ශනි හතේ සිටීම විවාහයට බාධාවක්‌ද?

2870
ශනි හතේ
ශනි හතේ

[ratings]

ජන්ම පත්‍රයක විවාහ ස්‌ථානය සේ සැලකෙන්නේ හත්වැන්නයි. එහි ශනි සිටීම පිළිබඳ නොයෙක්‌ කරුණු එක එක විදිහට විග්‍රහ කෙරේ. එක තැනෙක විවාහය ප්‍රමාදවේය තවත් තැනෙක රෝගී වූ සහකාරයකු හෝ සහකාරියක ලැබේය නැතිනම් ඔහුට හෝ ඇයට හානි පැමිණේය කියා තිබේ. සත්‍යවශයෙන්ම මේවා මෙසේම සිදුවේද? ශනි හතේ සිටි හැම ජන්මියකුගේම විවාහය ප්‍රමාද වේද?

විවාහකයාට මොනයම් හෝ කල් පවතින රෝගයක්‌ හෝ සැඟවුණු රෝගයක්‌ පවතී ද යන්න සොයා බැලිය යුතුය. ඇත්තෙන්ම එය එසේ නොවන බව ශනි හත්වැන්නේ සිටින ජන්ම පත්‍ර සියයක්‌වත් අඩුම තරමින් පරීක්‍ෂා කර බලතොත් වටහාගත හැකිය. එසේ වන්නට නම් ශනි හත්වැන්නේ සිටියදී වෙනත් ග්‍රහයින්ගේ ග්‍රහ දෘෂ්ටි සහ සංයෝග උපකාර කළ යුතුය. නිදසුනක්‌ දක්‌වතොත්, ශනි හත්වැන්නේ සිටින්නේ කේතු සමගින් නම් ජන්මියා පිළිකා, වණ ආදී රෝගයන්ට ගොදුරු වන්නේය. විවාහය පැත්තෙන් ගත් කල හත්වැන්නේ ශනි සිටි පමණින්ම විවාහය කඩාකප්පල් නොවේ. එහිදී අන්‍ය ග්‍රහ දෘෂ්ටි කෙරෙහි ද විශේෂ අවධානය යොමු කළ යුතුමය. කුජ ඉන් ප්‍රධාන තැනක්‌ ගනී. ශනි හත්වැන්නේ සිටියදී කුජගේ දෘෂ්ටියක්‌ ද හත්වැන්නට එල්ල වේ නම් භාර්යාවට හානි පැමිණේ.

ශනි හත්වැන්නේ සිටින්නේ උච්ච හෝ ස්‌වක්‌ෂේත්‍ර බලයෙන් යුතුව නම් “සස යෝගය” උදාවේ. එහිදී ශුභ පල උදා කෙරේ. එය විවාහයට වාසනාවන්ත පිහිටීමක්‌ සේ සැලකේ. නියම කාලයේදී තරුණ සුරූපී කෙනකු සමග විවාහය සිදුවේ. තරමක්‌ ප්‍රමාද වී හෝ වාසනාවන්ත දරුවන් ලබයි. ශනි හත්වැන්නේ සිටීම විවාහයට බාධා ඇති කරන්නේ විවාහ වූ මුල් කාල වකවානුවේදීයි. පසුව ක්‍රම ක්‍රමයෙන් අවුල් වියවුල් මඟහැරී සතුට සමගිය ඇතිවෙයි.

ප්‍රශ්නවලට මුහුණදීමේ ශක්‌තිය ද මොවුන් සතුව හොඳින් තිබේ. ඒවායින් පැන නොයයි. එසේ නම් ශනි හතේ විවාහය බිඳ නොදමන බව මොනවට පැහැදිලිය. පින් දහම් කිරීමට ද කැමැති වන අතර වස්‌තු ලාභ, නිරෝගී බව, දීර්ඝායුෂ, උසස්‌ අයගේ ගෞරව සැලකිලි, ව්‍යාපාරවලින් ලාභ ලැබීම යන ශුභ පලද ඇති කෙරේ. ශනි හත්වැන්නට දිග් බල බවද අමතක නොකරන්න. සුදුස්‌සාට සුදුසු තැන ලැබී තිබේ. එහිදී නරක ඇසුර වෙතොත් නරක ප්‍රතිඵල ද අත්විඳින්නට සිදුවේ. විවාහ ජීවිතයේ අවුල් වියවුල් මෙන්ම නොයෙක්‌ රෝගාබාධ ද ඇති කරයි. පදිංචි ස්‌ථානයෙන් පිටතදී කරදරවලට මුහුණපාන්නට සිදුවේ. නිශ්ඵල ගමන් බිමන් යෙදෙයි. සහකාර සබඳතාවලදී ගැටලුකාරී තත්ත්වයක්‌ මතුවේ. එසේම මකර ලග්නයෙන් ඉපිද සෙනසුරු හත්වැන්නේ වෙතොත් විවාහය කල්පසුවීම ද නොයෙක්‌ ගැටලු පැන නැගීම ද සිදුවේ. තවද මල්වරය සිදුවූ තත්කාල ලග්නයෙන් සත්වැන්නෙහි ශනි සිටි කල්හි දරු ගැබ හෙළන බවද සඳහන්ය.

We found this article from Divaina on 2011/12/02.
Also Sinhala to English Google word to word translation can be found here