සර්ව සෞභාග්‍යයේ දෙවඟන ශ්‍රී ලක්‍ෂ්මී

3180
සෞභාග්‍යයේ
සෞභාග්‍යයේ

ශ්‍රී ලක්‍ෂ්මී දෙවඟන සකල ඓශ්චර්යයටත්, සෞභාග්‍යයටත් අධිපතිනිය ලෙස ශ්‍රී ලාංකීය බැතිමතුන්ගේ භක්‌තියටත්, ගෞරවයටත් නිබඳවම පාත්‍රවන දේව ආත්මයකි. මෙරට බැතිමතුන් “ශ්‍රියා කාන්තාව” ලෙස හඳුන්වන ශ්‍රී ලක්‍ෂ්මී දෙවඟන ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ භාර්යාව ලෙසද හැඳින්වෙයි.

සර්ව ශූභවාදී දෙවඟනක්‌ ලෙස සැලකෙන ශ්‍රී ලක්‍ෂ්මී දෙවඟන සාමය, සමෘද්ධිය, සශ්‍රීකත්වය, රූපශ්‍රීය, ධනය, අලංකාරය, ප්‍රේමය වැනි ගුණාංගයන් සකල ලෝකවාසී ජනයාට ප්‍රදානය කරන්නා වූ දේව ආත්මයකි.

ශ්‍රී ලක්‍ෂ්මී දෙවඟනගේ ස්‌වාමියා වන ශ්‍රී විෂ්ණු දෙවිඳු ලොව පහළ වන මූර්තීන් 10 ක්‌ ඇති අතර එතුමන් මෙන්ම ශ්‍රී ලක්‍ෂ්මී දෙවඟනද මූර්ති 10 කින් ලොව පහළ වන අතර එම මූර්ති ශ්‍රී ලක්‍ෂ්මී, මහා ලක්‍ෂ්මී, ධන ලක්‍ෂ්මී, රූප ලක්‍ෂ්මී, නෘත්‍ය ලක්‍ෂ්මී, ප්‍රතාප ලක්‍ෂ්මී, සූර්ය ලක්‍ෂ්මී, වීර ලක්‍ෂ්මී, ප්‍රඥ ලක්‍ෂ්මී, සර්ව රෝග නිවාරණ ලක්‍ෂ්මී ආදී වශයෙන් හැඳින්වේ.

පියුම්බා යන නාමයෙන්ද ලක්‍ෂ්මී දෙවඟන හැඳින්වෙන අතර පියුම්බා යනු “පියුම මව කොට උපන් තැනැත්තියයි”.

ශ්‍රී ලක්‍ෂ්මිය පියුමකින් මෙලොව පහළ වූ කතාන්දරය ජනප්‍රවාදයේ මෙසේ සඳහන් වේ.

එක්‌තරා සෘෂිවරයෙක්‌ ස්‌වකීය ධ්‍යාන බලයෙන් අහසේ සැරිසරද්දී පොළවේ එක්‌ උයනක මද කිපී කෙළි දෙලෙන් හැසිරෙන මුව දෙනක්‌ දැක ඇත. රතියෙහි ලොල් වූ මුව දෙන තිරිසන් යෝනියෙන් උපන් නමුත් ස්‌ත්‍රීන්ට නිසඟයෙන් උරුම වන්නා වූ රාග නිඃශ්‍රිත භාව – භාව ලීලා පාමින් ළපලු උයන පුරා ඔබ මොබ හැසිරෙනු දුටු සෘෂිවරයාට කාම තෘෂ්ණාව පහළ වී ඇත. ගතින් නොවුණද සිතින් උද්දීපනය වූ කාම තෘෂ්ණාව හේතුවෙන් සැණෙකින් සෘෂිවරයාගෙන් ජීව ධාතු පහව අත. එය වාතලයට එක්‌වී පොළෝ තලය කරා ඇදී අවුත් නිල්වන් ජලයේ සුපිපි පියුමක්‌ මතට පතිත වීම හේතුවෙන් එකී පියුම මව් කොටගෙන රූසිරියෙන් අග තැන්පත් වූ පියුම්බා හෙවත් ශ්‍රී ලක්‍ෂ්මිය උපන්නාය.

නිල්වන් ජල තලය මත සුපිපි රන් පියුමක්‌ ශ්‍රී ලක්‍ෂ්මියගේ ආසනය වන අතර චතුර්බාහු හෙවත් අත් හතරක්‌ ඇත. ඒ අතරින් එතුමිය උඩට ඔසවා ඇති දෑතේ නෙළුම් මල් දෙකක්‌ දරා සිටී. අනෙක්‌ අත් දෙකින් එක්‌ අතකින් රන් කාසි විසිරෙන අතර එකකින් කාසි බඳුනක්‌ දරා සිටී.

නීලවර්ණ කෙස්‌ කළඹකින් ශෝභිත පච්ච වර්ණ හැට්‌ටයකින්ද, රක්‌ත වර්ණ සළුවකින් සැරසී සිටින ශ්‍රී ලක්‍ෂ්මී දෙවඟන රක්‌ත වර්ණයෙන් සහ නීල වර්ණයෙන් දිදුලන මාණික්‍යයන්ගෙන් සැදි ඔටුන්නක්‌ පළඳියි. මාලා දාම, වළලු, සීලම්බු, ශ්‍රීවාභරණ, මිණි මෙවුල් ආදී ස්‌වර්ණාභරණවලින් අලංකාර ලෙස සැරසී සිටින ලක්‍ෂ්මිය සියලු දිව්‍යාංගනාවන් අතර අගතැන්පත් දේවතාවිය ලෙස සැළකේ.

දේවතා මණ්‌ඩලයේ බොහෝ දෙවිවරු මතු බුදුවීමේ ප්‍රාර්ථනා පෙරදැරිව ලෝක සත්ත්වයා ආරක්‌ෂා කරමින් සෙත ශාන්තිය සලසා දෙමින් පින් ලබාගැනීම අරමුණු කොට සිටින නමුදු ශ්‍රී ලක්‍ෂ්මිය එවන් අරමුණක්‌ වෙත යොමුවී නොමැති වීම විශේෂ කාරණයක්‌ ලෙස සඳහන් වූවත් අපට උදාවන දුක්‌ කරදරවලට ඇයගෙන් පිහිට ඉල්ලා සිටින ඕනෑම අවස්‌ථාවක ඇයගේ දේවාශීර්වාදය අප වෙත නොඅඩුව ලබාදීමද ශ්‍රී ලක්‍ෂ්මිය සතු විශේෂ ගුණයකි.

ශ්‍රී ලක්‍ෂ්මී දේවිය වැඩ සිටින දෙවොලකදී ලෞකික සැපත සඳහා හේතුවන ආකාරයෙන් ලක්‍ෂ්මී දෙවඟන ගේ පිහිට බලාපොරොත්තු වන ඔබ ශ්‍රී ලක්‍ෂ්මී දෙවඟන තුටු පහටු කරවීමේ අරමුණින් යුතුව දල්වන පහනට ගිතෙල් හෝ සඳුන් තෙල්ද, සුදු නෙළුම් හෝ රතු නෙළුම් මල්ද සැවන්දරා, සුදු හඳුන්, හල්දුම්මල, රත්හඳුන්, දේවදාර සමවගෙන වියළා කුඩුකර සුවඳ දුම් ලෙස භාවිතා කිරීමද, පළතුරු පූජාව ලෙස බෙලි, ඉදුණු පේර, දූරියන් වැනි සුවඳ හමන පළතුරුද නිවසේදී පිළියෙල කරගත් අග්ගලා, අතිරස, කැවුම්, කිරියා, හබල පෙති, යන කැවිලි වර්ගද පූජාකර පිංපෙත් අනුමෝදන් කර දක්‌වා ඇති ස්‌ත්‍රොaත්‍ර ගායනා කර පිහිට පැතීමෙන් ඔබගේ සියලු දුක්‌ කරදර නිමවීමට ශ්‍රී ලක්‍ෂ්මී දෙවඟනගේ ආශිර්වාදය ලැබිය හැකිය.

ශ්‍රී ලක්‍ෂ්මි නාම ස්‌තෝත්‍රය

ඕං මහා දේවාය නමඃ

ඕං ගරුඬාරූඩ තොලා

සුර භයංකෙරී නමඃ

සර්ව පාපහරෙ දේවි නමඃ

මහා මාතා ශ්‍රී ලක්‍ෂ්මී නමඃ

සිද්ධි බුද්ධි ඥන දේවි නමඃ

බුක්‌ති මුක්‌ති පුදායිනි නමඃ

මන්ත්‍ර මුර්තෙ සදා දේවි නමඃ

ස්‌ථුල සූක්‍ෂම මහා රෞදෙ නමඃ

ආද්‍ය ශක්‌ති මහා මහෙශ්වරී නමඃ

මහා පාප හරේ දේවි නමඃ

පද්මාසන සථිතෙ දේවි නමඃ

නා නා ලංකාර භෂිතෙ නමඃ

ජගත් ස්‌ථිතෙ ජගන් මාතා නමඃ

මහා මාතා ශ්‍රී ලක්‍ෂ්මී නමඃ

සර්වක්‍ෂ සර්වවරදො නමඃ

සර්ව දෘෂ්ටි භයංකරි නමඃ

සර්ව දුක්‌ඛ හරෙ දේවි නමඃ

මහා මාතා ශ්‍රී ලක්‍ෂ්මී නමඃ

ශ්‍රී ලක්‍ෂ්මී ශාන්තිය

පිනා කුච හස්‌තායන

කේශනීල වර්ණං

පිනා ශසි සෞම්‍ය වස්‌ත්‍ර

දේශහේම වර්ණං

දීර්ඝා නයන නීලොත්

ඵලපත්‍රජ වර්ණං

ශ්‍රී ලක්‍ෂ්මී ප්‍රණධාමාමික

ආයුෂ ආරක්‍ෂං

ශ්‍රද්ධා මන බන්දා ගුණ

ලද්ධා සත කීර්තිං

බද්ධා මන නිත්‍යා

පරිශුද්ධා මති ශ්‍රේෂ්ඨං

ශ්‍රද්ධා ගුණ බුද්ධීවර

කෘෂ්ණ දේව රාජං

චක්‌ෂ ස්‌ථල වාසභූත

ශ්‍රී ධාතු සෞඛ්‍යං

ශ්වේත පද්ම හස්‌තධාරි

පද්මාසන යුක්‌තං

සත්‍ය වචනෙ කදම්භ

අම්බුජ වන වාසං

කන්‍යා කුඤ්ජර චාමර

ශ්වේත වර්ණ ඡත්‍රං

වාසභූත ශ්‍රී ලක්‍ෂ්මී ආතුර ආරක්‌ෂං

සෞභාග්‍ය උදාකරන

ශ්‍රී ලක්‍ෂ්මී ස්‌තෝත්‍රය

නමං සර්වස්‌ව රූපේච

නමඃ කල්‍යාන දායිකෙ

මහා සම්පත් පුදෙ දේවි

ධන දායි නමෝස්‌තුතෙ

මහා භෝග පුදෙ දේවි

මහා කාම පුපූරිතෙ

සුබ මොක්‌ෂ ප්‍රදෙ දේවි

ධන දායි නමස්‌තුතෙ

උදෙත් සූර්ය ප්‍රකාශභෙ

උදෙත් ආධිත්‍ය මණ්‌ඩලෙ

සිව තත්ත්ව පුදෙ දේවි

ධනදායි නමස්‌තුතෙ

බ්‍රහ්ම රූපෙ සදානන්දේ

සදා නන්දස්‌ව රූපිනී

ධ්‍රැත සිද්ධි ප්‍රදෙ දේවි

ධන දායි නමස්‌තුතෙ

විෂ්ණු රූපෙ විශ්ව මතෙ

විශ්ව පාලන කාපිනී

මහා සත්ව ගුණ ක්‍රාන්තේ

ධනදායි නමස්‌තුතෙ

ශිව රූපෙ ශිවා නන්දෙ

කාරණා නන්ද විග්‍රයෙ

විශ්ව සංහාර රූපෙච

ධන දායි නමස්‌තුතෙ

පංච තත්ත්ව ස්‌වරූපෙච

පංචාචාර සදාරතෙ

සාධකා භීෂ්ඨදා දේවී

ධනදායී නමස්‌තුතෙ

ශ්‍රී ලක්‍ෂ්මී කන්නලව්ව

උතුම් වූ ශ්‍රී ලක්‍ෂ්මී, මහා ලක්‍ෂ්මී, ධන ලක්‍ෂ්මී, රූප ලක්‍ෂ්මී, නෘත්‍ය ලක්‍ෂ්මී, ප්‍රතාප ලක්‍ෂ්මී, සූර්ය ලක්‍ෂ්මී, වීර්ය ලක්‍ෂ්මී, ප්‍රඥ ලක්‍ෂ්මී, සර්ව රෝග නිවාරණ ලක්‍ෂ්මී යනාදී වශයෙන් දස වාරයක්‌ මෙලොව පහළ වී සකල සත්ත්වයා වෙත දයාව, කරුණාව දානය කරමින් ඔවුනගේ දුක්‌ඛ දෝමනස්‌සයන් දුරු කර දුන් බව සත්‍යවාදී සැබැවී නම් ස්‌වර්ණ කුම්භයක්‌ අත දරා රන් කහවනු අත්ලකින් වගුරුවමින් සකල ඓශ්චර්යටත්, සර්ව සෞභාග්‍යයටත් අධිපතිත්වය දරමින් ලෝවැසියන් වෙත ධනය, රූපශ්‍රීය සාමය, සමෘද්ධිය, සශ්‍රීකත්වය, ප්‍රේමය ප්‍රදානය කරමින් රටින් රටට, ගමින් ගමට, නිවසෙන් නිවසට, දොරින් දොරට, හදවතින් හදවතට සතුට ප්‍රදානය කරන්නා වූ ඔබ වහන්සේගේ පාද මූලයේ මල්, පහන් සුවඳ දුම් පූජාකර පිං අනුමෝදන් කර අයෑද සිටින්නා වූ අපගේ දුක්‌ඛ දෝමනස්‌ස දුරු කරවා භව භෝග සම්පත්, ධන ධාන්‍ය වැඩිදියුණු කරවාදී සියලු රෝග ව්‍යාධි නිවාරණයට ආශිර්වාද කරන සේක්‌වා·

වන්දනා ගාථා

පද්මාසන ස්‌ථිතෙ දේවි

පරබ්‍රහ්ම ස්‌වරූපිනී

පරමේෂ ජගන් මාතා

ශ්‍රී ලක්‍ෂ්මී නමොස්‌තුතේ

We found this article from Divaina on 2012/09/14.
Also Sinhala to English Google word to word translation can be found here