සකල කලාවන්ට අධිපතිනිය සරස්‌වතී දේවිය

0
644
අධිපතිනිය
අධිපතිනිය

අධ්‍යාපනයේ මිණි පහන ලෙසත් සකල කලාවන්ට අධිපතිනිය ලෙසත් හැඳින්වෙන සරස්‌වතී දේවිය අධ්‍යාපනය ලබන්නන්ගේ ඉගෙනීමේ ආශාව වර්ධනය කිරීමේ මාහැඟි දායාදය ප්‍රදානය කරන උතුම් දේවියකි.

දෙවියන් අතර අග්‍රසාර වූ ගෞරවයටත් මිනිස්‌ ප්‍රජාව අතර වන්දනාමානයටත් භක්‌ත්‍යාදරයටත්a පත්ව ඇති සරසවි දේවියගේ උපත පිළිබ ජනප්‍රවාදයේ විවිධ මත දැක්‌වෙන අතර සියලු සතුනට පිහිට වීම සඳහා බුදුරදුන්ගේ මුව පියුමෙන් පහළ වූ බවත් ආර්යයන්ට උපකාර වූ නදියක්‌ ලෙස සැලකෙන සරස්‌වතී නදිය අසබඩ පැවැත්වූ යාග හෝම ආදියෙහිදී ගායනා කළ ස්‌තෝත්‍රවල බලමහිමයෙන් ක්‍රම ක්‍රමයෙන් සරස්‌වතී නදිය දේවත්වය ලබා ඇති බැවින් ඇය ස්‌තෝත්‍ර ගීතිකා ආදියටද අධිපතිනිය වී ඇති බවත් කියෑවේ.

පුරාණ දේව කථාවලට අනුව විෂ්ණු දෙවිඳුට සරස්‌වතී, ගංගා, ලක්‍ෂ්මී යනුවෙන් භාර්යාවන් තිදෙනෙක්‌ වූ බවත් මේ තිදෙනා අතර නිතර නිතර ආරවුල් ඇති වූ බවත් ඒවා මැඩපවත්වා ගැනීම සඳහා ලක්‍ෂ්මිය තමන් වෙත රඳවාගෙන ගංගා ඊෂ්වරටත් සරස්‌වතිය මහා බ්‍රහ්මයාටත් භාරදී ඇත. මහා බ්‍රහ්මයාගේ වාහනය හංසයා වූ නිසා ඇයට ද හංස වාහනයක්‌ හා පද්මාසනයක්‌ද ලැබී ඇත.

සරස්‌වතියගේ පතිත්වය විදහා දැක්‌වීමට ඇයගේ එක්‌ අතකට පොතක්‌ද විචිත්‍ර බව විදහා දැක්‌වීමට පළිඟු මැණිකෙන් සැකසූ ජප මාලයත් අනෙක්‌ අතට ද ලැබී ඇති බව සඳහන් වන අතර එකී මාලයෙහි මද රක්‌ත වර්ණයෙන් බැබලෙන පළිඟු කැට දෙළුම් ඇට යෑයි සිතා සරසවිය ළඟ සිටින ගිරවා හොටෙන් අදින කල ගිරවාගේ රැවටීම දකින සරස්‌වතිය මද සිනහ පහළ කර ඒ දෙස බලා සිටී. එම සිදුවීමේදී පහළවන සරස්‌වතියගේ මද සිනහව තම තමන්ගේ යස ඉසුරු වර්ධනයට මහෝපකාරී වනවා යන්න පුරාණයේ විසූවන්ගේ මතයක්‌ ලෙස දැක්‌වෙන අතර පැරණි සෘෂිවරු එය මෙසේ කවියට නගා ඇත.

කවකර කමලස්‌ථාං ස්‌පාටිකී මක්‍ෂමාලා

නච කිරණ විහින්නාං දාඩමී බීජ බුද්ධ්‍යා

ප්‍රතිකල මනු කර්ෂන් යෙනකීරො නිෂිද්ධඃ

ස භවතු මම භූෙෙත්‍ය වාණිකෙ මන්දහාසඃ

බ්‍රහ්මී, භාරතී, වාග්දේවි, වාගිෂ්වරී, වීණාධාරී, ගීදේවි, හංස වාහිනී, සාරදා ආදී ගෞරවාර්ථ නම් රාශියකින්ද හැඳින්වෙන සරස්‌වතී දේවිය නුවණ වැඩීමට සිහිබුද්ධිය වැඩීමට, පාඩම් මතක හිටීමට, අධ්‍යාපනයේ දියුණුවට හා සියලු කලා කටයුතුවල සාර්ථකත්වයට දියුණුවට මග පාදාදෙන අතර යම් කෙනකු වෙත ඇගේ මද බැල්ම ලැබේ නම් ඔහු මුළු ලොවම වශී කර යටත් කර ගැනීමේ හපනකු වන බව ද කියෑවේ.

මෙවැනි අති උත්තම මහා බලපරාක්‍රමයකින් අපගේ අධ්‍යාපන කටයුතු සඳහාත් කලා කටයුතු ඔප්නංවා ගැනීම සඳහාත් නිරතුරුව පිහිට වන්නා වූ සරස්‌වතිය ජ්‍යෙdතිෂ්‍යයත්, ගුප්ත විද්‍යාවත් අතර බොහෝ සබඳකම් ඇත්තියකි. එකල දඹදිව විසූ සෘෂිවරුන් මහා මන්ත්‍රවේදීන් ශාස්‌ත්‍රාධිපත්‍ය ලබාගැනීම සඳහා සරස්‌වතී වරම් ලබා ගැනීමට සරස්‌වතී දැහැන්, මන්ත්‍ර, ශ්ලෝක කන්aනලව් භාවිත කර ඇති අතර අද වනවිට ඒවා අප රටේ ද ව්‍යාප්තව පවතී.

සියලු අධ්‍යාපන කටයුතු කලා කටයුතු ජ්‍යෙdතිෂ්‍ය විද්‍යාව හා ගුප්ත විද්‍යා ඥනය නිසි ලෙස ප්‍රගුණ කරන්නටත්. නිසි වයස සැපිරූ කුඩා දරුවන්ට අකුරු කියවීමටත් සරස්‌වතී දේවියගේ පිහිට ආරක්‍ෂාවෙන් ධාරණ ශක්‌තිය නුවණ ලැබීමට නිවසේදී පුද පූජා තබා ඇයගේ පිහිට පැතිsය හැකිය.

ඒ සඳහා නිවසේදී බුදුන් වැඳීමෙන් පසුව හෝ පන්සලකදී සතියේ දින හතෙන් ඔබට පහසු දිනකදී උදය වරුවේ නිවසේදී සිඳගත් තැඹිලි තෙල්වලින් හෝ එළඟිතෙල්වලින් පහනක්‌ දල්වා සුවඳදුම් හා සමන් පිච්ච මල් පූජා කර වන්දනා මාන කර පිං අනුමෝදන් කර ඔබේ කටයුතුවල සාර්ථකත්වය ඉල්ලා සිටින්න.

මීට අමතරව රිවි කිරණ සඳ කිරණ නිසා මිනිසාට ගහකොළවලට යම් යම් බලපෑම් ලැබෙන්නා සේ සඳු, බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයන් බලය විහිදුවන සුබ හෝරාවල් තුළ අහඹු ලෙස යෙදෙන සරස්‌වතී යෝගයකදී එතුමිය වෙනුවෙන් තල, උක්‌හකුරු, කැවිලි, පලතුරු, පොල්මද වළලු, හාතාවාරිය අල, පූජා කර සරස්‌වතී ශ්ලෝකය ගායනා කර යහපත ඉල්ලා සිටීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබිය හැකිය.

සරස්‌වතී ශ්ලෝකය

මොහාන්ධකාර සම්මෝන – ලොකෙ මෝහ විදං සතං

දීපා ලෝකෙක පූඡේමි – සම්බුද්ධං ලෝක පූජිතං

සංසාර සිදු කරණං – ඛෙමං නිබ්බාන ගාමිනිං

දීපා ලෝකේන පූඡේමි – සද්ධම්මං ජින දේසිතං

සද්ධම්ම රාජ තනුජං – සෙට්‌ඨං අරිය පුහිගලං

දීපාලෝකේන පූඡේමි – පුඤ්ෙÆචත්තං අන්තරං

සරස්‌වතී කන්නලව්ව

බුදුරදුන්ගේ මුව පියුමෙන් පහළව පද්මාසනයක්‌ මත වැඩසිටිමින් අත්වල වීණාවක්‌, පොතක්‌, ජප මාලයක්‌ දරමින් කේෂකලාපය අඬ සඳක්‌ සේ සරසා ගෞරි පැහැති දේහයකින් බබලමින් හංසවාහනාරූඪව ගමන්යන උතුම් වූ සරස්‌වතී දෙවියනිs, පිං පෙත් අනුමෝදන් කර දොහොත් නගා වැඳ නමස්‌කාරයෙන් ඉල්ලා සිටින්නා වූ නුවණ, සිහි බුද්ධිය, ධාරණ ශක්‌තියක්‌ අධ්‍යාපනයේ හා කලාවේ දියුණුව මා වෙත උදාකර දෙන සේක්‌වා·

දැනුම් සවි සිහි සවි

බස සවි සිත් කලා සවි

සතර කවි සරසවි

මවුනි මට දුන මැනවි සිව් සවි

සරස්‌වතී ශාන්තිය

බ්‍රහ්ම රාජිත මුඛ්‍ය පද්මජ වාස නිර්භය දානතුං

විද්‍යාධාරිත සත්ත්ව මානුෂ දේව නාගාධිපතිං

ධර්ම අර්ථය කාම මොක්‌ෂය සාධනා කෘත නිශ්චිතං

බ්‍රහ්ම රාජිනී පාද පංකජ වන්ද තේ ප්‍රිය සෞගතං

කීර පොතක හස්‌තධාරණ ශිෂ්ට සම්මත වාචකං

නිත්‍ය වාදන ශුද්ධි බුද්ධික ගීsතිකා ඡන්දස්‌කෘතං

දිට්‌ට මංගලිකා නිබන්ධතු කීර්තිරාවය ධාරණං

ශාන්ති සෞඛ්‍යං නිත්‍ය සම්මත දානතෙ සාරස්‌වතිං

ප්‍රඥ සාගර සඡ්ජනාතන පූජනී බහු භාණ්‌ඩකම්

රාඥ බ්‍රහ්මික පාද සෙවිත ශාස්‌ත්‍ර ආගම ධාරණං

කීර්ති මාලක දම්භ සඡ්ජිත ත්‍රී නවත්තර නිශ්චිතං

ආයු ශ්‍රී සාරාභිරණ්‍ය ක්‍ෂේත්‍ර සම්පත්ති ප්‍රදානං

වක්‌භා කණ්‌aඨජ ශීර්ෂ තාලුජ දන්ත නේත්‍රා නිෂ්ඨිතං

සර්ව දෝෂාන්ධකාරං විහතමලං මනසාවයං

මෛත්‍රී පූර්වක ශාන්ති දානක නිත්‍ය ජීවිත ආතුරං

රක්‍ෂතෙ ජයමංගලම් කෘත්වතෙ සාරස්‌වතිං

හස්‌ත පාදක ජාත්‍ර ශිර්ෂික ඌරු පිට්‌ඨික කේෂජං

හෘදය ගර්භික පිත්ත දාහක රුධිර ශ්ලෙෂ්මා රෝගිකං

දුෂ්ට දුර්ගුණ දුර්විපාකද අන්තරාභය නාසකං

බ්‍රහ්ම රාජිනි ශාන්ති දානය කෘත්වතෙ රෝගාතුරං

ශුද්ධ චින්තක විද්‍යාධාරික ප්‍රීති ගීතික වාදනං

බ්‍රහ්ම මුත්තම වක්‌ත්‍ර පද්මජ වාසමිත්තන නිර්භයං

ශුද්ධ ජීවන රුධිර ඡාවන තේජ වික්‍රම සෞගතං

නිත්‍ය රංජිත ධාවන ආතුර රක්‍ෂතෙ සාරස්‌වතිං

සරස්‌වතීs ස්‌ත්‍රොaත්‍රය

සරස්‌වතීs මහා දේවි වීණා පුස්‌තක ධාරිණී

හංස වාහිණී සමායුක්‌තෙ විද්‍යාදානං කුරුමෙ

සරස්‌වතී නමෝ මය්හං වරදේව කාම රූපිණී

විද්‍යාරම්හං කරිස්‌සාමි සරස්‌වතී නමස්‌තුතේ

නමස්‌කාර ආරාධනාව

ශාස්‌ත්‍රාගම ධාරී ගුණ ඥන සම්ප්‍රයුක්‌තං

ලෝකචාරී ප්‍රියංගනා විද්‍යාභර ධාරං

විද්‍යචාරි මනුෂ්‍ය මුඛ සේවිත නිත්‍යං

සරස්‌වතී දේවි සුර ආසනප්‍රවිශ්ඨං

ශ්‍රී ධීධර ගීත කාම මධුර ස්‌වර වාචං

ශ්‍රී හස්‌තක කීර පෝතකා දෂ්‍යති නිත්‍යං

ශ්‍රී මුඛ වාසානු බද්ධ මහා බ්‍රහ්ම රාජං

සරස්‌වතී දේවි පුෂ්ප ආසන ප්‍රවිශ්ඨං

විද්‍යාධර සකලාබහු ජනනායක වීරං

අන්‍යාධාරක විශ්‍රැති බහු ජන මන ප්‍රීතිං

නිත්‍යස්‌වර ගීත ශාස්‌ත්‍ර ඡන්දසනධිපතිං

සරස්‌වතී දේවිපුෂ්ප ආසන ප්‍රවිශ්ඨං

මෙම සියලු ගාථා, කවි, කන්නලව්, ශ්ලෝක නිසි ලෙස භාවිතයෙන් සිහිබුද්ධිය වැඩීමට, පාඩම් හිටීමට මතක ශක්‌තිය වර්ධනයට, විභාග ජය ගැනීමට වැනි සුබ කාරණාවලට සරස්‌වතී දේවිය උදෙසා පුද පූජා තබා ගායනා කිරීමෙන් ඔබටද ඇයගේ ආශිර්වාදය නොඅඩුව ලැබීමට හැකිවනු ඇත.

We found this article from Divaina on 2012/08/10.
Also Sinhala to English Google word to word translation can be found here