[ratings]
මාර්තණඩාදිත්ය දේවී ජනනිCධිලමුනී ප්‍රාප්ත නන්දාඛ්ය ශාසත්රඃ
නිග්රෝධාරාන්ය සේවිගතිකත ගරුෙŒ මේඝ මාලාඛ්යගාත්රඃ
පූතිඃ කෘෂණාන්ය භෝජිතත්රමනුරව සඡ්ඡේන්ද්ර නීලානුකාරී
වාරුන්ය භාණු ශ්රැනුඃ ව්යපනයකුසදා සව_දාහඃ විපත්තිඃ
යනුවෙන් සූර්ය දිව්‍ය රාජයාට ජාතව ආදිත්‍ය දේවිය කුසින් බිනර මස පුර පසළොස්වක ලත් ශනි දින රේවතී නැකතින් මීන ලග්නයෙන් බිහිවූ සෙනසුරු ග්‍රහ දෙවිඳු සුරත නදවට දරමින් එකුන් සැට යොදුන් නුග විමනක වාසය කරයි. ක්රිෂ්ණපූති මාංශ ආහාර අනුභව කරමින් ගරුඬ වාහනයක ගමන් කරයි. පූෂ, අනුර, උත්‍රපුටුප නැකැත් හා මකර කුම්භ රාශි අධිපති වේ. නීල මාණික්‍යයට ඇලුම් කරයි. දහනම අවුරුදු මහ දශා කාලයේ හා ජන්ම ලග්න අෂ්ටම ඒරාෂ්ටකවලදී අප්‍රමාණ වූ විපත් කරදර ආපදා ඇති කරයි.
ඉතා තද හිතක් ඇති කුඩුකේඩු නොයෙක් දුක් විඳිමින් තරහෙන් කාලය ගෙවන කිළිටි කෙට්ටු නාකි මහ බලවත් පුරුෂයකුගේ ගති සෙනසුරුට ඇත. ඔහු මිනිසුන්ට ලබා දෙන්නේ ඔහු සතුව ඇති දේවල්ය. ඔහුට ලෝකය එපා වී ඇත. එසේම අන්‍යයන්ට ද ඔහුට අවස්ථාව ලැබුණ විට ලෝකය එපා කරවයි. ඔහුගේ වම් කකුල කැඩී තුවාලය සනීප නොවීම පවතී. අන්‍යයන්ටද එවැනි දේම කරයි. ඔහු කිසිවකුට හොඳක් නොකරයි. කිසිවක් කරගත නොහැකිව කම්මැළිව ලෙඩ වී කසළ ගොඩක ඔහු සිටින්නා සේ අන්‍යයන්ගේද සියලු වැඩ කටයුතු විනාශ කර එක්තැන් කර තබයි. අකීකරු වුණොත් මරා දමයි.
සෙනසුරු හොඳ ප්‍රතිඵල ලබාදෙන අවස්ථාද තිබේ. නමුත් ඒ කලාතුරකිනි. ඔහු හොඳට හැරුණොත් ඉතා ධනවත් බලවත් තත්ත්වයට පත්කරයි. සියලු අපල කරදරවලින් ආරක්ෂා කරයි. දීර්ඝායුෂ ලබාදේ. නමුත් මේ වාසනාව සෙනසුරුගෙන් ලැබෙන්නේ කලාතුරකින් කෙනකුටය. සෙනසුරු කොහොමත් කිසිවකු සැප විඳිනවාට කැමැති නැත. ඒ නිසා යමකුට බොහෝ සම්පත් තනතුරු ලබා දුන්නත් හිටි ගමන් ඒ සියල්ල නැතිකර මරා දමයි. නමුත් සෙනසුරා බලවත් වූ ධාර්මික සෘෂිවරු වැනි අය කීර්තියෙන් යසසින් යුතුව දිගුකල් වාසය කරති. ඒ ශ්‍රී සත්‍ය සායි බාබාතුමා වැනි අයයි.
සෙනසුරු මේ නිසා කිසිවකු හොඳ ශුභ ග්‍රහයකු ලෙසට දකින්නේ නැත. සෙනසුරු විනාශයේ සංකේතයක් ලෙසට සලකයි. පවට හා දුකට අධිපති සෙනසුරු ලැබූ කල බොහෝ දෙනා අනන්ත දුක් කරදරවලට පත්වෙති. මේ නිසා සෙනසුරු යමදෙවි ලෙසටද සැලකේ. යමකු කළ පව්වලට දඬුවම් දෙන්නේ යම රජු විසිනි. සෙනසුරුද කරන්නේ කළ පව් පළදීමට සැලැස්වීමයි. ඒ නිසා සෙනසුරු ලැබූ විට සියලු දේ නැති වේ. තනතුරු තානාන්තර ඉගෙනීම, ධනය, ව්‍යාපාර ආදී සියල්ල විනාශ කරයි. දිගුකල් දුක් විඳි සනීප නොවන ලෙඩ හදයි. උන්හිටිතැන් නැතිකර ගමෙන් රටෙන් පළවා හරී. හිරේ විලංගුවේ වැටේ. පිස්සු හැදේ. නැත්නම් පිස්සකු මෙන් වැඩ කරයි. පවුල් අවුල් කරයි. පවුලේ අයට නොයෙක් අපල යෙදේ. ආදායම් නැතිකර වියදම් වැඩිකර ණය වීමට සලස්වා හිඟමනට පත්කරයි. අනතුරු සිදුකර අත්පා කඩාදමයි. ලෙඩ දුක් ඇතිකර එක්තැන් කරයි. සියලු වධ වේදනා හිරිහැර කරදර දී පසුව මරා දමයි. මේ සෙනසුරුගේ හැටිය.
සෙනසුරුට ඉඩ ලැබුණ විට ඕනෑම අයකුට පහරදෙයි. තනතුරු තරාතිරම බලන්නේ නැත. මහ ධනවතුන් දිළින්දන් කරයි. රජවරු බලයෙන් පහ කරයි. ශක්තිවන්තයන් දුබලයන් කරයි. උගතුන් මෝඩයන් බවට පත්කරයි. මේ සෙනසුරු කොතරම් බලවත්ද කිවහොත් බුදුරදුන්ට පවා කරදර ඇති කරන ලදී. විෂ්ණු දෙවිඳුට බටකොළ කවා ඇත. ඒ නිසා සෙනසුරු මහ බලවතෙකි.
මේ නිසා සෙනසුරුට හැමදෙනාම බියක් දක්වති. ඔහු සාමාන්‍යයෙන් අවුරුදු 2 1/2 ට වරක් රාශියක් පසුකරයි. මේ සෙනසුරු මාරු සිදු වන විට බොහෝ දෙනා කලබලයට පත්වන්නේ සෙනසුරුට ඇති බිය නිසාය. ඈත අතීතයේද සෙනසුරුට ඇති බිය එසේම තිබී ඇති බව ජන කවියක එන්නේ මෙසේය.
උරුවෙල යවා මුනිරජ දුකකින් පෙලපී
නඩු පටලවං සෙනසුරු අපටත් කෙලපී
මෙය අසා සිටින තවත් අයකු එය අනුමත කරන්නේ “සෙනසුරු කෙලිය කාටත් ඔය හැටි ඔහොමේ” යන කවියකිනි. සෙනසුරුට යටත් වනවා මිස කළ හැකි දෙයක් නොමැති බව එදත් බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත. සෙනසුරු තමාගේ සතුරකු ලෙසට ඔවුන් සැලකූ බව පෙනේ.
මෙරට ගුප්ත විද්‍යාවේ හා මන්ත්‍ර ශාස්ත්රයේ ප්රමුඛත්වයක් උසුලන මහ සොහොන් යක්ෂයා ගෝඩිම්බර යෝධයා සමග තම්මැන්නා අමු සොහොනේ දී සටනක් කරයි. එහිදී ගොඩිම්බර මහ සොහොනාගේ හිස ගැලවී යන සේ පා පහර එල්ල කරයි. එය මහ සොහොන් සමයමේදී කියවෙන මේ කවියෙන් පැහැදිලි වේ.
කුඩා පිම්ම පැන ගෝඩිම්බර එවිට
කඩා පැන්නූ ඉස අට ඉස්බක් දුරට
හිස සුන්ව ගිය මහසොහොනාගේ කඳට වළස් හිසක් සවිකර ප්‍රාණය ලබාදී මිනිසුන්ගෙන් පළිගැනීමට මෙහෙයවන්නේ සෙනසුරු විසිනි.
වාස්තු විද්‍යාවට අයත් මාහැඟි ග්රන්ථයක් වූ මයිමතය ග්‍රන්ථයේ පිටු කිහිපයක් ගිනිබත් කර හානි සිදු කරන්නේද සෙනසුරු විසිනි. ඔහු පවසන්නේ මෙම ශාස්ත්‍රය හරියට තිබුණොත් ශුභ පලදායක ගෙවල් තුළ සිටින මිනිසුන්ට තමාට අපල කිරීමට නොහැකි වන නිසා එය ගිනිබත් කළ බවය.
මේ නිසා සෙනසුරු යනු මිනිසුන්ට අයහපත උදාකරන පාපී ග්‍රහයෙකි. ඔහු සදාකාලික අවිවාහකයකු නිසා වියපත් වන තුරු විවාහ වීමට ඉඩක් දෙන්නේද නැත. විවාහ ජීවිතය දුක්කම්කටොලුවලින් පිරි එකක් කරයි. සෙනසුරුගේ බලවත් අපලයක් මග තට්ටු බල මාරකයක් යෙදුනහොත් එවිට කේන්ද්‍ර හිමියා මරණයට පත් කරවිය. එවිට ඔහු බේරා ගැනීමට උපරිම දේ කළ යුතු වේ. සඳු සමග යෙදුන විට අපල වැඩි කරයි.
මේ සියලු කරුණු දන්නා උගත් ජ්‍යෙdaතිෂ්යවේදීහු සෙනසුරුගේ මාරක අපල හා වෙනත් උවදුරු නැති කර ගැනීමට විවිධ උපදෙස් ලබාදෙති. බෞද්ධ පිළිවෙත් අනුව සියලු ග්‍රහ අපල නැති කර ගැනීමට භාර හාරවීම් හා බෝධි පූජා හැම විටම නියම කෙරේ. අපලය වැඩි නම් සෙත්කවි කියවනු ලැබේ. මේ හැර විවිධ ජ්‍යෙdaතිෂ්‍යවේදීන් ඔවුන්ට ආවේනික ප්‍රතිකර්ම නියම කරන අවස්ථා ඇත. කපුටන්ට සෙනසුරාදා දිනවල ගිතෙල් මිශ්‍ර කිරිබත් දීම විවිධ ආකාර පහන් දැල්වීම ඖෂධ මිශ්‍ර ජලය ස්නානය කාකනිල හෝ නිල් මැණික් පැළඳීම යාචකයන්ට රෝගීන්ට මහලු අයට දන්දීම බලු කපුටුදාන ආදී පිළිවෙත්ද නියම කෙරේ. නුග ගසට පූජා පවත්වති.
We found this article from Divaina on 2011/12/09.
Also Sinhala to English Google word to word translation can be found here