විවාහ පරීක්‍ෂාවේදී පරිස්‌සම් විය යුතු කුජ භෞම දෝෂය

2896
විවාහ පරීක්‍ෂාවේදී
විවාහ පරීක්‍ෂාවේදී

[ratings]

විවාහ පරීක්‍ෂාවේදී ප්‍රධාන වශයෙන් සිකුරු සඳු, කුජ යන ග්‍රහයන් තිදෙනා ගැන සළකා බැලේ. සිකුරු ආදරය හා සෙනෙහසටද, සඳු සිතටද, කුජ කායික වශයෙන් ලිංගික සංවේදනා උද්දීපනය කෙරෙහිද කාරක බලයි. මෙහිදී ඉතා වැදගත් ලග්නය හා 7 වැන්නයි. ඊළඟට 8, 12 ද ඊට පසු 4 හා 2 භාවයද වෙයි. ලග්නයෙන් තමා ද, චරිත ස්‌වභාවයද නියෝජනය කරයි. 7 භාවයෙන් තම සහකරු ද 8 වන භාවයෙන් විවාහය ද, 12 භාවයෙන් සාම්භෝගයේ තෘප්තියද, 4 භාවයෙන් පවුලේ ප්‍රීතිය ද නියෝජනය වෙයි. 2 වන භාවයෙන් කථනයද, වචනයද, මුහුණෙහි ප්‍රශස්‌ත භාවයද දර්ශනය කරයි.

විවාහයට කුජ 7 පිහිටීම කුජ භෞම දෝෂ වේ යයි අපගේ ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රඥයෝ කියති. භාරතයේ තමිල්නාඩු ප්‍රාන්තයේද කේරළ ප්‍රාන්ත රාජ්‍යයේද කුජගේ භෞම දෝෂ ඒ ආකාරයෙන්ම පිළිගනිති. විශ්වාසය තබයි. එහෙත් උත්තර භාරතීය ජ්‍යෙdතිෂ්‍ය විද්වතුන් මේ කුජ දෝෂය එතරම් සළකා බලන්නේ නැත. කුජ දෝෂය නිසාම තමිල්නාඩු කේරළ වැසියෝ තම දූ දරුවන්ගේ විවාහයට බොහෝ බාධා කර ඇතැයි පවසයි. විවාහයට කුජ දෝෂය බාධාවක්‌ නොකරගත යුතුයයි ඔවුහු කියති. එම දෝෂය මගින් තරුණ තරුණියන්ගේ විවාහයට අකුල් හෙළීම නොකළ යුතු යයි තමිල් නාඩුවටද කේරළයටද විවිධ ලිපි ලේඛන මගින් පැහැදිලි කිරීම් කරදී ඇත. කුජ දෝෂයට වඩා වැදගත් වන තවත් දෝෂ ශාස්‌ත්‍රයේ, විවාහයට සම්බාධක පෙන්වා දී ඇති බව ඔවුහු කියති. වරක්‌ ඉන්දියන් ඇස්‌ටොලොජිකල් මැගසින් පතට ලිපියක්‌ යවමින් කන්කර් චිත්‍රා නම් ශාස්‌ත්‍රඥයා මේ නැඹුරුව වෙනස්‌ කර ගැනීමට දැන් තමිල්නාඩු හා කේරළ වැසියන් කල්පනා කළ යුතු බව පවසයි. විවාහ දොaෂ බැලීමට ඊට වඩා බලවත් ශාස්‌ත්‍රීය නියමයන් ඇති බවත් ඒ අනුව විමසා විවාහ කාරණා කටයුතු සකස්‌ කර ගන්නා ලෙසත් තවදුරටත් සඳහන් කර තිබුණේය.

උත්තර භාරතීය ශාස්‌ත්‍රයේ පෙන්වා දෙන ආකාරයට බල බලික ඊaක්‌ ඊaකසනැ (Eඩ්කජඑසදබ දෙ Dදය්) දෝෂත්, සම සන්ධි දෝෂත් දක්‌නට නොලැබේ නම් කුජ දෝෂය ගැන සළකා බැලිය යුතු නොවන්නේ යයි අඟවයිá අදහති.

බල බලික යන්නෙත් උත්තර භාරතීය ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රයෙන් කියෑවෙන්නේ විවාහ අපේක්‌ෂිත කේන්ද්‍ර දෙකේම දෝෂ සංසන්දනය කර ගණන් බැලීමයි.

මේ බල බලික දෝෂ ගණන් බලන්නේ මේ ආකාරයෙන්ය.

මේ සඳහා ලග්නයෙන්, සඳුගෙන් සිකුරුගෙන්, 1, 2, 4, 7, 8, 12 යන භවයන්හි පාපී ග්‍රහයන් තැන්පත්වීම ගණයට ලක්‌ කෙරේ. නෛසර්ගික පාපියෝ වන්නේ ශනි, කුජ, රවි, රාහු හා කේතුය. මෙහිදී පුර සඳු හා පාපි සංයෝගී බුධ ගණන් ගනු නොලැබේ. 10 භාවය කේන්ද්‍රස්‌ථානයක බැවින්ද, කම_ ස්‌ථානයක්‌ වන බැවින්ද පාපියෙකු තැන්පත්වීම පාපී ගුණයෙන් ගණන් ගනු නොලබයි. මෙම යටකී ස්‌ථානවල පාපී ග්‍රහයින් ලග්නයෙන් කී දෙනෙක්‌ තැන්පත් වී ඇත්දැයි ගණන් බැලීමේදී තිදෙනකු එම භාවවල ස්‌ථානගත වුවහොත් දෝෂ 03 කි. ඒ අයුරින් සඳුගෙන්ද, සිකුරුගෙන්ද 1, 2, 4, 7, 8, 12 වන භාවවල පාපී ග්‍රහයින් තැන්පත් වූ ප්‍රමාණය ගණන් බැලේ. සඳුගෙන් 02 කු යයි සිතමු. සිකුරුගෙන් 03 කු යයි සිතමු. එවිට මුළු පාප දෝෂ 03Ý02Ý03} 08 කි. ස්‌ත්‍රී කේන්ද්‍රයේ ඒ අයුරින් ගණන් බැලීමේදී දෝෂ වූයේ මුළු ගණන 06 යයි සිතමු. එවිට එම ගැලපුම යහපත් බව විනිශ්චය කෙරේ. ස්‌ත්‍රී කේන්ද්‍රයට වඩා වැඩියෙන් පුරුෂ කේන්ද්‍රයේ දෝෂ තිබිය යුතුයි. ස්‌ත්‍රී කේන්ද්‍රයේ දෝෂ පුරුෂ කේන්ද්‍රයේ දෝෂවලට වඩා වැඩි නොවිය යුතුයි. නියමය එයයි.

සම සන්ධි

සම සන්ධි ගණනයෙන්ද විවාහ ගැලපුම් නිරීක්‍ෂණය කිරීම උත්තර භාරතීය ශාස්‌ත්‍රයේ භාවිත වේ. සම සන්ධි දෝෂය ගණනය කරනු ලබන්නේ දසාවන් පාදක කරගෙනය. එකම දසාවක ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාම ගත කරන්නේ නම් එය දෝෂ සහිත යයි සාමාන්‍ය පිළිගැනීමයි. එහෙත් උත්තර භාරතීයේ එය ප්‍රතික්‌ෂේප කරයි. මක්‌නිසාද යත් දෙදෙනාගේම ලග්න හා රාශි භාව වෙනස්‌ වන බැවින්ය. එක්‌ දසාවකින් තවත් දසාවකට මාරුවීම සන්ධියයි. දෙදෙනාගේම එකම කලට දසා සන්ධි මාරුවන්නේ නම් දෝෂ සහිතයි. එම කාල පරාසය මාස 6 දක්‌වා පමණි. මාස 6 ක කාලයක ඇතුළත ඉතාමත් ලංව දශා මාරුවීම (දෙදෙනාගේම) එකට සිදු වුවහොත් ශුභ නැත. දින කිහිපයක පරාසයක එය සිදුවන්නේ නම් ඉතාමත්ම දෝෂ සහිත වන බවත් විනිශ්චය කරයි. එය අවදානම් වූත්, තීරණාත්මකවූත් අවස්‌ථාවක්‌ ලෙස සැලකිය යුතු බව සඳහන් කරයි. මේ දෙදෙනාගේ දශාවල දශා අධිපතීන් නෛසර්ගික පාපීන් වී සෂ්ටාෂ්ටකයට අධිපති වුවහොත් 6 – 8 ට නැතහොත් රාශි ගතව තිබුණහොත් දෙදෙනාගේ ගැලපුම ඉතා දෝෂ සහිත වන්නේය. එලෙසම 2 – 12 ද්විර්ද්වස වලට සම්බන්ධ වුවහොත් එම සම සන්ධිය බෙහෙවින් අපල උපද්‍රවවලට හේතුයි. දෝෂ සහිතයි., විනිශ්චය නොගැලපුම වෙයි. එම නිසා මේ නියම අනුවද දෝෂ රහිත ගැලපුම් සොයා ගැනීම නුවණට හුරුය. ශාස්‌ත්‍රඥකාලය, කුජ භෞම දෝෂ මත්තේම රැඳී සිටිය යුතු නොවේ. බල බලික ගණයද පාදක කරගෙන දෝෂ ඇත්නම් වග විභාග කරගත හැකිය. සාම්ප්‍රදායක විමසුම් ක්‍රම මගින් බැහැර විය යුතු යයි මින් අදහස්‌ නොකෙරේ. විවාහ කාර්ය කෙරෙන ආකාරය ශුභාශුභ විමර්ශනයට පහසුවක්‌ මින් ඉදිරිපත් කර ඇති බව සැලකුව මනාය.

We found this article from Divaina on 2012/02/10.
Also Sinhala to English Google word to word translation can be found here