[ratings]
විවාහය ප්‍රමාදයට කේන්ද්‍රයක පිහිටා ඇති ග්‍රහ දෝෂත් පූර්වයේ කරන ලද කුසල් හා අකුසල් බලයද බලපානු ඇත. ජන්මයෙන් සමහර අය මහණ යෝගයකට සමානව ග්‍රහ පිහිටීම් ඇතිව උපදින බවද ග්‍රහයෝග සහිතව ස්‌ත්‍රී්‍ර/ පුරුෂ කේන්ද්‍ර පරීක්‍ෂා කිරීම් තුළින් පෙනී ඇත. මෙම සෑම කේන්ද්‍රයකටම සඳු හා ශනි ග්‍රහයන් මුල් වී තිබෙන බවත්, කුජ හා රාහුගේ දෘෂ්ටිය ද ඇති බව ද දැක්‌විය හැක. විශේෂයෙන් 7 අධිපති ග්‍රහයා නීච, සතුරු වී ඇත්නම් ද, විවාහය ප්‍රමාද වීමටද, දෙදැරීමට ද හේතුවී ඇත.
කර්මය දෙස ද දක්‌වන්නේ ද එම ග්‍රහ පිහිටීම් සහිත වීම්ය. ස්‌ත්‍රී කේන්ද්‍රයක මෙම ග්‍රහ පිහිටීම් හිමි අය අනිවාර්යයෙන්ම මෙහෙණි වහන්සේ නමකට පත්වන ආකාරයට තම දිවියේ සිත් කල කරවීම් ඇති කරයි. 4 කේන්ද්‍රය පාලුවී මකර ලග්නයේ හිමි කාන්තාවකගේ හා පුරුෂයකුගේ කේන්ද්‍රයක 7 වැන්නේ කේ, රවි, බුධ, රාහු ග්‍රහයෝ පිහිටා ඇත්නම් 7 අධිපති ග්‍රහයා සතුරු වී නම් විවාහය ද ප්‍රමාද කරවා බිඳ වැටේ. සඳු 7 වැන්නේ ශනි කුජ රාහු සංයෝග වී කන්‍යා, සිංහ, කටක ලග්නයක් වී නම් ශුක්‍ර ග්‍රහයා හා සතුරු වී දෘෂ්ටි දැක්‌වේද නම් විවාහය ප්‍රමාද වීමක් හෝ විවාහය දෙදරීමක් ද වන්නේය.
වයස 30 හා වයස අවු. 42 දක්‌වා කාලයකට විවාහය ප්‍රමාද කරවයි. විවාහ නොවීම සිටියි. පුරුෂ කේන්ද්‍රයක වුවද මෙම පිහිටීම ඇත්නම් මහණ දම් පුරවයි. සිත් ජන්ම කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම්ය. බුධ 7 වැන්න වී මීන ලග්නයේ කේන්ද්‍රයක 7 අධිපති ග්‍රහයා කන්‍යා නම්, කන්‍යාවේ ලග්නාධිපති බුධ නම් උච්ච හා නීච ග්‍රහයකුගේ දෘෂ්ටිය ද කුජ සහ රාහු දැකීම ද, නොගැලපීම් සහිත විවාහකට හේතු වේ. මෙවැනි අයගේ විවාහය 30 -42 අතරේ සිදුවන බව කේන්ද්‍ර පරීක්‍ෂා කිරීමෙන් ඔප්පු වී තිබේ. තවද කන්‍යා ලග්නය වී 7 වැන්නේ බුධ, කුජ, ශනි, සඳු රාහු මෙම පංච ග්‍රහ යෝගය 7 වැනි කොටුවේ තිබී 7 අධිපති ග්‍රහයා මීනය නම් එසේත් වන්නේ ද මහණ දම් පිරුවකු ලෙස දස සිල් මාතාවක් වීමට සිත් ඇඳීමයි.
සමහර අය සිත් කලකිරවා විවාහයක් නොවී සිටියි. අදටත් වයස අවු. 45 – අවු. 54 දක්‌වා උපාධි ගුරු/ ගුරුවරියන් දේපළ සහිත ඉහළ උගත්කම් ඇති අය දායාද ඉහළ මට්‌ටමක තිබිලත් විවාහයන්a සොයයි. ඒ බැව් පුවත්පත් දැන්වීම්වලින් දක්‌වයි. මොන උගත්කම් හා ධන සම්පත්, දායාද තිබුණත් විවාහය දෙන සඳු, රාහු, කුජ, ශනි මෙම ග්‍රහ දෝෂය එනම්, භෞම දෝෂය, වැන්දඹු දෝෂය, මහණ, මෙහෙණි, දෝෂය උපතින්ම පෙර කර්ම දෝෂයක්, ලබා ජනිත වූ කේන්ද්‍රවල ග්‍රහ පිහිටීම් තුළින්ද තම විවාහය, ඉටුවීම ප්‍රමාදවීම, දෙදරීම පෙන්නුම් කරයි. නොගැලපීම් සහිත විවාහවලට ද බලපාන්නේ ද කේන්ද්‍ර දෙකේම ග්‍රහ දෝෂ භංග වීමක් දැක්‌වීම් ද තුළිනි. කටක ලග්නයට කුජ) රාහු, ශනි, ශුක්‍ර, බුධ සතුරු දෘෂ්ටියම 7 අධිපති ග්‍රහයා හෝ 1, 4, 7, 10, 8, 12 දැක්‌මද අසුබයි. සිංහ ලග්නයට ද රාහු, ශුක්‍ර, ශනි, කේතු, කුජගේ දෘෂ්ටිය ද 7 අධිපති ග්‍රහයා දැක්‌මද අසුබයි.
කුම්භ ලග්නය වී රාහු, කේ. රා, දැකීමද සඳු රාහු, කුජ රාහු, ශනි රාහු, ශුක්‍ර රාහු දෘෂ්ටිය ද අසුබයි.
තුලා ලග්නයට ද රවි, සඳු, ශනි, කේතු ගුරු කුජ නීචව, සතුරුව දෘෂ්ටිය ද දැක්‌වේ. 7 අධිපති ග්‍රහයා නීචව හා සතුරුව ග්‍රහ සංයෝගය ඇත්නම් පුරුෂ කේන්ද්‍රයක ග්‍රහ දෝෂ භංග නොවේ නම් විවාහය ප්‍රමාද කරවයි.
පොරොන්දම් කොතරම් ගැලපුවත් ග්‍රහ රාශි හා ග්‍රහ පොරොන්දම් කොතරම් ගැලපුවත්a විවාහය දෙදරන්නේ ඇයි? සිතද හෝ කර්මය ද මෙයට බලපෑවේ? ඔබේ කේන්ද්‍රයේ එක් එක් ග්‍රහයාගෙන් සුබ /අසුබ හා පූර්ව කර්මයට බලපාන ග්‍රහ සංයෝගය බලන්න. ශුක්‍ර බුධ සඳු රාහු කුජ කටකයේ නම් බලන්න. බුධ රාහු කුජ ශුක්‍ර ග්‍රහයෝ කටක ලග්න හිමි කාන්තාවකට හෝ පුරුෂ කේන්ද්‍රයක සතුරු හා නීච හා පාප ග්‍රහයන් වේ. ලග්නය කුමක් හෝ වුවද, ඉහතින් පෙන්නූ ග්‍රහ සංයෝගය රාශියකට අධිපති ග්‍රහයාට 7 වැන්නට 5, 11, 8, 12 දුෂ්ට තැන්වල පෙනෙයි නම් විවාහය දෙදරයි. සිංහ ලග්නයට ශුක්‍ර, කුජ, ශනි, රාහු, කේතු දෘෂ්ඨිය ද, 7 දකී නම් ද කටකය වී බුධ ශනි කුජ ශුක්‍ර පිරිමි කේන්ද්‍රයෙන් 7 අධිපති තුළින් ද පෙනේ නම්, ග්‍රහ සංයෝගය තුළින් දෝෂ භංග වීමක් නොමැති නම් 12 වැන්නේ කුජ රාහු ද, 8 වැන්නේ ශනි කුජ රාහු ද 7 වැන්නේ සඳු රාහු කේතු ද දැක්‌වේ. නම් ද විවාහය ප්‍රමාද කරවන්නේය.
පෙර කළ පාපයේ අකුසල් ප්‍රමාණය වැඩි නම් එය ගෙවීමට මේ සසරේදී බැරි බවක් විවාහ ඉටු නොවීමෙන් පෙනේ. මේ සසරේදී කල හිත් අනුව සුළු වශයෙන් හෝ ගෙවීමකට හැකි නම් පුරුෂ කේන්ද්‍රයක ග්‍රහ දෝෂවලින් භංග වීමක් දැක්‌වූ විට නොගැලපීම් සහිත විවාහයක් හෝ ඉටුවේ. ඒ කියන්නේ ස්‌ත්‍රී කේන්ද්‍රයට වයස අවු. 42 ක් පුරුෂ කේන්ද්‍රයට වයස අවු. 30 ක් , රූපය, මිල මුදල්, ධනවත්කම්, ආගම, කුලය, රූපය, උස, මිටි උගත්කම් ආදිය තුළින් කුමක් හෝ අඩුවක් ඇති අයකු හා ස්‌ත්‍රිය හා පුරුෂයා විවාහ වීමයි. මෙය වයස අවු. 30 – අවු. 42 කාලය දක්‌වා ඉටුවන විවාහයකි. එබැවින් හැකි පමණ දසසිල් මාතාවන්ට දන්දීම, සිවුරු දීම්, සංඝයාට දන්දීම් සිවුරු දීම කරන්න. එවිට විවාහය ප්‍රමාද වීම අඩුවනු ඇත. විවාහ ප්‍රමාදයට හා විවාහ දෙදරීම්වලින් වළක්‌වා ගැනීමට නිතරම තම වයස ප්‍රමාණයට පුරුෂයකු නම් දසසිල් මෑණියන්ට දන්දීම, සිවුරු දීම, පැං කෙංඩි පූජා කිරීමද ඔවුන්ගේ අසරණත්වයට කරුණාවෙන් ලෙඩදුක් බලා ආධාර කිරීමද කළයුතු වන්නේය.
ස්‌ත්‍රියකගේ විවාහ දෝෂ භංග වීමකට වයස ප්‍රමාණයට සංඝයාට දන්දීම සිවුරු දීම හිමිවරුන්ගේ අසරණ භාවය, වයසට ගිය පැවිදි අයට බෙහෙත් ගැනීමට, ලෙඩට දුකට පිහිටවිම පැවිදි අයගේ අවශ්‍යතා ලබාදීම කරන්න. ගවයකු හා ගවරෑනක් ඇති කිරීමද ඔවුන් රැක බලා ගැනීම වසරින් වසරට කරන්න. ඔබ නොදැනම විවාහය ඉටුවන බව අපේ අත්දැකීම මෙහිලා සටහන් කරමු.
මේ දක්‌වා විවාහයක් ඉටු නොවුණු ඔබට මේ වර්ෂයේදීවත් විවාහයක් ඉටු වීමට නම් ඔබේ 7 අධිපති ග්‍රහයා සතුරුව හා නීචව සිටින්නේ නම් එම ග්‍රහයාට මෙම ග්‍රහ ශාන්ති කරන්න. ඔබට විවාහයක් ඉටුවේ.
බුධ නීච නම්
සෑම බදාදා දිනෙකම උදේ පාන්දර 5.00- 6.00 ත් වේලාවට තමන්ගේ වයස ප්‍රමාණයට කිරිබත් ගුලි තබන්න. කහමල් ද තබා තලතෙල් ද, එළඟි තෙල්ද, පහන්ද වයස ප්‍රමාණයද තබා පහන් පත්තු කරන්න. මෙය බෝධියක් ළඟ කරන්න. හි්‍රං ප්‍රියංගු කලිකා ශඛාමං
රූපෙණ ප්‍රතිමං බ්‍රධම්
සෞම්‍යං සෞම්‍ය ගුණෙපේතං
තං බුධං ප්‍රණමා ම්‍යාහම්
මෙම ගාථාව 21 වරක් කියන්න.
ගුරු ග්‍රහක ඔබට නීච නම් හෝ සතුරු නම් පෙර විදියටම බෝධියක් ළඟට ගොස් පාන්දර 5.00 ත් 6.00 ත් අතර බ්‍රහස්‌පතින්දා දිනවල පමණක් තලතෙල් පහන් පත්තු කරන්න. කලුතල – උළුඳු, හවරි මෑ බජරි මෙම ද්‍රව්‍ය ගෙන කුඩා පොට්‌ටනි කලවම් කර සාදා තලතෙල් පහන්, එළඟිතෙල් පහන්වලට දමන්න. ඔබේ වයස ප්‍රමාණයට පහන් පත්තු කරන්න. කහමල් ද නිල් මල්ද තබන්න. කිරිබත් ගුලිද වයස ප්‍රමාණයට නුග කොල හා බුලත් කොළ තබන්න. ඉන්පසු මෙම ගාථාව 21 ක් වරක් කියන්න.
හි්‍රං දේවතාංච – සෘෂීණාංච
ගුරුං කාන්ඤවන සත්තීභම්
බුද්ධි භූතං ත්‍රිලෝ ක්‌ලේශං
තං නමාමි බ්‍රහස්‌පතිම්……
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here