කතරගම දෙවියන් තරම් ශ්‍රී ලාංකීය බැතිමතුන්ගේ ඇදහීමට වන්දනාමානයට පාත්‍රවූ වෙනත් දේවාත්මයක් නොමැති තරම්ය. ජාති, ආගම්, කුලභේද සියල්ල අමතක කර බැතිමතුන් එතුමන්ගේ පුදබිමට පැමිණෙන්නේ තමන් වෙත පැමිණෙන කවර තරාතිරමක පුද්ගලයකුට වුවද තම ආශීර්වාදය එකලෙස ලබාදෙන බැවිනි.
ස්‌කන්ධ කුමාර යන නාමයෙන්ද ඉතාමත්ම ජනප්‍රිය කතරගම දෙවිඳු කතරගම ප්‍රදේශයේ ජනනායකුව සිට මරණින් පසු දේවත්වයට පත්වූ ශ්‍රී ලාංකීය දෙවියකු ලෙස ඇතැම් අය විශ්වාස කළත් බොහෝ දෙනකුගේ විශ්වාසය හා ඇදහීම වන්නේ එතුමන් දකුණු ඉන්දියානු ද්‍රවිඩ සම්භවයක් ඇති දෙවි කෙනෙකුව ඉපිද පසුකාලීනව ලංකාවට පැමිණි බවය.
මේ ආකාරයෙන් කතරගම දෙවියන් පිළිබඳ නොයෙක් ආකාරයේ ප්‍රවෘත්ති ඇතත් වරින්වර ආත්මගතව කුසල් රැස් කරමින් අද වන විට දේවත්වයට පත්ව ඇති එතුමන් බෞද්ධ දෙවියකුෙ ලස සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා කරන අප හමුවේ පැන නඟින විවිධාකාර වූ ප්‍රශ්න බාධක මැඩපවත්වමින් නිරතුරුවම අපට සෙත සහනය උදාකරන බෞද්ධ දෙවියකු සේ පිළිගැනීමේ වරදක් නැත.
ස්‌කන්ධ කුමරු හෙවත් කතරගම දෙවිඳුන් වෙනුවෙන් පබැඳි ජනශ්‍රැති හා ඓතිහාසික තොරතුරු සැමෙකකම දැක්‌වෙන්නේ එතුමන් සුර අසුර යුද්ධය නිමා කරනු පිණිස මෙලොව පහළ වූ බවකි. සුර අසුර යුද්ධයෙන් සංකේතවත් වන්නේ ධර්මයත් අධර්මයත් අතර සටනයි. ධාර්මිකයන් සුරයන් ලෙසත් අධාර්මිකයන් අසුරයන් ලෙසත් මෙහිදී ගෙනහැර දැක්‌විය හැකි අතර ස්‌කන්ධ කුමරුන්ගේ උප්පත්තිය සිදුවූයේ මෙකී ගැටුමට මැදිහත්ව අධර්මය නසා ධර්මය සුරක්‍ෂිත කිරීම සඳහා බවද කියෑවෙයි. ඒ අනුව වසර පන්දහස් පන්සියයක් කල් බුදු සසුන මෙම පුණ්‍ය භූමියතුළ පවතිනසේ සුරක්‍ෂිත කරනු පිණිස ස්‌කන්ධ කුමරු ශ්‍රී ලාංකද්වීපයට සම්ප්‍රාප්ත වූ බවද සිතිය හැක.
බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමනේදී ස්‌කන්ධ කුමරු හෙවත් කතරගම දෙවිඳු කප්ප කන්දර නදී තීරයේදී උන්වහන්සේගෙන් දහම් ඇසූ ප්‍රවෘත්තියක්‌ද ජනශ්‍රැති අතරවේ.
බුදු පා පහසින් පාරිශුද්ධ වූ මේ පුණ්‍ය භූමිය වසර පන්දහස් පන්සියයක් කල් ගෙවෙනතුරු නිර්මල වූ සද්ධර්ම රත්නය සුරක්‍ෂිත කරනු පිණිස අධර්මය නසා ධර්මය නඟා සිටුවනු පිණිස භවයෙන් භවයට මෙපින් බිමෙහි උපත ලබමින් දේශයේ මුර දේවතාවකු බවට පත්ව සිටින ස්‌කන්ධ කුමාරයාණන් වෙත සෑම බොදුනුවකුගේම භක්‌තිය ගෞරවය හිමිවිය යුත්තේ ඈත ඉතිහාසයේ සිටම දේශය හා බුදුදහම සුරැකීම සඳහා ඇපකැප වුණ දේශයේ විරුවන්ට ස්‌කන්ධ කුමාර දෙවිඳුන්ගේ ආශීර්වාදය, ආරක්‍ෂාව, ශක්‌තිය නොඅඩුව හිමිවූ බැවිනි.
කාම සුඛල්ලිකානු යෝගය බැහැර නොකළ දේවාත්මයක් ලෙස සැලකෙන කතරගම දෙවියන් වටා ලෞකික දියුණුව පතා බොහෝ බැතිමතුන් එක් රොක්‌වන අතර උන්වහන්සේ වෙතින් ව්‍යාපාර දියුණුව ලැබූවෝ මේ අතර ප්‍රධාන වේ. එබැවින් ඔබටද ඔබගේ සියලු සාධාරණ ව්‍යාපාර කටයුතුවල දියුණුව සඳහා කතරගම දෙවියන් වෙනුවෙන් කැපකර ඇති දෙවොලකදී ප්‍රථමයෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල්, පහන්, සුවඳ දුම් පුදා තිසරණ සහිත පංචශීලයෙහි පිහිටා අනතුරුව ස්‌කන්ධ කුමරුන් වෙනුවෙන් අඹ කොළ මත තබා තලතෙල් හෝ අබතෙල් පහනක් දල්වා රතුමල් පූජාකර සැවැන්දරා, සුදු හඳුන්, හල්දුම්මල, රත්හඳුන්, දේවදාර, හොඳින් වියළා කුඩුකරගෙන එම දුම් අල්ලා වැඳ නමස්‌කාර කර පිං අනුමෝදන්කර පහත දැක්‌වෙන ඉතා බලසම්පන්න ස්‌ත්‍රොaත්‍ර උදේ සවස 21 වර බැගින් ගායන කර දියුණුව ප්‍රාර්ථනා කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන්නා වූ ව්‍යාපාර දියුණුව ඉතා ඉක්‌මනින් ඔබ වෙත ළඟා කර ගත හැකි වනු ඇත.
කාචරේ දේව ගෝවින්දං
රක්‌ඛන්තු ලෝක සාසනං
ඒතං දේවානු භාවේන
ස්‌කන්ධ සාමි නමෝ වරං
විපුල ජයතු දේහං – වාහනං මයුර හේමං
පවර කදිර දේවං – පාද යුග්මං නමාමි
විදස නයන හස්‌තං
භ්‍රාජිතං රක්‌ත වස්‌ත්‍රං
ගෘහිත පරසු යද්විං
සංඛ කුන්තාය භාංහුං
උදිත මයුර යානං
තේජසා දිත්‍ය තුල්‍යං
පවර කදිර දේවං
පාද යුග්මං නමාමි
We found this article from Divaina on 2013/02/01.
Also Sinhala to English Google word to word translation can be found here