ග්‍රහ අපල සඳහා බෝධි පූජා නිවැරැදිව තබන්න

0
1059
ග්‍රහ අපල
ග්‍රහ අපල

මිනිසාගේ ජිවිතයට හා පැවැත්මට බලපාන ග්‍රහයන් 9 ක්‌ විශ්වයේ ඇති බව අපි දනිමු. ඒවා නම් රවි (හිරු), චන්ද්‍ර (සඳු), කුජ, බුද, ගුරු, ශුක්‍ර, ශනි, රාහු හා කේතුය. යුරේනස්‌, නෙප්චූන්, ප්ලුටෝ යන නමින් තවත් ග්‍රහලෝක 3 ක්‌ තිබුණද මිනිසාගේ පැවැත්මට ඒවා එතරම් උපකාරී නොවේ. රාහු හා කේතු නමින් ග්‍රහලෝකයන් නොමැති වුවත් ඡායා ග්‍රහයන් ලෙස එයින් මිනිස්‌ ජිවිතයට සෘජුවම බලපෑම් ඇති කරන බවත් ජෝතිෂ්‍යයේ මතය වේ.

විශ්වයේ හිරු සඳු යන එකිනෙකට බැඳී ඇති මිනිස්‌ ජිවිතයට සෘජුවම බලපාන ග්‍රහ වස්‌තූන් වේ. ඒවා මිනිසාගේ පැවැත්මට පමණක්‌ නොව සියලු ජීවීන්ගේ හා ගහකොළවල පැවැත්ම ර¹ පවතින බවද කිව යුතුය.

මෙලොවට ජනිත වන සෑම මිනිසෙකුටම තමන් උපදින වේලාවක්‌ ඇත. ඒ උපදින

වේලාව තුළ විශ්වයේ නැගෙනහිර ක්‌ෂිතිජයේ පායා ඇති හිරු සඳු ඇතුළු ග්‍රහලෝක හා තරු පන්ති ඇතුළත් කර පුරාණ සෘෂිවරුන් විසින් සකස්‌ කර ඇති ලියවිල්ලට වේලාපත්කඩය හෙවත් කේන්ද්‍ර සටහන ලෙස ව්‍යවහාර කරන බව සඳහන් කළ යුතුය.

කේන්ද්‍රය ගැන වැඩි නැඹුරුතාවක්‌ දක්‌වන්නේ බෞද්ධ හා හින්දු ආගමිකයන් වුවත් වර්තමානයේ අන්‍ය ආගමිකයන්ට පවා කේන්ද්‍රය පිළිබඳව විශ්වාසයක්‌ ගොඩනැඟී ඇති බව සඳහන් කළ යුතුය. ඕනෑම පුද්ගලයකුගේ කේන්ද්‍ර සටහනේ බුදු දහම ගැබ්ව ඇති බවත් කර්මයෙන් පලදෙන විපාක ග්‍රහ අපල ලෙසත් හඳුන්වාදීමට ජෝතිෂ්‍යය පිළිබඳ පුරාණ සෘෂිවරුන් සමත් වී සිටි බව කිව යුතුය.

ග්‍රහ අපල විවිධ ආකාරයෙන් ඇත. ජන්ම ඒරාෂ්ටක අපල ඉන් ප්‍රමුඛස්‌ථානයක්‌ ගනී. යම් ජන්මියෙකුට එවැනි අපලයක්‌ ගැන කිව් සැණින් බියට පත්වී මානසික ආතිතයක්‌ ඇති වෙන බව කිව යුතුය. අපලයක්‌ යනු පෙර ආත්ම භවයේ දී ජන්මියා විසින් කරන ලද අකුසල කර්ම විපාක දෙන අවධිය බවද සඳහන් කළ යුතුය.

ග්‍රහ අපල පිළිබඳව සැලකීමේදී මුලින් අප කළ යුතු වන්නේ දක්‌ෂ ජෝතිෂ්‍යවේදියකු ලවා ජන්ම පත්‍රය පරීක්‌ෂා කරවා ගෙන එහි බලපාන ග්‍රහ අපල සඳහා ශාන්ති කර්ම සිදු කිරීමයි. එකී ශාන්ති කර්මවල මුල් තැන හිමි වන්නේ බෝධි පූජා ශාන්ති කර්මයට බව සඳහන් කළ යුතුයි. එය ඉතා නිවැරැදිව කළ යුතු බවද සඳහන් කරමි.

වර්තමාන සමාජයේ බෝධි පූජා ගිහි පැවිදි දෙපාර්ශ්වය විසින්ම සිදු කරනු ලබයි. කවුරුන් විසින් බෝධි පූජා සිදුකළ ද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වෙත කෙරෙන පූජාවක්‌ වන බැවින් එය ඉතා නිවැරැදිව පිරිසිදුව සිදුකළ යුතු බව සඳහන් කරමි. එහිදී අනුගමනය කළ යුතු කරුණු කිහිපයක්‌ පහතින් සඳහන් කරමි.

ජන්මියාගේ කේන්ද්‍ර සටහන දක්‌ෂ ජෝතිෂ්‍යවේදියකු ලවා පරික්‌ෂා කරවාගෙන අදාළ ග්‍රහ අපල සඳහා වත්පිළිවෙත් හා පුද පූජා ක්‍රම පිළිබඳව දැනුවත් වීම.

දින 09 ක්‌, දින 07 ක්‌, දින 05 ක්‌ හෝ දින

03 ක්‌ බෝධීන් වහන්සේ මුල් කරගනිමින් බෝධි පූජා පැවැත්වේ.

බෝධි පූජාවෙන් පසු දේව ශාන්ති කර්මයක්‌ද කරවා ගැනිම (ග්‍රහ දශාවට අදාළ දෙවියන් උදෙසා)

ඉහත මූලික කරුණුවලට අනුකූලව බෝධි පූජා ශාන්ති කර්මය පැවැත්වීමේදී පහත කරුණු ද අනුගමනය කළ යුතු බව සඳහන් කරමි.

බෝධි පූජා තබන දිනයන්හිදී සුරා පානය හා මස්‌ මාංශ අනුභවයෙන් වැළකී සිටිම, බෝධිය දෝවන පැන් තම නිවසේ ළිඳෙන් සතුන් හැඬලීමට පෙර (අළුයම 01-02 ත් අතර) නිශ්ශබ්දව පෙරා ගැනීම (ළිඳක්‌ නොමැති නම් නිවසේ පිටත ඇති ජල කරාමයකින් ඉහත වේලාවේදී ලබාගත යුතුය)

බෝධි පූජාව සඳහා පුර පක්‌ෂයේ දිනයක්‌ යොදා ගැනීම (සඳුගේ පුර පක්‌ෂය). පුර පසළොස්‌වක දිනයට පෙර දිනයේ අවසන් වන පරිදි, පහන් පත්තු කිරීමේදී ඒ ඒ දශාවන්ට හා ග්‍රහයන්ට අනුව තෙල් මල් හා ශාක පත්‍ර මත තෙල් පුරවා ලූ පහන් ඔත්තේ සංඛ්‍යාවක්‌ දල්වා ලිය යුතුය. උදා(- පහන් 07 ක්‌, 09 ක්‌ වයස ප්‍රමාණයට පහන් දැල්වීමක්‌ සිදු නොකළ යුතුය. සෙනසුරු අපලයක්‌ නම් නා කොළ මත, ඕනෑම ග්‍රහ අපලයක්‌ නම් බුලත් කොළ මත පහන් දැල්වීම. රාහු අපලයක්‌ නම් වැටකෙයියා කොළ මත)

බෝධීන් වහන්සේට මල් මාලාවක්‌ පළඳන්නේ නම් අදාළ මල් මාලාව සුදු මල්වලින් සාදා ගත යුතු වන අතර ග්‍රහ දශාවට සරිලන පාට මල් වයස අනුව ජන්මියාගේ උසට වැඩි උසකින් සාදාගත යුතුය. (උදා(- වයස අවු. 10 ක සෙනසුරු දශාවක්‌ නම් නිල්මල් 10 ක්‌ සුදු මල් මාලාවට ඇතුළත් කළ යුතුය.)

ඉහත මා විසින් ඉදිරිපත් කොට ඇති වත් පිළිවෙත්වලට අනුකූලව බෝධි පූජා ශාන්ති කර්මයන් තැබීමෙන් ජන්මියාට ඇතිවී ඇති සියලු ග්‍රහ දොස්‌ යම්තාක්‌ දුරට නිවාරණය වන බවද සඳහන් කරමි.

මේ ආකාරයට මේ ආත්ම භවයේ කරන කුසල් තුළින් ඉදිරි ආත්ම භාවය යහපත් කරගැනීමට වඩ වඩා සිත, කය, වචනය යහපත් කර ගනිමින් දානමානාදී පින් දහම්වල වැඩි වැඩියෙන් නිරත විය යුතුය. ආහාර, වස්‌ත්‍ර, වස්‌තු, ශ්‍රම, අභය හා ධර්ම දාන තුළින් ආයු වර්ණ, සැප, බල, ප්‍රඥ ලැබීමට කරන උතුම් පිංකම් බවද සඳහන් කරමි. මිථ්‍යා දෘශ්ටිය, තෘෂ්ණාව, ද්වේශය තුළ ජිවත් වන්නෝ නැවත මිනිස්‌ ආත්මයක්‌ නොලබන බව බුද්ධ දේශනාවේද සඳහන් කර ඇත.

We found this article from Divaina on 2013/05/03.
Also Sinhala to English Google word to word translation can be found here