ග්‍රහ මඬුල්ලේ රජු යන විරුදාවලියෙන් ආශිර්වාදලත් රවි ග්‍රහයා ජ්‍යෙdතිෂයට අනුව නවග්‍රහයින් අතර ප්‍රමුඛයා වේ. සූර්ය, ආධිත්‍ය, භානු, භාෂ්කර, දිවාකර යන නම්වලින් ද හැඳින්වෙන රවි හෙවත් හිරු ග්‍රහයා මත ලෝකයේ ජීවය හා පැවැත්ම ර¹පවතින බව ජ්‍යෙdතිෂයෙන් ද සනාථ කෙරේ.
ජන්මියකුගේ ජන්ම පත්‍රයක රවි ග්‍රහයා තැන්පත්වීම එකී කේන්ද්‍රය හිමි ජන්මියාගේ ජීවිතය පිළිබඳ තොරතුරු කියාපාන කැඩපත වන්නේය. තේජෝ ධාතුවට අධිපති බැවින් උෂ්ණත්වය පාලනය කරනු ලබන අතර මිනිස් දිවියේ ද පණ නල උෂ්ණත්වය මත ර¹පවතින බැවින් රවි ග්‍රහයා මිනිස් දිවියේ පාලකත්වය උසුලනු ලැබේ.
රවි ග්‍රහලොව පියා ලෙස ද පෞරුෂත්වය, තියුණු මනසක් ඇති දැඩි ආත්ම ශක්‌තියක් ඇති ග්‍රහයෙක් ලෙස ද හැඳින්වේ. දැඩි ආත්ම ශක්‌තියක් ඇති ග්‍රහයකු වන අතර යහපත් සිතුවිලිවලින් හෙබි නියම කාලයට නියමාකාරයෙන් කටයුතු කරන ආකාරයට උදව් උපකාර කරන ධර්මිෂ්ට ගති පැවතුම්වලින් පිරි ග්‍රහයෙකි.
යම් හෙයකින් මෙකී ග්‍රහයා ලග්නයක බලවත් වූ විට අහංකාර ගතිය නිකරුණේ කලබල වීම ඉක්‌මනින් දියුණු වීමේ දැඩි ආශාව පවතින අතර රවි පීඩා වූ අවස්‌ථාවන්හි ආත්මාර්ථකාමී බව, මුරණ්‌ඩු බව, අනතුරුදායක දේ සඳහා නැඹුරු වීම හා දුෂ්චරිතවත් බව ඇතිවිය හැකිය.
මේෂයට උච්ච බලයෙන් ද සිංහයට ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් ද කටයුතු කරමින් තේජෝ රාශි යුගලකට බලය පතුරුවන රවි ග්‍රහලොව මනාලිය වූ තුලාවේදී නීචත්වයට පත්ව දුබල ස්‌වරූපයක් මතුකොට දක්‌වනු ලැබේ.
තාරුණ්‍යය, නැණ නුවණ, පියා, දකුණු ඇස, ජයග්‍රහණය, ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය, කෝපය, හිස ආශ්‍රිත රෝග, කීර්තිය ආදිය නිවේදනය කරන රවි ශුභ වීමෙන් මෙකී අංශයන්හි දියුණුව ද අශුභ වීමෙන් පිරිහීම ද හිමි වේ.
රවි රටක රාජ්‍ය තන්ත්‍රය හොබවන අතර හෙතෙම රජුට අධිපතිත්වය උසුලන කලක් ආයතනයන්හි ප්‍රධානියාගේ තැන ගැනුමට ද උත්සුක වේ.
රවි ග්‍රහයා 2-12 යන රාශියක පාප පීඩිත වූ කල්හි ඇස් පෙනීම දුර්වල වේ. රවි නීච වූ බොහෝ ජන්මීන්ට එම දශාව ලැබූ කල් වයස් භේදයකින් තොරව ඇස් පෙනීම දුර්වල කොට දැමීමට ද පසුබට නොවේ.
උෂ්ණත්වය, ආත්ම ශක්‌තිය, නායකත්වය, වීර්යය, බලය, රක්‌තවර්ණය හා පද්මරාග වැනි සම්පත් සහ ශක්‌තිය පාලනය කරන්නේ ද රවි ග්‍රහයාම වේ. මීට අමතරව විහාර දේපල, පරිසරයේ නිධානයන්, කඳුවැටි, වනාන්තර, ප්‍රධාන නගර ද රවිගේ පාලනයට නතු විවෘත ස්‌ථානයන්ය.
මිනිස් සිරුරේ හිස, මොළය, ඇටකටු, හෘදය, ආමාශය, උගුර, ලේ ධාතුව, ඇලදිව රවිට අයත් ඉන්ද්‍රියෝය. පුරුෂ ලිංගික, රන්වන් පැහැයෙන් යුක්‌ත ක්‍ෂතීය වර්ණයට අයත් රවිට කැති, උත්‍රපල්, උත්‍රසල යන නැකත් හිමිය.
රවි ග්‍රහයා සිය බලපරාක්‍රමය බලපවත්වන්නේ උච්ච නීච මෙන්ම ඉෂ්ඨ අනිෂ්ඨ බව හා වෙනත් ග්‍රහයන්ගේ බලපෑම් අනුව වීම විශේෂත්වයකි. දුර්වල වූ රවි මිනිසාට පමණක් නොව ස්‌වභාවික වස්‌තූන්ට ද දරුණු ලෙස පහර දෙමින් චංචල ගති, හොර සිත වැනි දේ තුළින් බොහෝ පහත් තත්ත්වයට ඇද දමනු ලැබුවත් කිසියම් කේන්ද්‍රයක රවි ග්‍රහයා ලග්නයේ හෝ එකොළොස්‌වැන්නේ සිටීම යනු අරිටුයෝග බංග වන ඉතාමත් ශුභ පිහිටීමක් ලෙස සඳහන් කළ හැකිය.
පවුල් ඒකකය තුළ ප්‍රධානත්වය දරන්නා වූ පීතෘ ස්‌ථානය රවි විසින් උරුම කොට ගනී. ස්‌ත්‍රී කේන්ද්‍රයන්හි විවාහය උදෙසා සිකුරු ග්‍රහයා නියෝජනය කරනමුත් පුරුෂයා ගැන වගකීම් උසුලනු ලබන්නේ රවිය. කේන්ද්‍ර ස්‌ථානයන්ගෙන් රවි ග්‍රහයාට දහවැනි කොටුවේ සුවිශේෂී බලයක් උරුම කොට දී තිබේ. එනම් දිග්බලත්වයක් උරුම කොට ගනු ලැබේ. දිවා කාලයේදී දොළහට පමණ උපත ලබන ජන්මීන්aගේ ජන්මපත්‍රවල දහවැනි කොටුවේ රවි ග්‍රහයා තැන්පත්ව පසු වේ. එම අවස්‌ථාවන් අදාළ ජන්මියාට ප්‍රබලත්වයක් රැගෙන එනවා සේම විශේෂයෙන්ම කටක, වෘශ්චික ලග්න අධිපතිත්වය දරන අයට සුවිශේෂී භාග්‍යයන් ලෙස රජයේ උසස් නිලතල තනතුරු ආදිය උරුම කොට දීමට පසුබට නොවේ.
රවි උච්චව හෝ ස්‌වක්‍ෂෙත්‍රව පිහිටියේ නම් කිසිවකුට හිස පහත් නොකරයි. එබැවින් බොහෝ අවස්‌ථාවල උසස් අයගෙන් උදව් උපකාර ලබාගැනීමට ඇති අවස්‌ථාව ගිලිහී යයි.
ආඩම්බරකාර ස්‌වරූපයට අධිපති ග්‍රහයා ලෙස හැඳින්වුවත් රවි සත්‍යගරුකය. කිසිදු අවස්‌ථාවක හොර මැරකම් වංචා අනුමත නොකරයි. මේෂ ලග්න ගත වූ ජන්මීන් මෙන්ම සිංහ ලග්න ගත වූ ජන්මීන් ද බොහෝ තේජවන්ත වූ ඉහත සඳහන් වූ ප්‍රබල මානුෂික ගුණාංගවලින් යුතු වූවන් මෙන්ම නිරන්තරයෙන්ම යම් පිරිසකට නායකත්වය සපයන්නන්ද වේ.
එහෙත් රවි ග්‍රහයා නීච වීමෙන් යමෙකු තුළ ඇතිවන්නා වූ අයහපත් ඇවතුම් පැවතුම් අතර දුබල හොර සිතක් ද තම වාසියට මුල් තැන දෙමින් ආත්මාර්ථකාමී ලෙස හැසිරෙමින් කටයුතු කිරීම ද්වේෂයෙන් කෝපයෙන් හා ඊර්ෂ්‍යාවෙන් කුහක ප්‍රතිපත්තියෙන් කටයුතු කිරීම ප්‍රධාන වේ. විවාහයේදී වැඩි තේරීමකින් තොරව කවරකු හෝ තම සහකාරිය සහකරු වශයෙන් තෝරා ගැනීමට ඉදිරිපත් වේ. නමුත් රවි ග්‍රහයා බලවත් වූ තැනැත්තන් විවාහයේදී මීට හාත්පසින්ම විරුද්ධ වූ ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිය සහකරු හෝ සහකාරිය සොයා ගැනීමේදී අනවශ්‍ය ලෙස තෝරා බේරා ගැනීමට යැමෙන් හිතා මතා විවාහය ප්‍රමාද කරගනී.
මේ අතර මිනිස් දිවියේ ඇතැම් අවයව ද රවිගෙන් නියෝජනය වන අතර අස්‌ථි, හෘදයවස්‌තුව, පුරුෂයකුගේ දකුණු ඇස, ස්‌ත්‍රීයකගේ වම් ඇස ඒ අතර වේ. හෘද රෝග, ඇස් රෝග, උෂ්ණ රෝග, රක්‌තවාතය වැනි රෝග රවි ග්‍රහයා අයහපත් වූ කල වැළඳෙන රෝග ලෙස හැඳින්විය හැකිය.
රවි අපලය සඳහා ශාන්තිකර්ම
රවි යනු දහවලට බලවත් ග්‍රහයෙක් බැවින් රවි අපලය සඳහා තබන පුද පූජා දහවල් කාලයේ තැබීමෙන් ද ඉරිදා දිනයක රවි හෝරාවෙන් එනම් උදේ 6.00 සිට 7.00 දක්‌වාත් රාත්‍රි 8.00 සිට 9.00 දක්‌වා කාලයේත් සිදුකිරීමෙන් ඉක්‌මන් සහනය ලැබිය හැකිය.
* රතු මැණික් ඇල්ලූ මුදුවක් දකුණු අතේ වෙඳගිල්ලේ පළඳින්න.
* ශිව සූර්ය මණ්‌ඩල යන්ත්‍රය පැළඳීමෙන් අපල දුරු වේ.
* මූනමල්, රතු නෙළුම් ආදී මල් පූජා කර අදාළ පුද්ගලයාගේ උසට රතු පැහැති මල් මාලයක් බෝධියේ නැගෙනහිර දිසාවේ එල්ලන්න.
* පිහිට පැතිය යුත්තේ ශිව දෙවියන්ගෙන් බැවින් සෑම ශාන්තිකර්මයක්‌ම අවසන ශිව දෙවියන්ට පිaං දී පිහිට ඉල්ලන්න.
* මනෝසීල, දේවදාර, එනසාල්, සැවැන්දරා මුල්, නෙළුම් රේණු යන ඖෂධ තැම්බූ ජලයෙන් ස්‌නානය කරන්න.
* හිමි වෘක්‍ෂය ඉඹුල් බැවින් ගෙවත්තේ නැගෙනහිර දිශාවේ ඉඹුල් පැළයක් සිටුවා ස්‌පර්ශ කරමින් සාත්තු කරන්න.
* දිනපතා රාත්‍රි නින්දට පෙර ආගමික වතාවත්වලින් පසු සූරිය පිරිත 7 වරක් ගායනා කර පහත දැක්‌වෙන රවි ස්‌තෝත්‍රය හා සෙත් කවිය ගායනා කරන්න.
රවි ස්‌තෝත්‍රය
බන්ධන පුෂ්ප සංකා – රක්‌තෝත්පල සම්ප්‍රභේ
ලෝකනාථ ජනදීස – ශාන්තිං යව්ජ ප්‍රභාකර
සෙත් කවිය
ආශාවන් සැම දුරුකළ මුනිඳු
සුදුසුය පූජා ලැබුමට නිබඳා
භගවත් අරහං ගුණ බල විහිදා
හිරු ග්‍රහ අපලය දුරලන් සැමදා
We found this article from Divaina on 2012/10/26.
Also Sinhala to English Google word to word translation can be found here