සෙනසුරු කියන තරම්ම කළුද?

0
826
සෙනසුරු
සෙනසුරු

සෙනසුරු සෑම ලග්නයකටම අසුබ ග්‍රහයකු නොවන බව මතක තබා ගත යුතුය. සෙනසුරු ග්‍රහයා ජන්ම පත්‍රයක අනෙක්‌a ග්‍රහයන් සමග සිටින ආකාරය පිළිබඳ පරීක්‍ෂා කළ යුතුය. සෙනසුරු කේන්ද්‍රයක යම් බල සහිත ස්‌ථානයක ඇත්නම් ඉහත ආකාරය හාත්පසින්ම වෙනස්‌ බව පෙන්වා දෙන්නෙමි. ජන්ම කේන්ද්‍රයේ සඳු සිටින රාශියට ඉහළින් සෙනසුරුගේ ගමන යෙදුණේ නම් සෙනසුරු ජන්ම ඒaරාෂ්ඨක අපලය ලෙස එය හඳුන්වා දිය හැක. එහිදී සෙනසුරුට මිත්‍ර රාශි වන මකර, කුම්භ, තුලා හා වෘෂභ, මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශීන්වලදී සෙනසුරුගේ පීඩාවන් අවම බවත් සඳහන් කළ යුතුය. තවත් වැදගත් කරුණක්‌ නම් සෙනසුරු ගමන් කරන නැකතයි. ඒ අනුව සෙනසුරුගේ පලාපල විග්‍රහ කළ හැකි බව කිව යුතුය.

සෙනසුරු අපල දුරු කරන පූජා

සෙනසුරු මාරුව කවුරුන්a විග්‍රහ කළ ද දැනට තුලා රාශිගතව සිටින සෙනසුරු සුබදායක බව කාගෙත් මතයයි. නමුත් සෙනසුරු පැමිණ ඇත්තේ සෙනසුරුට උච්ච රාශියකට නිසා උසස්‌ බල ගෙන දෙන්නක්‌ බව විග්‍රහ කළ හැකිය. එවැනි අවස්‌ථාවල සෙනසුරුගේ පාප ගති අඩු වන බව ද කිව යුතුය. යම් ජන්මියකුට සෙනසුරු අපලය හෝ ජන්ම පත්‍රයේ සෙනසුරු අසුබව පිහිටියේ නම් එම ජන්මියා දිනපතා බුදුන් වැදීම, මල් පහන් පූජා කිරීම, දෙවියන්ට පිං දීම වැනි පූජා ක්‍රම කළ යුතුය. සෙනසුරු ග්‍රහයා සුබ රාශි සුබ නවාංශක හා සුබ නැකැත්වල ගමන් කිරීම සුබදායක බව ජ්‍යෙdතිෂ මතයයි. ඒ අනුව තම නිවසේදී දිනපතා රතන සූත්‍රය, ධජග්ග සූත්‍රය, සූරිය පිරිත, ඡන්ද පිරිත වැනි පිරිත් සූත්‍ර භාවිත කිරීමෙන් සෙනසුරු අපලය තරමක්‌ දුරට මඟහරවා ගත හැකි බව කිව යුතුය.

එමෙන්ම සෙනසුරු මුල් කර ගත් පුද පූජාවන් වන කපුටු දාන දීම සෑම සතෙකුටම ආදරය කරුණාව දැක්‌වීම කෑම බීම ලබා දීම ආදිය ඉතා සුළු හා පහසුවෙන් කළ හැකි පුද පූජා ක්‍රම බව සඳහන් කරමි. නිවසේ ඉදිරිපස කුරුලු ලෑල්ලක්‌ ගසා කුරුල්ලන්ට ලේනුන්ට, කෑම හා පිපාසයට ජලය ලබාදීම ද මෙවැනිම පුණ්‍යකර්ම බව සඳහන් කරමි.

ඔබත් සෙනසුරු අපලයකින් පීඩා විඳී නම්, සෑම දිනකම පාහේ මෙවැනි පුංචි පුංචි පිංකම් කරන්න. දිගින් දිගටම මෙවැනි පිංකම් කිරීමෙන් ඔබ නොදැනුවත්වම ඔබගේ ග්‍රහ පීඩා, චිත්ත පීඩා භූත පීඩා සියල්ල දුරු වීමෙන් මානසික සතුටට පත්වීම තුළින් සෙනසුරු මාරුව ඔබට පීඩාවක්‌ නොවනු ඇත.

සෙනසුරු ඒරාෂ්ඨකය වෙනුවෙන් කළ හැකි සරල වත්පිළිවෙත්

බෞද්ධයෙක්‌ නම් පුර පක්‍ෂයේ දින 09 ක බෝධි පූජාවක්‌ පැවැත්වීමත්. තම උසට වඩා වැඩි උසකින් මල් මාලාවකට වයස ප්‍රමාණයේ නිල්මල් එකතු කර බෝධි වෘක්‍ෂයේ පැළඳීම කළ යුතුය. එළඟිතෙල් මිශ්‍ර පිරවූ පොල්තෙල් පහන් 09 ක්‌ නුග කොළ මත දැල්වීම කළ යුතුය.

සෙනසුරාදා දිනයන්හිදී උදෑසන 6-7 ත් අතර එළඟිතෙල් මිශ්‍ර කිරිබත් ගුලි 09 ක්‌ නුග කොළ මත තබා නිවසේ බස්‌නාහිර පැත්තේ කපුටන්ට දන් දීම සුබයි. (මෙහිදී පහන්තිර දැමීම සිදු නොකළ යුතු වන්නේ පහන්තිර ආහාරයක්‌ නොවන නිසාවෙනි).

නුග වෘක්‍ෂයකට සාත්තු කිරීම සුබයි.

අමාවක දින තමාගේ වයසට සමානව බෝධියක්‌ වටා එළඟිතෙල් පහන් දැල්වීම සුබයි.

අතපය වාරු නැති යාචකයන් හට සෙනසුරාදා දිනවල රතු කැකුළු බත් වෑංජන සමග දන් දීම සුබයි.

ගව මස්‌ ආහාරයට නොගැනීම ඉතා සුබයි.

අංජනකැට, කළු තල, වී පොරි, සතකුප්ප, බැවිල, සුවඳකොට්‌ටං, දේවදාර, කලාඳුරු අල යන ඖෂධ සමව ගෙන තම්බා නිවා සතියකට වරක්‌ ස්‌නානය කිරීම සුබයි.

නීල මණ්‌ඩල යන්ත්‍රය, ශනි මෘතුංජය යන යන්ත්‍ර පැළඳීම සුබයි.

විෂ්ණු දෙවියන් මුල් කර ගනිමින් බාර හාර වීම හා සෙත් කවි කීම සුබයි.

ඉහත ආකාරයට සෙනසුරුගේ අපලයෙන් මිදීමට ඔබට හැකියාව ඇති අතර ඉතා පහසුවෙන් කළ හැකි දෑ මෙහි සඳහන් කර තිබේ.

We found this article from Divaina on 2013/07/21.
Also Sinhala to English Google word to word translation can be found here