රවි දශාවේ ඵලාපල මෙන්න

1983
රවි
රවි

[ratings]

යමෙකුගේ කේන්ද්‍රයක්‌ විග්‍රහ කිරීමෙන් පසු ඔහුගේ හෝ ඇයගේ ඉදිරි ජීවිතය පිළිබඳව ශුභ අශුභ විපාක ප්‍රකාශ කළ යුතුවේ. එය කිසියම් කාල නිර්ණයකින් යුතුව ප්‍රකාශ කළ යුතුය. ඒ සඳහා අප රටේ බොහෝ ජ්‍යෙdතිෂවේදීන් යොදා ගනු ලබන්නේ විංශෝක්‌තරී දශා ක්‍රමයයි. එහි මහා දශා අතුරු දශා විපාකයි. මෙහි විස්‌තර කෙරෙන්නේද එයයි. මෙතැන් සිට ඉදිරියට රවි, සඳු , කුජ ආදී මහ දශාවන්ගේ අතුරුදශාඵල විස්‌තර කෙරේ.

රවි මහ දශාව වර්ෂ 06 යි

රවි මහ දශාවේ රවි අතුරු දශාව – මාස 03 දින 18

රවි ශුභ තැනක පිහිටා ඇත්නම්, රැකියාවේ උසස්‌ වීම්ද දියුණුවද සැලසේ. යහපත් දේම සිදු කරයි. මේ කාලය තුළ ආගමට දහමට වැඩි ලැදියාවක්‌ ද ඇතිවේ. ගමන් බිමන් වැඩිවෙයි. රවි අශූභව පිහිටා ඇත්නම් ධන හානියද සිත් රිදුම් ද ඇති කරයි. ඥතීන් සමග ආරවුල් ඇතිකර ගනී. රජය සමගද උසස්‌ නිලධාරීන් සමගද ගැටුම් ඇතිකර ගනී. බයවීම් තිගැස්‌සීම් ඇතිවේ. විවේකය අඩුවේ. රැකියා තනතුරු වලින් පහතට වැටේ. හිසේ රෝග, උදරාබාධ, හෘදයාබාධ, වකුගඩු ආශ්‍රිත රෝග, මුත්‍රා රෝග මේ කාලය තුළදී හට ගැනීමට අවකාශ තිබේ.

රවි මහ දශාවේ සඳු අතුරු දශාව – මාස 06

සඳු ඔබේ ලග්නයට ශුභයෙකුවී නම් ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. අලුතින් ව්‍යාපාර ඇරඹිමටද ශුභ කාලයකි. ප්‍රධානීන්ගෙන්ද ඥතීන්ගෙන්ද උදව් උපකාර ලැබේ. ස්‌ත්‍රීන්ගෙන් ද උදව් ලැබේ. සමාජ සේවා කටයුතුවල යෙදෙන්නට සිදුවේ. සතුරු කරදර නැතිවේ. සිතේ අදහස්‌ සඵල වෙයි. ශරීර සෞඛ්‍යය යහපත්ය. සඳු නරකට සිටියොත් නේත්‍රාබාධ හටගනී. වැය පාර්ශ්වය ඉහළ යයි. කාර්යයන් අතපසු වේ. යම් යම් දේ වලින් පාඩු විඳින්නට සිදු වේ. සමේ රෝග, අක්‌මාව ආශ්‍රිත රෝග, සන්ධි ඉදිමීම වකුගඩු සම්බන්ධ රෝග මුත්‍රාවාහිනී සම්බන්ධ රෝග මේ කාලයේදී හට ගනී.

රවි මහ දශාවේ කුජ අතුරු දශාව – මාස 04 දින 06

කුජ යහපත් නම් කරන කටයුතු වල සාර්ථකත්වයක්‌ දැකිය හැකිවේ. ධනය හිමිවේ. භූමි ලාභ ලැබෙයි. උසස්‌ අයගෙන් ගරු නම්බු නාම ලැබෙන කාලයකි. එනමුත් මේ කාලයේදී අශුභ ඵලයක්‌ නොදෙන්නේම යෑයිකිව නොහැක. කුමන හෝ අශුභයක්‌ මේ කාලයේදී මතු වෙයි. කුජ අශුභ වූයේ නම් ඔහුගේ කිසිම උත්සාහයක්‌ ඵල නොදරන තරම්ය. රණ්‌ඩු ඇතිකර ගනී. මනස අවුල් වේ. වියදම් අධික වන අතර නිකරුණේ ද මුදල් නාස්‌ති කරයි. මේ කාලයේදී මුදල් හොරු ගැනීමටද බැරිකමක්‌ නැත. ගේ දොර ඉඩ කඩම් පිළිබඳ අවුල් මතුවේ. හිස ආශ්‍රිත රෝග, තුවාල වීම්, වාත රෝග, නොනවතින උණ කලවා ප්‍රදේශයේ ආබාධ, වේදනාකාරී රෝග මෙන්ම ඇඟපත තෙහෙට්‌ටු කරවන රෝගද මෙම කාලසීමාව තුළදී හටගැනීමට අවකාශ තිබේ.

රවි මහ දශාවේ රාහු අතුරු දශාව – මාස 10 දින 24

රාහු ශුභ විනි නම් කාර්යයන් සාර්ථක වෙයි. ආදායම් සරුවේ වන්දනා ගමන් යැමට ලැබේ. සූදුවෙන් දිනයි. ලොතරැයි ලාභද ලැබෙන කාලයකි. රාහු අශුභ නම් පරාජිත අත්දැකීම් ලබන්නට සිදුවේ. නෑදැයන් සමග රණ්‌ඩු දබර ඇතිකර ගනියි. ධනය හානි වේ. බය හට ගනී. පදිංචි ස්‌ථාන වෙනස්‌ කරයි. සූදුවට හිත දුවයි. මුදල් නැතිවේ. මරණ පිළිබඳ අසන්නට ලැබෙන කාලයකි. පවුල් අවුල් වෙයි. නිවසේ රැඳෙන්නට නොසිතෙයි. විදෙස්‌ ගත වීමටද සිදුවිය හැක. ඇවිදිලි අධික වෙයි. සිත නොසන්සුන් වන කාලයකි. හිසේ රෝග, ඇස්‌වල රෝග, ගින්නෙන් වන අනතුරු සන්ධි ඉදිමීම, ක්‍ෂය රෝගය වැනි රෝග මෙම කාලය තුළදී ඇති කරවයි. සර්පයින්ගෙන් උපද්‍රව පැමිණීමේ ඉකඩද පවතී.

රවි මහ දශාවේ ගුරු අතුරු දශාව මාස 09 දින 18

වාසනාවන්ත කාලයකි. අන්‍යයන්ගෙන් උදව් උපකාර ලැබෙයි. රැකියාවේ උසස්‌ වීම්ද ලැබෙන කාල වකවානුවකි. ව්‍යාපාර කටයුතු යහපත් වන කාලයකි. ශරීර සෞඛ්‍ය යහපත් අතට හැරේ බුද්ධියද වර්ධනය වනවා ඇත. ප්‍රභූන් ඇසුරට ලැබේ. රැකියා බලාපොරොත්තු ඉටු කරගත හැකිවේ. ජන්මියා විවාහක නම් දරුවකුද බලාපොරොත්තු වේ නම් යහපත් දරුවකු ලැබේ. බොහෝ විට පිරිමි දරුවකු විය හැකියි. ආගමික කටයුතු වලට නැඹුරු වෙයි. නඩු හබ වලින් ජයග්‍රහණය ලැබෙයි. ගුරු අශුභ වුවද මේ කාල සීමාව එතරම්ම අපල දායක නොවේ. එහෙත් ඉහත සඳහන් කළ ශුභ ඵල ප්‍රධානයන් තරමක පහත් මට්‌ටමකට හෙළයි. මේ කාලසීමාවේදී රෝගාබාධ වශයෙන් උණ, හිස ප්‍රදේශයේ රෝග, කන්වල ආබාධ ක්‍ෂය රෝගය වැනි දැ මතුවීමට ඉඩ තිබේ.

රවි මහ දශාවේ ශනි අතුරු දශාව – මාස 11 දින 12

ධනය හානි වෙයි. දරුවන්ටද භාර්යාවටද රෝගාබාධ ඇතිවේ. තමාද ලෙඩ වෙයි. මනස අවුල්වේ. සොර සතුරු බය පැමිණේ. ව්‍යාපාර කටයුතු බිඳ වැටීමක්‌ හෝ රැකියා තනතුරු වලින් පහතට වැටීම සිදුවේ. දුකින් කල් ගෙවයි. නිවසින් පිටවී වාසය කරයි. සමහරවිට රටින් වුවද පිටවී යන්නට බැරිකමක්‌ නැත. දේපළ වලට හානි යෙදේ. කරන කියන සියලුදේ අසාර්ථක වන කාලයකි. හදිසි අනතුරුවලට භාජන වීමට ඉඩ තිබේ. ශරීරය වැහැරී යයි. ශනි ශූභදායක වී නම් ඉහත සඳහන් අශුභ තත්ත්වයන් තරමක්‌ අඩු කෙරේ. ආර්ථිකය අතින්ද යහපත් වේ. මේ කාලයේදී උණ, පාචනය, සන්ධි ඉදිමීම, සෙම් රෝග වැනිදෑ මතුවන්නේය.

රවි මහ දශාවේ බුධ අතුරු දශාව මාස 10 දින 06

අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. යම් යම් දේවලින් ලාභ ලැබෙනවා ඇත. තරමක ප්‍රසිද්ධියක්‌ද වේ. බුධ නරක අන්දමින් පිහිටා ඇත්නම් මනස අවුල් වේ. ඥතී මිත්‍රාදීන් විරුද්ධ වෙති. ව්‍යාපාර වලින් පාඩු සිදුවේ. සෞඛ්‍ය පිරිහේ. ඇවිදිලි අධික වන කාලයකි. නඩුහබ වලට පැටලීමට බැරි නැත. දූ දරුවන්ගෙන්ද කරදර පැමිණේ. උසස්‌ ප්‍ර්‍රභූවරයන් සමග මතභේද ඇතිකර ගනී. අපකීර්තියට ලක්‌වේ. බඩවැල් ආශ්‍රිත රෝග, මානසික රෝග ගෙඩි වැනි දෑ මේ කාලයේදී හට ගැනීමට අවකාශ තිබේ.

රවි මහ දශාවේ කේතු අතුරු දශාව – මාස 04 දින 06

තනිව වාසය කරන්නට සිදුවේ. මතක ශක්‌තිය පිරිහේ. පදිංචි ස්‌ථානයෙන් පිටවී ඈතට යනු ඇත. විදෙස්‌ ගතවනු ඇත. නින්දා අපහාස විඳින්නට සිදු වේ. මනස අවුල්වේ. ඥති මිත්‍රාදීන් හේතුවෙන් කරදරයට පත්විය හැකි කාල වකවානුවකි. සිත තුළ නිතරම සැක සංකා හටගනී. අනියත බියද වේ. නිතර අශූභ දේවලම අසන්නට ලැබෙන කාලයකි. දූ දරුවන්ටද රෝගාබාධ ඇතිවේ. කේතු බලවත් නම් කියන ලද අශුභ ඵල තරමක්‌ මර්දනය වෙයි. නැත්තටම නැති නොවේ. හිසේ රෝග හදවල ආබාධ, හමේ රෝග උගුර ආශ්‍රිත රෝග ක්‌ලාන්තය (ස්‌නායු දුබලතාවකින් විය හැක) අක්‌ෂි ආබාධ ලේ විෂ වීමෙන් සෑදෙන රෝගාබාධ මේ කාලයේදී හට ගනී.

We found this article from Divaina on 2012/05/18.
Also Sinhala to English Google word to word translation can be found here