං අග්නිපුර කාල ධරණේ ඉකාරයා ඉෂ්ඨ ප්‍රර්ක බහුල ගිනි කාලි යං යං යම දේව ලෝක නාථ චන්ද්‍රයාය නමඃ

කුජ ග්‍රහයාට

ඕං කං කං කර්ග ධරණී කුඡේන්ද්‍ර කුෂ්මාණ්‌ඩ භෛරවී ත්‍රිපුර යම දූතී කං කාල ධාරී උකාර උත් දිනේ උං උං හිං කාරණී අං අං අයියේත්‍රී ජං ජං ජලදේව භෛරවී හ්‍රSං හී්‍රං රූපනී ත්‍රීධ කර්ග ධරණී පංෙච්න්ද්‍ර සුං සුං නමඃ

බුධ ග්‍රහයාට

ඕං ශ්‍රීං ශ්‍රීං චෛරණ්‌ඩු කොණ්‌ඩු බුදේන්දු සන්ධි විෂ්ණු ප්‍රකෘත ගණ විපුල ගජ හස්‌ත සුරේන්ද්‍ර පංච කාම කෝටි ලෝක ජල ප්‍රවෘත්ත ගණ දෙවි ජලත හං හං සකාර නීල රත්න දේවතාවා බුදේන්ද්‍ර ශ්‍රීං ශ්‍රීං ලෝක නාථ නාරායනේ ප්‍රාං ප්‍රාංප්‍රවිෂ්ඨ ඒකාරයා පඤ්ච ධරණේ භයංකර ධූත ධාරී නමඃ

ගුරු ග්‍රහයාට

ඕං ජල විප්‍රහංස ගුරු දේව තිනේත්‍රධාරී කුණ්‌ඩලාභරණ හස්‌ත පාදාංගනී ප්‍රමෘත ධවලී ත්‍රිභූවන ගණපතී ජං ජං පේෂණී යම කාලි දූතී හ්‍රSං හ්‍රSං නමඃ

ශුක්‍ර ග්‍රහයාට

ඕං කෘතගුණ විපුල සක්‍ර සුරේන්ද්‍ර මන්ත්‍රී මහී ඊෂ්වර අග්‍ර ප්‍රකීර්ති සර්ව සංහාරණී වාවා ඊෂ්වර මණ්‌ඩල ප්‍රක්‍රෝධ ඊෂ්වර මහා දේව බ්‍රහ්ම ගුරු බුධ කාලි ධං ධං ද්වජ නයන වන්මන් වජ්‍ර ධාරණී හුං හුං ශිව ශිවායනේ නමඃ

ශනි ග්‍රහයාට

ඕං යං යං ජල ප්‍රවෘත්ති ශිව ගුරු චන්ද්‍ර ක්‍රතේශ්වරී විභූෂණී අෂ්ඨාංගනී ශනි රූපනී කෛසේත්‍ර කාලි වෛකුණ්‌ඨ කුමාරි දුං දුං ද්‍රිං ද්‍රිං හුං හුං පට්‌ පට්‌ ප්‍රලේ ස්‌වාහඃ

රාහු ග්‍රහයාට

ඕං ඕං කාලි මහා කාලි සෙංගවර ඊල් මුක්‌කොඩි නායිල් ප්‍රලය ගිනි කරුවාල් සෙයියේරු ඉඩත්තු වීර භද්‍රකාලී ආකාර භෛරවයා දිෂ්ඨි පංෙච්න්ද්‍රයා වර වර නීල රක්‌ත දේවතාවා දිෂ්ඨි වර වර නමඃ

කේතු ග්‍රහයාට

ඕං රෞරාද්ධ කාලි රෛරාම් පෙරිය ගිනිකාලි රෛරාම් ඉරවෙත්තු කාලි රෛරාම් අරුමුං සෙත්තු මුඩියෙල් රෛගිනි බ්‍රසීඉඩත්තු කොණ්‌ඩුවාරේ තෙයිය ගිනි අග්නි දේවි කොණ්‌ඩු වාරේ මුක්‌කොඩි නායනේ කොණ්‌ඩුවාරේ තෙයිය ගිනි අග්නි දේවි කොණ්‌ඩු වාරේ මුක්‌කොඩි නායනේ කොණ්‌ඩුවාරේ තෙයියේරු නානේ කොණ්‌ඩුවාරේ සේගු සේගු නමඃ

කාලි මෑණියන් සඳහා කන්නලව්ව

තෙද බලැති යක්‍ෂණියන් පිරිවරා නිල්වන් වස්‌ත්‍රයකින් සැරසී ව්‍යාඝ්‍ර වාහනාරූඩව නාග වළලු පළඳමින් දෙඇස්‌වලින් ගිනි දැල් මතු කරමින් ගිනි පලිහක්‌ රැගෙන මනුෂ්‍ය කඳක්‌ ළඟ තබාගෙන අසාධාරණයට එරෙහිව නැගී සිටින්නා වූ මහා බලැති මහා තෙදැති කාලි යක්‍ෂණියේ ඔබ කෙරේ විශ්වාසය තබමින් මල්, පහන්, පැන්, සුවඳදුම් පූජාකර වැඳ නමස්‌කාර කර පිං අනුමෝදන් කර මා විසින් කරන්නා වූ කන්නලව්ව දිව කනින් අසා මාහට ඇති අපල උපද්‍රව දුරුකොට මට සතුරුකම් කරන්නන් ඔබතුමිය බාරගෙන සතුට ශාන්තිය මාවෙත ලබා දෙන සේක්‌වාෘ

We found this article from Divaina on 2012/08/31.
Also Sinhala to English Google word to word translation can be found here