ලංකාද්වීපයත් සම්බුද්ධ ශාසනයත් ආරක්‍ෂා කරමින් ආගම් භේදයකින් තොරව තමන් වෙත පැමිණෙන අසරණ ජනතාව මුහුණපාන්නා වූ දුක් කරදරවලට විසඳුම් ලබාදෙමින් සහනය ග්‍රහදොස් බාධක දුරුවෙන්න
උදාකරන්නා වූ දේවාත්මයක් ලෙසින් බැතිමතුන්ගේ අප්‍රමාණ ගෞරවයටත් භක්‌ත්‍යාදරයටත් පාත්‍ර වී ඇති එකම වෛදික දේවාත්මය ශ්‍රී විෂ්ණු දෙවියන්ය.
බුදුරජාණන් වහන්සේට ඉතාමත් සමීපස්‌ථ දේවාත්මයක් වන ශ්‍රී විෂ්ණු දෙවියන් අප මහා තථාගතයන් වහන්සේගෙන් දහම් ඇසීමට යොමු වී සිටි බෞද්ධ දෙවි කෙනෙකු බවත් ලංකාරක්‍ෂාව සඳහා විජය රජුගේ ආගමනයත් සමග ශ්‍රී ලංකාද්වීපයට පැමිණි බවත් මහාවංශ කතාපුවතින් හෙළිදරව් වේ.
පිරිනිවන් පෑමට සුදුසු කාලය එළඹ ඇති බව තීරණය කළ බුදුරජාණන් වහන්සේ මාගේ ඇවෑමෙන් සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා කරන්නැයි සක් දෙවිඳුන්ගෙන් ඉල්ලා සිටි අවස්‌ථාවේ සක් දෙවිඳුන් එම කාර්යය මහා විෂ්ණු දෙවියන්ට භාර කළ බවත් විජය රජු ප්‍රධාන පිරිස ලක්‌දිවට ගොඩ බට අවස්‌ථාවේ පිරිත් පැන් ඉස පිරිත් නූල් අතේ බැඳ ආරක්‍ෂාව සැලසූ බවත් ජනප්‍රවාදයේ සඳහන්ය.
එදා සිට අද දක්‌වා සියලු බැතිමතුන් එම විශ්වාසය මත පිහිටා තමන් වෙත පැමිණෙන සියලු ග්‍රහ දොස් හා කරදර බාධක වලින් මිදීමට ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ශාන්තිය බලාපොරොත්තුවෙන් විවිධ පුද පූජා තබා කරන ඉල්ලීම් ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරදෙන මහා බලවත් ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාගේ පිහිට ලබාගැනීමට බලාපොරොත්තු වන ඔබටද ඒ සඳහා මෙසේ යොමු වීමෙන් යහපත උදාකර ගත හැකිය.
ශනි දින ශනි හෝරාව තෝරාගෙන (උදෑසන 6-7 අතර) ප්‍රථමයෙන්ම මල් පහන් සුවඳ දුම් පූජා කර තිසරණ සහිත පංචශීලයෙහි පිහිටා බුදුන් වැඳ සෙත් පිරිත් සඡ්Cධායනා කර විෂ්ණු දෙවියන් උදෙසා නිල්මල් ගිතෙල් හෝ රන්තැඹිලි තෙල් පහනක් සුවඳදුම් හා පත්‍ර පූජාවක් ලෙස මදුරුතලා කොළ මාලයක් පූජා කර වන්දනා මාන කර පිං අනුමෝදන් කර ඔබ වෙත පැමිණ ඇති කරදර බාධක ග්‍රහ දොස් දුරු කර දෙන මෙන් ඉල්ලා සිටිමින් පහත දැක්‌වෙන ශ්‍රී විෂ්ණු දේව ශාන්තිය 21 වරක් ගායනා කිරීමෙන් සියලු දෝෂ දුරුකර ගනිමින් ඔබට සෙත සහනය ශාන්තිය උදාකර ගනිමින් සතුටින් ජීවත්වීමේ භාග්‍යය උදාවනු නියතය.
ශ්‍රී විෂ්ණු දේව ශාන්තිය
නීලාංජන සෞගත ශ්‍රී නාරායන දේවම්
ශ්‍රිකාන්තා වක්‌ෂස්‌ථල නිත්‍යවාස භූතම්
ශ්‍රී හස්‌තායුධ යුග්මාධර කමලා නේත්‍රම්
ප්‍රණම්‍ය සතකං හරිහරදේව පාද පද්මං
ශංබෝධර දක්‍ෂිණස්‌ථ වාම හස්‌ත චක්‍රම්
ගංගාධර ප්‍රියංගනා භාතෘ දේව රාඥම්
ශාරීරික නීලාඤ්ජන වර්ණ ජ්‍යෙdaති වර්ණමි
ප්‍රණමාමිත විෂ්ණුදේව ශාන්ති දාන නිත්‍යම්
ශ්‍රී ගෞතම ශාසන රක්‍ෂිත කෘත භූවනත්‍රම්
ශ්‍රී ලංකා ධරණීතල රක්‍ෂිත ජන ගහනම්
ශ්‍රී සෞගත දේවාසුර නර මස්‌තක පාදම්
සඡ්ජිත ශ්‍රී කෘෂ්ණ දේව ආයුවර්ණ දානම්
ශ්‍රී ගණ ශ්‍රී ධර්ම සංඝ පූජන ශ්‍රී පුණ්‍යම්
ශ්‍රී නර ශ්‍රී දිව්‍ය චක්‍ෂුධර උපෙන්ද්‍ර දිව්‍යම්
සර්වොපද්‍ර නිවාරනන්තු දේව දේව රාඥම්
ශ්‍රී ශාන්ති ආයුෂ ශ්‍රී සෞභාග්‍ය දානම්
කේශාන්තජ සීමාකෘත පාදාන්කජ යුග්මං
රෝග අමනුෂ්‍ය දුක්‌ඛ දුර්භික්‍ෂා ප්‍රහනම්
ආපො තේජෝ වායො පඨවි ධාතු දේහම්
රක්‍ෂන්තුච විෂ්ණු දේව රාඥ පාද ප්‍රණමාම්
We found this article from Divaina on 2013/03/01.
Also Sinhala to English Google word to word translation can be found here